Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
තමන් ට අහිමි වූ තමාගේ ප්‍රතිබිම්බය- "මරණය නොමිලේ"
බූන්දි, 04:43:53
"Theatre is a mirror, a sharp reflection of society." : වේදිකාව සමාජයේ තියුණු ප්‍රතිබිම්බයක් පෙන්වන කැඩපතක් ලෙස හඳුන්වා දුන්නේ ප්‍රංශ ලේඛිකාවක් සහ තිර රචිකාවක් ලෙස ප්‍රසිද්ධ "යස්මිනා රේසා" විසිනි. අපි අපගේම ජිවිත ව්‍යාජ රංගනයක් බව හොඳාකාරයෙන්ම හඳුනාගත්ත ද එය අනෙකා නොදන්නවායයි සිතා නිර්ලජ්ජිතව අභිමානයෙන් හැසිරෙන්නෙමු. මෙය අප සමග බැඳෙන අනෙකාට ද ඒ ආකාරයෙන්ම අදාල වේ. එබැවින් අප තෝරාගෙන ඇත්තේ සැබවින්ම නරුමවාදී ජිවිත බව නැවත නැවතක් මතක් කරදීමට අපගේ ප්‍රතිබිම්බය දෙස වරින් වර බැලිය යුතුය. තවත් ආකාරයකින් එය ළදරු අවධියේදී තමා (මම) හඳුනා ගැනීම දර්පණයක ප්‍රතිබිම්බය හරහා සිදුවන දර්පන අවධිය (Mirror Stage) සිහි ගන්වන්නකි. ළදරුවෙකු පරිණත මිනිසෙකු බවට පත්වීමේදී භාෂාව හරහා සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් සමඟ තමා අනෙකා මඟින් එනම් භාෂාව මඟින් විස්තර කරගනිමින් පෞරුෂය(Personality) සංවර්ධනය කරගනී.

වේදිකාව මත ප්‍රතිබිම්බයේ යථා ස්වරූපය සාකච්ඡාවට ලක් කෙරෙන මහේෂ් එල්කුන්ච්වාර්ගේ "ප්‍රතිබිම්භය" (Reflection) නැමති වේදිකා නාට්‍යය, "මරණය නොමිලේ" ලෙස සිංහලට පරිවර්තනය කරන්නේ සත්‍යපාල ගල්කැටිය විසිනි. ඉන්දියානු නිදහස් සටනින් පසුව විසිවන සියවසේ මැද භාගයේ මහාරාෂ්ඨ කලා ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් බිහිවන මහාරාෂ්ඨ වේදිකා නාට්‍ය කරළියට නවක නාට්‍ය රචකයෙකු ලෙස මහේෂ් එල්කුන්ච්වාර් එන්නේ නාග්පුර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් විමත් සමගය. 1950-1960 කාලයෙන් පසුව ජනප්‍රිය නාට්‍යකරුවන් වූ විජේ තෙන්ඩුල්කාර්, පී. එල්. දෙශ්පාන්ඩෙ, සතිෂ් අලෙකර් සමඟ එක්වී මහේෂ් එල්කුන්ච්වාර් සාම්ප්‍රදායික ගීතමය නාට්‍ය, ඉතිහාස කථා, ගැමි නාට්‍ය වලින් ඔබ්බට ගිය පරේෂණාත්මක නුතන නාට්‍ය කලාව හඳුන්වා දෙයි. මෙම බලපෑම සමස්ත ඉන්දියානු නාට්‍ය කලාවට සහ ඉන් ඔබ්බට කාන්දු වන්නේ මෙම කලාකරුවන්ගේ නාට්‍ය වෙනත් භාෂා වලට පරිවර්තනය වීමත් සමඟය. මහේෂ් එල්කුන්ච්වාර් ලියන ලද නාට්‍ය පිටපත් ගණන විස්සක් පමණ වේ. මෙවා ඉන්දියානු භාෂා වලට පමණක් නොව ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා වලටද පරිවර්තනය කර ඇත.

"මරණය නොමිලේ" නාට්‍යයේ ඇති සමස්ත චරිත ගණන හතරකි. ප්‍රධාන චරිතය වන "ගුඩ්ඩා" සාමාන්‍ය අපට එදිනෙදා හමුවන, රැකියාවක නියුතු තරුණයෙකි. කතාවේ විකාශනය සිදු වන්නේ උදෑසන මුහුණ සේදීමට යාමේදී නාන කාමරයේ කන්නාඩියෙන් ඔහුගේ ප්‍රතිබිම්බය නොපෙනීම සම්බන්ධයෙනි. ගුඩ්ඩාගේ ප්‍රතිබිම්බය අතුරුදහන් වී ඇති බව දෙවනුව දැන ගන්නේ ඔහුගේ නවාතැනේ හිමි කාරියයි. ගෙහිමි කාන්තාවට ගුඩ්ඩාගේ ප්‍රතිබිම්බය අතුරුදහන් වීම තවත් එක මුදල් හම්බ කල හැකි සිද්ධියක් ලෙස පෙනේ. නමුත් ගුඩ්ඩාට එය ක්ෂතිමය අත්දැකීමක් ලෙස දැනේ. ඔහුට එය තමාගේ රැකියාව, හිත මිතුරන් වාහන බලපත්‍රය ආදී සියල්ල නැති වී යාහැකි අනතුරක් ලෙස හැඟීයයි. මෙම පරස්පර අදහස් ඔවුනොවුන් අතර හුවමාරු වීමේදී ඔවුනොවුන් එකිනෙකාගේ සිත් තුලට ඇතුළු වෙමින් සංවාදය ඉදිරියට ඇදී ගෙන යයි.

මේ අතර පවතින සමාජ ක්‍රමය පිළිබඳ විවේචනයක් සහිතව එය වෙනස් විය යුතු බවට අදහස් කරන තවත් මිනිසෙකු ඔවුන්ගේ සංවාදයට එක් වෙයි. ඔහු "කොඩි" නම් වේ. ඔහුගේ අදහසට අනුව තරුණයාට ප්‍රතිබිම්භය අහිමි වීම ක්ෂතිමය අත්දැකීමක් නොවේ, නගරයේ 99% කගේම ප්‍රතිබිම්භ කාලයක පටන් අතුරුදහන් වී ඇති බව ඔහු හෙළි කරයි. ගෙහිමි කාන්තාව සහ තරුණයාගේ පෙරැත්තය මත කොඩි කන්නාඩියෙන් මුහුණ බලන විට ඔහුගේ ප්‍රතිබිම්බය ද අතුරුදහන් වී ඒ වෙනුවට කුකුලෙකුගේ රුපයක් දැකීමෙන් මහත් අපහසුතාවයට පත් වේ. මේ අතරවාරයේ ඔවුන්ගේ සංවාදයට එක් වන්නේ "ගුඩ්ඩා"ගේ රැකියා ස්ථානයේ සේවය කරන තරුණියකි. ඇය "Broom Stick" නම් වේ. Broom Stick ඔවුන් සිටි ගොඩනැගිල්ලේ පස් වන මහළින් බිමට පැන සියදිවි හානි කර ගනී. නමුත් පුදුමයට කරුණ නම් ඇයගේ මළ සිරුරේ ලේ පැල්ලමක්වත් පතිත වූ මාර්ගයේ නොමැති වීමයි. දක්නට ලැබෙන්නේ කළු පැහැති තෙල් වැනි දියරයක් පමණි.

"මරණය නොමිලේ" නාට්‍ය වැදගත් වන්නේ පශ්චාත් නූතන සමාජයේ අනන්‍යතා අර්බුදය සාකච්ඡාවට ලක් කිරීම හේතුවෙනි. "ගුඩ්ඩා" ගේ ප්‍රතිබිම්බය අතුරුදහන් වී ඇති බව දන ගැනීමත් සමඟ ඔහු කලබලයට පත් වන්නේ ද, ගෙහිමි කාන්තාව එය අසන්නේ ද, එම අත්දැකීමට මුහුණදුන් මිහිමත සිටින එකම සත්ත්වයා "ගුඩ්ඩා" ලෙස සිතා ගෙනය. ඔහු නිරුපණය කරන සාමාන්‍ය මිනිසාගේ චරිතය තම ප්‍රතිබිම්බය අතුරුදහන් වී ඇති බව හඳුනා ගැනීම වාසනාවන්තය. ශෝචනීය කරුණනම් ප්‍රතිබිම්බ අහිමි 99% වූ මිනිසුන් තම ප්‍රතිබිම්බ අහිමිවීම පිළිබඳවත් නොදැන සිටීමය. කොඩි ගේ මෙම විග්‍රහ ආර්ථිකය මත පදනම්ව ප්‍රකාශ කරන ලද්දක් බව හැඟී යයි. කොඩි තම ප්‍රතිබිම්බය වෙනස් එකක් බව හඳුනා ගන්නේ ද තරුණයා සමඟ සංවාදයත් සමඟය. ඔහු සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරන ප්‍රගතිශීලි මිනිසෙකු ලෙස නඩත්තු කරගත් ප්‍රතිබිම්බය ඔහුට නොපෙනීම සහ ඒ වෙනුවට කුකුලෙකුගේ ප්‍රතිබිම්බයක් පෙනීම ඔහුගේ ලජ්ජාවට හේතු වේ. කාන්තාව "ඒක ශිව ලිංගය වගේ" යනුවෙන් පැවසීම ඔහුගේ සඟවා ගත් ආත්මය නිර්වත්‍ර කිරීමක් බඳුය. පිරිමියෙකුගේ අවිඥානය තුළ සැඟවුණු සළෙලු ස්වභාවය ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟ හෙළිදරව් කිරීමක් සිදු වේ. මෙය කෙනෙකු පලා යාමට හෝ ප්‍රචණ්ඩ හැසිරීමකට හේතු විය හැකිය. "ගුඩ්ඩා" ඔහුගේ ප්‍රතිබිම්බය කුකුලෙකු සේ දැකීම ද යම් තාක් දුරකට මෙයට සළෙලු ස්වාහාවය තහවුරු කරන්නක් බඳුය.

අද අපට හමුවන්නේ සත්‍යය හෝ යුක්තිය කුමක්දැයි හඳුනා ගත්තද, ඒ වෙනුවෙන් පෙනී සිටින හෝ නොදන්නා බව හඟවන නරුමවාදී (cynical) සමාජයකි. එදිනෙදා ජීවිකාව සම්පුර්ණ කරන අඩක් කුස ගින්නේ සිටින මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිබිම්බය නොමැති බව වත් නොදනී; මෙය නිරුපණය කරන්නේ අපගේ ජිවන රටාවම නොවේයැයි කිසිවෙකුට කිව හැකිද? Broom Stick ලෙස හඳුන්වන තරුණිය නරුමවාදයේ සංකේතයක් වන්නේ ඇය තමන්ගේ ප්‍රතිබිම්බය නොමැති බව දැන දැනත් එය නොදන්නවා සේ ජිවත් වීම සහ "ගුඩ්ඩා"ගේ ප්‍රතිබිම්බය අතුරුදහන් වී ඇති බව ඇය දැන සිටියත් ඒ බව "ගුඩ්ඩා"ට නොපැවසීමය. ගෙහිමි කාන්තාව සැබවින්ම මෙම සමාජ ක්‍රමයේ ශෝකාන්තය නිරුපණය කරයි. ඇයට පමණක් තම ප්‍රතිබිම්බය දර්පනයෙන් බලාගත හැකිය. මෙම නාට්‍යයේ එන අනෙකුත් චරිත තුනම සත්‍යාවබෝධය (realization) නම් අවස්ථාවට කිනම් හෝ අවස්ථාවක පැමිණේ. නමුත් ඇය එම අවස්ථාවෙන් බොහෝ දුරකය. ඇයගේ ප්‍රතිබිම්බයේ පැවැත්ම ඇත්තේ ඇය නොපවතින බැවින්ය. ඇයගේ ප්‍රතිබිම්බයට පැවැත්ම ඇත්තේ අනෙකාගේ ආශාව තුළ ඇය පැවතීම හේතුවෙන්ය. එසේ නොමැති නම් ඇය තමාගේ ප්‍රතිබිම්බය ලෙස දකින්නේ තමා අනෙකාගෙන් දැකිය යුතු යයි සිතන ප්‍රතිබිම්බයයි.

මහේෂ් අල්කුන්ච්වාර්ගේ නාට්‍යමය ප්‍රවේශය ඉතා විශිෂ්ඨ වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා මුදල් මත පදනම් වූ පන්ති ක්‍රමය පමණක් නොව දැනුම මත පදනම් වූ පංති ක්‍රමය ද පරාජය කල යුතු බව ප්‍රකාශ කරන බැවිනි. දැනුම වැදගත් වන්නේ මිනිසුන්ගේ සිතුවිලි විශ්ලේෂණය කිරීම සඳහාය. මිනිසුන්ගේ සිතැඟි හඳුනා නොගෙන කරන විප්ලවයක් මෙම යුගය තුළ සාර්ථක නොවේ යන්න මොහුගේ පණිවිඩයයි. කොඩි නම් චරිතය තරුණයා සම්ච්ච්චලයට ලක් කරන්නේ මුදල් ලැබීම සම්බන්ධයෙන් ඔහු මධ්‍යම පාන්තිකයෙකු වන බැවිනි. ප්‍රතිබිම්බ අහිමි පුද්ගලයන් හා සැසඳීමේදී තරුණයා මෙන්ම අඩු අදායම් ලාභී ප්‍රතිබිම්බ රේඛාවෙන් පහළ ජිවත් වන සියල්ලම අයිති වන්නේ එකම පන්තියකට බව කොඩිට අමතක වන්නේදැයි සැකයක් මතුවේ. එකිනෙකාට තනි තනියෙන් කල හැකි වෙනස් කිරීම් ඉතා අල්පය. සමාජයක් ලෙස දැනුමෙන් සන්නද්ධ වී සටන් කිරීමෙන් පමණක් සාර්ථක විය හැකිය. කෙසේ නමුත් මෙහි එන චරිත හතරම සත්‍යය හඳුනාගැනීම යන සංකල්පය සැලකු විට ඉතා දුර්වල බව හැඟී යයි. එය නාට්‍ය කරුවා සබුද්ධික ප්‍රේක්ෂකයාට එම චරිත වල හැසිරීමට ඔබ්බෙන් සිතිය යුතුය යන ආදර්ශය ලබා දෙයි. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන පොදු ශෝචනීය ලක්ෂණය නම් තම තමන්ගේ විනෝදය සොයා යාම තුල අතරමං වන අප හට එක්ව යමක් කල නොහැකි වීමය. මෙම නාට්‍ය තුළ ද මෙය හොඳින් ඉස්මතු වේ. අවම වශයෙන් තරුණයා සහ තරුණිය වත් එක් අරමුණක් සඳහා පොදු එකඟතාවයකට නොපැමිණේ. මෙවැනි මිනිසුන් සිටින සමාජයක විප්ලවය යනු සිහිනයක් පමණක් වනු ඇත.

අද දින "යථාර්ථය" යනු කුමක්දැයි ප්‍රශ්න කල යුතුය. එක අතකින් එකිනෙකාගේ සිත් වලට ඇතුළු වෙමින් ඔවුන් සැබෑවට සිදු වී ඇති දෙය හෙවත් යථාර්ථය කුමක් දැයි සොයා ගැනීමට උත්සාහ දරයි. නමුත් යථාර්ථය සෙවීමේ අරමුණින් සමස්තය කුඩා කොටස් වලට විච්ඡේදනය කිරීම කොතරම් ප්‍රයෝගිකදැයි යන ගැටලුවත් සමඟය. මිනිස් සිරුරක සැබෑ යාන්ත්‍රණය සෙවීමට එය අවයව පද්ධති වලටත් පසුව පටක, සෛල බවටත් පත් කල හැකිය. සෛල තවදුරටත් සංකීර්ණ සහ සරල අණු වලට වෙන් කොට පරමාණු සහ උප පරමාණුක අංශු වලටද බෙදා වෙන් කල පසු එහි ජීවයක් නොපවතී. යථාර්ථය සෙවීමේදී ඇතිවන ගැටළුව ද එයමය. සිතුවිලි එකිනෙකින් වෙන් කරගෙන යාමේදී අවසානයේ සොයාගත හැකි දෙයක් නැත. යථාර්ථය සොයාගෙන යාම ගැටළුවක් වන සේම යථාර්ථය පවතී ද යන්න ද අවසානයේදි ගැටළුවක් වේ. එසේ වන්නේ භාෂාව තුළ යථාර්ථය හමු නොවන බැවිනි. එසේත් නොමැතිනම් වචන වලට පරිවර්තනය කල නොහැකි දේ යථාර්ථය ලෙස පවතින බැවිනි.

තරුණිය ගුඩ්ඩාගේ සිතට ඇතුළු වූ පසු එහි අඳුර මිස වෙන කිසිවක් නොදකී. එය ඔහුගේ අභ්‍යන්තරික බිඳ වැටීමය; එසේත් නොමැතිනම් හිස් බවය. දියේ පාවෙන අයිස් කන්දක් බඳු මනසේ සවිඥානය ඉතා කුඩා වපසරියක් නම් එහි ජලයේ ගිලී පවතින කොටස තරම් අවිඥානය විශාල වේ. මිනිසුන්ගේ කතිකා තුළ නිරන්තරයෙන් අනවරතව අවිඥානික සහ සවිඥානික සිතුවිලි අතර දෝලනයක් සිදු වෙමින් ඉදිරියට ඇදී යයි. නමුත් මෙම මෝබියස් සම්බන්ධය සාමාන්‍ය එනම් එදිනෙදා සිදුවන කතිකාවක සිදුවන්නේ ද අවිඥානිකවය. මෙම නාට්‍යය තුළ ඇති සුවිශේෂම කාරණය වන්නේ මෙම අවිඥානික සහ සවිඥානික අනවරත සම්බන්ධය ඡේදනය කර ප්‍රේක්ෂකයාට එය තේරුම් ගැනීමට හැරීමයි. මේ සඳහා යොදා ගත් නාට්‍යමය උපක්‍රමය වන්නේ සවිඥානික සංවාදය සිදුවන්නේ එකිනෙකා කාමරයට දොරෙන් ඇතුළු වූ විටය. අවිඥානික හැසිරීම ඉස්මතු වන්නේ ඔවුන් ජනේලයෙන් ඇතුළු වූ පසුවය. ඒ අනුව ජනේලයෙන් ඇතුළු වීම යටි හිතට ඇතුළු වීම ලෙස මෙම සන්දර්හය තුළ පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයාට කරන සාධාරණයක් වන්නේ එය සරල වීම අවබෝධ කරගැනීමට ඇති පහසුව නිසාය.

Facebook හෝ Twitter වල ව්‍යාජ නම් ගම් වලින්, ඡායාරූප වලින් පෙනී සිටීම ද අනන්‍යතා අර්බුදයට එක් උදාහරණයකි. පශ්චාත් නුතන වෙළඳපොල ආර්ථිකය කේන්ද්‍ර කරගත් දෘෂ්ඨිවාදය (ideology) විසින් මෙහෙයවනු ලබන සමාජයක ජිවත් වන මිනිසුන්හට තමා හඳුනා ගැනීමට සිදු වන්නේ ද මෙම සංකීර්ණත්වය සහිතවමය. එබැවින් තමා ලෙස කෙනෙකු හඳුනා ගන්නේ තමා නොව අනෙකාය. සයිබර් අවකාශය තුළ සැරිසරන තරුණ තරුණියන් පමණක් නොව බොහෝ දෙනෙකුගේම අනන්‍යතාවය පාරා වළල්ලක් සේ ඔවුනටම ගැටළුවක් වන්නේ අනෙකා විසින් යම් අවස්ථාවක ඔවුන් ප්‍රශ්ණ කරන විටය. ව්‍යාජ අනන්‍යතාවය අප පවත්වා ගන්නේ අනෙකා වෙනුවෙනි, මෙය එකිනෙකාට සත්‍ය වන විට අනෙකාගේ යථා ස්වරූපය ද අතාත්වික (virtual real) වන්නේය. මෙවැනි පසු බිමක් තුළ අනෙකාගේ පැවත්මද ව්‍යාජ එකකි. යථාර්ථය ලෙස දකින දෙය ද අතාත්වික වන බව දැන ගැනීමත් සමඟම තමාගේ ප්‍රතිරූපය මෙන්ම අනෙකාගේ පැවැත්මද ගැටළුවක් වන්නේය. යථාර්ථය යනු කුමක්දැයි විස්තර කර ගත නොහැකි පසුබිමක් සකස් වන්නේද යථාර්ථයේ ස්වරූපය නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙනි. එබැවින් යථාර්ථයට වඩාත් සමීප අත්දැකීම වන්නේ මරණයයි. මෙම තත්වය තුල යථාර්ථය සොයන මිනිසුන් හට මරණය හැර වෙනත් කිසිවක් උරුම වන්නේ නැත. මහේෂ් අල්කුන්ච්වර් මෙය නාට්‍ය ආකෘතියකට ආදේශ කිරීම අද දින සැබවින්ම ප්‍රතිබිම්බ අහිමි වූ 99%ක් දෙනාගේ සිතුවිලි උඩු යටිකුරු කිරීමකි. සැබවින්ම අනෙකා විසින් ගොඩ නංවන සංකේතීය පරාමිතීන් ව්‍යාකුල වූ විට, එනම් තම ප්‍රතිබිම්බය අහිමි බව දැන ගන්නා දිනයට බොහෝ දෙනෙකු ඉහළ මහල් වලින් බිමට පැන සිය දිවි නසා ගන්නවා ඇත. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වන අපට මෙවැනි කලාකෘති සියගණනක අඩුපාඩුවක් පවතීන්නේ දැනුම පිළිබඳ ගැටලුව හේතුවෙන්මය.

චිත්‍රපටයක මෙවැනි සංකීර්ණ මානසික තත්ත්වයන් මෙන්ම හැසිරීම් පිළිබඳ දැනුම ප්‍රේක්ෂකයාට ප්‍රේරණය කිරම තරමක පහසු කටයුත්තකි. ජනප්‍රිය හොලිවුඩ් නිර්මාණ වන "Psycho", "Sunglasses", "Basic Instincts" වැනි චිත්‍රපට වල මෙය දක්නට ලැබේ. චිත්‍රපටියක සිය දහස් ගණනක් පසුතල මොහොතින් මොහොත වෙනස් වේ, මේ සියළු පසුතල එහි චරිත වල විසින් ප්‍රේක්ෂකයා ගොඩ නඟා ගන්නා චිත්තරූප හා සම්බන්ධ වෙමින් බහුවිධ අර්ථ සපයයි. එය චිත්‍රපටයක දෙබස් වලින් තොරව කතාව ගොඩ නැඟීමට මහත් රුකුලක් සපයයි. නමුත් වේදිකා නාට්‍යක පසුතල සිමාසහිතය. මෙය එහි ශිල්පීන්ට මහත් අභියෝගයකි. නාට්‍ය සාර්ථක වීමට නම් එහි එන දෙබස් වල ප්‍රාණවත් බව ඉතා වැදගත්ය. සිනමා පටයක රූපරාමුවක් නැවත නැවතත් සංස්කරණය කළ හැකිය. නමුත් වේදිකා නාට්‍යක සංස්කරණය තහනම් වචනයකි. සියල්ල සජීවීව කළ යුතු වීම නිසාම වේදිකා නාට්‍ය කලාව තවමත් ඉතා ඉහළ පිළිගැනීමට ලක් වූ මාධ්‍යකි. සමාජයේ භෛෟතික වෙනස් වීම් හෝ මිනිසුන්ගේ භෛෟතික අන්තර් සම්බන්ධතා කලා කෘතියකින් ඉදිරිපත් කිරීම තරමක පහසු කටයුත්තකි. නමුත් අද සමාජයේ මිනිසුන්ගේ භෛෟතික හැසිරීම් සහ අනෙකා සමඟ අන්තර්ක්‍රියා වලට හේතුවන මානසික ස්වභාවය වේදිකාව මත විශ්ලේෂණය කීරම සැබවින්ම අභියෝගයකි. මෙම කටයුත්ත පහසු කර ගැනීම සඳහා ඔහුගේ උපක්‍රම ඉතා සිත්ගන්න සුළුය. චරිත එකිනෙකාගේ යටි සිත හෙවත් අවිඥානය ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය වූ විට ජනේලයෙන් ඇතුළු වීමත්, සවිඥානය ආමන්ත්‍රණ කිරීමට දොරෙන් පැමිණීමත් ප්‍රේක්ෂකයා සංකීර්ණ සන්දර්හයක අතරමං නොකර සරල ලෙස අවබෝධ කර ගැනීමට අවස්ථාව සලස්වා නාට්‍යය සමඟ ඇද බැඳ තබා ගැනීමට ගත් සාර්ථක උත්සාහයක් බව පෙනේ. එසේම සමස්ථ කතාව ඉදිරිපත් කිරීම සඳහා නළු නිළියන් හතර දෙනෙකු පමණක් යොදා ගැනීමද ප්‍රේක්ෂකයාට කල සාධාරණයක් ලෙස හැඳින්විය හැකිය. එමඟින් චරිත අතර පවතින අන්තර් සම්බන්ධතාවය අඩු වී අවබෝධ කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරදෙයි. එසේම සියල්ල ව්‍යාපාර වූ විට විටෙක ලාභ නොලබන කොපමණ උසස් කලා කෘතියක් වුවද දිගු කාලීනව නඩත්තු කල නොහැකිය. සීමිත සාමාජිකයින් ගණනක් සිටින නාට්‍ය කණ්ඩායමක් සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම වීම තුල එහි නිෂ්පාදන කටයුත්ත ප්‍රයෝගික යථාර්තයක් කර ගැනීම පහසුය.

සියල්ල වෙළඳපල මත තීරණය කරනු ලබන සමාජයක සැබවින්ම මරණයටද වටිනාකමක් ඇත. නමුත් එය ඛේදජනකය. එම වටිනාකමේ වාසිය ලැබෙන්නේ මරණයට ලක්වන පුද්ගලයාට හෝ සමීප පුද්ගලයන්ට නොව වෙළඳ භාණ්ඩයක් කරගත් මල්ශාලා හිමියන් ආදී ව්‍යාපාරිකයන්ටය. දිරා යන මළ සිරුර වෙළඳ භාණ්ඩයක් බවට පත් වී ඇත්තේද තත්කාලීන දෘෂ්ඨිවාදය (ideology) තුළය. එවැනි සමාජයක ජිවත් වන මිනිසෙකුගේ මරණයට සෑහෙන මිලක් තිබේ. එම මිල ගෙවිය යුත්තේ මරණයට පත්වන පුද්ගලයාගේ සමීපතමයන් විසිනි. සමාජය පිළිබඳ කලකිරීමට සියදිවි හානි කරගන්නා පුද්ගලයෙකු හැර අනෙක් සෑම සාමාන්‍ය පුද්ගලයෙකුටම තම මරණයේ වෙළඳපලට ගෙවිය යුතු මුදල පිළිබද කනස්සල්ලක් පවතී. සියලු මිනිස් අගයන් රුපියල් ශත වලින් නියම කරන පශ්චාත් නුතන සමාජ යාන්ත්‍රණය පැහැදිලි කීරීම උදෙසා ලැකානියානු සිද්ධාන්ත වල මෙහෙය මිල කල නොහැකිය. නමුත් තම සායනයට පැමිණෙන රෝගියාගේ පොකට්ටුව හිරිකිතයකින් තොරව හිස් කර උපයාගත් මහා ධනස්කන්ධය තහවුරු කරන්නේ ඔහු ද ප්‍රතිබිම්බය අහිමි වූ තවත් එක් පුද්ගලයෙකු බවයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Yasmina Reza, Mahesh Elkunchwar, Indian playwright, Maranaya Nomile, Sathyapala Galkatiya, Jacques Lacan, Psychoanalyst
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජානක ගුණතිලකගෙන් තවත් වියමන්
පොත්
හකාවතී ලංකාවට
තවත් රංග බූන්දි
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
වෙසෙස්| සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

3-Mins

(සංඛ කිරිඳිවැල) සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින්... [More]
BoondiLets| ෆෙඩ්රික් නීට්ෂේ කියයි.
(සඳකාන්ත) රකුසන් හා යුද වදින්නන්, එ් කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය. අැති පමණ කල් අාගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අාගාධය ද පෙරළා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!

2-Mins

අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං...... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook