Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මිනිසාගේ ගුප්ත ලෝලීත්වයේ රහස මෙන්න...!
බූන්දි, 02:07:40
"ඔබ නැකත්, කේන්දර, නාඩි වාක්‍ය ආදිය අනුව කටයුතු කරන්නේ ඇයි?"

මම එදා මෙදා තුර බොහෝ දෙනකු ගෙන් එලෙස අසා ඇත්තෙමි. එවිට ඒ සඳහා බොහෝ දෙනකුගෙන් ලැබෙන පොදු පිළිතුරක් ද විය. එනම් "ඒවායේ කිනම් හෝ සත්‍යතාවයක් තිබිය හැකි නිසා" යන්නය. එහෙත් මගේ නිගමනයට අනුව එය අසම්පූර්ණ හෙවත් අඩමාන පිළිතුරකි. ඉහත සඳහන් ගුප්ත ශාස්ත්‍රයන්ට අමතරව ලොව සත්‍ය වශයෙන් පිළිගැනෙන තවත් බොහෝ දේ තිබේ. එහෙත් බොහෝ දෙනකු ඒවා පිළිබඳව විශේෂ උනන්දුවක් පළ කරන්නේවත් ඒවා ජනකාන්ත බවට පත්වන්නේවත් නැත. ලොව පවත්නා බොහෝ සත්‍යයන් සහ යථාර්ථයන් ප්‍රායෝගික වශයෙන් ගත් විට කටුකය, නීරසය. එසේ නම් ජ්‍යොතිෂ්‍යය නාඩි වාක්‍ය ඇතුළු ගුප්ත විද්‍යාවන් සමාජය පුරා ප්‍රචලිත වීමට වෙනයම් විශේෂිත වූ හේතුවක් තිබිය යුතුය.

මෙලොව වෙසෙන අන් සියලුම සතුන්ට සාපේක්‍ෂව මිනිසා වාසනාවන්ත බව නිසැකය. ඊට හේතුව මීට වසර බිලියන තුන හමාරකට ඉහත ඇරඹුණු පෘථිවියේ ජෛව පරිනාමීය ක්‍රියාවලියේ අග්‍රතම ඵලය හෝමො සේෆියන්ස් (Homo Sapiens) හෙවත් නූතන මානවයා වීමය. එනිසාම සොබා දහම විසින් මෙලොවට දයාද කළ අසිරිමත්ම නිමැවුම මිනිස් මොළය ලෙස ද හැඳින්වේ.

‛භය’ යනු මිනිස් තිරිසන් ආදී සෑම කොටසක් තුළ ස්වභාවිකවම ඇති වී තිබෙන සහජතාවයකි. එනිසාම මිනිසුන් සේම තිරිසනුන් සම්බන්ධ ආරක්‍ෂක මෙවලමක් ලෙස ද ‛භය’ හැඳින්විය හැක. මෙය භය විවිධාකාරය. එමෙන්ම ඒ අතරින් මරණ භය ප්‍රධානත්වයට පත් වේ. මරණය පිළිබඳ සහජතාවය හෙවත් ‛මරණාශය’ (Death Instinct) මෙහිම එක් අවස්ථාවකි.

‛මැරි මැරී ජීවත් වෙනවා’ යනුවෙන් නිතර පැවසෙන කතාවක් අපි අසා ඇත්තෙමු. එය විවිධ හේතුන් මත සමහරුන් සම්බන්ධයෙන් පැවසෙන්නකි. නමුදු සත්‍යය නම් එය අප සියල්ලන් සම්බන්ධයෙන්ම එක සේ පොදු තත්ත්වයක් වීමය. එය Thanatos සහ Eros යනුවෙන් හඳුන්වනු ලැබේ.

දැන් අපි මේ මිනිසුන් ගේ මැරි මැරී ජීවත් වීම හෙවත් Thanatos සහ Eros පිළිබඳවත් මඳක් විමසා බලමු.

නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන සිග්මන්ඩ් ප්‍රොයිඩ් තම පර්යේෂණ අතරතුර විවිධාකාර ‛ප්‍රේරණයන්’ (drives) පිළිබඳ න්‍යයායන් ඉදිරිපත් කොට තිබේ. ඔහු මුල් කාලයේ ‛ජීවිත ආශය’ (life instincts) යනුවෙන් අදහසක් ඉදිරිපත් කළේය. මිනිස් චර්යාවන් බොහොමයක් සඳහා මෙම ප්‍රේරණයන් වගකිව යුතු බව ඔහු විශ්වාස කළේය. අවසානයේ මේ ජීවිත ආශයන් මගින් පමණක් සියලු මිනිස් චර්යාවන් විස්තර කළ නෙහැකි බව ඔහු අවබෝධ කොට ගත්තේය. සියලු ආශයන් ‛ජීවිත ආශය’ (life instincts) සහ ‛මරණ ආශය’ (death instincts) යනුවෙන් ප්‍රධාන කොටස් දෙකට ඇතුළත් වන බව ඔහු පසුව නිගමනය කළේය.

ජීවිත ආශය (Life instincts හෙවත් (Eros)

මෙය ඇතැම් තැනක ‛ලිංගික ආශය’ (sexual instincts) ලෙසින් ද සඳහන් කොට තිබේ. මෙයින් කියැවෙන්නේ මූලික ප්‍රවර්තනය (survival) හෙවත් නොනැසී සිටීමේ උත්සාහය, ‛සුඛය’ (pleasure) හෙවත් සතුට හෝ ප්‍රීතිය සහ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කිරීම පිළිබඳ යම් පුද්ගලයකු තුළ සහජ බුද්ධියක් හෙවත් ඉවක් ඇති බවය. මෙම ආශයන් යම් පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යාමට සහ වර්ගයාගේ අඛණ්ඩතාවයට ඉතා වැදගත් වේ. මේවා ‛ලිංගික ආශයන්’ යැයි සඳහන් වුව ද මේවා තුළ පිපාසය, කුසගින්න සහ වේදනාව වැළැක්වීම පිළිබඳ ප්‍රේරණයන් ද අඩංගු වේ. ජීවිත ආශය මගින් නිර්මාණය වන ශක්තිය ‛ලිබිඩෝ’ (libido) යනුවෙන් හඳුන්වනු ලබයි. ජීවිත ආශය සමග පොදුවේ සම්බන්ධ චර්යාවන් අතර ආදරය, සහයෝගීතාවය සහ වෙනත් සමාජමය ක්‍රියා ද තිබේ.

මරණ ආශය (Death Instincts හෙවත් Thanatos)

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිය Beyond the Pleasure Principle (1920) නම් කෘතියෙන් විස්තර කරන ලද්දේ ‛ජීවිතයේ පොදු අරමුණ වන්නේ මරණය’ බවය. මිනිසුන් අප්‍රසන්න අත්දැකීමකට (යුද්ධය වැනි) මුහුණ දුන් පසු ඔවුන් බොහෝ විට එම අත්දැකීම නැවත ක්‍රියාවට නංවන බව ෆ්‍රොයිඩ් නිරීක්‍ෂණය කළේය. ඔහු නිගමනය කළේ මෙවැනි අත්දැකීමකින් පසුව මිනිසුන් තුළ මරණය කෙරෙහි අවිඥානික අභිරුචියක් ඇතිවන බවය. එහෙත් එම ‛ඉච්ඡාව’ හෙවත් කැමැත්ත ජිවිත ආශය මගින් විශාල වශයෙන් පහත හෙළන හෙවත් පාලනය කරන බවය. ෆ්‍රොයිඩ්ගේ දෘෂ්ටියට අනුව ‛ස්වයං සංහාරක චර්යාව’ යනු මරණ ආශය මගින් නිර්මාණය වන ශක්ති භාව ප්‍රකාශනයකි. මෙම ශක්තිය අන්‍යයන් කෙරෙහි මුදා හළ විට එය ආක්‍රමණයක් හෝ ප්‍රචණ්ඩත්වයක් ලෙස ප්‍රකාශයට පත් වෙයි.

දැන් මෙම ‛මැරි මැරී ඉපදීම’ යනුවෙන් මා සරලව ඉදිරිපත් කළ කරුණ පිළිබඳ යම් වැටහීමක් ඔබ තුළ ජනිත වන්නට පුළුවන.

තිරිසන් සතුන්ට වඩා මිනිසා වාසනාවන්තය යන මතයක් පිළිබඳව මම කලින්ම කීවෙමි. එහෙත් ‛බිය’ සම්බන්ධයෙන් බලන විට කීමට ඇත්තේ ඒ කතාවේ අනික් පැත්තය. මිනිසුන්ට සාපේක්‍ෂව ඇතැම් තිරිසන් සතුන් වැඩිපුර බියෙන් පසුවන බව ඇත්තකි. තිරිසනුන් ගේ බියට සාපේක්‍ෂව මිනිසාගේ භීතියේ පාරාසය අතිශයින් පුළුල්ය. ඊට හේතුව තිරිසනුන් තුළ හුදු පාරිසරික භීතියක් පමණක් ජනිත වන අතරේ මිනිස් මනැසේ ඊට අමතර තවත් භීතින් දෙකක්ම රෝපණය වී තිබීමය.

තිරිසනුන් තුළ ඇතිවන භීතිය හුදෙක් පාරිසරික භීතියක් මය. විල්ලුවක තණ බුදිමින් හිඳින මුව රැලක් විදුලි සැරයක වේගයෙන් එම පරිසරයෙන් ඉවත් වනුයේ කොටියකු වැනි ඝාතකයකුගේ පැමිණීමක් පිළිබඳ ‛ඉවක්’ නැතහොත් සංවේදීතාවක් දැනීම නිසාය. එසේම මස් මඩුවට ඇදගෙන යන ගවයා විපරීත ලෙස දෑස් කරකවමින් හා නාසයෙන් කටින් සෙම හලමින් විලාප නගනුයේ හාත්පස පරිසරයෙන් ලැබෙන මරණ සංඥා මුල් කරගනිමිනි. එසේ නොමැතිව එළැඹෙන අනාගතය පිළිබඳ උන් තුළ බියක් නොමැත්තේමය.

එහෙත් මිනිසා තුළ පවත්නා භීතිය ඉහත සඳහන් පාරිසරික භීතියේ සීමාව ඉක්මවා තවත් පාරාශයන් දෙකක් කරා දිව යන බව නිසැකය. එම පාරාශයන් වනුයේ; අනාගත භීතිය සහ ගුප්ත භීතියයි.

ලොව වෙසෙන අනේක විධ සතුන් අතුරින් අනාගත සහ ගුප්ත භීතියක් රෝපණය වනුයේ මිනිස් මනැස තුළ පමණක් වීම ද විශේෂත්වයකි.

අනාගත භීතිය යනු කුමක් ද?

අතීතය යනු ප්‍රත්‍යක්ෂයකි. අනුමානයන් ප්‍රත්‍යක්ෂයන් පිළිබඳ ක්‍රියාත්මක අවස්ථාව වර්තමානයයි. එහෙත් අනාගතය යනු හුදු අවිනිශ්චිත වූවකි. තිරිසනුන් ගේ මොළයට සාපේක්‍ෂව මිනිස් මොළය ඓන්ද්‍රීය, ජෛව රසායනික සහ විද්‍යුත් ක්‍රියාකාරී මට්ටමින් වර්ධනය වූවකි. එනිසාම තිරිසනුන් තුළ නොමැති අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවයක් සඳහා වන කොටසක් ද මිනිස් මොළය තුළ ස්ථාපිත වී තිබේ. එමෙන්ම මානව සහ සමාජ විද්‍යාඥයන් පවසන අන්දමට පුද්ගල පෞරුෂය, සමාජ රටාව, ආගමික සංස්කෘතික පදනම ආදී හේතු සාධක මත එම අනාගත භීතිය පුද්ගලයන් හා විවිධ සමාජ අතර සාපේක්‍ෂ වෙයි. එහෙත් බොහෝ විට මිනිසා ගේ එම අනාගත භීතිය ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, රෝග පීඩා, ලිංගික ජීවිතය ආදී සාමාන්‍ය කරුණු මත සේම තමන්ට මරණයෙන් පසුව කුමක් වේද? ආදී වශයෙන් වන පාරභෞතික කරුණු මත ද පදනම් වෙයි. එහෙත් හුදු මිනිසුන් තුළ පමණක් පැන නඟින මෙම අනාගත භීතිය කිසිදු තිරිසන් සත්වයකු තුළ දක්නට නැත.

ගුප්ත භීතිය යනු කුමක්ද?

මෙය ද මෙලොව වෙසෙන සත්ව ප්‍රජාව අතුරින් මිනිසාට පමණක් ආවේණික භීතියකි. මිනිසාගේ පරිණාමයේ මුල් අවදියේ සිටම මිනිස් මොළය ද ක්‍රමික පරිණාමයකට ලක්වන්නකි. එහෙත් මෙම ගුප්ත භීතිය මිනිස් මනැසින් ඉවත් වන වගක් පෙනෙන්නට නැත.

මෙලොව ආගම් බිහිවීම පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයන් සිදු කොට ඇති සමාජ හා මානව විද්‍යාඥයන් වැඩිම පිරිසක ගේ නිගමනය වී ඇත්තේ ලොව ආගම් බිහිවීමට තුඩු දුන් ප්‍රධානතම හේතුන් දෙක මිනිසා තුළ පවත්නා මෙම අනාගත භීතිය සහ ගුප්ත භීතිය යන සාධක දෙක බවය.

ලෝකයේ මූලික ආගමික න්‍යායන්

නැකත්, හඳහන් සහ නාඩි වාක්‍ය පිළිබඳ විමර්ශනයක් සඳහා ලෝකයේ මූලික ආගමික න්‍යායන් පිළිබඳව ලුහුඬින් විමසා බැලීම ද වැදගත්ය. ඒ ඉහත සඳහන් ගුප්ත විද්‍යාවන් වෙත යොමු වීමේ මනෝ මූලය ද එයම බැවිනි. එය පොදුවේ හැඳින්විය හැක්කේ ආධ්‍යාත්මික ලෙසිනි. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය, ආධ්‍යාත්මික යන්න අර්ථ ගන්වා ඇත්තේ මිනිසත් භාවය පිළිබඳ ද්‍රව්‍යමය බවින් හෝ භෞතිකමය බවින් තොරවූ යමක් යනුවෙනි. ගස් ගල් ඇතුළු අජීවී වස්තුන් පූජා ලාංජන ලෙස සලකා ඒවාට වැඳුම් පිදුම් කිරීමෙන් තමන් ගේ ආරක්‍ෂාවත් යහපතත් සැලසෙනු ඇතැයි යන විශ්වාසය මෙනමින් හැඳින්වෙයි. එනිසාම මෙයට ‛පූජා ලාංඡන භක්තිය’ (Fetishism) යැයි ද කියති.

ප්‍රාණවාදය (Animism)

මිනිසා ගේ මූලික ආගම වශයෙන් බොහෝ මානව සහ සමාජ විද්‍යාඥයන් හඳුන්වන ‛ප්‍රාණවාදය’ යනුවෙන් විස්තර කෙරෙනුයේ ජීවි, අජීවී සෑම වස්තුවක් තුළම යම් ආත්මයක් නොහොත් ප්‍රාණයක් ඇතැයි යන ආකල්පයයි. බුද්ධිමය වශයෙන් පරිනාමය, නොවූ මිනිසා තමන් ජීවත් වන පරිසරයේ ඇති බොහෝ දේට ගුප්ත ජීවී ආරෝපණයක් ලබා දීමෙන් ඒවා කෙරෙන් තමන් හට සිදුවිය හැකි යම් අනර්ථයක් වෙතොත් ඉන් නිදහස් වීමට කල්පනා කළා විය හැක. දහනව වන සියවසේ මුල් භාගයේ පසු ප්‍රකට මානව විද්‍යාඥයකු වූ ජාතික ඊ.බී. ටයිලර් (1832-1917) විසින් ලියන ලද ‛ප්‍රාථමික සංස්කෘතිය’ (Primitive Culture) නම් කෘතියෙහි සඳහන් වන අන්දමට මිනිස් දිවිය හා සබැඳුණු නින්ද, සිහින, මරණය වැනි සංසිද්ධීන් හි යථාර්ථය තේරුම් නොගත් මිනිසා ඒ සියලු දේටම ආත්මයක් ඇතැයි උපකල්පනය කොට ඇත.

එහෙත් ආගමේ සම්භවය පිළිබඳව ටයිලර්ට වඩා වෙනත් මතයක් දැක්වූ සමකාලීන සමාජ හා මානව විද්‍යාඥයකු සේම ජීව විද්‍යාඥයකු සහ දාර්ශනිකයකු වශයෙන්ද ප්‍රකට වූ බ්‍රිතාන්‍ය ජාතික හර්බට් ස්පෙන්සර් තම ‛සමාජ විද්‍යා මූල ධර්ම’ (Principles of sociology) කෘතිය මගින් පවසනුයේ ජීවත්වන්නවුන් කෙරෙහි මළවුන්ගේ බලපෑම මුල් කොට ගත් ‛භූත බිය’ ඒ සඳහා මුලෝත්පාදක වූ බවය. එනිසාම අතීත ජනයා තම මියගිය ඥාතීන් තමන්ට වඩා උසස් සේ සලකා කළ අභිචාර විධි ලෝකයේ ආගමික ඇදහීම්වල මූලාරම්භය වූ බව ස්පෙන්සර් ගේ අදහසය. ශ්‍රී ලංකාවේ වැදි ජනතාව අතර පවතින නෑ යකුන් පිදීමේ චාරිත්‍රය ද මෙයම බව අතිශයින් පැහැදිලිය.

ලෝක ආගම්වල සම්භවය පිළිබඳව තවත් ප්‍රකට පිළිගැනීමකට අනුව තමන්ගේ ප්‍රඥාවට නතු නොවන සොබාදහමේ සංසිද්ධීන්ට බියවූ අතීත මිනිසා ඒවා ඇසුරින්ම දේව සංකල්ප ගොඩනඟා ඒවාට වන්දනා මාන කොට තිබේ.

‛ආගම පිළිබඳ ස්වභාවික ඉතිහාසය’ (Natural History of Religion) යන කෘතිය මගින් ස්කොට්ලන්ත ජාතික සමාජ විද්‍යාඥ ඩේවිඩ් හියුම් (ක්‍රි. ව. 1711-1776) මෙම අදහස මැනැවින් හුවා දක්වා තිබේ. ඉහත සඳහන් තොරතුරුවලට අනුව ජ්‍යොතිෂය සහ නාඩි වාක්‍ය ආදියට ලෝකයේ ප්‍රාථමික ආගම් බිහිවීමට මුලෝත්පාදක වූ මිනිසා සතු මනෝමය සාධකයන් හේතු වූ බව පැහැදිලිය. මානව බුද්ධි පරිනාමය පිළිබඳව විමසා බැලීමේදී මිනිසා තුළ පවත්නා ගුප්ත ලෝලීත්වයේ යට ගියාව එසේ විස්තර කළ හැකි වුවද සමාජ පරිනාමය සම්බන්ධයෙන් එය විශ්ලේෂණය කරද්දී ඊට පරිබාහිර කරුණු කිහිපයක් ද ඊට එක් කිරීමට සිදුවනු ඇත.

වර්මාන මිනිසා නැකැත් ජ්‍යොතිෂ්‍යය සහ නාඩි වාක්‍ය ආදී ගුප්ත විශ්වාස කෙරෙහි එල්බගෙන හිඳිනුයේ හුදෙක් භීතිය පදනම් කර ගනිමින්මද? නැත. වර්තමාන සංකීර්ණ සමාජ ආර්ථික රටාව තුළ මිනිසා නිරන්තරයෙන් අත්විඳින අසංතෘප්තිය සහ ඒ තුළින් පැන නගින ආශාවන් ආදී මානසික අවශ්‍යතා ද මිනිසා ඉහත සඳහන් ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි යොමු කරවන ප්‍රබල බලවේගයක් වී තිබේ.

අපි කෙටි නිදසුනක් ගනිමු. අද බොහෝ දෙමාපියන් තරග විභාග සඳහා ඉදිරිපත් වන තම දූ පුතුන් සඳහා අපමණ වූ ගුප්ත විද්‍යාවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනුයේ දරුවා විභාගයෙන් සමත් කරවීමේ අවශ්‍යතාව හෝ අරමුණට වඩා සෙසු බොහෝ දරුවන් අතරින් තම දරුවාට කිසියම් සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර දීමේ ආශාව නිසා නොවේද?

ඒ අනුව මා ඉහත සඳහන් කළ ගුප්ත ශාස්ත්‍රයන් කෙරෙහි මිනිසා ස්වභාවිකවම නැඹුරු වීමට ඉවහල් වන ප්‍රධානතම හේතුව ලෙස මා දකිනුයේ ගුප්ත භීතිය, අනාගත භීතියටත් වඩා ජීවිතයේ විවිධ කරුණු සම්බන්ධයෙන් මිනිස් මනැසේ නිරතුරුවම රැඳී පවත්නා අසංතෘප්තතාවය (unsatisfactoriness) යි.

නමුදු මෙය හුදු ඒ ඒ පුද්ගලයාගේ පෞරුෂය මතම පදනම් වූවක් නොවේ. ඔහු ජීවත් වන සමාජ ආර්ථික සංස්කෘතික පසුබිම තුළින් ද මෙම ගුප්ත විශ්වාසයන් හි උච්චාවචනය සඳහා සෘජු බලපෑමක් එල්ල කෙරේ. ලෝකයේ සෑම ජන සමාජයකම මිනිසා සතු මෙම සහජ ගුප්ත ලෝලීත්වය එකසේ බලාත්මක නොවීමේ ප්‍රධාන හේතුවද එයයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sigmund Freud, Beyond the Pleasure Principle, Natural History of Religion, David Hume, Superstitious Beliefs, Religions, Rituals, Astrology, Bali Thowil, Gods and Demons
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
අදහස්
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
වෙසෙස්
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
අදහස්
මහින්ද රාජපක්ෂ ජනපති අකාලයේ ගෙදර යැවූ කේන්දර සුමනේගේ ඉළ ඇදෙන අනාවැකි
තවත් වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook