Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ෂා(ර්)ලි එබ්දෝ ප්‍රහාරය- නිදහස, ආගම් සහ ඝාතනයේ දේශපාලනය
බූන්දි, 00:43:04
දේශපාලන ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් අප දරන ස්ථාවරය තේරුම්ගැනීම සදහා මාධ්‍ය, සිවිල් සමාජය සහ ආගමික නිර්වචන දැවැන්ත බලපෑමක් එල්ල කරනවා. සමකාලීන දේශපාලන තේරුම්ගැනීමේදී ආගමික දේශකවරුන්ගේ මතයන් යල්පැන ගිය බවක් දකින්නට ලැබුණත් මාධ්‍ය සහ සිවිල් සමාජය (උගතුන් යැයි සමාජයේ පිළිගත් පුද්ගලයින්) තවදුරටත් ඉතා වැදගත් මූලාශ්‍ර ලෙස පවතිනවා. ලොව කෙතරම් දියුණුව ඇති නමුත් මුස්ලිම් සමාජය සම්බන්ධයෙන් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම අවබෝධය ඉතාමත්ම නිශේධනීය මෙන්ම අගතිගාමී එකක්. මෙයට බෙහෙවින්ම බලපාන්නේ ලෝක මට්ටමේ දේශපාලනයේදී ඉස්ලාම් ධර්මය අදහන සමාජය දැවැන්ත දේශපාලන උගුලකට හසුව ක්‍රියාකිරීම. ඇත්තටම මුළු ආගමේ නාමයෙන් ක්‍රියාත්මක කුඩා පිරිසක් සහ දෘෂ්ඨිවාදයක් නිසා ඉස්ලාම් සමාජය තව තවත් තමන්ගේ සීමාකම් තියෙන ඉබිකට්ට ඇතුලට ගිහිං විසඳුම් හොයන්න වෙහෙසෙනවා. අනික් අතට ඉස්ලාම් නොවන සමාජය ඉස්ලාම් සමාජය තුළින් වඩ වඩාත් ඉවතට තල්ලුවී ගෙන යන ගමන් ඉස්ලාම් දහම ගැන අදහස් දක්වනවා.

ලෝකය පුරා ඉස්ලාම් අන්තවාදයට මුවා වෙලා මේ වන විට සිද්ධ වෙමින් පවතින දේ වාමාංශික දෘෂ්ඨිකෝණයෙන් බැලූකල වඩාත් පැහැදිලිව වටහාගන්න පුළුවන් දෙයක්. ලෝකයේ මාධ්‍ය අතර ජනප්‍රිය නොවන සහ ලාභය නූපදවන මේ අදහසට වඩා වැඩි ඉල්ලුමක් තියෙන්නෙ වර්ගවාදී, ජාතීවාදී අර්ථ දැක්වීම් වලට. මේ කතාව අලුතින්ම කරලියට එන්නේ පසුගිය දා ප්‍රංශයෙන් "ෂා(ර්)ලි එබ්දෝ" (Charlie Hebdo) කියන ටැබ්ලොයිඩ් පුවත්පතට එල්ලවුණු මැර ප්‍රහාරයක් එක්කයි. ෂා(ර්)ලි එබ්දෝ කියන්නේ ආගම් සම්බන්ධයෙන් උපහාසය දනවන කාටූන් වලට ප්‍රසිද්ධ පුවත්පතක්. ඔවුන් විසින් තමන් වාමාංශික යැයි කියාගෙන තිබුණත් ඇත්තටම ඔවුන් වාමාංශික ද කියන එක වෙනමම බලන්න ඕන දෙයක්. කොහොම වුණත් යුරෝපයේ වැඩිපුරම මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රංශයේ පැරිස් වල පළ වෙන මේ පුවත්පත වෙත ඉස්ලාම් අන්තවාදීන් දිගින් දිගටම තර්ජනය කරමින් තිබූ බව සඳහන්. පසුගිය ජුලි 7 වැනිදා උදෑසන 11.30ට පමණ මුහුණ වසාගත් ආයුධ සන්නද්ධ පුද්ගලින් දෙදෙනෙක් විසින් මේ කාර්යාලයට පැමිණ එහි සිටි අයට වෙඩි තබා තිබුණා. මේ නිසා මේ පුවත්පතේ කතෘ ස්ටෙෆාන් චාබ්නේ (චාර්බ්) ඇතුළු පුවත්පත් කාර්ය මණ්ඩලයේ 7ක්, ආරක්ෂාවට සිටි නිරායුධ පොලිස්භටයෝ දෙදෙනෙක් ඇතුළු 12 දෙනෙක් ඝාතනයට ලක්වූණා.

ප්‍රංශය කියන්නේ දියුණු ධනේශ්වර රටක්. මේ දියුණු බව තුළින් ධනේශ්වර සිවිල් වටිනාකම් ගොඩනැගිලා තියෙනවා. පුද්ගලික නිදහස, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, කාන්තා අයිතිය, මාධ්‍ය නිදහස වගේ ලිබරල් සිවිල් වටිනාකම් වලට ප්‍රංශයේ ඉතා විශාල වටිනාකමක් හිමිවෙන්නෙ මේ නිසා. පෑනකින් කරපු දේකට වෙඩි උණ්ඩ වලින් උත්තර දීපු එක ගැන කුමන ශිෂ්ඨ සමාජයක වුණත් විවේචනයට ලක්වෙන දෙයක්. මේ නිසා ශිෂ්ඨත්වය අතින් මේ මනුෂ්‍ය ඝාතන වලට කොන්දේසි විරහිත විරෝධය මුලින්ම සදහන් කරන්න ඕන. ඒත් ඒ ඝාතන නිසාම මේ වනවිට යුරෝපය මූලික කරගෙන ලෝකය පුරා පැතිර යන කතිකාවන් ප්‍රශ්ණ කරන්න අපි පසුබට වෙන්නෙ නැහැ.

මෙය ශිෂ්ඨාචාර දෙකක් අතර යුද්ධයක්ද? ෂා(ර්)ලි එබ්දෝ ප්‍රහාරය වෙත ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් කියන්නේ එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ඉස්ලාම් ත්‍රස්තවාදයේ නැගී සිටීමක් කියලා. ඔව්.... ඇත්තටම ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලිබරල් සිවිල් වටිනාකම් වලට එරෙහි වූ පිරිසක්. එහෙත් මේ කාලපරිච්ඡේදය තුලම ඇතිවුණ තවත් සිද්ධියක් වුණේ නයිජීරියාවේ කුප්‍රකට බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදීන් බාගා නගරය මුලික කරගෙන සිදුකළ අතිවිශාල මනුෂ්‍ය ඝාතනය. සතියක පමණ කාලයක් තුළ 2000 කට අධික පිරිසක් සමූල ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වත්, මිනිස් ජීවිතයට ඇති අයිතිය සම්බන්ධයෙන් වන මුලික අයිතිය සම්බන්ධයෙන් වත් කතිකාවක් ලෝකය පුරා ඇති වන්නේ නැහැ. දොළොස් දෙනෙක් මිය ගිය සිද්ධිය වෙනුවෙන් මිලියන ගණනක් පිරිස් උද්ඝෝෂනය කළාට 2000ක නයිජීරියානුවන් වෙනුවෙන් කිසිම මානව අයිතිය සම්බන්ධයෙන් වන උද්ඝෝෂණයක් ලිබරල් ලෝකයේ දකින්න ලැබෙන්නෙ නැහැ. සැබැවින්ම ශිෂ්ඨාචාරයන් අතර පවතින අරගලයක් නම් ඉස්ලාම් අන්තවාදය විසින් දිගින් දිගටම පෙන්වා දෙන තමන් මිනිස් ජීවිතයක අගය සළකන්නේ නැහැ කියන කාරණයට විරුද්ධව කතිකාවක් හැදෙන්න ඕන. බටහිර මාධ්‍ය, සමාජජාල වෙබ් අඩවි බටහිර මිනිස් ජීවිත වගේම ආසියාවේ අප්‍රිකාවේ මනුෂ්‍ය ජීවිත ගැනත් කතා කරන්න ඕන.

ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන අත්අඩංගුවේ ඉන්න බටහිර ජාතිකයෙකුගේ ඝාතනය බටහිර මාධ්‍යවලට ප්‍රවෘත්ති මැව්වට දිනපතා ඝාතනයට ලක්වන බටහිර නොවන ජීවත ගැන කිසිම වටිනාකමක් ඒ ප්‍රවෘත්ති අතර හිමිවෙන්නේ නැහැ. ක්‍රමය මොකක් වුණත් මේක අසාධාරණයි කියන එක විතරක් පැහැදිලි කරන්න මේ කාරණය විතරක්ම වුණත් ප්‍රයෝජනවත්. මිනිස් ශිෂ්ඨත්වයට වි‍රුද්ධව ක්‍රියාකරන්නේ ඉස්ලාම් ආගම විතරද? බටහිර ශිෂ්ඨත්වයට සමපාත වෙන ක්‍රිස්තියානි ආගම, ඉන්දියාවේ බහුතර හින්දු ආගම, ඉස්ලාම් ආගමේ නාමයෙන් සිදුකරන ඝාතන වලට නොදෙවෙනි ම්ලේච්ඡ ක්‍රියා සිදුකරන බවට ඉතිහාසයේ ඕනතරම් සාක්ෂි තියෙනවා. මැදපෙරදිග බටහිර පාර්ශවය නියෝජනය කරන ඊශ්‍රායල‍ය, යුදෙව් ආගමික රටක්, ආගම මුලික කරගෙන පලස්තීනයේ සිදුකරන අපමණ ඝාතන වලට ලිබරල් නිර්වචන නොගලපන දේශපාලනය මොකද්ද කියන එකයි අපි තේරුම් ගන්න ඕන. දැඩි ක්‍රිස්තියානි භක්තිකයෙක් යැයි කියන ජෝජ් බුෂ් යාඥා කිරීමෙන් අනතුරුව ඉරාකටය ප්‍රහාර එල්ල කිරීම සදහා නියෝග දෙන බව ප්‍රසිද්ධ දෙයක්.

ආගමේ නාමයෙන් ලංකාව ගැන කතා කිරීම වෙනමම කල යුත්තක්. ඒ අනුව පෙනෙන දෙයක් තමයි ඉස්ලාම් ආගම පමනක් නෙ‍වෙයි බො‍හෝ ආගම් වල නාමයෙන් මනුෂ්‍ය ඝාතන, අපචාර සිද්ධ වෙන බව. ඇත්තටම සිද්ධවෙන්නේ ධනේශ්වර සමාජ ක්‍රමය තුළ ගොඩනැගී තියෙන සමාජ අර්බුදය ආගමේ නාමයෙන් ඉස්මත්තට පැමිණීමක්. මේ පිළිබදව අධ්‍යයන විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. කුරානය මගින් ත්‍රස්තවාදය ඉගැන්වෙනවා කියන කාරණය කරුණු වශයෙන් ඔප්පු කරන්න හැදුවට පිළිතුරක් විදිහට නිවැරැදි නොවෙන්නෙ මේ හින්දා. කුරානය, බයිබලය, භගවත්ගීතාව හෝ ත්‍රිපිටකයේ තියෙන ත්‍රස්තවාදය සාධාරණීකරනය කරන්න අවශ්‍ය කරුණු වලට පිටින් තියෙන වෙනත් බාහිර පොදු දෙයක් නිසා මේ සියළු ත්‍රස්තවාදයන්ට හේතු සපයනවා කියන එකයි මට කියන්න අවශ්‍ය. ලාභ ඉපැයීමට තියෙන කෑදර කම නිසා ජාතීන් අතර අසමගිය ගොඩනැංවීමට සිදුකරන ලද කුමන්ත්‍රණ, පිරිසක් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන අතරතුර තවත් පිරිසක් කන්න බොන්න නැතුව මිය යන්න සිද්ධවෙන අසාධාරණය, මිනිස් ජීවිතයට උසුලගන්න බැරි සූරාකෑම්, සංක්‍රමණිකයින් ලෙස දියුණු රටවලට ගොස් ඇතිවන අනන්‍යතා අර්බුදය, සංක්‍රමණිකයින් ලෙස ජීවත්වීමේදි සිදුවන නොසැළකීම් වගේ ලිබරල් ධනේශ්වර ක්‍රමය හින්දා හටගත්ත නොමිනිස්සකම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි ත්‍රස්තවාදය හට ගන්නේ. එය එක් පසෙක ඉස්ලාම් ගෝලීය ත්‍රස්තවාදයක් වෙනකොට තවත් රටවලින් ප්‍රාදේශීය හෝ ජාතික අනන්‍යතාවයෙන් යුතු ත්‍රස්තවාදයක් ලෙස මේ ක්‍රමයට අභියෝග කරනවා. ක්‍රමයට අභියෝග කළ පමණින් එය විකල්පය නොවන බවත් අපි වටහා ගත යුතු දෙයක්.

බටහිර ලෝකය දිහා බැලුවොත් දිගින් දිගටම ඉස්ලාම් ජනතාව සහ දුප්පත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයින් Scapegoat (තමන් විසින් සෘජුව සම්බන්ධ නොමැති වරදක වගකීම් දැරීමට බලකිරීම) කිරීම දිගින් දිගටම සිද්ද වෙන දෙයක්. ඉරාකයේ සහ සිරියාවේ සිටින ISIS සටන්කාමීන්ගේ ක්‍රියාවන් සහ ඉස්ලාම් අන්තවාදී දේශකයින්ගේ ප්‍රකාශයන් මගින් සමස්ත ලෝකයේම ඉස්ලාම් සමාජය තේරුම්ගැනීමේ සාමාන්‍යකරණය කරන්නේ ‍මේ හින්දා. ඒත් මේ ප්‍රශ්ණයේ පදනමේ තියෙන්නේ මේ වෙන කොට මේ දියුණු රටවල් විසින් මුහුණ දී තියෙන දැඩි ආර්ථික අර්බුදයට විසදුම් දෙන්න මේ රටවල පාලකයින් සමත් නොවීමත්, අනෙක් අතට සිවිල් පුරවැසියන්ගේ ප්‍රශ්ණ කිරීම් වෙනස් අතකට යොමු කිරීමේ අවශ්‍යතාවයත් කියන එක අපි වටහාගත යුතු දෙයක්. ආර්ථික සහ සමාජ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්න මේ සමාජ ක්‍රමය හසුරුවන න්‍යායට හැකියාවක් නැති වුණාම ඒ ගැටළුව වෙන කෙනෙක්ගෙ පිට උඩට තල්ලු කරන්නත් මේ න්‍යායෙන්ම උපදෙස් ලැබෙනවා. ඒත් ඇත්ත ප්‍රශ්ණයට ව්‍යාජ උත්තරයකට වඩා ඒක ඇත්තටම තේරුම්ගන්න පුළුවන් න්‍යායක් දෙසට අපි යොමුවෙන්න ඕන මේ ව්‍යාජය හින්දා අවසාන වශයෙන් අපි අපිම පීඩා විඳින හින්දයි. රටේ ප්‍රශ්ණයක් ආවම අපිත් එක්ක ඉන්න අසල්වැසියා සියළුම වරද පටවලා විනාශ කරන්න යෝජනා කරනවට වඩා ඒක ගැඹුරින් තේරුම් ගත්තම අඩුම තරමේ වඩා නිවරැදි පිළිතුරක් හොයන්න හරි අපිට ආරම්භයක් ගන්න අවස්ථාව හම්බවෙනවා. අවසාන වශයෙන් මේ කාරණාවන් වටහා ගන්න උදව් දෙන ප්‍රකාශයක් වෙත අපි යමු. ෂා(ර්)ලි එබ්දෝ ප්‍රහාරය සම්බන්ධයෙන් ලිපියක් ලියන marxist.comහි ඇලන් වුඩ් විසින් උපුටා ගත් වී. අයි. ලෙනින්ගේ ප්‍රකාශය සහ ඊට ඔහු විසින් ද එකතු කළ කොටස පහතින් දැක්වෙනවා.

"වැඩවසම් ලක්ෂණ වලින් පිරි පීතෘමූලික හා පීතෘමූලික ගොවි සබඳතා රජයන වන වඩා පසුගාමී රාජ්‍යයන් හා ජාතීන් සම්බන්ධයෙන් අප සලකා බැලීමේදී වැදගත් කරුණු කීපයක් තිබේ. පළමුව, සියලු කොමියුනිස්ට් පක්ෂ විසින් පසුගාමී යටත්විජිත මූල්‍ය මත යැපෙන කම්කරුවන් සිටින මෙම රටවල සුළුධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විමුක්ති ව්‍යපාරයට සහාය යුතු බව, සහ වඩාත් ක්‍රියාකාරීව උදව් කිරීමට යුතුකමක් ඇත.“
[කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන කොන්ග්‍රසය වෙනුවෙන් ජාතික ප්‍රශ්ණය සහ යටත්විජිත ජාතීන් සම්බන්ධයෙන් වී. අයි. ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද තිසීසයෙන් උපුටා ගන්නා ලදී.]

ඊට ඇලන් වුඩ් එකතු කළ කොටස මෙසේයි; "දෙවනුව වැඩවසම් ලක්ෂණ වලින් යුතු ප්‍රතිගාමී පූජකයින් සහ ඊනියා විමුක්තියේ නාමයෙන් පෙනි සිටිනා අනෙකුත් සමාජ කොටස් වලට එරෙහිව අරගල කළ යුතුය. තෙවනුව යුරෝපීය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට වි‍රුද්ධව යැයි පෙනී සිටින ඉස්ලාම් දේශපාලන ව්‍යාපාර විසින් තරකරමින් සිටින ඉස්ලාම් වැඩවසම් ඛාන්වරු, ඉඩම්හිමියෝ සහ මුල්ලාවරුන්ට විරුද්ධව අරගල කළ යුතුය. ප්‍රාග්ධනයේ හැසිරීම සහ අධිරාජ්‍යවාදයේ නිරුවත පැහැදිලිව දැකගත හැක්කේ ඉන් අනතුරුවයි."

ඉස්ලාම් ත්‍රස්තවාදයේ ආරම්භය, මූලබීජ, විකාශනය, බලපෑම පිළිබඳ තවත් ලිපි-

ගිනි ඇවිලෙන ඉරාකයත් සමග මැදපෙරදිග කොයිබටද?
ඉස්ලාම් අන්තවාදයේ ග්‍රහණය බිඳලිය හැක්කේ කෙසේද? -ක්‍රිස් හෙජස්
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ...
ඇමරිකානු ඩබල් ගේම් මැද ලෝකය ආගමික අන්තවාදය දෙසට...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Charlie Hebdo, French Satirical weekly magazine, Freedom of expression, religions, Islamic Fundamentalism, Boko Haram, Terrorism, Liberation fighters
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලියොන් ට්‍රොට්ස්කි ලියයි.
ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook