Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
ලංකාවේ වම ඉන්නේ සිහිනයක!- විජිත ගුණරත්න
බූන්දි, 20:42:59
විජිත ගුණරත්න කියන්නේ කලා ලෝකයේ උඩුගම් බලා පිහිනන නාට්‍යකරුවෙක්. අසුව දශකයේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ දුරස්තීකරණ රීතිය ලංකාවට හඳුන්වාදෙමින් 'සාක්කි' නමින් නැවුම් නාටකීය අත්දැකීමක් ලංකාවේ කරලියට ගෙනා ඔහුට විකල්ප ධාරාවේ නාට්‍ය කරුවෙකු වීම නිසාම ජිවිත තර්ජනවලට මුහුණ දී උපන් රට හැරදා යුරෝපයට සංක්‍රමණය වීමට සිදුවෙනවා. වසර තිහක් පමණ රටෙන් බැහැරවී සිටියත් ලංකාවේ සමාජය මීට වඩා යහපත් තැනක් කිරීමට කරන අරගලය තුල තවමත් ජිවත් වන ඔහු මෙවර තවත් පුරෝගාමී වැඩකට අතගහල තියනවා. ඒ තමයි කම්හල් හා වැඩ බිම් තුළ සිටින සැබෑ කම්කරුවන් සංවිධානය කොට ඔවුන් තුලින් නාට්‍ය බිහි කිරීමේ දාරියෝ ෆෝ ගේ නාට්‍ය සම්ප්‍රදායට නුතනවාදී අර්ථකතනයක් දීම.

ඉතාලියේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් යොදාගෙන 'යුධ පිටියේ සවාරියක්' නමින් ඔහු නිෂ්පාදනය කල නාට්‍යය, මේ දිනවල යුරෝපය පුරා රඟ දැක්වෙන අතර, එය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ද රඟ දැක්වීමට නියමිතයි. මේ අලුත් උත්සාහයේ දිගුවක් විදිහට ඔහු පසුගියදා ලන්ඩන් නුවරට පැමිණියේ අගෝරා සංස්කෘතික කවය සමග ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා එක්වී තවත් ජනතාවාදී නාට්‍ය ප්‍රයත්නයක් ඇරඹීමටයි. එහිදී ඔහු සමග ඇතිවූ නිදහස් කතාබහක සංක්ෂිප්ත සටහනකි මේ.

විජිත මේ දවස්වල නිෂ්පාදනය කරන නාට්‍ය වල ජනප්‍රිය නළු-නිළියන් වෙනුවට සාමාන්‍ය ජනතාව නළු-නිළියන් ලෙස රඟපානවා. මේ ප්‍රයත්නයෙන් ඔබ බලාපොරොත්තුවෙන්නේ මොනවාද?

හුගක් ප්‍රවීණ නළු නිළියන් ඉන්නවා. එත් මේ බොහෝ අය තමන්ගේ ආකෘති වල තමයි ජිවිත් වෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ නෙමෙයි. ඒගොල්ලන්ට යුරෝපයේ නාට්‍ය පාසැල් වලින් වගේ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි පුද්ගලික ආකෘති එළියට එන්නේ. රඟපෑම කියන්නේ සරල දෙයක් නෙමයි. එය සරල වැඩක් වෙන්නේ චරිත නිරුපණය තුළ රඟපෑම කොටු වුනොත් විතරයි. කිසියම් නාට්‍යයක ක්‍රියාවලියට පුද්ගලයෙකු ඇතුළු උනාම එම නාට්‍යයේ සන්දර්භය විශ්ලේෂණය කිරීමේ දේශපාලනික නුවණින් ඔහු පොහොසත් වෙනවා. මේ පණිවුඩය කරා ගමන් කිරීමේ ප්‍රයත්නයක් මේ තුළ තියනවා. මේක විශාල අභියෝගයක්. ඒත් මං විශ්වාශ කරනවා නළුවන්ව ගොඩනගන්න පුළුවන් කියල. බ්‍රෙෂ්ට් වගේ කෙනෙක්ගේ අගය අපට දැනෙන්නේ ඒකයි.

ඔබ ලන්ඩන් නුවර කරන්න යන්නේ මොකක්ද?

ඉතාලියේ කම්හල්වල වැඩකරන ශ්‍රී ලාංකිකයන් යොදාගෙන මා අත්හදා බලපු පර්යේෂණ නාට්‍යය වන 'යුද පිටියේ සවාරියක්' සාර්ථකයි කියලා මට හිතෙනවා. එරට 'ජන රැඟුම් මණ්ඩලය' නම් වූ කණ්ඩායම සමග එකතු වී කිසි දිනක වේදිකාවකට පය ගසා නැති පිරිසක් එකතු කරගෙන නාට්‍යක් කිරීමට අපට හැකි වුනා පමණක් නොවේ නාට්‍යයට අවශ්‍ය තාක්ෂණික දැනුවත්කම මෙන්ම ඉන් සමාජයට මුදා හරින සමාජ දේශපාලන පණිවුඩය ග්‍රහණය කරගන්න පුළුවන් පිරිසක් ගොඩ නගන්න අපට හැකි වුනා. මේ වැඩෙන් උත්තේජනයක් ලබපු ලන්ඩනයේ අගෝරා කණ්ඩායම මට ආරාධනා කළා එංගලන්තයේත් ඒ වගේම දෙයක් කරන්න. ඉතින් මම එක භාර ගත්තා. මෙහෙ සමාජය වෙනස්. මෙහෙ හමුවෙන්නේ වෙනස් අභියෝග. එත් මාක්ස් කීවා වගේ ලෝකය වෙනස් වෙන්නට සුදානමින් ඉන්නේ අපි ඒක වෙනස්කරමු.

ඔබ ලංකාවේ නාට්‍ය කලාවට පුරෝගාමී වැඩ ටිකක් කරපු කෙනෙක්. ඒත් දේශපාලනික හේතු මත විජිත හිටි අඩියේම රට හැර යනවා. මෑත කාලයේ ලංකාවේ පාලන තන්ත්‍ර වෙනස් වුනාට පස්සේ දැන් අපට අහන්නට ලැබෙනව රට හැර ගිය කලාකරුවන්ට යලිත් මවු රටට පැමිණෙන ලෙස කෙරෙන ආරාධනා. මේ ගැන විජිතට මොනවාද හිතෙන්නේ?

මාක්ස්වාදය තුළ අත්විඳින සමාජ විශ්ලේෂණය කලාව කලාව තුලින් සන්නිවේදනය කිරීම මම විශ්වාස කරනවා. එත් මේ වෙනස් දෘෂ්ටියකින් වැඩ කිරීම නිසා ලංකාවේදී මට විශාල ගැටළු වලට මුහුණ පාන්නට සිදුවුනා. ඉතාමත් පසුගාමී විදිහට තමයි ලංකාවේ සමාජය තුල කලාව අල්ලගන්නේ. යුරෝපයේ මේ තත්ත්වය නෑ. වෙනස් දෘෂ්ටීන් පෝෂණය වෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති හෝ දැනුවත්කම් තවමත් අපේ සමාජයේ නෑ. නිකන් ආරාධනා කරනවාට වඩා එවැනි සමාජ තත්ත්වයක් රට තුල නිර්මාණය කිරීම වැදගත්.

අනෙක් අතට රටෙන් බැහැරවී ඒ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම කලා කරුවෙකුට සුවිශේෂ අත්දැකීමක්. එතකොට සමාජය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් වෙනවා. කොටින්ම යුරෝපයේ ඉගෙන මට ලංකාව හොඳින් කියවන්න පුළුවන්. ලෝකයේ බොහෝ කලාකරුවෝ පිටුවහල් වී සිට සුවිශේෂ නිර්මාණ කරලා තියනවා. සැබවින්ම දෘෂ්ටිය තමයි වැදගත්.

ඔබ කාලෙකට ඉහත ලංකාවේ නාට්‍ය කලාවට අලුත් දෘෂ්ටියක් හදුන්නල දුන්නා වගේ වර්තමානයේ බොහෝ තරුණයන් නාට්‍ය කලාවට අවතීර්ණය වෙලා තියනවා. මේ නැඹුරුව ගැන මොනවද හිතන්නේ?

ලංකාවේ නාට්‍ය කලාව අවාසනාවන්ත අවධියක තියනවා කියල මම විශ්වාස කරන්නේ නෑ. තරුණ නාට්‍ය කරුවන්ට මම ආදරය කරනවා. ඉතා දක්ෂයන් ඔවුන් ඉන්නවා. සමාජයක් විදිහට ඔවුන්ට උදවු කරන්න ඕනි. එහෙම දෙයක් පේන්න නෑ. නැතිනම් ඔවුන් හති වැටෙන්න පුළුවන්. වැඩේ අතහරින්න පුළුවන්. ඉතිහාසය පුරාවට සිදුවුනේ ඒක. මට පවා සිදුවුනේ ඒක. මට පුළුවන් උනා යුරෝපයට ගිහින් නොකඩවා වැඩේ කරගෙන යන්න. ඒත් හැමෝටම ඒ අවස්ථාව නෑනෙ. ඔවුන්ට උදවු කරන්න යාන්ත්‍රණයක් තියෙන්න ඕනි. නැතිනම් ඔවුන් අතරමග නාට්‍ය කලාව හැර යනවා. මේක හරි අපරාධයක්.

විජිත ගුණරත්න කියන්නේ 71 අරගලයට සම්බන්ධ වෙලා හිරේ ගිහිල්ල හිරේදී පවා නාට්‍ය කරපු කෙනෙක්. ඊට පස්සේ රට තුල බොහෝ අරගල සිදුවෙනවා. ඊට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් වෙන වෙන තැන් වලදී අපට හමුවෙනවා. සමහරු ව්‍යාපාර කරනවා, තවත් සමහරු භාවනා කරනවා, සමහරු වමෙන් දකුණට මාරු වෙලා. ඒත් විජිත තවමත් තමන් ප්‍රාර්ථනා කරපු අරමුණ වෙනුවෙන් නාට්‍ය තුලින් අරගල කරමින් ඉන්නවා. ආපසු හැරිල බැලුවම ඔබට මොනවාද හිතෙන්නේ?

අතීතය ගැන මට කලකිරීමක් තියනවා. ඇත්තටම සිදුවූ දේවල් ගැන මට සතුටු වෙන්න බෑ. මිනිස්සු අරගලය අතහැරලා යන එක වමේ ගැටලුවක්. අපේ වාමාංශික පක්ෂ දේශපාලන කාර්යභාරය ඉදිරියට අරන් ගියා මිසක් සංස්කෘතික කාර්යභාරය සම්පුර්ණයෙන්ම අමතක කරලයි තියෙන්නේ. ඔවුන් කලාව කියල අදුනගෙන තියෙන්නෙත් අපේ විශ්ව විද්‍යාල හරහා පෝෂණය කරන වික්ටෝරියානු සෞන්දර්යවාදී කලාව. වම කලාකරුවාගේ මුලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. ඔවුන් හිතන්නේ ඔවුන් දේශපාලනය කරගෙන යනවා, කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා.

යුරෝපයේ මේ තත්වය වෙනස්. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ වගේ අයගේ නිර්මාණ පස්සේ හිටියේ වමේ අරගලකරුවන්. ඔවුන් එක රැයෙන් බිහි වුනේ නෑ. ඔවුන්ගේ නිර්මාණ පසුපස විශාල කාර්ය භාරයක් තියනවා. ඒක නිසා ඔවුන් කරදරයට පත්වුනාම ඔවුන්ව බේරගන්න ජනතාවක් පෙලගැසිලා හිටියා. එරට වාමාංශික දෘෂ්ටිවාදය තුළ කලාව තියනවා. ඒත් අපේ එහෙම තත්වයක් නෑ. අපි වියුක්තයි.

සංස්කෘතික ක්‍රියාවලියේදී අපේ වම ඉන්නේ සිහිනයක. ඔවුන් කලාකරුවාගේ මුලික වගකීම පවත්වාගෙන ගියේ නෑ. මේ ගැන වම සංවාදයක් පැවැත්විය යුතුයි. සමාජ පරිණාමය සදහා කලාව කියන කාරණය සම්බන්ධව වමට දැඩි ලෙස හිතන්න කාලය ඇවිත්.

අපේ වගේ ඌණ සංවර්ධිත රටක කලාකරුවන් වම වෙනුවෙන් පෝලිමේ ඇවිත් පෙනී සිටියි කියල හිතනවානම් ඒක වැරදියි. නැතිනම් ඒක සිහිනයක්. හැමදේම සිදුවෙන්නේ ලාභය මත. වම මේක ජයගන්න ඕනි. නැතිනම් ඔබ කීවා වගේ ආපු වේගයෙන්ම අරගලය අතහැරලා ආපහු හැරිලා යන මිනිස්සු තමයි අපට හමු වෙන්නේ. මේකට තියන උත්තරය තමයි ක්‍රමය වෙනස් කරන එක. අපි ක්‍රමය වෙනස් කරන එක ගැන විශ්වාස කරන මිනිසුන් කලාව තුලින් බිහි කරන්න ඕනි.

(විශේෂ ස්තුතිය- නුවන් ජයතිලක සොයුරාට)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Vijitha Gunaratne, Sri Lankan Dramatist, Sakki, Yuda Pitiye Sawariyak, Drushti, Agora Art Circle, Sinhala Drama, Sinhala Plays, Sri Lankan Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook