Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
මී පැටියයි වලස් රජුයි
පරිවර්තනය-
Muthu Paba | මුතු පබා
බූන්දි, 06:14:27
කැලෑවෙ මැද රවුම් කළුගලක් උඩ, පුංචිම පුංචි මී පැටියෙක් හිටගෙන ඉන්නවා. පුළුවන් තරම් අහසට ඔළුව දික්කරපු මේ පුංචි මී පැටියා "අද ඉඳන් මම තමයි රජ්ජුරුවෝ"යි, කෑ ගහල කීවා.

ටික වෙලාවකට පස්සෙ එතැනට පැන පැන ආපු හාවා ගල් ගිලල වගේ මී පැටියා දිහා බලාගෙන ඉන්න ගත්තා.

"ආයුබෝවන්ඩ, මී පැටියො. ඔයා දන්නව නේද ඔය කළු ගල රජ්ජුරුවන්ගෙ කියල? එ්ක දැනගෙනත් මොනවද ඔයා ඔතැන ඉඳන් කරන්නෙ?"

"මම මේ රජ්ජුරුවො එනකල් මෙතැන ඉඳන් මගේ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවම මම කියන්නයි ඉන්නෙ, අද ඉඳන් මේ කැලෑවෙ රජ්ජුරුවො මමයි කියලා."

මී පැටියා මෝඩයෙක් කියල හිතුව හාවා ඉක්මණින් පැන පැන එයාගෙ හා ගුලට ගියා.

ටික වෙලවකට පස්සෙ කකුල් අද්ද අද්දා එතැනට ආව ඉත්තෑවත් මී පැටියා දිහා පුදුමයෙන් බලන් ඉන්නවා.

"ආයුබෝවන්ඩ, මී පැටියො. රජ්ජුරුවන්ගෙ කළු ගල උඩ ඉඳගෙන ඉන්න ගියොත් ඔයාට පස්සෙ ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙයි. ඊටත් මොනවද ඔයා ඔතැන ඉඳගෙන කරන්නෙ හැබෑට?"

"ආ... මමද.. මම මේ මෙතැන ඉඳන් මගෙ නියපොතු සුද්ද කරනවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවො මමයි කියලා."

මී පැටියා මෝඩම මෝඩයෙක් කියල හිතුව ඉත්තෑවත් ආපහු කකුල් අද්ද අද්දා ගිහින් කොළ කන්දක් අස්සෙ හැංඟුනා.





තවත් ටික වෙලාවකට පස්සෙ එතැනට ආපු නරියා, කටට උණන කෙළ ඉවසමින් සද්ද නැතුව මී පැටියා දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා.

"ආයුබෝවන්ඩ, මී පැටියො, ඔයා දන්නෙ නැද්ද ඔය කළුගල කාගෙද කියලා? ඕකෙන් බිමට බැහැලා ආවානම් තමයි හොඳ..."

"ඇත්තද.. හිතේ ඇති මම බැහැල එයි කියල..." මී පැටියා උත්තර දුන්නා. "මම මෙතැනට වෙලා නියාපොතු සුද්ද කර කර රජ්ජුරුවො එනකල්ම බලන් ඉන්නවා. රජ්ජුරුවො ආවාම මම කියන්නයි ඉන්නෙ අද ඉඳන් කැලෑවෙ රජ්ජුරුවෝ මමයි කියලා."

නරියට හිතුනෙත් මී පැටියා මෝඩයෙක් කියලා. තරහෙන් කිපෙමින් ගිය නරියා පඳුරක් අස්සෙ හැංඟුනා.

ටික වෙලාවකට පස්සෙ කැලෑවෙ ඇතුලෙන් භයානක දෙයක් සිද්ද වෙන සද්ද ඇහෙන්න පටන් ගත්තා. ගස් කොළන් වගේම, මහ පොළොවත් ගැහෙන්න පටන්ගත්තා. කොටින්ම කීවොත් මී පැටියා ඉඳගෙන හිටිය කළුගලත් වෙව්ලන්න පටන්ගත්තා. බය වෙච්ච මී පැටියව ඉබේටම හිටවුණා.

එ් කැලෑවෙ රජ්ජුරුවො එන සද්දෙ. නපුරුම නපුරු පෙනුමක් තියෙන සද්දන්නත වලහෙක් තමයි මේ රජ්ජුරුවො. වලස් රජ්ජුරුවන්ගෙ නියපොතු, මුවහත් පිහියක් තරම් සැරයි. දත් මී පැටියාටත් වඩා ලොකුයි. කටහඬ ගොරවන අහසක් තරම් සැරයි.

කළුගල ළඟට ආපු නරියා "කවුද ඉන්නෙ මගේ කළුගල උඩ?" කියලා මහ හයියෙන් බෙරිහන් දීලා ඇහුවා.

වලස් රජා ටිකක් ඉස්සරහට නැමුණා එ් කවුද කියලා හොඳහැටි බලාගන්න. කණ්ණාඩි කුට්ටම නැතිවුණ නිසා වලස් රජාට ටිකක් පේනවා හොරයි.

"මී පැටියෝ, මොනවද ඔයා මගේ කළුගල උඩ ඉඳන් කරන්නෙ?" වලස් රජා ඇහුවා.

කූඹියෙක්ට ඇහෙන තරමේ හීන් කටහඬකින් මී පැටියා- "ම... ම... මම මෙතැන මේ නිකන් ඉඳන් හිටියෙ. ඔබතුමා කවමදාවත් අහල නැති දෙයක් කියන්නයි මම හිටියෙ." එහෙම කියපු මී පැටියා විගහට කළුගලෙන් බැහැගෙන, බැහැගෙන ගිහින් වලස් රජාගෙ කකුල් මැදින් දුවන්න පටන්ගත්තා.

එ්ත් මී පැටියා දුවල ගිහින් බේරෙන්න කලින් වලස් රජා එයාගෙ ගොරෝසු නපුරු අතින් මී පැටියව උස්සල ගත්තා. මී පැටියා දන්නවා ඊළඟට වෙන්න යන දේ. ඉතින් වලස් රජාට තමාව ගිලගන්න ඉඩ දීලා මී පැටියා එයාගෙ ඇස් තදකරල වහගත්ත. එ්ත් බලන් ඉන්නවා, බලන් ඉන්නවා කිසිම දෙයක් වෙන්නෙ නෑ. බැරිම තැන මී පැටියා හිමින් සීරුවෙ එක ඇහැක් ඇරල බලල අනික් ඇහැත් ඇරියා. එතකොට මී පැටියා දැක්කෙ, වලස් රජා තමන් දිහා හිනාවීගෙන බලන් ඉන්න විදිහ. මී පැටියට හිතාගන්නවත් බෑ වෙන දේ ගැන. වලස් රජා හිනා වී ගෙන එයා දිහාම බලන් ඉන්නවා....!



"ඔයාට එහෙනම් රජතුමා වෙන්න ඕනේ?" වලස් රජා එයාගෙ ගෙරවිලි කටහඬින් ඇහුවා.

ඒත් බයෙන් හිටිය මී පැටියා වලස්රජුට කිසිම උත්තරයක් දුන්නෙ නෑ.

"ඔයාට රජ්ජුරුවෝ වෙන්නම ඕනෑ නම්, මෙතැන ඉඳගන්න එක හොඳයි." එහෙම කීව රජතුමා, මී පැටියව පරිස්සමින් උස්සල අරගෙන එයාග ඔළුව උඩ ඇලවෙලා තිබුණ ඔටුන්න මැදින් තිබ්බා. ඔටුන්න හයියෙන් අල්ලගත්ත මී පැටියා ඔටුන්නෙන් එළියට ඔළුව දාලා බැලුවා.

වලස්රජු ඇවිදින්න පටන්ගත්තා. රජතුමා තියන අඩියක් අඩියක් පාසා මී පැටියා ගැස්සෙනවා. එ්ත් මී පැටියා ඔටුන්න හයියෙන් අල්ලගෙන අවට වට පිටාවෙ සිරි නරඹනවා.




හිටපු ගමන් මී පැටියා හයියෙන් කෑ ගැහුවා: "නවතින්න!" වලස් රජු හිටිතැනම ගල්ගැහුනා. රජතුමා අඩිය තියන්න උඩට උස්සපු කකුලත් තාම එ් විදිහටම.

"ඔයා පඳුර උඩින් යන්න එපා. එතැන නරියා ඉන්නවා." මී පැටියා කීවා.

වලස්රජු බිමට නැමිලා බැලුවා. ඇත්ත නේන්නම්. නරියා එතැන ඇත්තටම ඉන්නවා. නරියාගෙ දිග මහත වලිගය නිසා රජතුමා නරියව අඳුන ගත්තා. වලස් රජු නරියව නොපාගා නරියට උඩින් ඉස්සරහට අඩිය තිබ්බා.

"ස්තූතියි! මී පැටියෝ.." වලස්රජතුමා කීවා.

වලස් රජතුමයි, මී පැටියයි කැලෑවෙ ඉස්සරහටම යනවා.

"නවතින්න!" මී පැටියා ආයෙමත් කෑ ගැහුවා. වලස් රජතුමා හිටිතැනම ගල් ගැහුනා. රජතුමාගෙ කකුල තාමත් උඩට ඉස්සුව විදිහටම තියෙනවා.

"ඔය කොළගොඩ උඩින් අඩිය තියන්න එපා. එතැන ඉත්තෑවා ඉන්නවා." මී පැටියා කීවා.

වලස් රජතුමා ඉස්සරහට නැමිලා හොඳට බැලුවා. ඇත්ත නේන්නම්. ඉත්තෑවා එතැනනේ. ඉත්තෑවව නොපෑගෙන විදිහට ඉත්තෑවට උඩින් රජතුමා අඩිය තිබ්බා.

"ස්තූතියි! මී පැටියො" වලස්රජතුමා කීවා.

ඊටපස්සෙ දෙන්නම ඉස්සරහට ඇවිදගෙන ගියා.

හිටපු ගමන් මී පැටියා ආයෙමත්: "නවතින්න!" කියල බෙරිහන් දුන්නා. වලස් රජතුමා හිටිහ තැන හිටිය විදිහටම නතර වුණා.

"තවපොඩ්ඩෙන් ඔයා හාවාව පාගලා අඩිය තියනවා."

වලස් රජ්ජුරුවෝ බිමට නැමුරු වෙලා බැලුවා. ඇත්ත නේන්නම්. පෑගෙන්න ගිය නිසා තවමත් බයෙන් ගැහෙන හාවව රජතුමා දැක්කා. හිමින් සීරුවෙ හාවව උස්සල ගත්ත රජතුමා හා පැටියව පාරෙ අයිනකින් තිබ්බා.

"ස්තූතියි! මී පැටියෝ" රජතුමා ආයෙමත් මී පැටියට ස්තූති කළා.



මී පැටියයි, වලස් රජතුමයි ආයෙත් ඉස්සරහට ඇවිදගෙන යනවා. මී පැටියා තවමත් රජතුමාගේ ඔටුන්න හයියෙන් අල්ලගෙන ඉන්නෙ.

කැලෑවෙ වටේ රවුමක් ගියා රජතුමයි, මී පැටියයි ආයෙමත් රජතුමාගේ කළුගල ගාවට ආවා. තමන්ගෙ ඔටුන්න මැද හිටිය මී පැටියව අර පරිස්සමින් උස්සල ගත්ත වලස් රජතුමා මී පැටියව කළුගල උඩින් තිබ්බා. එ්කරලා මී පැටියා ළඟ නැමිලා මී පැටියට ආචාර කරා.

"මී පැටියෝ, අද දවසෙ ඇතුළත ඔයා මට නොසෑහෙන්න උදව් කරා. ඔයා කැමතිද මගේ රාජකීය සහායක වෙන්න?"

මී පැටියට එයා ගැන කියාගන්න බැරි තරමේ ආඩම්බරයක් දැනුණා. ඔළුව අහසට ඉස්සුව මී පැටියා "ඔව්, ඔව්.. මම කැමතියි" කියලා සතුටින් උත්තර දුන්නා.

එකපාරටම වටින් පිටින් අත්පුඩි ඝෝෂාවක් ඇහුණා. වලස්රජතුමා පිටිපස්ස හැරිලා බැලුවා. කැලෑවෙ ඇතුළෙ ජීවත්වෙන හැම සතෙක්ම එතැන. ඉස්සරහින්ම ඉන්නෙ හාවයි, ඉත්තෑවයි, නරියයි.

"මී පැටියා අපේ වීරයා!" තුන්දෙනාම සතුට පළ කළා.

තමාට කැලෑවෙ රජ්ජුරුවො වෙන්න බැරිවුණත්, වීරයෙක් වෙන්න පුළුවන් වුණාට මී පැටියට තියෙන්නෙ කියා ගන්න බැරි තරම් සතුටක්.

කතාව- Ginette Thomas
සිතුවම්- Susan Varley
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Bear King and Little Rat, Stories For Kids, Lama Kathandara, Stories for Children
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර දෝසි
ගල් වඩුවා ('හූමිටි කතා')
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
එඩිසන් කියයි.
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook