Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
බූන්දි, 18:24:44
'සිරිවර්ධන පවුල' බලන්නට යනවාය කී පසු මාගේ හිතවතෙක් කීවේ රාජිතගේ මෙදා පොටේ නාට්‍ය නම් එතරම් හොඳ නැති බව ය. හොඳ සහෘදයකු ලෙස මා තුළ විශ්වාසයක් ඇති ඔහු කී ඒ වදනින් මාගේ බලාපොරොත්තු තරමක් බිඳී ගියේය. ඒ, යුගයේ ප‍්‍රමුඛතම නාට්‍යකරුවකු මෙන්ම කවදාත් වෙනස් වැඩක් කරන්නකු යන රාජිත දිසානායක පළිබඳ අප තුළ ගොඩනැගී තිබූ විශ්වාසය නිසා ය. කෙසේ වෙතත්, බලන්නට කලින් කෘතිය පිළිබඳ විචාරයක් අහන්නට නුවමනා මම මිතුරා එසේ කීවේ මන්දැ'යි ප‍්‍රතිප‍්‍රශ්න නොඅසාම කරබා ගතිමි.

නාට්‍යය නැරඹීමට වාඩි වූ මොහොතේ සිට ම මා මිත‍්‍රයා කියූ දෙය එතරම් සාධාරණ නොවන බව ක‍්‍රමයෙන් වැටහෙන්නට විය. ඔහු කියූ කතාවෙහි කිසියම් සත්‍යයක් තිබුණි නම් ඒ කතාවේ මතුපිට අර්ථයෙන් පමණ ය. කතාවේ මතුපිට අර්ථය කිසියම් සරලභාවයක් පෙන්නුම් කළ ද, ඒ තුළින් ඉඟි කරන සංකේතමය අර්ථයන් පශ්චාත් ධනේශ්වරයේ සහ එහි ම අතුරුඵලයක් වන වෙළඳ මාධ්‍යකරණයේ සියුම් තැන් ගැඹුරින් ස්පර්ශ කරනවා පේන්නට තිබුණි.

රාජිතගේ නාට්‍යය කලාව 'අල්පෝක්තිමය' ලක්ෂණයන්ගෙන් හෙබි සුවිශේෂී එකක් ලෙස ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් හඳුන්වා දී තිබුණේ, ඔහුගේ නාට්‍ය කලාව සතු මතුපිට සරල ලක්ෂණයන් අතික‍්‍රමණය කරන එකී සියුම් හුය වලට ඉඟි කරන්නට ය. ඒ කී හුය නිසි පරිදි දිග හැර පූර්වාපර සංධි ගලපා ගන්නට බැරි වීම හේතුවෙනි මාගේ යට කී මිත‍්‍රයා 'සිරිවර්ධන පවුල' පිළිබඳ ඔහුගේ තක්සේරුවට ඇවිත් තිබුණේ.

වෙළඳ මාධ්‍යකරණය විසින් නිර්මාණය කර දෙන ලද අවශ්‍යතා හා පරමාදර්ශයන්ට අවනත කෙරුණු පහළ මධ්‍යම පාන්තිකයැ'යි කල්පනා කළ හැකි පවුලක ඛේදවාචකය මේ නාට්‍යයෙහි උඩු පෙළ ඔස්සේ ගලා යයි. පවුලේ මව ගුරුවරියක වන අතර පියා ද විශ‍්‍රාම ලත් රාජ්‍ය නිලධාරියෙකි. තමන්ට වඩා තම දරුවන් අධ්‍යාපනික වශයෙන් ඉහළ තැනකට ගෙනයෑම ආධ්‍යාශ කොට ගත් ඔහු වාමාංශික නැඹුරුවක් සහ මනා දේශපාලනික සවිඥානයකින් හෙබි අයෙකි. මේ පවුලේ සෙසු සාමාජිකයින් වන්නේ රූමත් තරුණ දියණිය සහ සුපුන් නම් බාල පුතා ය. සම්භාව්‍ය සංගීතයටත්, පියානෝ වාදනයටත් ආධ්‍යාත්මිකව නැඹුරුව සිටි සුපුන් කුමන හෝ හේතුවක් නිසා ඉන් විතැන් කර වාණිජ ස්ටාර් තරගයක තරග කරුවකු දිහාවට තල්ලු කර ඇත. කෙසේ වෙතත්, සුපුන් ස්ටාර් තරගයෙන් ජයග‍්‍රහණය කිරීම තම පවුල ගොඩ යෑමේ එකම මාර්ගය බව ඔහුගේ මව මෙන්ම අක්කා ද තරයේ විශ්වාස කරති.

වාණිජ රියැලිටියේ ආක‍්‍රමණය කොතරම් බිහිසුණු සහ සූක්ෂ්ම එකක්දැයි පෙන්වා දෙන්නට සරුවපිත්තල වහන්තරාවන්ගෙන් ඈත් වී මහපොළවේ යථාර්ථයත් සමග ජීවත් වන පියෙකු සහ තරමක් හෝ විචාර ශක්තියකින් හෙබියැ'යි සිතිය හැකි 'ගුරුවරියක' විසින් මෙහෙය වන මෙවන් පවුලක් තෝරා ගැනීම සුදුස ය. කතාව ආරම්භයේදීම දියණිය තම මවට කියන්නේ මල්ලීගේ ජනප‍්‍රිය වීමත් එක්ක ගෙදර ඇති පරණ පුටු සෙටි එක වෙනුවට අලුත් පුටු සෙටියකුත්, ටීවී එකකුත් මිල දී ගත යුතු බවය. එසේ නම් ඉන් ඉඟි කරන්නේ මේ රියැලිටි කුණාටුව හඹා ගොස් ඇත්තේ රූපවාහිනී යන්ත‍්‍රයක්වත් භාවිත නොකරන නිවසකට බවද? මේ ධනවාදී වෙළඳ කුණාටුවට ලාංකිකයින් සැබෑවටම කොතරම් හසු වුණේද යත්, එල්ටීටීඊ සංවිධානය තම ගුවන් ප‍්‍රහාරයන් බාධාවකින් තොරව සිදු කිරීමට ලාංකිකයින් රියැලිටි සයුරේ කිමිදුණු රාත‍්‍රීන් තෝරා ගත් බවට ඒ දවස් වල කියැවුණා මතකය.

සුපුන් රියැලිටි තරගයක තරග වදිනවාට පියා මුල්කාලීනව දැඩි සේ විරෝධය දක්වයි. වැඩකට නැති දේවල් නොකර අධ්‍යාපනය කරා යොමු විය යුතු බව ඔහු නිතර අවධාරණය කරයි. ඔහුගේ සිත සෑදිමට මවත් දියණියත් කොතරම් උත්සාහ කළත් ඔහු ඊට කන් නොදේ. එසේ නමුත් හදිසියේ පිටතදී දැනුණ ප‍්‍රතිචාර ඔහු හාත් පසින් වෙනස් කරයි. මුළු රටම ඔහුගේ පුතා ගැන කතා කරන අතර, වෙනදා කතා නොකරන යාලු මිත‍්‍රයින් පවා වාහන නවතා ඔහු සමග කතාබස් කරයි. ඔහුව බලහත්කාරයෙන් වාහනයට නංවාගෙන ඇරළවයි. වෙනකක් තබා ඔහු අවසන ඔහු එන්නේ කරන්නට ගිය වැඩය ද අමතක කරමිනි. මෙය එක්තරා අතකට, ධනවාදයේ තාවකාලික සංතෝෂම් වලින් උත්තේජනය වී කරන්නට යන රාජකාරිය ද අමතක කර ධනවාදයෙහිම ව්‍යාවෘත වන අද්‍යතන ලාංකික වාමාංශයේ ඛේදනීය ඉරණම සිහි කරවයි.

රටට පරමාදර්ශ ගොඩනඟා දෙන මාධ්‍යයේ එකම පරමාදර්ශය ලාභයයි. මෙතෙක් කල් තම පරමාදර්ශන් ලෙස හුවා දක්වමින් රට හමුවේ තහවුරු කළ ඊනියා පරමාදර්ශයන් ලාභය හමුවේ වෙනස් කරන්නට ඔවුන්ට ගත වන්නේ මොහොතක් පමණි. එහි දී අඩු තරමේ සදාචාරාත්මක විළියක්වත් ඔවුන්ට නොදැනේ. අදාල ආයතනය තම ප‍්‍රධාන ව්‍යාපෘතිය වන සුපුන් සහභාගී වූ රියැලිටි තරගයට එකවර තාවකාලිකව නවත්වන්නේ ක‍්‍ර‍්‍රිකට් මැච් එක විකාශනය කිරීම ඊට වඩා වාසිසහගත හෙයිනි. වෙනස් පුද්ගලයින් සේ පෙනී ඉඳීම, මොස්තර කිරීම, ඇහැ පිනවීම, ආකර්ශනය සහ රියැලිටිය සිය ධර්මය සේ පෙන් වූ මාධ්‍ය ආයතන නියෝජිතයා වන 'ජයන්ත සර්' එකරැයින් වෙනස් වී කටට දිවට නොදැනෙන්න "ඒවා වැඩක් නැති දේවල්" බව පවසයි. ඔහු පවසන්නේ දැන් තමා කල්පනා කරන්නේ ආධ්‍යාත්මික අතින් ගොඩ යෑමට බවයි. ජීවිතයේ සැබෑ රියලිටිය එය බව ඔහු පවසයි.

ජීවිතයේ සැබෑ රියලිටිය දන්නා මේ ධනවාදී නියෝජිතයා ධනවාදයේ ඇඟිලිකරු අතරින් ගිලිහෙන දෙයක්වත් පිටතට යන්නට ඉඩ නොදේ. ජනතා ආකර්ශනය ලබමින් රියැලිටි තරගයන්ගෙන් දිනන්න නම් හම් සපත්තු කුට්ටම් හතක්වත් තිබිය යුතු බව ඔහු තරගකරුවන්ට නිර්දේශ කරයි. දෙවනුව, තමන්ම ලෙදර් සපත්තු කඩයක් ආරම්භ කරන ඔහු එයින් සපත්තු ගන්නට ඔවුන් පොළඹවයි. තවත් අතකින්, හිසේ ජෙල් ගා - හම් සපත්තු පැළලඳ ජයගත හැකි ගායන රියැලටි තරගයේ රියැලටිය ගැන මෙහිදී පේ‍්‍රක්ෂකයා තුළ ප‍්‍රබල උත්ප‍්‍රාසයක් මතු කරයි.



කොටට ලස්සනට අලුත් මෝස්තරේට ඇන්දාම හැඩට පේන නිසා ස්ටාර් තාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නට ගැලපෙනවායැ'යි කලින් කී සුපුන්ගේ අක්කාටම 'ජයන්ත සර්' මේ අධ්‍යාත්මික වැඩසටහන ඉදිරිපත් කරන්නට ආරාධනා කරයි. අවසන එහිදී ඔහු තම පුතා තරුවක් කිරීමේ සිහිනය පසුපස හඹාගොස් රටට ලෝකයට ණය වී හෙම්බත්ව සිටින සිරිවර්ධන පවුලට නිර්දේශ කරන්නේ ආගමක් වැනි හරවත් ආධ්‍යාත්මික මාර්ගයකටත් වඩා මෙරට මාධ්‍ය ආයතන විසින් උදේ හවස අති අවධාරණය කරන (විකුණනු ලබන) ඊනියා ධනාත්මක චින්තන අභ්‍යාසයක් ය. නාට්‍යය අවසන් වන්නේ, තම පවුල ගොඩ ගැනීමේ ඊළඟ විකල්පය මේ කියන ආධ්‍යාත්මික රියලැටිය ලෙස විශ්වාස කරන තරමට සිරිවර්ධන පවුල ධනවාදී මාධ්‍යයේ එකී තහවුරුව ද වැළඳ ගැනීමට සූදානම් වන තැනිනි.

නාට්‍යයේ යටි හුයෙහි ගමන් කරන තවත් වැදගත් චරිත දෙකක් වන්නේ සජිනි සහ ඇයගේ මවයි. සුපුන් පියානෝව ඉගෙන ගන්නේ සජිනිගේ මවගෙනි. ඇගේ නිවස අව්‍යාජ සංගීතමය අසපුවකි. සුපුනුත් සජිනිත් අතර අප‍්‍රකාශිත පේ‍්‍රමයක් දළුලමින් ඇති බව පේනනට තිබේ. මේ අදෘශ්‍යමාන චරිත දෙක විටින් විට පැමිණ නාට්‍යය එහි මතුපිට තලයේ සිට විවිධ අභ්‍යන්තරික අර්ථයන්ට රැගෙන යෑම සඳහා කවුළු සපය යි. විටෙක ඔවුන් මතුවන්නේ ලාංකීය තාරුණ්‍යය හා සිංහල මනස තුළ අනෙකා පිළිබඳ පවතින අතාර්කික විචාරයන්හි තරම පෙන්වා දෙන්නටය. විටක බටහිර සහ ඉංගීසි භාෂාවට එරෙහිව ඇති ඊනියා ජාතිකත්ව මානසිකත්වයේ හිස්බව පෙන්වා දෙයි. තවත් විටක මොවුන් දෙපළ සැබෑ සංගීතයේ හා සංස්කෘතියේ නියෝජනයන් ය.

සුපුන් ස්ටාර් තරගයට සූදානම් වන බොහෝ වේලාවට සජිනි මතක් කරයි. මේ තරගය නවතා නැවතත් පියානෝ පුහුණුවට යා යුතු බව කියයි. තවත් විටක සජිනි ඔහුගේ නිවසටත් මිත‍්‍රයින්ටත් දුරකථන ඇමතුම් ලබා දේ. අවසන ඇය ඔහු නමට ලිපියක් එවයි. සුපුන්ගේ මව ඒ ලිපිය දෙස අවධානය යොමු නොකරම පසෙකට තබයි. මන්ද යත් ඒ වනවිට ඇයගේ අවධානය යොමුව ඇත්තේ 'ආධ්‍යාත්මික රියැලිටිය' දෙස හෙවත් වාණිජ සංස්කෘතිය තුළින් මවා දුන් දෙය දෙස ය. පෙර කීවා සේ, සජිනි සහ ඇගේ මව නාට්‍යය පුරාවටම ප‍්‍රාග්ධනය මත දුවන එකී වාණිජ සංස්කෘතියත් සැබෑ (සම්භාව්‍ය හෝ ජනප‍්‍රිය) සංස්කෘතියක් අතර ඝට්ඨනය පෙන්වන ප‍්‍රබල රූපකයක් සේ මතුවේ. නොඑසේ නම් සැබෑ කලාවෙත් ප‍්‍රාග්ධනය කෝටි ගණන් යට කරමින් නිෂ්පාදනය කරන වෙළඳ කලාවෙත් පරතරය පෙන්වා දෙයි. සුපුන් තුළ සජිනිට ඇති ඇල්ම, ධනවාදයත් එකී යාන්ත‍්‍රණයටම හසු වූ තම පවුලේ අයගේත් මිත‍්‍රයින්ගේත් බලපෑම මගින් තමාව බලහත්කාරයෙන් ඈත් කර ඇති ඔහුගේ ආධ්‍යාත්මීය පියානෝවට හෙවත් සැබෑ කලාවට ඇති පේ‍්‍රමයේ රූපකයක් වන්නටත් බැරිද?

දෙවැන්න ධනවාදී දේශපාලනික සංස්කෘතිය යි. දේවල් පිළිබඳ හිතලු කිවීමෙන් එහා ගිය සැබෑ අවබෝධයක් ඒ තුළින් නොඉල්ලයි. රටේ වැදගත් පැරණි දේශපාලඥයින්ගේ නම් පමණක් දැන හිටියද කම් නැත. එසේ නොවුනා කියා ද ගැටළුවක් නැත. තම යාළුවාගේ සුපිරි සිහිනයෙන් ගොඩ යෑමට බැරි වූ සුපුන්ගේ මිත‍්‍රයාට ඊළඟට ගොඩයෑමට ඉතිරි වන්නේ වයඹ මැතිවරණයට වැඩ කිරීමට ය. රියැලිටි වැඩසටහනට යෑම සඳහා කුළියට ගෙන සුපුන් ඇතුළු පිරිස ගමන් කළ වාහනයෙන් හැප්පෙන්නේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඩ‍්‍රයිවර්ගේ පියා ය. එසේ හෙයින් සුපුන්ලාට ඉන් ගැලවෙන්නට අමාරු බව කියැවේ. දෙවැන්න ඔවුන් කුලියට ගත් වාහනය ප‍්‍රදේශයේ පොලිස් ප‍්‍රධානියකු හයර් එකට දාපු එකකි. රිය අනතුරින් පසු එහි වන්දිය ගන්නට සුපුන්ගේ නිවසට කඩා පනින්නේ උකුස්සාගේ කට්ටියයි. මෙය ලාංකීය ධනවාදී දේශපාලන සංස්කෘතියේ මුහුණක් නැති පාතාලමය ශරීර සංකේතයයි.

(මෙම ලිපිය මුල්වරට 2015 ජූනි 14 දින රාවය පුවත්පතේ පල විය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rajitha Disanayake, Siriwadhana Pawula Stage Play, Reality Shows on Media, Sri Lankan Drama, Sinhala Drama, Jayani Senanayake, Dayadeva Edirisinghe, Nadeeshani Peliarachchi, Shyam Fernando
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
අදහස්
කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ හරාකිරි ප්‍රචාරණ කලාව
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook