Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ගැහැණුන්ට හා පිරිමින්ට සමතැන දුන් පුරාතන මානව සමාජය
[The Gaurdian වෙබ් අඩවියේ පළ වූ "Early men and women were equal, say scientists" ලිපියේ පරිවර්තනයකි.]
බූන්දි, 10:59:01
නූතනයේ සිටින සමානාත්මතා පදනමක් යටතේ සංවිධානය වූ දඩකරු- අන්න ගවේශී කණ්ඩායම් පිළිබද කළ අධ්‍යයනයකින් සමාජ අසමතුලිතතාව යනු කෘෂිකාර්මික ජීවන රටාවත් සමග මතුවූ මානව සමාජය නොමග යැවීමක් බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

අපගේ මුතුන් මිත්තන් නිරන්තරයෙන් නිරූපණය කර ඇත්තේ හෙලි අතින් දරාගත් ම්ලේච්ඡයන් ආකාරයටය. එහෙත් මුල්කාලීන මානව සමාජ සමානාත්මතා මුලධර්මයන් මත සවිඥානිකව සැකසුන බව විද්‍යාඥයින් විසින් දක්වන නවතම මතයන්ට අනුව පැහැදිලිවේ.

මේ පිළිබද කළ අධ්‍යයනයක් මගින් සමකාලීන දඩකරු- අන්න ගවේශී ගෝත්‍ර වල ස්ත්‍රී සහ පුරුෂ යන දෙගොල්ලෝම ඔවුන්ගේ කණ්ඩායම් ජීවිතයට සහ ඔවුන් සමග ජීවත් වූවන්ට සමාන බලපෑමක් කිරීමට පෙළඹවීමක් පැවති පෙන්වා දෙයි. මෙමගින් සොයාගත් සාධක වලින් ලිංගික සමානාත්මතාව යනු මෑත කාලීන සොයාගැනිමක් යන අදහස අභියෝගයට ලක් කරන අතර එයින් ගම්‍ය වන්නේ අපගේ පරිණාමීය ඉතිහාසය මුළුල්ලේම එය මානව ධර්මතාවක් වශයෙන් පැවතුන බවයි.

මෙම අධ්‍යයනය මෙහෙය වූ University College London හි සේවය කරන මාර්ක් ඩිබල් පැවසුවේ "දඩකරු- අන්න ගවේශකයන් යනු හැඩි දැඩි පුරුෂෝත්තමවාදී කොටසක් යන මතය පොදුවේ පිළිගන්නා අදහසක් මෙන්ම එය පැවතියේ කෘෂිකර්මාන්තය සදහා නැඔුරු වීම තෙක් වන අතර මිනිසුන් සම්පත් ඒක රාශී කිරීමට පටන්ගත් පසු සමාජ විෂමතාව සදහා අඩි තාලම වැටුනු බවයි".

එහෙත් ඩිබ්ල් තවදුරටත් පැසුවේ නවතම සොයාගැනීම් වලින් ලිංගිකත්වයන් අතර පැවති සමානකම් මානව සමාජය සහ පරිනාමීය හැඩගැන්වූ ඒ සදහා ඉතා වැදගත් වූ සහ නොනැසී පැවතීම සදහා ප්‍රයෝජනවත් වූ දෙයක් බවයි. "ලිංගික සමානාත්මතාව, මානව ගතිලක්ෂණයන් වශයෙන් දැක්විය හැකි යුගල බැදීම් විශාල සමාජීය මස්තිෂ්ක සහ භාෂාව වැනි දේ ඇතුළු සමාජීය සංවිධාන වල ඇති වූ ඉතා වැදගත් විපර්යයන් සදහා හේතූ වූ සාධක වලින් එකක්" යනුවෙන් ඒ පිළිබද තවදුරටත් විස්තර කළේය. එය මීට පෙර ඒ පිළිබද කතා බහට ලක්නොවූ වැදගත් දෙයක් බව ද ඔහු සිහිපත් කළේය.

මෙම අධ්‍යයන ප්‍රතිඵල Science සඟරාවේ පළවූ අතර එමගින් විමර්ශනය කර තිබුනේ දඩකරු- අන්න ගවේශී සමාජ වල සිටින මිනිසුන් පවුලේ සාමාජිකයින් සමග ජීවත් වීමට වැඩි කැමත්තක් දැක්වුව ද ප්‍රායෝගිකව ඔවුන් ජීවත්වන කණ්ඩායම් වලට ඇතුළත් වන්නේ ඉතා සමීප පුද්ගලයින් පමණක් වීම යන දෘශ්‍යමාන විරුද්ධභාසය ගැන විමර්ශනය කිරීමයි.

විද්‍යාඥයින් විසින් දඩකරු- අන්න ගවේශී කණ්ඩායම් දෙකක ජානමය දත්ත එකතු කළ අතර ඉන් එකක් කොන්ගෝවේ සිටින ගෝත්‍රයක් වන අතර අනික පිලීපීනයේ ජීවත් වන ගෝත්‍රයකි. ඔවුන් විසින් එම ගෝත්‍ර සමග සිය ගණනකට ආසන්නව කළ සම්මුඛ සාකච්ඡා වලින් ඔවුන්ගේ ඥාති සබදතා, කඳවුරු අතර සිදුවන මාරුවීම් සහ ජනාවාස රටාවන් පිළිබද විස්තර ද එකතු කරන ලදී. මෙම‍ ගෝත්‍ර දෙකේ ම සිටින ගෝත්‍රිකයින් උපරිම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වල ජීවත් වීමට සහ දවස් 10 කට සැරයක් තැනින් තැනට යමින් සතුන් දඩයම් කරමින්, මසුන් මරමින් සහ පළතුරු සහ එළවලු මෙන්ම පැනි එකතු කරමින් ජීවත් වීමට රුචිකත්වයක් දැක්වූහ.

විද්‍යාඥයින් විසින් ඔවුන් කඳවුරු තෝරාගන්නා ආකාරය ගැන පැහැදිලි කරගැනීමට පරිගණක ආකෘතියක් සකස් කරන ලදි. මෙහි දී මිනිසුන් හිස් කඳවුරක නැවතීමට කැමති වන්නේ ඔවුන්ගේ සමීපතම ඥාතීන්, සහෝදර‍සහෝදරියන්, දෙමව්පියන් සහ ළමයින් සමග පමණක් බව යන උපකල්පනය මත එකී සමාකරණය පදනම් විය.

පුරුෂෝත්තමවාදී එඬේර හෝ ගෙවතු වගා කටයුතු සම්බන්ධ සමාජ වල නිරන්තරයෙන් දැකිය හැකි පරිදි එක් ලිංගික කණ්ඩායමක් එකී ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන විට එකිනෙකාට ඥාතිත්වයක් ඇති තදබදයෙන් යුත් පුද්ගල කේන්ද්‍ර බිහිවිය. කෙසේ හෝ, පුරුෂයන්ට සහ ස්ත්‍රීන්ට සම බලපෑමක් කිරීමට අවස්ථාව පැවති විට එකිනෙකාට ඥාතිත්වයක් දැරූ පුද්ගලයින්ගේ සාමාන්‍ය අගය අඩුවන බව අනුමාන කෙරිනි. මෙය අධ්‍යනයට ලක් කළ ජන කණ්ඩායම් වලට ඉතා සමීප ලක්ෂණ දරයි.

ඩිබ්ල් අදහස් දැක්වූයේ "තමන් ජීවත්වන පුද්ගලයින් කෙරෙහි බලපෑම පුරුෂයින්ට පමණක් සතුවූ විට, ඕනෑම සමාජයක කේන්ද්‍රය සකස් වන්නේ ඉතා සමීප පුරුෂයින්ගෙත් යුත් සංකීර්ණ ජාලයකින් වන අතර ඔවුන්ගේ භාර්යාවන් සැමවිටම සිටින්නේ එහි පරිධියේ වන අතර පුරුෂයින් සහ ස්ත්‍රීන් යන දෙවර්ගයම එය තීරණය කළහොත් එවිට සහෝදරයින් හතර පස්දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් එකට ජීවත් වීමට සිදුනොවනු ඇති" බවයි.

මෙම පර්යේෂකයින් විසින් දක්වන්නේ ලිංගික සමානාත්මතාව සෑම පුරාණ මානව සමාජයකම පරිනාමීය ක්‍රියාවලිය සදහා ප්‍රතිලාභයක් වු බවයි. එමගින් ඥාතිත්වයක් නොදැරූ පුද්ගලයින් අතර වඩා සමීප සහයෝගීතාවක් සහ ඔවුන් අතර පැවති සමාජීය ජාලයන් වඩා පුළුල් පරාසයක් දක්වා වර්ධනය කිරීමට පිටිවහලක් වන්නට ඇත. "සහකරුවන් තෝරාගැනීමේ අවස්ථාව පුළුල් වත්ම සමාජීය ජාලයන් වඩා පුළුල් වන අතරම අන්තර්ජනනය කිරීම නොවැදගත් සාධකයක් වනු ඇති" බව ඩිබ්ල් විසින් දැක්වූයේය. "ඔබ පුද්ගලයින් වැඩි දෙනෙක් සමග මුහුවන විට ඔබට නව්‍යසොයාගැනීම් පිළිබද දැනුම හුවමාරු කරගත හැකියි. එය මානවයින් විසින් වඩා වැඩි ප්‍රාගුන්‍යයක් දක්වන කාර්යයක්."ඔහු තව දුරටත් කීය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විදයාලයේ සිටින චර්යාත්මක විද්‍යාඥයෙකු වන ආචාර්ය ටමාස් ඩේවිඩ් බැරට් (Tamas David- Barrett) මෙම පර්යේෂණ ප්‍රතිඵල හා එකඟ වන අතර ඔහු 'මෙය ඉතා පැහැදිලි ප්‍රතිඵලයක්' වන බව පැවසුවේය. "ඔබට ඔබගේ ඥාතියෙකු සමග සම්බන්ධ වූ විට ඔබගේ සමාජ ජාලය වඩාත් පුළුල් වන අතර ඔබට ඒ සදහා අවශ්‍ය වන්නේ ඉදහිට උත්සවයකට හෝ දෙකකට සහභාගී වීම පමණි".

මෙම අධ්‍යයනය තුළින් තවදුරටත් පැහැදිලි කරන්නේ සමාජ අසමතුලිතභාවය ඇති වූයේ මිනිසුන්ට පෞද්ගලික දේපල ඒකරාශීකරණය ආරම්භ කළ කෘෂිකාර්මික සමාජයේ උදාවත් සමග බවයි. "පුරුෂයින්ට කාන්තාවන්ට වඩා බිරියන් බොහෝ ප්‍රමාණයක් ලබාගෙන ඔවුන්ගෙන් දරුවන් බිහිකර ගැනිමට හැකි වූ බව" ඩිබ්ල් තව දුරටත් දක්වයි. සම්පත් ඒකරාශී කරගෙන ඥාති පුරුෂ පාර්ශවයන් සමග සහයෝගීතාවන් ගොඩනගා ගැනිම සදහා පුරුෂයින්ට වඩා වැඩි ගෙවීමක් කරන ලද බව ද ඔහු සඳහන් කළේය.

ඩිබිල් තවදුරටත් සදහන් කළේ සමානාත්මතා සමාජ යනු අපගේ මුතුන් මිත්තන් අපගේ වානර ඥාතීන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම සදහා යොදාගත හැකි ඉතා වැදගත් සාධක වලින් එකක් බවයි. "චිම්පන්සීන් ජීවත් වන්නේ පැහැලිව හදුනාගත හැකි ස්ථරායනයන් සහිත පිරිමි සතුන් ප්‍රමුඛ ඉතා ආවේගශීලී සමාජ වලය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවන විධික්‍රමයන් ඉගෙන ගැනීම සදහා ඔවුන්ට වැඩිපුර වැඩිහිටි සාමාජිකයින් ඉතිරි වන්නේ නැත".

අධ්‍යනයට ලක්කළ දඩකරු- අන්න ගවේශී කණ්ඩායම් පිළිබද කළ ගුණාත්මක නිරීක්ෂණයන් තුලින් මෙම සොයාගැනීම් වල වටිනාකම තවත් වැඩි කළේය. පිලිපීන ජනවර්ගය තුළ කාන්තාවන් දඩයම්කිරීම, පැණි එකතු කිරීම යන කටයුතු වල නිරත වූ අතර ශ්‍රම විභජනයක් තිබුන ද සමස්තයක් වශයෙන් පුරුෂයින් සහ කාන්තාවන් කඳවුර පෝෂණය කිරිම සදහා අවශ්‍ය කැලරි ප්‍රමාණය එකතු කිරීම සදහා සමසේ වෙහෙසෙයි. කණ්ඩායම් දෙක තුළම ඒක භාර්යා සේවනය ප්‍රධාන වූ අතර දරුවන් බලා ගැනීමේ කාර්යයන් වලදීද පිරිමි සක්‍රීය විය.

මෙම පර්යේෂණ පත්‍රිකාවේ අනෙක් ජ්‍යෙෂ්ඨ කතුවරයා වූ University College London හි ඇන්ඩ්‍රියා මිගිලානෝ පැවසුවේ "අපගේ පරිණාමීය ඉතිහාසය තුළ ඥාති නොවන පුද්ගලයින් සමග ඇති කරගත් සහයෝගීතාව වැනි ඉතා අනර්ඝ මානව ලක්ෂණයන් අවබෝධ කරගැනීම සදහා මෙම ලිංගික සමානාත්මතාව පිලිබද අදහස් විශාල ආලෝකයක් සපයන" බවයි.
Photograph- Everett Collection / Rex Features
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Contemporary Hunter-Gatherer Tribes, Mark Dyble, Tamas David-Barrett, Andrea Migliano
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook