Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
අධිකරණයේ මුනිවත සහ පාරාදීසය සොයා
බූන්දි, 21:43:08
ගෙවුණු සති දෙකක් තුළ අඳුරු කළ ප්‍රේක්ෂකාගාරයන් දෙකක් තුළ දී ලැබූ භාවමය සහ බුද්ධිමය ප්‍රභාස්වරය ගැන තවමත් ආවර්ජනය කරමින් සිටිමි. එබැවින් මෙය එම අත්දැකීම පිළිබඳ පිරිපුන් වියමනක් නොව කෙටි සටහනකි.

පළමුවැන්න, ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කළ "Silence of the Courts" (අධිකරණයේ මුනිවත) නම් වූ වාර්තාමය චිත්‍රපටය යි. පළමු රූප රාමුවෙන් ම ප්‍රේක්ෂකයා සිය ග්‍රහණයට ගන්නා ප්‍රසන්න, ඇය හෝ ඔහු චිත්‍රපටය අවසන් වනතුරුම සිය ග්‍රහණයෙන් මුදා නො හරී. යුක්තියේ දෙවොල වශයෙන් සලකන අධිකරණයේ, යුක්තිය පසඳලීමට සිටින විනිශ්යකාරවරයකු විසින් ම දුෂණයට ලක්වීමේ අභාග්‍යයට මුහුණ දෙන කාන්තාවන් දෙදෙනකු ගේ කථාව සාතිශය නොවන ආකාරයෙන් විෂය මූලික කරුණු පදනම් කරගෙන ඉදිරිපත් කිරීමෙන් ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරයි.

මුඑ චිත්‍රපටයේ සමස්තය, පුද්ගලයන් ගේ චර්යාව පමණක් එම පුද්ගලයන් හසුරුවන අධිකරණ ක්‍රම පද්ධතිය ද එම පද්ධතියට පදනම් ව ඇති සමස්ත සමාජ ආර්ථික සහ දේශපාලන ව්‍යුහයන් ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයා පොළඹවයි.

ඔවුන් ප්‍රේක්ෂකාගාරයෙන් එළියට පියමනින්නේ, පුරුෂෝත්තමවාදී සමාජයක අවනීතියට ගොදුරු වන කාන්තාවන් අතරින්, කාන්තාවන් දෙදෙනෙකු සිය අවනඩුව අසන තෙක් පාරක් පාරක් ගානේ ඇවිදිමින් යන කැමරා දර්ශන සිය සිත්සතන්හි සනිටුහන් කරගෙන ය. ඔවුන් කෙරෙහි ගෞරවයෙන් යුතුව ය. එම අසාධාරණයන්ට විරුදුව කටයුතු කළ අය පිළිබඳ පහන් සිතින් යුතුව යි. එමෙන් ම අනවතරයෙන් සිදුවෙන එම අසාධාරණයන් ට විරුදුව කටයුතු කිරීමට තිබිය යුතු ලාලසාව ද දල්වාගෙන ය.

දෙවැන්න, ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කරන ලද "පාරාදීසය සොයා - මිථ්‍යාමතික අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනයේ යථාර්ථය දක්වා ඉතිහාසයෙන් බිඳක්" නම් වාර්තා චිත්‍රපටය යි. කිසිවකු ට වර්තමානයේ පවතින සමාජ ආර්ථික සහ දේශපාලන යථාර්ථයන් හි මූලයන් සෙවීම සඳහා චාරිකාවක යෙදීමට ඇවැසි ද? ඒවා හි ප්‍රභවය සහ විකාශනය ගැන කරුණුමය සාක්ෂි මත පදනම් ව තියුණු විශ්ලේෂණයක යෙදීමට උනන්දු වන්නේ ද? එසේ නම්, මෙම චිත්‍රපට ඇය හෝ ඔහු විසින් අනිවාර්යෙන්ම ඇසුරු කළ යුතු අපූවර්තම වූ නිර්මාණයෙකි.

කීර්තිමත් ඉන්දියානු ඉතිහාසඥවරියක වන රොමිලා තාපර් කියූ පරිදි ඉතිහාසය පිළිබඳ අර්ථ නිරූපණයන් හි (construction of history) වලංගුභාවය තීරණය වන්නේ එම අර්ථ නිරූපණයන් කෙතරම් දුරට සිද්ධිවාචක සාක්ෂි (factual evidence) මත පදනම් ව ඇත් දැ යි යන නිගමනය මත ය. ධර්මසිරි බණ්ඩාරනායක සහ ගාමිණි වියන්ගොඩ (තිර රචනය ලියූ) සුංසයෝගය විසින් ගොඩනගන ඓතිහාසික අර්ථකථනයන් සාකල්‍යයෙන් ම විෂය මූලික කරුණු මත ගොඩනැගෙන බවත් එවා විශ්වසනීය බවත් ප්‍රේක්ෂකයා ට හැඟේ.

චිත්‍රපටයේ එක කොටසක දී කුප්‍රකට ලෙස අරක්කු වෙළඳාමෙන්, මිනිරන් පතල් කැණීමෙන් සහ වෙනත් අයෝජන මාර්ග වලින් උපයා ගැනෙන ධනයෙන් බිහිවන සහ ක්‍රමිකව විකාශනය වන දේශිය ධනපති පන්තිය පිළිබඳ විවරණය විශද ලෙස ඉදිරිපත් කරයි. මෙම ධනපති පන්තිය ක්‍රමයෙන් ජාතිකත්වය, ආගම, භාෂාව, කුලය සහ දාරිද්‍රතාව යන කරුණු මූලික කරගෙන අනන්‍යතාවන් මත පදනම් දේශපාලන (identity politics) සංස්කෘතියකට පල්ලම් බහින ආකාරය ඉදිරිපත් කරන්නේ සෝපාහසයෙනි. එම විවරණය යටත් විජිතයක් ව පැවැති සමයේ පටන් මතු වූ ජාතිවාදී සහ වර්ගවාදී සමාජ දේශපාලන ප්‍රවණතාවන් අද අප ජීවත්වන සමාජය තුළ පිළිලයක් ලෙසින් වර්ධනය වන්නට හේතුභුත වූ කාරණා පෙන්වන කැටපතක් බඳු ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Silence of the Courts by Prasanna Vithanage, In Search of Paradise by Dharmasiri Bandaranayake, Sri Lanka Documentary Films, Paaradisaya Soya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උපාලි අමරසිංහගෙන් තවත් වියමන්
Cine
ශ්‍රී ලංකාවේ සෙල්විලාගේ සහ සරත්සිරිලාගේ ප්‍රශ්නය නොහොත්, "ඔබ නැතුව ඔබ එක්ක"
රංග
පෙම් යුවළක් ඕනෑ කර තිබේ...!
රංග
ඇසිඩ් වැස්ස- මායාට නොලැබී අපට ලැබුණු ජීවන ලාලසාව
රංග
"Gutikamata Niyamithayi"- A serious indictment on our existence in a desensitized society
රංග
"වෝකින් පාත්"- රෙජිමේන්තුකරණය වෙමින් මානව සබඳතා ක්ෂය වන සමාජයක් පිළිබඳ දේශපාලන කියවීමක්
තවත් Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය නොදිටිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කතන්දර| "සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

29-Secs

Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ "The Royal Toothache" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
BoondiLets| ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
කතන්දර| "කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]

34-Secs

"Foxy Joxy Plays a Trick" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids Story "Foxy Joxy Plays a... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook