Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.
බූන්දි, 18:31:15
"බවුල් සංගීතෙ ලොකු බලපෑමක් කළා තාගෝර් තුමාගෙ කාව්‍යකරණයට" තරුණයා කීවේය. ඒ සෞන්දර්ය චාරිකාවෙහි ලොබ බැඳ ගත් නිත්‍ය සුන්දර නිහඬවම සිටියේය.

නිත්‍ය සුන්දර දන්න තාගෝර්. දැන් මේ පුරුෂයට හැමදේම උගන්නන්න ඕන. තාගෝර්ගේ කාව්‍යකරණයට විතරක් නෙමෙයි නවකතාකරණයටත් බවුල් සංගීතය බලපෑම් කළා කියන එක වන්නා හොයාගත්තෙ පුස්තකාලය පීරමින් ඇවිදලා. හින්දු, මුස්ලිම්, ක‍්‍රිස්තියානි කියන හැමදෙනා අතරෙම වෙනසක් නැතිව මනුෂ්‍යත්වය ඉස්මතු කරගන්න පුළුවන් නම් ඒක තමයි බවුල් සංගීතයෙ කියැවිලා තියෙන්නෙ කියන එක හොයා ගැනීමෙන් වන්නා ශාන්ති නිකේතනයේ ශිෂ්‍යාවක වීමේ අපූර්ව ප‍්‍රීතිය භුක්ති වින්ඳා.

තාගෝර් ගෝරා ලිව්වෙ "බවුල් සංගීතයෙ ආභාෂය ඇතිව" එහෙම කිව්වෙ පිය සෙනෙහසින් යුතුව නර්තනය උගන්වපු ශංකරලාල් ගුරුතුමා. ශංකරලාල් ගුරුතුමා නිත්‍ය සුන්දරට මහා ආදර කරුණාවක් පෑම ගැන වෙලාවකට වන්නාගෙ හිතේ පසුබෑමකුත් ඇති වුණා. නිත්‍ය සුන්දර ගෝරා කියවලා තිබුණෙ නැහැ. කිවිඳා හැටියට ගෝරා නොකියෙව්වත් නිත්‍ය සුන්දර හැටියට ගෝරා නොකියවීම මදිපාඩුවක් හැටියටයි වන්නා හිතුවෙ. ඒත් වන්නා ගෝරා කතාව නිත්‍ය සුන්දරට කියලා දුන්නා. පුස්තකාලයෙ ඉංග‍්‍රීසි පරිවර්තනය තිබුණත් නිත්‍ය සුන්දර සිංහල පරිවර්තනය ගෙන්නලා දෙන්න කියලා වන්නාගෙන් ඉල්ලීමක් කළා. ගෝරා බ‍්‍රාහ්මණ වංශිකයෙක් කියලා හිතුවට එහෙම නෙවෙයි කියලා ගෝරා හොඳින්ම දැනගත්ත අවස්ථාව ගැන විස්තර කරන කොට නිත්‍ය සුන්දර ඉද්ද ගැහුවා වගේ ඉඳගෙන හිටියා.

ගෝරාට හැමදේම නැති වුණා. මහ ඉහළින් හිතාගෙන හිටපු හින්දුකම නැති වුණා. විශේෂයෙන්ම තමන් උපන් හින්දු භක්තිකයෙක් නෙවෙයි කියලා දැනගත්තම ගෝරා කියපු දේ ඔයා දන්නවද?, කියලා වන්නා නිත්‍ය සුන්දරගෙන් ඇහුවම නිත්‍ය සුන්දර වෙව්ළන්න ආසන්න වුණා වගේ තැති ගැනීමකින් වන්නා දිහා බලාගෙන හිටියා. හින්දු භක්තිකයෙක් වීමේ ආඩම්බරය, මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කිරීම, මුසල්මානුවන් සතුරන් සේ දැකීම යන සියල්ල ගෝරාට කනපිට පෙරළෙන්න හේතු වෙන්න ඇති. ගෝරා වගේ බ‍්‍රාහ්මණයෙකුව සිටීමේ ආඩම්බරය භුක්ති වින්ඳ මිනිහෙක් ඒක දරාගන්නෙ කොහොමද?

දන්නවද ගෝරා කියපු දේ? ”මං අද සැබෑ ඉන්දියානුවෙක්. මා සිතෙහි මින්මනත කවදාවත් හින්දූ, මුසල්මානු හා ක‍්‍රිස්තියානු කියන වෙනස නැහැ. අද හැම කුලයක්ම මගේ කුලය. ඔවුන් සියලු දෙනාගෙම ආහාරය මගේ ආහාරය.”

නිත්‍ය සුන්දර, වන්නාගෙ අත අල්ල ගෙන තමාගෙ ලොකු දෑසින් බලාගෙන හිටියා. ඒ බැල්මෙ තිබුණෙ "උඹ මහ වටින ගෑනියෙක්. මට තව ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද?" කියන ප‍්‍රකාශනයයි.

[පි: 54/55]

*******

"මොහුවා"

මොහුවා සිය සිහින් දෑස් රංගනයකදී මෙන් විසල් කොට ගත්තීය.

”ඇයි බවුල් ගායකයෙක් අඳින්නෙ?”

මොහුවාගේ මුහුණෙහි මස්පිඬු අතරෙහි නැගී ආ සිනාපොද කරුණා රසයෙහි මාහැඟි සිත්තමක් ලෙස උපන් අප‍්‍රමාණ සෞන්දර්යයක උල්පත යැයි නිත්‍ය සුන්දර සිතුවේය.

”බවුල් ගායකයට වගේම වාදකයටත් මම ආදරෙයි.
ඔවුන්ගෙ පරමාර්ථය පුළුල් හින්දා.”


”අපිට බැරිද බවුල් ගායකයො වෙන්න” ඒ හඬ ආයාචනාත්මකය.

ඒ සොඳුරු ආයාචනාත්මක හඬ කුඩා දරුවකුගේ ආයාචනයක් බඳු යැයි මොහුවා සිතුවාය.

"බවුල් කියන නමේ තේරුම දන්නවද?"

හැඟීම්, දැනීම් දැනෙන හැම මනුෂ්‍යයෙකුට ජීවිතය දෙන්නෙ, සුසංයෝගය දෙන්නෙ වායුව.

ඒ ගුරුතුමිය ඉදිරියේ නිත්‍ය සුන්දර එකත්පසව සිටියේය.

"රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව."

රිද්මයක් මට දැනෙනවනෙ.

ඒ තමයි රිද්මය. එකිනෙකාට වෙනස්ව දැනෙන රිද්මය.

ඔයා ඇයි බවුල් ගායකයා සිත්තම් කරන්නෙ?

බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක‍්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙ නැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා.

ගුරුමෑණියනි, මට ඔබගෙන් උගැන්මට වුවමනාය. බොහෝ දේ උගැන්මට වුවමනාය. ඔබතුමිය සිත්තම් කරන්න සැබෑ මනුෂ්‍යයා!

”හැම මනුෂ්‍යයෙකුගෙම ශරීරය ඇතුළෙ ඉන්නවා අභ්‍යන්තර සත්ත්වයෙක්. උමතු ආදරය කියන්නෙ ඒ අභ්‍යන්තර සත්ත්වයට. සියලුම සීමාමායිම් කඩා බිඳගෙන යන්න පුළුවන් වීම වැදගත්ම දේ. බවුල් සංගීතයෙ තියෙන්නෙ සීමාමායිම් ඉවත දමන සංගීතයක්.”

ඒ උමතු ආදරය සොයමින් බවුල්වරු කාව්‍යය, නර්තනය හා ගායනාවද වාදනයද ඔස්සේ ගම් නියම්ගම් සැරිසරන බව මොහුවා පැහැදිලි කළාය.

"ඒ ගොල්ලො හරි සැහැල්ලු මිනිස්සු. අඳින ඇඳුම් කැඩුම් ටිකයි, වාද්‍ය භාණ්ඩ ටිකයි විතරයි දේපලට තියෙන්නෙ."

මොහුවා ඒ බවුල් සංස්කෘතියෙහි මානසික ඉසුරුමත් බව කියා සිටියාය.

”මං ආසයි නිත්‍යා බවුල්වරු වගේ ජීවත් වෙන්න. හරි සැහැල්ලුයි නේද?”

[පි: 72/73]


(-තුරු සමුදා - 2014)
Image- Baul in Painting by Biplob Sarkar
වෙනත් සබැඳි |
Baul
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Thuru Samuda (2014) Sinhala Novel by Sumithra Rahubadda, Rabindranath Tagore, Baul, বাউল
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
වරෙං වරෙං සුළංනේ- සුළං සුළං වරෙන්නේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook