Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
මුහුණු
බූන්දි, 07:57:35
සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල ආසනය වෙනුවට හතරවැනි ආසනය ලැබීම ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි. පස්වැනි ආසනය වුණත් තරමක් නොමනාපයෙන් දරාගන්න පුලුවනි. හැබැයි දෙවෙනි ආසනය කියන්නේ කවදාවත් හිඳ නොගත යුතු තැනක්. ඒක වෙන් කරලා තියෙන්නෙ ගැබිණි මවුවරුන්ට. එතන ඉඳ ගැනීම අනවශ්‍ය අවධානය ලැබෙන දෙයක්. සන්දීරා අකමැතිම දේවල් අතරෙ ඉහළින්ම තිබුණ දෙයක් තමයි අනවශ්‍ය අවධානයට ලක්වීම.

සන්දීරා අකැමති දේවල් බොහොම දිග ලැයිස්තුවක් තිබුනා. මේ මොහොතත් ඒ අකැමති ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. අකැමති රස්සාවකට – අකැමති නගරයක, අකැමති වාහන තදබදයක් මැද, කැමතිම අසුනේ ඉඳගෙන ගමන් කිරීම. ඒත් එක්කම ඈට මතක් වුණේ දුම් අංශු තැවරුන කොළඹ දූවිලි හුළඟටත් තමන් අකැමති බව. හුළඟ හැම වෙලේම උත්සාහ කරන්නේ හෙයා ස්ප්‍රේ තවරලා එක්තැන් කරපු කෙහෙ කැරලි එකක් හරි ගලවලා නළලට ඇද දාන්න. ඒ වෙනුවෙන් හුළඟ විනාඩි ගණනාවක් එක සීරුවට මහන්සි වෙනවා. බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා.

ඉතින් ඈ කවුළුව වහල දැම්මා. කොහොමත් කවුළු තියෙන්නේ ඇස් දෙකයි හිතයි පාර දිගේ දුවවන්න මිසක හුළං වදින්න නෙමෙයි.

ඈට එහා පැත්තේ උන්නු මැදි වයසේ පිරිමියා පැහැදිලි 'චුක්' හඬක් නගමින් වහපු කවුළුව ආයෙමත් විවර කලා. ඔහුගේ වැලමිටක් තමන්ගේ දකුණු පියොවුරේ වැදුනේ වැරදීමකින් වෙන්න ඇති කියල සන්දීරා හිත හදාගත්තා.

ආයෙමත් අර වේලිච්ච හුලඟ. පිරිමියා ගැන හිත ඇතුළෙ බුබුලු දාන තරහවක්. පියොවුරු ස්පර්ශ වීම වුනත් අහම්බයක් වෙන්න බැහැ. මහ නොසන්ඩාල, අසික්කිත මිනිහෙක්. ඈට පිරිමියාගේ දකුණු කන පිටුපසට වෙන්න තැනින් තැන පැලවෙච්ච සුදු කෙස් ගස් පේනවා. පොඩි අතපසුවීමකදිත් පැය ගණන් දේශන පවත්වන, වැරැද්දක් වුණොත් කවුන්ටරය ඉදිරියේම පුපුරා හැලෙන, අතිකාල දීමනා අනුමත නොකරම හැන්දෑ වෙනකල් වැඩ කරන්න බල කරන බැංකු කළමනාකරුගේ හිසත් මේ වගේමයි. තැනින් තැන අපිළිවෙල සුදු කෙස්.

විය යුතු පරිද්දෙන්ම සන්දීරා බැංකු රස්සාවට කැමති වුණේ නැහැ. ඒත් ඈ හොඳ ක්‍රිස්තියානි පවුලක දැරියක්. ඉගෙන ගත්තෙ සුදු පරෙවියෙක්ගේ ලාංඡනය සහිත කන්‍යාරාමයක. ඉතින් දෙමව්පියන් තෝරා බේරා දෙන දේවල් අවිවාදයෙන් යුතුව පිළිගන්න පුරුද්ද ඇගේ ලේ නහර වලට කා වැදී තිබුණා. බැංකු රස්සාව එවැනි තෝරා දීමක්. වැදගත් රස්සාවක්. සාරි ඇඳන් වැඩට යන්නෙ. බැබලෙන පටි සහිත අඩි උස සපත්තු.

කොල්ලුපිටිය පැත්තට ඇදෙන ඝන වාහන දුමාරය තරණය කරලා ඈ නිල් පැහැ ටයිල් ඇල්ලූ පඩිහතර පහු කලා. අසීරු සිනහවක්. උදෑසන කියන්නේ අසීරුවෙන් වුණත් හිනා වීම අත්‍යාවශ්‍ය වෙලාවක්.

‘ගුඩ් මෝර්නින්ග් සර්!’

‘ගුඩ් මෝර්නින්ග්!’

‘මෝර්නින්!’


‘මෝනිං!’

ඊළඟට එළැඹෙන්නේ පෝලිමට ඇවිත් තමන්ට කරදර කරන මිනිස් ගංගාවට කිසිම වෙනසක් නොපෙන්වා සිනාසීමේ දීර්ඝ පැය අටක කාලය. උදේ දහය විතර වෙනකම් තදබදය වැඩියි. දහයයි තිහ කියන්නේ ඇස් ආලේපන සහ තොල් ආලේපන අලුත් කරගන්න සුදුසු වෙලාව.

පෝලිමට එකතු නොවී බිත්තියට හේත්තු කර තියෙන දුඹුරු පැහැ කුශන් පුටුවල වාඩි වී ඉන්න ගෑනු මිනිස්සු කියන්නෙ අමුතු දසුනක් නෙමෙයි. ඒත් නුහුරු ගතියෙන් පුටුවෙන් බාගෙක වාඩි වෙලා ඉන්න කෘශ ගැහැණු සිරුර අසාමාන්‍ය දසුනක් බව දැනුනේ ඈ එතනට ඇවිත් පැයකටත් වැඩි බව හදිසියේම සන්දීරාට මතක් වීමත් එක්ක.

තදබදය යම් තරමකට තුනී වේගෙන එනකොට ගැහැණියගේ විමසිලිමත් ඇස් කවුන්ටරයෙන් කවුන්ටරයට ගමන් ගන්න හැටි පැහැදිලිව පෙනුනා. වම් කෙලවරේ සිට දකුණට. ආයෙමත් වමට. පලින් පල මද තිගැස්මකින් යුතු ඇහිබැම සැලීමක් ද සහිතව.

ඇස් එහා මෙහා ගමන් කල එකොලොස් වැනි වාරයේදී සන්දීරා ඇගේ ඇස් අල්ල ගත්තා. අගුළු ලා ගත්තා කීවොත් තමයි වඩා නිවැරදි. දිගැටි මුහුනේ විඩාපත් සිනහවක් මතුවුනා.

දෙවරක් හිස සැලීමක්. එයින් තත්පර කිහිපයකට පස්සෙ කෙසඟ සිරුරැති ගැහැණිය ඈ ඉදිරියේ හිටගෙන උන්නා.

"ඇයි?"

"මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?"

"මනෝහරී මැඩම්?"

"හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ."

"ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ."


කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.

"පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?"

"ඉයුජීන්."

"බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න."


කෙසඟ ගැහැණිය එකෙල මෙකෙල වෙන අතරේ තමන්ගේ කවුන්ටරය ඉදිරියේ පෝලිම් ගැසී හුන් තරුණියන් තිදෙනෙක් අනිත් කවුන්ටරයේ පෝලිමට එකතු වෙනවා සන්දීරා දැක්කා. 'ඉක්මන් කරන්නැ’යි කියන්න හිතාගෙන ගැහැණියගේ මුහුණ දිහා බලපු ඈ මොහොතකට ගල් ගැසුනා. සිය ගණනක් රේඛා සහ පැල්ලම් ඇගේ කම්මුල් මත ඉල්පෙමින් එකකට එකක් නොපරදින නෝක්කාඩු දහස් ගණනක් මුමුණමින් උන්නා. ඒ කිසිත් නොදන්නා විදියට ඉයුජීන් තමන්ගේ අත් බෑගය අවුස්සනවා.

"පාස් පොත" ඈ වෙවුලන සුලු අතැඟිලි වලින් පැරණි බැංකු පොතක් වීදුරුව දිගේ මෙපසට තල්ලු කලා. එතුල වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ ‘රුපියල් හත්සිය හැත්තෑවක් පමණයි’ යනුවෙන් සටහන්ව තිබුනා.

සන්දීරා ඇගේ ගිණුම් දත්ත කියවා බැලුවා. එහි තිබුනේ රුපියල් නමසිය විසි තුනයි ශත ගණනක්. අනිවාර්යය තැන්පතුව වන රුපියල් තුන්සියය ඉවත් කල පසු ඉයුජීන් වෙනුවෙන් රුපියල් හත්සිය හැත්තෑවක් නිකුත් කරන්න බැහැ.

සන්දීරා නැවත වරක් හැඳුනුම් පතේ වූ හඬන්නට ආසන්න ඉදිමුණු මුහුණත්, තමා ඉදිරියේ හිස පසකට ඇල කරගෙන ඉන්නා ගැහැණියගේ දිගැටි, වියළුණු මුහුණත් සංසන්දනය කර බැලුවා. ඈ ඇඬුම්බර මුහුණුවලට අකැමතියි. ගැහැණියගේ කඳුළු වියළී තිබීම ඈට ලොකු සතුටක් වුනා.

‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියලා කියන්නයි සන්දීරාට වුවමනා වුණේ. ඒත් ඈ අහලා තිබුනේ "ඔයාට මේ වගේ ගානක් වුවමනා උනේ මොකටද?" කියලයි.

අසරණ සිනහවක තැනින් තැන මතුවුන කහට පැහැ දත්.

"පොඩි පුතාට. පේමන්ටෙකේ, පාර එහාපැත්තෙ පේමන්ටෙකේ අවුරුදු සේල් දාල ඉස්කෝල බෑග් විකුණනවා. රුපියල් අටසීයක් කියලයි කියන්නෙ. වැඩිපුර තිහක් තියෙනව අතේ. මනෝහරී නෝන මාව දන්නවා, ඔව්."

සන්දීරා ආයෙමත් "මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ." කියන්න ගියේ, ඒත් ඈ කියල තිබුනේ "මම ලොකු මහත්තය එක්ක මේ ගැන කතාකරල එන්නම්." කියලයි.

‘නීතියෙන් බැඳී සිටිනවා’, ‘නොවැදගත් ප්‍රශ්ණ පුම්බවා ගැනීම’, ‘රාජකාරීමය ඇහැකින් බැලීමේ නොහැකියාව’ වගේ වාක්‍යාංශ වරින් වර වීදුරු දොර අතරින් පිටතට ඇහුනා. ඉයුජින් ඒ දිහා හිස් බැල්මෙන් බලා උන්නත් සන්දීරාට නම් දැනුනේ කළමනාකරුගේ වායුසමීකරණය කල කාර්යාල කාමරය උණු වී වැගිරෙනවා වගේ.

සන්දීරාට එතැනින් පලා යන්න වුවමනා උනා. අකැමති හැමදේකින්ම ඉවත් වෙන්න. ඒත් ඈට තෝරාගැනීමක් කරන්න පුරුද්දක් තිබුණේ නැහැ. මේ දක්වා සියල්ල සිදු වුණේ අනිච්ඡානුගව. ඇගේ මෙහෙයවීමක් නැතිවම. ඉතින් ඈ උපන් දා ඉඳන් හැඩගැසී තිබුණෙත් එහෙම.

ඒත්, ඉයුජින්ගේ දැල්වෙන ඇසුත්, කතන්දර දහස් ගනණක් සඟවා ගෙන සිටි රැලි වැටුන දෙකොපුලත් දකින කොට සන්දීරාට නොදැනුවත්වම අත් පසුම්බියට එබුණා.

"ඇයි රුපියල් අටසීයක්?" කියන ප්‍රශ්ණෙ ඉදිරිපත් නොවීමම ලොකු සහනයක්.

සන්දීරා විවේකාගාරයට ගිහින් ලහිලහියේ නෙත් ආලේපන සහ තොල් ආලේපන අලුත් කලා. මහත් තෘප්තියකින් ඇගේ හදවත ඉපිලෙන්නට අරන්.

******

හරියටම පැයක් ගතවුන තැන, ඉයුජින් වෙනත් බැංකුවක වෙනත් ශාඛාවක අසුන්ගෙන හිටියා. ඇගේ අතේ වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ "රුපියල් අටසිය පනහක් පමණයි" යනුවෙන් සටහන්ව තිබුණා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook