Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
බූන්දි, 00:07:17
ටෙලිෆ්‍රොම්ටරයක් නැතිව කතා නොපැවත්වීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද මින් මතු තරයේ සිතට ගත යුතු ය. අර්ථවත් කතාවක් කිරීමට තරම් බුහුටි චින්තකයෙකු අපේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයදී ජනපති පුටුවේ වාඩිවී නැති බව වර්තමාන ජනාධිපතිවරයා ද පසුගියදා රටට පෙන්වා දුන්නේය.

ජූලි දහහතර වැනිදා කතාවෙන් ජනාධිපතිවරයාටත් ඔහුගේ ඉදිරි වැඩපිළිවෙළටත් අත්වූ වාසිය කුමක්ද? ජනපතිවරයාගේ ආකර්ෂණය එමගින් වැඩි වූ බවක් කල්පනා කරන්නට පුළුවන්ද? ඒ මගින් අඩු තරමේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට අත්වූ වාසියක් තිබේද? එක්සත් ජාතික පක්ෂයට හා සෙසු පක්ෂ පැත්තකින් තිබියේවා, අඩු තරමේ නිදහස් පක්ෂයට අයත් පිරිස් අතරින් කී දෙනෙක් තම පිළට ගොඩදාගන්නට මේ කතාව තුළින් ජනාධිපතිවරයාට හැකියාව තිබුණේද? මාධ්‍ය රැස්කර කියන්නට තරම් අර්ථාන්විත සහ අවස්ථාවෝචිත යමක් ඒ කතාවේ තිබුණේද? උත්තරය නැත යන්නයි. එය ඒකමානීයව හිතන මහින්ද විරෝධියකුගේ සහ හිතුමතේ චූන්වන එක්සත් ජාතික පාක්ෂිකයකුගේ දෙදෙනෙකුගේ සරල ප‍්‍රමෝදයට පමණක් හේතු වූ කතාවක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි.

මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපක‍්‍රමික පිළිවෙළ කුමක් හෝ වන්නට පුළුවන. නමුත් මාධ්‍ය ඉදිරියට විත් තමා පක්ෂයේ පරාජය ප‍්‍රාර්ථනා කරන බව කීම නිදහස් පාක්ෂිකයින් තුළ පමණක් නොව සිතන්නට හැකි බහුතරය තුළ ඇතිකරන චිත‍්‍රය සුන්දර එකක් නොවේ. අනෙක් අතට තමන් පක්ෂයේ සභාපතිවරයා ව සිටියදී පක්ෂය තුළ සිදුවූවායැ’යි කියනු ලැබූ සෑම දෙයකින්ම වඩ වඩාත් ඉස්මතු කෙරුණේ ඔහුගේම දුර්වලතාවන් පිළිබඳ හැඟීම් ය. තමා මධ්‍යස්ථයැ’යි කියා දෙවැනිව පවසන වචනයෙන් ඒ මධ්‍යස්ථකම දියාරුකර හරින්නට තරම් ඒ කතාවේදී අඳබාල නොවිය යුතුව තිබුණි.

ජනපතිවරණයට ඉදිරිපත් වීමේදී ඉදිරිපත් කළ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තවදුරටත් යථාර්ථයක් කරන්නට ජනාධිපතිවරයාට අවංක උවමනාවක් ඇතිබව ඇත්තය. එකී වුවමනාව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා සිටින බව ද ඇත්තය. එසේ නමුත් ඒ වුවමනාව මෙතෙක් දුරට ඉටුකර ගත්තේ ද ජනාධිපතිවරයාගේ කැපවීම හා සූක්ෂ්මත්වය මත වන්නා සේම එය තවදුරටත් ඉටුකරගැනීම හෝ ඉටුකරගැනීමට නොහැකිවීම ද සම්පූර්ණයෙන් රඳා පවත්නේ ඒ මත ම ය.

සැබැවින්ම මේ තුළින් සිදු වූයේ කුමක්ද? එනම් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ දූෂිතයින් කණ්ඩායමට සටන්පාඨ ලබාදීම විතර ය. ජනාධිපති, පක්ෂයට විරුද්ධ යූඇන්පී හිතවාදී බටහිර ගැත්තෙකු බවත්, රට ජාතිය ඇත්තේ අනතුරක බවත්, එසේ හෙයින් රටේ අරාජිකත්වය නැතිකරන්නට මහින්ද රාජපක්ෂ ම නැවත බලයට ගෙන ආ යුතු බවටත් වන ඊනියා ප‍්‍රවාදයට හුස්ම පිඹීම පමණය.

මේ කතාවේ බොහෝතැන් එතුමාගේ කලින් ප‍්‍රකාශයන්ට සහ වැඩපිළිවෙළට පරස්පර වූ ඒවා වීය. තමන් මාධ්‍ය නිදහස ආරක්ෂා කළ බවත් මාධ්‍ය මර්ධනයට අදාළ කරුණු තමන් දහනමවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කළ බවත් එතුමා කීය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ පුවත්පත් මණ්ඩලයට යළි පණ දෙමින් එහි සාමාජිකයින් පත්කිරීම සම්බන්ධ කතාව වේදිකාවෙන් මැකී යන්නටත් කළින් දිනයකි. බලයට පත්වූ වහාම තමා පාර්ලිමේන්තුව නොවිසිරුවේ එක්සත් ජාතිකපක්ෂය බහුතර ආසන සංඛ්‍යාවකින් බලයට ඒම වැළැක්වීමට බව කලින් කී ඔහු මේ කතාවේදී කීවේ පාර්ලිමේන්තුව වහා විසුරුවන ලෙස ඔහු කීවද රනිල් ඇතුළු පිරිස ඊට නොකැමති වූ බවය. අවසන පාර්ලිමේන්තුව විසිරුවේ රනිල්ට විරුද්ධව දෝෂාභියෝගයක් එල්ල කරමින් නිදහස් පක්ෂය බලයට ඒමේ වෑයම වැළැක්වීමට බවයි.

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජනාධිපතිවරයාගේ සහාය නොලැබෙන බව ඔහු මාධ්‍ය විසින් අඬගසා නොකීවද ඕනෑම කෙනෙකුට ඒ තත්ත්වය පැහැදිලිව පේන්නට තිබුණි. පසු ගිය කාලය තුළ ජාතික රූපවාහිනිය ප‍්‍රමුඛ රාජ්‍ය මාධ්‍යයේ හැසිරීම දෙස වුවද බලන කල එය ප‍්‍රත්‍යක්ෂව දක්නට තිබුණි. එය මේ අයුරින් ප‍්‍රකාශ කිරීම තුළින් සිදුවූයේ තමන්ට හිතවාදී ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහාය ද ඔහුගෙන් ඈත්ව යෑමය. සෙසු පිරිස්වල උග්‍ර වෛරයට සහ සැකයට බඳුන්ව ජනාධිපතිවරයා තව තවත් හුදකලා වීම ය.

ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශයෙන් පසුදා උදෑසනම ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෂ්ඨ සාමාජිකයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මාධ්‍ය සාකච්ඡාවක් මගින් මේ කතාව දැඩිසේ ප‍්‍රතික්ෂේප කර තිබීම මීට හොඳ උදාහරණයකි. ඔහු මහින්ද රාජපක්ෂ පාලනය පිළිබඳ කලකිරී සිට වත්මන් ජනාධිපතිවරයා වෙත සමීප වූවෙක් මිස උග‍්‍ර මහින්දවාදියෙක් නොවන බව අමතක කළ යුතු නැත.

තවද මෛත්‍රී සමග සිටි එක් ඇමතිවරයකුත් නියෝජ්‍ය ඇමතිවරුන් තුන්දෙනෙකුත් මේ වනවිටත් මේ කතාවට විරෝධය පාමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත. එපමණක් නොවේ මේ පිළිබඳ සාකච්ඡා කරමින්, තම උපක‍්‍රම ප‍්‍රතිසකසන්නට මේ කතාව විසින් මහින්ද පාර්ශ්වය පොළඹවා තිබේ. වෙනදා නැති එකමුතුභාවයක් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු මෙතනදී පෙන්වමින් සිටිති. ඒ සමගම තවදුරටත් ජනාධිපතිවරයාට සහාය පළකරමින් සිටින මන්ත්‍රීවරුන් සුළු පිරිසට සිය මැතිවරණ කටයුතු සාර්ථකව කරගෙනයෑම අසීරු වෙමින් තිබේ. තවද අනුරාධපුරයේදී පැවති ‍පොදු පෙරමුණු රැළියට මේ පිරි‍සට ආරාධනා නොලැබුණු අතර එය එහි සංවිධාන කටයුතු දුමින්ද දිසානායකගෙන් ඈත්කර එච්. එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසට පවරා තිබුණි.

මෙවන් ක‍්‍රියාවන් මගින් ජනපතිධුරය හෑල්ලූවට ලක් නොකිරීමටත් තම මතවාදීමය ප‍්‍රතිවාදීන් වෙත අනවශ්‍ය සටන්පාඨ ලබා නොදීමටත් ජනාධිපතිවරයා සිතට ගත යුත්තේ එහෙයිනි. තමන් ප‍්‍රකාශ කරන දේවල් වල කොතරම් සත්‍යයක් තිබුණද, අනෙක් අතට මෙවැනි ක‍්‍රියාවලින් සමස්තයක් වශයෙන් රටට සහ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට වන හානිය පිළිබඳ තක්සේරුවක් ද ඔහුට තිබිය යුතුය. රටේ සාම්ප‍්‍රදායික පාක්ෂිකයාගේ සිතීමේ රටාව පිළිබඳ සංවේදීකමක් ද තිබිය යුතු ය. තමන්ගේ පෞද්ගලික ආත්මාභිමානය ද වර්ධනය කරගනිමින් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාට හැක්කේ එසේ ඒ සංවේදීකමත් උපක‍්‍රමශීලීත්වයත් ඇත්තේනම් පමණය.
වෙනත් සබැඳි |
Full Speech of Maithripala Sirisena [Ada Derana]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maithripala Sirisena, President of Sri Lanka, Mahinda Rajapaksa, Sri Lanka Freedom Party, United National Party, Ranil Wickramasinghe
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
අදහස්
කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ හරාකිරි ප්‍රචාරණ කලාව
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
සොෆී ෂෝල් කියයි.
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook