Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
වැලරී මිය යන්නට පෙර ලියූ ලියමන- V for Vendetta චිත්‍රපටයෙන්
V for Vendetta (2005) චිත්‍රපටයේ වැලරී නම් සමරිසි සිරකාරිය මිය යන්නට ප්‍රථම ලියා තම සිර කුටිය තුල සැඟවූ ලිපියේ සිංහල පරිවර්තනය.
බූන්දි, 03:31:08
"විශ්වාස කරන්න, ඔබ කවරෙක් දැයි මම නොදනිමි. මේ ලිපිය ඔවුන්ගේ තවත් එක් කපටි උපාය මාර්ගයක් නොවන බව ඔබට ඒත්තු ගැන්වීමට ද මට හැකියාවක් නැත. එහෙත් මම එය නොසලකා හරිමි. ඉතින් මේ මම ය. ඔබේ අනන්‍යතාවය නොදැන වුවත් ඔබට ආදරය කරන බව පවසන මම ය.

මා සතුව ඇත්තේ පැන්සල් කොටයක් පමණි. ඔවුන්ට එය සොයාගැනීමට නොහැකි වූවේ ගැහැණියක් වූ මා මගේ සිරුර තුල එය සඟවාගෙන සිටි බැවිනි. සමහරවිට නැවත මෙය ලිවීමට මට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා කියවන්න.මේ දිගු ලිපියෙන් කියවෙන්නේ මගේ ජීවිත කතාවයි. මා විසින් ලියන ප්‍රථම හා අවසාන චරිතාපදානය මෙය වනු ඇති අතර, දෙවියනි මා එයද ලියන්නේ වැසිකිළි කඩදාසියක් මත ය.

මා උපත ලැබුවේ 1957 වසරේ තදින් වැසි වැටුන සමයකදී ය. වයස එකොළහ ලැබූ පසු අධ්‍යාපනය ලැබීම සඳහා 'Girls’ Grammar' විද්‍යාලයට ඇතුලත් වූ මට අවශ්‍ය වූවේ නිළියක් වීමට ය.

ඉතා සුකොමල හා සුන්දර මැණික් කටු යුගලක් හිමි ඒ යුවතිය සාරා, මගේ පෙම්වතිය මට මුණ ගැසුනේ ඒ පාසල් සමයේදී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහහතරක් වූ අතර මට අවුරුදු පහළොව සම්පූර්ණ වී තිබුණි. නමුත් වොට්සන් මහත්මියගේ පන්ති කාමරය තුල අපි දෙදෙනාම එකට ඉගෙනුම ලැබුවෙමු. එසේ ඇති වන ආකර්ෂණය ගැටවර වියේ හට ගන්නා ස්වාභාවික සංසිද්ධියක් වන බවත් කාලයාගේ ඇවෑමෙන් එය 'යථා තත්වයට' පත්වන බවත් ජීව විද්‍යාව පන්තියේදී හර්ඩ් මහත්මිය පවසන විට මම සිටියේ වීදුරු බඳුනක දැමූ හාවෙකුගේ කළලයක් ලෙස නෙත් යොමාගෙන ය. ඒ පැවසූ සේම ටික කලකට පසු සාරා 'යථා තත්වයට' පැමිණි අතර එසේ 'යථා තත්වයට' පැමිණීමට මට කිසිදිනෙක හැකියාවක් නොලැබිණි.

ඊට වසර ගණනාවකට පසු 1976 දී තව දුරටත් වෙස් මුහුණක් පැළඳීම මම අත හැර දැමුවෙමි. ක්‍රිස්ටීන් නම් වූ යුවතිය සමඟ මගේ දෙමව්පියන් හමුවට ගිය මම ඇයව ඔවුන්ට හඳුන්වාදුන්නෙමි. ඊට සතියකට පසුව නෘත්‍ය පාඨශාලාවට ඇතුලත් වීමි. ඔවුන්ගේ සියළු සිහින බොඳ කර දැමූ බවට චෝදනා කරමින් මගේ මව හඬා වැටුනා ය.

එහෙත් මම එසේ නොසිතමි. මම ඉතා අවංකව මගේ හැඟීම් ඔවුන් ඉදිරියේ පවසා සිටියා පමණි. එය ආත්මාර්ථකාමීත්වයක් වන්නේ කෙසේ ද..? අප සතුව ඇති ඉතාම වටිනා දෙය වන්නේ ඒ අවංකත්වය පමණි. කෙනෙකුට එය ඉතා සුළු දෙයක් ලෙස පෙනිය හැක. එහෙත් ඒ සුළු ඉඩ කඩ තුල වෙස් මුහුණු නොපැළඳ, සැබෑ ස්වරූපයෙන් නිදහසේ සැරිසැරීමට අපට ඉඩ සැලසෙයි. ඉතින් එය වරදක් යැයි කිසිවෙකුට පැවසිය හැකිද..?

ලන්ඩනය...සැබවින්ම මම ලන්ඩනය තුල සතුටින් ජීවත් වීමි. 1981 දී සින්ඩරෙල්ලා කතාවේ දන්දීනි ගේ චරිතය සඳහා මම රංගනයෙන් දායක වීමි. එය ඒ වර්ගයේ මගේ ප්‍රථම රංගනය විය. මට ඒ ලෝකය පෙනී ගියේ ඉතා අපූර්ව ලෙසටය. සෑම මොහොතකදීම වීදි ලාම්පු අතරින් පෙනී නොපෙනී යන කලබලකාරී පිරිස් වලින් සමන්විත වූ ඒ නගරය විවිධාකාරයේ ශබ්ද වලින් පිරී පැවතිණි. මන බඳින සුළු හා පොළඹවන සුළු වුවත් ඒ සියල්ල මැද මට දැනුනේ මහා තනිකමකි. සෑම රාත්‍රියකම සමාජ ශාලා වලට ගිය මුත් මම ඉක්මනින් මුළු ගැන්වෙන සුළු හා අනෙකුන් සමඟ ලෙහෙසියෙන් මුහු නොවෙන වර්ගයේ එකියක වීමි. සතුටු විය හැකි දහසක් දේ තිබූ නමුත් සුවදායක හැඟීමක් නම් කිසිදා එහිදී මට දැනුනේ නැත. මේ නගරයේ ද මා වැනිම ගැහැණුන් හා පිරිමින් බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන්ට උවමනා වූවේ සමරිසි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමට පමණි. ඔවුන්ගේ පරමාර්ථය එය විය. එහෙත් මගේ ජීවිතය සඳහා ඊට වඩා වැඩි යමක් මට අවශ්‍ය විය.

මගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථක විය. ප්‍රථමයෙන් චිත්‍රපටවල ඉතාම සුළු චරිත රඟපෑමට අවස්ථාව ලැබුණු අතර අනතුරුව ප්‍රධාන චරිත උදෙසා රංගනයෙන් දායක වීමේ භාග්‍යය මට උදා විය. 1986 දී එසේ මා රංගනයෙන් දායක වූ 'The Salt Flats' චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනාගැනීමට අසමත් වූ නමුදු සම්මානයෙන් පවා පිදුම් ලැබීය. මට රූත් මුණ ගැසුනේ එහි රූගත කිරීම් කරන අතර තුරය. අපි එකිනෙකාට දැඩිව ආදරය කළෙමු. ඒ නිසාම එක වහලක් යට ජීවත් වීමටද පටන් ගතිමු. ඒ වසරේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඇයගෙන් මට ලැබුනේ රෝස මල් ය. එසේ ආරම්භ වූ වසර තුන මගේ දිවියේ ඉමිහිරිම කාලය වන අතර අපේ ජීවිත තුල කිසිදා රෝස මල් වලින් හිඟයක් නම් ඇති නොවීය.

නමුත් 1988 දී යුද්ධය ආරම්හ විය. ඉන් පසුව කිසිදා කිසිවෙකුට රෝස මල් දක්නට නොලැබිණි.

1992 දී ඔවුහු සමරිසියන් සෙවීමට පටන් ගත්හ. ඔවුන් රූත් ව රැගෙන ගියේ ඇය ආහාර මිලට ගැනීමට පිටතට ගිය අවස්ථාවකදී ය. අප වැන්නන් කෙරෙහි ඔවුන් මෙතරම් බියක් දක්වන්නේ මන්දැයි අදටත් මට වටහා ගත නොහැක. ඇගේ ශරීරය සිගරට් කොටවලින් පුළුස්සා දැමුණු අතර මගේ නම හෙළිදරව් කිරීමට ඇයට බල කර තිබිණි. ඉතින් අවසානයේ මා විසින් ඇයව පොළඹවා ගත් බවට වූ ලිපියක් ඇය විසින් අත්සන් කර දී තිබුණි. නමුත් ඒ වෙනුවෙන් මම ඇයට කිසිදා දෝෂාරෝපණය නොකලෙමි. මම ඇයට ආදරය කලෙමි. එනිසා දොස් පවරන්නේ කෙලෙසද...?

එහෙත් එසේ කිරීම වෙනුවෙන් ඇයටම දොස් පවරා ගැනීම නතර කිරීමට රූත්ට හැකියාවක් තිබුනේ නැත. විශ්වාස කල සියලු අගනාකම් අතහැර දැමීමට සිදුවීම හා අවසානයේ මට ද්‍රෝහී වීම ඇයට දරාගත නොහැකි විය. එම නිසා ඒ සිර මැදිරිය තුලදී ඇය සිය දිවි නසා ගත්තා ය.

ඊට ටික දිනකට පසු ඔවුහු මා කරා ද පැමිණියහ. මා රඟපෑ සියලු චිත්‍රපට පුළුස්සා දමන බවට ඔවුහු මට තර්ජනය කලෝය. මගේ දිගු වරලස බූ ගා දැමූ ඒ මිනිසුන් මගේ හිස වැසිකිළි බඳුනක ඔබමින් සමරිසි ගැහැණුන් පිලිබඳ නොයෙකුත් අසැබි කතා පැවසූහ. මේ ස්ථානයට මා ගෙන ආ පසුව නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය මගේ ශරීරයට ඇතුළු කෙරිනි. දැන් මට කතා කිරීමට තබා මගේ දිව තිබෙන ස්ථානය කොහිදැයි පිලිබඳව ද හැඟීමක් හෝ දැනීමක් නොමැත.

මා වැනිම වූ තවත් ගැහැණියක් මෙහි දී මට මුණ ගැසුණි. ඒ ගැහැණිය, රීටා මීට සති දෙකකට පමණ පෙර මිය ගියා ය. මගේ ඉරණමද එය වන බවත් ඉතා ඉක්මනින් මා ද මියයන බවත් මම දැන් දනිමි. මගේ ජීවිතය මෙවන් බියකරු ස්ථානයකදී අවසන් වෙතැයි මම සිහිනෙකිනුදු සිතා නොසිටියෙමි. නමුත් මට ඒ පිළිබඳව දශමයක තරම් වත් දුකක් නැත. අවුරුදු තුනක් පුරාවට මගේ ජීවිතය රෝස මල් වලින් සැරසී තිබුන අතර ඒ ජීවිතය පිලිබඳ මම කිසිවෙකුගෙන් සමාව අයැදුවේ නැත. ඉතින් දුක් වන්නේ කුමකටද...?

ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර, මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර. එය ඉතාම කුඩා ය. ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය.

මම ඔබේ නම නොදනිමි. අඩුම තරමේ ඔබ ගැහැණියක් ද පිරිමියෙක් ද කියා හෝ නොදනිමි. ඔබේ මුහුණ දැක ගැනීමට මෙන්ම ඔබත් සමඟ එක් වී කඳුළු සැලීමට හෝ බීම වීදුරුවක් තොල ගාමින් ඔබ හා දොඩමලු වීමට මට කිසිදා අවකාශයක් නොලැබෙනු ඇත. නමුත් මම ඔබට ආදරය කරමි. මෙම අපායෙන් ගැලවීමට ඔබට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ලෝකය මීට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවත් එදිනට අර කියූ රෝස මල් වල සුවඳ විඳීමට ඔබ සැමට හැකියාව ලැබෙනු ඇති බවත් මම උදක්ම බලාපොරොත්තු වෙමි. ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- V for Vendetta (2005) by James McTeigue, Political thriller film, Natasha Wightman, David Lloyd, Vertigo graphic novel
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook