Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
කියවිය යුතු සැබෑ ඉතිහාසයක්- ඔබ නැතිව ඔබ එක්ක
බූන්දි, 04:34:46
වසර තිහකට වඩා කාලයක් ගෙන ගිය උතුරේ සන්නද්ධ අරගලය සිය නායකයන් සමග සමූලඝාතනයට ලක්වීමෙන් අනතුරුව පීඩනයට පත් සමාජයන්ට උරුම වූවේ විඳවීම්, පසුතැවීම් සහ බලාපොරොත්තූන් පමණද? දේශය මුදාගැනීමේ යුද්ධයේ නාමයෙන් අවතැන් වූ, පීඩනයට පත් වූ ජනයාට මංකොල්ලකෑම්, පැහැරගැනීම්, මරාදැමීම්, අතුරුදන්වීම්, ලුහුබැඳ අත්අඩංගුවට ගැනීම් හැර සාමාන්‍ය ජන ජීවිතයක් ලැබුණාද? නන්දිකඩාල් කලපුවේ අවසන් සටන මෙහෙය වීමට පාලක පන්තියට ලැබුණු ආශිර්වාදයන් බොහෝය.

බෞද්ධාගමික හිමිවරු, ධනපති ව්‍යාපාරිකයෝ, දේශහිතෛශී දේශපාලකයෝ, සුපිරිසිදු හෙළයෝ පමණක් නොව වාමාංශික දේශපාලන පක්ෂ නියමුවෝ ද යුද්ධය පිළිබඳ අනුශාසනා, දිරිගැන්වීම් කළහ. එහිදී 'උන්ට ගහන්න' යැයි යෝජනා කළ වාමාංශික නායකයෝ වූහ. එවිට 'ලබ්බෙන්ද ගහන්නේ' යැයි විමසූ ධනපති නායකයාට 'තියෙන ලබ්බෙන් ගහන්න ඊට පස්සේ ඕන තරම් ලබ්බවල් එයි' යනුවෙන් ඒ වමේ නායකයා විසින් පිළිතුරු දෙන ලදී. මෙවන් වූ අනුහස්, ආශිර්වාද මධ්‍යයේ යාපනය, කිලිනොච්චි, මුලතිව් සිට නන්දිකඩාල් දක්වා වූ අවසන් යුද මෙහෙයුමේ දී ශ්‍රී ලාංකේය දකුණේ ජනයා භීතියෙන්, ත්‍රාසයෙන්, ප්‍රීතියෙන් මුසපත් කිරීමට සොල්දාදුවා මහත් පරිශ්‍රමයක් දැරීය.



දකුණේ ජනයා පත්තර පිටු අතර, රූපවාහිනී තිරය මත යුද්ධය අත්වින්දේ යුද පිටියේ සිටිනා සොල්දාදුවාගේ මනෝභාවයෙනි. ප්‍රතිවාදියා මතට හෙලන ෂෙල් වෙඩි ප්‍රමාණය, මියයන ප්‍රතිවාදීන් සංඛ්‍යාව, ඝාතනයට ලක්වූ ප්‍රතිවාදීන්ගේ (දකුණේ වචනය 'ත්‍රස්තවාදීන්') මළ සිරුරු රූපවාහිනී තිරය මත සජීවීව දැක ගැනීමේ දොළක්, පිපාසාවක් මේ දකුණේ ජනතාව අතර ඇතිකිරීමේ තරඟයක් රූපවාහිනී නාළිකා අතර ද නොඅඩුව දැකගැනීමට ලැබුණි. ප්‍රතිවාදියාට පහරදෙමින් මරා දමන යුද ප්‍රවෘත්ති සහ යුද සටන් දර්ශන ජයඝෝෂා නඟමින් මහත් උද්යෝගයෙන් නැරඹූ දකුණේ ප්‍රේක්ෂකයා නිවෙස් තුළ රාජකාරී වටාපිටාව තුළ හැසිරුනේ මහත් අභිමානයෙනි. අවසානයේ ඒ ජයග්‍රහණය සැමරුවේ රතිඤ්ඤ කන්ටේනර් පිටින් පුළුස්සා, හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කල්දේරම් පිටින් පිසිමින්, දන්සල් දෙමින්, රබන් ගසමින් ය. මේ වටාපිටාව තුළ සොල්දාදුවා යනු වීරයෙකි. සුරුවමක් සේ ඇදහිය යුතු මුර දේවතාවෙකි.

'ඔබ නැතිව ඔබ එක්ක' සිනමා නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණපොවන්නේ ද සොල්දාදුවෙකි. ඔහු හමුදා සේවයෙන් ඉල්ලා අස්වූ සොල්දාදුවෙකි. කඳුකර පළාතක ව්‍යාපාරයක් කරමින් තනිකඩව සිටිනා සොල්දාදුවෙකි. පසුගිය සිංහල දෙමළ යුද්ධයේදී උතුරු ප්‍රදේශයේ හමුදා ක්‍රියාන්විතයේ සිිටි සොල්දාදුවෙකි. රත්‍රං බඩු උගස් ගන්නා ව්‍යාපාරයක් කරන හිටපු නිළ යුද සොල්දාදුවෙකි. සිය දෛනික ව්‍යාපාරික කටයුතුවලින් පසු රූපවාහිනිය ඉදිරියේ දැහැනට සමවැදුනාසේ Wrestling Games නරඹන හමුදා සොල්දාදුවෙකි, තරුණයෙකි. ගෝත්‍රික භූමියෙන් ඇරීනාවටත් ඇරීනාවෙන් වඩාත් දියුණු සටන් වලල්ල දක්වාත් විකාශය වූ Wrestling නොහොත් මල්ලව පොර විටෙක ත්‍රාසය උපදවයි. විටෙක ඇඟ කිලිපොලා යන භීතියත් තවත් විටෙක නරඹන්නාට ඉල ඇදෙන සිනහව ගෙන්වන උපහාසයත් උපදවයි.

ශක්තිවන්තයා, බලවන්තයා, වරප්‍රසාදලාභියා ජයගෙන ප්‍රතිවාදියා මිය යන තෙක් සටන් කරන මේ මල්ලව පොර තුළ අද ද අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය, වනචාරී ගෝත්‍රිකත්වය අනූනය. නමුත් ඊටම අනන්‍ය වූ නීතියක් සහ රීතියක්ද ඇත. Wrestling වළල්ල තුළ දරුණු අන්දමින් එකිනෙකා මරාගන්නා සටන්කරුවන් එකෙකු උස්සා පොළොවේ ගසයි. වළල්ල වටකොට ඇති ලණුවේ නැත්නම් කණුවක නැඟ උඩු ගුවනේ සිට බිම වැටී සිටිනා ප්‍රතිවාදියා මතට පතිත වේ. වළල්ල වටා සිටින ප්‍රේක්ෂකයෝ ජයඝෝෂා නඟති. ඔල්වරසන් දෙති. උද්දාමයෙන් පිනා යති. ඉන් ඔද වඩන සටන්කරුවන් නව ජවයකින් නැවතත් සටන් කරති. ඇතැම් විට විනිශ්චයකරුගේ විරෝධය මැද උදව්කරුවෝද නීති විරෝධීව වළල්ලට පනිති. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට එක්ව පහර දෙති. ප්‍රතිවාදියාව වළල්ලේ සීමාවෙන් පිට ප්‍රේක්ෂාගාරය වෙත උස්සා විසිකරයි. ප්‍රේක්ෂාගාරය තුළ එකිනෙකාගේ සටන් කිරීමත් නැවත ප්‍රේක්ෂාගාරයෙන් උස්සා වළල්ල තුළට විසිකිරීමත් සිදු වේ. එවිට ප්‍රේක්ෂකයන්ගේ උද්යෝගය, උද්දාමය වඩ වඩා තිව්‍ර වීමත් ඔල්වරසන් හඬ දෙගුණ තෙගුණ වීමත් සිදු වේ. මෙය රූපවාහිනී තිරය මතින් නරඹන්නෝ ද විශේෂ ආශ්වාදයක් ලබන්නේ තමන් ආශා කරන ත්‍රාසජනක සටන් අවස්ථාව වඩ වඩාත් තීව්‍ර කරමින් නැවත නැවත රූපවාහිනී තිරය මත නැරඹීමෙනි. මේ සටන් සිදු වන්නේ පිටපතකට අනුවය. ඒ නිසාම මෙය රංගනයකි. පිටපත නිර්මාණය වන්නේ මේ සඳහා මුදල් ආයෝජනය කරන්නන්ගේ සිතැඟියාව අනුවය. යුද සමයේ දකුණේ ජනයා විඳි ආශ්වාදයත් මෙයමයි.

'ඔබ නැතිව ඔබ එක්ක' සිනමාපටයේ තරුණයා හමුදා සේවයෙන් ඉල්ලා අස්වූව ද ඔහුගේ මනස ක්‍රියාකරන්නේ සහ ඔහුගේ මනෝභාවය ක්‍රියාත්මක වන්නේ ප්‍රතිවාදියාට පහර පිට පහර දෙන සටන් ක්‍රීඩාවන් සමඟය. කාන්තාවන්, තරුණියන් දූෂණය කරන, දූෂණය කර මරාදමන හමුදා ක්‍රියාන්විතය පිළිබඳ සහ එම යුද අපරාධයන්ගෙන් ඉතා ලෙහෙසියෙන් ගැලවීම, අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීම, පසුකාලයේ ඒ පිළිිබඳ ඇති වන කලකිරීම සහ ඒ හේතුවෙන් සේවයෙන් ඉවත් වීමත් නමුත්, ඔහුට හමුදා සෙබලා යන මනෝභාවයෙන් ඈත් වීමට ඇති අපහසුවත් සිනමා පටයේ සාකච්ඡා කරයි. පශ්චාත් යුද සමයේ ලංකාවේ සිටින යුද සෙබලුන් සහ නිළධාරීන් බොහොමයක් මානසික ලෙඩුන්ය. එය යුද්ධයේ ප්‍රතිවාදියාට සහ ඇතැම් සාමාන්‍ය වැසියාටද එසේමය. එහෙයින් යුද සෙබළා පමණක් නොව ප්‍රතිවාදියාවද පුනරුත්ථාපනය කිරීමක් සිදුවේ. පුනරුත්ථාපනය යනු සොල්දාදුවාගේ අභිමානයට කැලලකි. ඒහෙයින්, ප්‍ර්‍රතිවාදියා නොහොත් ත්‍රස්තවාදියා පමණක් පුනරුත්ථාපනය කළ යුතුයි යන්න මෙරට ස්වභාවය වුවත් පුනරුත්ථාපනය යුද්ධයක් සිදුවන ඕනෑම රටක යුද කාල සීමාවෙන් පසු ඇතිවන පොදු තත්වයකි.



උකස් බඩු කඩයත් රූපවාහිනී යන්ත්‍රයත්, Wrestling ක්‍රීඩාවත් අතර කාලය ගත කරන තරුණයාගේ අවධානය යොමු වන්නේ සිය කණකර ආභරණ උකස් කිරීමට නිතර පැමිණෙන ද්‍රවිඩ තරුණියක් වෙතටය. ඔහු රත්තරන් බිස්නස් එකත් එක්ක මිනිසුන්ට අනුකම්පා නොකළ යුතු යැයි දැඩි අදහසේ සිටින්නෙකි. නමුත් උකස් කිරීමට දෙයක් ඉතිරිව නොමැති තරුණිය ඇය අදහන කතෝලික ආගමේ ජපමාලය හෙවත් කොන්තය උකස් තැබීමට ගෙනදුන් විට 'රත්තරන් විතරයි උකස් ගන්නේ'යි පවසා නැවතත් ජපමාලය සමඟ රුපියල් දාහක් තරුණියට දෙන්නේ ණයක් ලෙස සලකන්නයි ප්‍රකාශ කරමිනි. 'මට අනුකම්පාවත් ණයට සල්ලිත් එපා'යි පවසන තරුණිය පිටවන්නේ අනුකම්පාවක් තියෙනවනම් දුප්පත් මිනිස්සුන්ගේ රත්තරන් උගස් ගන්නේ ඇයි යන පැනයත් අසමිනි. බොහෝ විට රත්තරන් යනු දෙමළ කාන්තාවගේ ජීවිතය සමඟ බැඳී ඇති, ඔවුන් ප්‍රියකරන, ඔවුන් සතු වටිනාම වස්තුවකි. ඔවුන් රත්තරන් පළදින්නට ආශාකරයි. උතුරේ යුද්ධය තුළ යුද හමුදාවේ රත්තරන් මෙහෙයුමට විශේෂ අවධානයක් සහ පශ්චාත් යුද කාලසීමාවේ අද දක්වා උතුරෙන් හමු වූ රත්තරන් ටොන් ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින්නේ ඒ හෙයිනි. ඒ අනුව සිනමා පටයේ මේ හිටපු සොල්දාදුවා උකස් ගන්නේ දෙමළ ජනතාවගේ ආශාවයි. ඔවුන්ගේ ජීවිතයයි.

උතුරේ විසූ මේ තරුණිය පසුවන්නේ සිංහල සමාජය සමඟ වෛරයෙන් සහ තමන් පිළිබඳ අභිමානයෙනි. ඇය කඳුකරයේ ඥාතී නිවසකට භාර කෙරෙන්නේ සිය බාල සහෝදරයා ත්‍රස්තවාදියෙක් ලෙස සලකා හමුදාව විසින් ඝාතනය කිරීමත් එම පීඩනයෙන් මව සහ පියා මිය යාමත් හේතුවෙනි. මේ නිසාම මේ තරුණ සිංහලයා තමාට ගෙන ආ විවාහ යෝජනාව ඈ විසින් ප්‍රතික්ෂේප කෙරේ. එහෙත් ඇය ඔහු හා විවාහ වන තත්වයට පත්වන්නේ අගහිඟකම් හේතුවෙන් ඇයට නොගැලපෙන මහලු මිනිසකු ඇය හා විවාහ වීමට සූදානම් වීමත් සමඟය. ඇය හා උතුරේ විසූ ඇයගේ සහෝදරයන්, මව්පියන්, අසල්වැසියන් ඔවුනගේ ප්‍රදේශයන්හි ජීවිතය ගෙවූවේ අභිමානයක් ඇතිවය. මේ අභිමානයට ප්‍රහාර එල්ල කළේ සිංහල ජාතිවාදී දේශපාලනයයි. ඊනියා නිදහසින් පසුව බලයට පත් සහ බලය වෙනුවෙන් සටන් කළ සෑම දේශපාලන නායකයෙක්ම ඒ වෙනුවෙන් ක්‍රියා කළේ සිංහල ජාතිවාදය පෙරට දමාය. බෙදා වෙන්වීමේ ඉම දක්වා දෙමළ ජනයා තල්ලු කළේ මේ සිංහල ජාතිවාදී බල පොරයයි. ලෙයින් යකඩින් යුදමය ලෙස මර්දනය කළද ඔවුන්ගේ ජන ජීවිතයට බලපෑ මේ සිංහල ජාතිවාදය නොනැසී පවතී. එහිදී තව තවත් වෛර කිීරීමේ ඉම දක්වා ඔවුන්ව ගෙන යනවා හැර ඔවුන් වෙත ලංවීමේ ක්‍රියාවලියක් පෙනෙන තෙක් මානයේ නැත. සිංහල තරුණයා ද්‍රවිඩ තරුණිය හා විවාහවීම, උතුර දකුණ යාකරන ආශ්චර්යයේ සිහින පාළම් ඉදිකිරීම, උතුරු-මිතුරු දුම්රිය ගමන් යාම, උතුරු වසන්තයේ සංස්කෘතික කේන්ද්‍ර ඉදිකිරීම යනාදිය බලකාමීන්ගේ පැවැත්ම උදෙසා නිර්මාණය වෙන ව්‍යාපෘති මිස සැබෑ ජාතික සමගිය ගොඩනැඟීම සඳහා වූ සැබෑ විසඳුම් නොවේ.



තරුණිය තමා විවාහ වී සිටින්නේ තම සහෝදරයන්, මව්පියන් සහ හිතෛශීන් ඝාතනය කළ හමුදාවේ සොල්දාදුවෙක් සමඟ යන්න දැනගන්නේ පසුවයි. ඉන් සිය ආත්මාභිමානය කඩා වැටී ඇයට ඔහු කෙරෙහි ඇති සුළු අවධානය ද නැතිවී යන්නේ ඔහු හමුදාවෙන් ඉවත්වීමේ හේතුව ඇසූ පසුවය. එය ඇයට මානසික වදයකි. ඒ නිසාම ඇය භින්නෝන්මාදයෙන් පෙළෙන තත්වයට පත් වේ. තරුණයාට අවශ්‍ය සිය අතීත සිදුවීම් අමතක කර ඇය සමඟ යහපත් දිවියක් ගෙවීමය. ඒ නිසාම ඔහු සිය උකස් ව්‍යාපාරය විකුණා ඇය සමඟ ඉන්දියාවට යෑමට සූදානම් වේ. ප්‍රතිවාදියාට පහර එල්ල කිරීමේ හමුදා මානසිකත්වයේ ජීවත් වූ තරුණයා සැබෑවටම ඇයට ආදරය කිරීමට පෙළඹේ. ඒ ආදරය අවැසි නමුත් ඒ ආදරයට ආදරය කරන්නට තරම් තම අතීතයෙන් මිදීමට ධෛර්යයක් ආත්මශක්තියක් නොමැති ඇය ඔහුගේ ආදරයෙන් ඈත් වෙයි.

'ඔබ නැතිව ඔබ එක්ක' පශ්චාත් යුද පසුබිමක සිට ඊනියා ජාතිවාදී යුද්ධය පිළිබඳ කියවීමකට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යන විවිධ මානයන්ගෙන් ප්‍රේක්ෂකයා අමතන සිනමා නිර්මාණයකි. අතීතය වර්තමානයට සහ අනාගතයට අඩිතාලමයි. නමුත් අතීතය ගැන කතා කර කර සිටීම අනාගතයට බාධාවක් විය හැකියි. ඇතැම් විට තමන්ගේ අතීතයේ සිදුවන සිදුවීම් වර්තමාන ජීවිතවලට බලපෑම් කරයි. ආත්මාර්ථය සහ ඒ තුළ එකිනෙකා මඟහැරීමත් අපිට ආදරය කරන අයට අපි ආදරය නොකිරීම සහ ඔවුන්ගේ ඈත්වීමත් සමඟ ඒ ආදරය අපිට දැනීමත් 'ඔබ නැතිව ඔබ එක්ක' සිනමා පටයේ ශ්‍යාම් පුනාන්දු සහ අංජලී පටෙල්ගේ විශිෂ්ඨ රංගනය තුළින් තව තවත් තීව්‍රව දැනෙන අතර ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කළ 'ඔබ නැතිව ඔබ එක්ක' සිනමාපටය හුදු ආදර කතාවකට එහා ගිය වෙනත් සමාජයීය, දේශපාලනික මානයන්ගෙන් ආදරය ගැන කියවීමකට පොළඹවන පශ්චාත් යුද සමාජය පිළිබඳව නිර්මාණය වූ උසස් සිනමා කෘතියකි. ඉතිහාසයේ රජවරු සොයා සිනමාව ඉතිහාසයට ගෙනයන මහා සිනමාවක් තුළ, 'ඔබ නැතිව ඔබ එක්ක' කෘතිය හරහා කියැවිය යුතු සැබෑ ඉතිහාසය සිනමාවට පිවිසීමක් සනිටුහන් කෙරේ.

[-ජනරළ]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Oba Nathuwa Oba Ekka (With You, Without You) (2012) by Prasanna Vithanage, Sinhala/Tamil Language Film, Anjali Patil, Shyam Fernando, Wasantha Moragoda
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජන්ත අලහකෝන්ගෙන් තවත් වියමන්
කතා-බස්
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
කතා-බස්
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
රංග
ජොගින් පාත් මිස රඟහලක් නැතිව ගිය කොලොම් පුරේ සිරි..!
රංග
අප අතර සිටින ජන හතුරා හදුනාගැනීමට.... ජන හතුරා
Cine
සිරි දළදාගමනය ගැමියාට අපහාස කිරීම
තවත් Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය නොදිටිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මරා කියයි.
වැදගත්ම දේ මෙන්න මේකයි. තමාගේම කෙස් වැටියෙන් අල්ලා ඇද කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළලා අළුත් ඇහැකින් ලෝකය දිහා බලන එකයි.
-මරා

[මරාසාද්. Peter Weiss]
What's New | අලුතෙන්ම
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook