Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
බූන්දි, 20:32:59
"ගැටුම්" යනු මානව පරිණාමය වෙනුවෙන් තීරක කර්තව්‍යයක් සිදුකළ ක්‍රියාවලියකට තැබෙන නාමයකි. අනෙකුත් සතුන්ගෙන් වෙනස්ව සීඝ්‍ර පරිණාමයක් අත්කරගත් මිනිසා, "ගැටුම්" කෙරෙහි වඩාත් ක්ෂණික මෙන්ම නිර්මාණාත්මක ප්‍රතිචාරයන් දැක්වීමට සමත් විය. සොබාදහම සමග වන ගැටුම්, අනෙකුත් සතුන් සමග වන ගැටුම්, සිය වර්ගයා අතර වන ගැටුම් බොහෝ සුලබ වන්නට ඇතැයි අනුමාන කළ හැක. මෙකී ගැටුම් වලට දැක්වූ ප්‍රතිචාරයන් වල සාර්ථකත්වය හේතුකොටගෙන මානව වර්ගයා අතිශය දියුණු සත්ත්ව කොට්ඨාශයක් බවට පත්ව ඇත. එහෙත් ගැටුම් හමාරවී නොමැත. සමාජ, දේශපාලනික, සංස්කෘතිකමය වැනි මානව සමාජයීය කාරණා මෙන්ම පුද්ගල අභ්‍යන්තරික මනෝමය කාරණා, හැගීම් දැනීම් වැනි පුද්ගල සංජානන කාරණා හේතුකොටගෙන ඇති වන ගැටුම් සජීවී ලෝකයක අනිවාර්ය කාරණාවන් වේ.

මානවයින් මුහුණ දෙන ගැටුම් වලට ප්‍රතිචාර දක්වීම වෙනුවෙන් "හිංසාව" භාවිතා වීම මානව ශිෂ්ඨාචාරය තරම්ම ඈතට දිවයන කාරණයකි. සැබැවින්ම ශිෂ්ඨාචාරයයේ ප්‍රගතියට සාපෙක්ෂව මානව සමාජය තුළ හිංසාවට ඇති පිළිගැනීම ද ක්‍රමිකව අවම වී ඇත. බොහෝ ආගමික ශාස්තෲවරුන් විසින් දේශනා කළ ධර්ම මාර්ගයන් හිංසාවට එරෙහි වීම මීට උදාහරණ සපයයි. ඒ අනුව කිසියම් සමාජයක හිංසාව භාවිතා වීමේ පරිමාණය එකී සමාජයේ ශිෂ්ඨත්වය මැනගැනීමට සදහා මානයක් සපයනු ලබයි.

සටහන ආරම්භයේදීම පූර්ව අනතුරු හැගවීමක් සිදුකිරීම වටී. ඉන් පළමුවැන්න නම් "අහිංසාව" නොහොත් "අවිහිංසාව" ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වෙළදපොලෙහි විකුණන වඩාත් මිළ සහිත සංකල්පයක් වීමයි. දෙවන කාරණය නම් මහත්මා ගාන්ධි මූලික කොටගෙන ඇතිවූ අවිහිංසාවාදී ව්‍යාපාරයේ දේශපාලනික මුහුණුවරයි. හිංසාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවන් තුළදී මෙකී කරුණු ද්විත්වය සම්බන්ධයෙන් ද සවිඥානික විය යුතුය. මෙම සටහන තුළ ඉහත සඳහන් කළ කරුණු ද්විත්වය පාදක කරගැනීමක් සිදුවන්නේ නැත.

මුද්‍රිත මාධ්‍යයෙන් විද්‍යුත් මාධ්‍යය වෙත සංක්‍රමණය වීමත් ඉන් පසුව අන්තර්ජාලයේ ව්‍යාප්තිය ඔස්සේ වෙබ් අඩවි සහ සමාජ ජාලා වෙබ් අඩවිවල නැගීමත් ඔස්සේ ප්‍රවෘත්ති ගලා යාමේ වේගය වඩ වඩාත් තීව්‍ර වී ඇත. ඊට සාපේක්ෂව සිදුවූ තවත් දෙයක් නම් යම් යම් ප්‍රවෘත්ති අතිශෝක්තියට නැගීමයි. කෙසේ නමුත් සමස්ත සමාජ හැසිරීම දෙස විමසා බැලීම සදහා මෙකී මාධ්‍ය හැසිරීම උදව්වක් සපයනවා විනා නිශේධනාත්මක බලපෑමක් සිදුකරනවා අඩුය.

පසුගිය කාලය පුරාවට ශ්‍රී ලාංකික මාධ්‍ය තුළින් වඩාත් ප්‍රචලිත වූ ප්‍රවෘත්ති දෙස විමසීමේදී දැකිය හැකි පොදු ලක්ෂණයක් නම් ඒවායේ හිංසාකාරී බවෙහි වන නොදැමුණු බවයි. ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන වලින් සමන්විත මෙකී ප්‍රවෘත්ති සමාජය කම්පනය කිරීමට සමත් වූවත් ඊට පිළිතුරු සෙවීමෙදී හැඟීම්බර අදහස් දැක්වීම් සහ දේශපාලකයන්ගේ කලදුටු කල වලඉහ ගැනීමේ ප්‍රතිපත්ති වලින් එහා ගිය ව්‍යූහාත්මක තලයට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රතිපත්ති සැකසීමක් සිදුවූ බවක් පෙනෙන්නට නැත.

පසුගිය දිනවල රටම කැලඹීමට පත්කළ සේයා සදෙව්මිණි නම් දැරියගේ ඝාතන සිද්ධිය සිද්ධි අධ්‍යනයක් ලෙස යොදාගතහොත් ලංකාවේ සමාජ, සංස්කෘතික, දේශපාලනික පැතිමානයන් ගණනාවක ස්වරූපය නිරීක්ෂණ කිරීම වෙනුවෙන් යොදාගැනීමට තරම් උදාහරණ සපයයි. ඒවා අතරින් කිහිපයක් පහත දැක්වේ.

1. ළමා අපහරණය, හිංසනය සහ ඝාතනය වීම. ළමා අපහරණයන් ඛේදවාචකයකින් කෙළවර නොවූයේ නම් වාර්තා වීම සහ දඬුවම් ලැබීමේ සම්භාවිතාව.

2. ළමයින් වැනි සංවේදී කාරණාවන් සම්බන්ධයෙන් පවා මාධ්‍ය භාවිතය කොතරම් සදාචාරාත්මක ද යන්න.

3. සැකකරුවෙකු හට නීතියෙන් වරදකරු වනතෙක් ලැබිය යුතු අයිතිවාසිකම් සහ ඒවා නෛතිකව ස්ථාපිත ද යන වග.

4. ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණය වනවාට වඩා අමතරව මාධ්‍යකරණයට ලක්ව ඇතිවා ද යන ප්‍රශ්ණය. මන්ද ඔවුන් විසින් අපරාධ පරීක්ෂණය කිරීමට උත්සාහ ගන්නවාට වඩා පුවත් මැවීමට කරන උත්සාහය මේ වන විට පෙනෙන්නට තිබීම.

මෙකී සිද්ධිය අරභයා විශ්ලේෂණයන් ගණනාවක් සිදුකර ඇති අතර, තව තවත් ඉසව් ගණනාවක් ආවරණය කිරීමට ද හැකියාව ඇත. එසේ වුවද අවසාන වශයෙන් මෙකී කතිකාවන්හි අරමුණ විය යුත්තේ සමාජයක් ලෙස අප විසින් අත්දකින නිශේධනාත්මක තත්ත්වයන්ගෙන් සමාජය විතැන් වීමයි. එය පුද්ගල වශයෙන්, සමාජයක් වශයෙන් මෙන්ම ආයතනික වශයෙන් එකී නිශේධනීය තත්ත්වය වෙනස් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම දක්වා ගිය කර්තව්‍යයක් විය යුතුය. නොඑසේ නම්, අවසාන වශයෙන් ඉතිරිවන්නේ අපතේ ගිය වචන ස්වල්පයක් පමණි. මෙම සටහනින් උත්සාහ කෙරෙන්නේ මෙම සිද්ධිය ඇසුරෙන් සමාජයක් ලෙස අප කොතෙක් "හිංසනය" සම්බන්ධයෙන් සංවේදී ද යන්න විමසා බැලීමටයි.

සේයා සදෙව්මිණි දියණියගේ ඝාතනය සහ ඊට පසු ක්‍රියාකාරීත්වය දෙස නැවතත් හැරී බලමු. ඝාතනයට පෙර සිදුවීම් පිළිබඳව නිශ්චිතම කිවහැකි සිද්ධි දාමයක් ප්‍රකාශ වී නොමැති නිසා දැනට පූර්ව ඝාතන සිද්ධීන් අතහැර දැමීමට සිදුවේ.

1. සේයා දැරිය අපහරණයට ලක්වීම සහ ඝාතනය වීම

2. ඝාතනය සදහා ඔහුගේ දෙමාපියන්ගේ සම්බන්ධයක් ඇතැයි කසුකුසුවක් ඇතිවීම. මේ නිසා ඇයගේ පියාට විවිධාකාරයේ තර්ජන වලට මුහුණ දීම සහ අපවාද වලට මුහුණ දීමට සිදුවිය.

3. දැරිය ගේ පියාගේ ප්‍රකාශයකින් පසු ඔහු පිළිබඳව සමාජ සැකය දුරු වූ අතර, අසල්වැසි පුද්ගලියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතරින් එක් අයෙකු පාසැල් ශිෂ්‍යයෙකි.

4. අසල්වැසි පුද්ගලයින් දෙදෙනාගේ ඩීඑන්ඒ පරීක්ෂාවෙන් පසු ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලද අතර, කොන්ඩයා යැයි ප්‍රසිද්ධ තවත් පුද්ගලයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මකය.

ළමා අපචාර, හිංසනය සහ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය

ළමා අපචාර සහ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් වන සැලකිය යුතු සමාජ විරෝධයක් පසුගිය කාලය පුරාවට දක්නට ලැබිණි. මෙම දැරියගේ ඝාතනයටත් පෙර සිටම මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර ඊට වෙබ් මාධ්‍යයෙන් ද සැළකිය යුතු දායක්තවයක් ලැබුණි. "වෛරයෙන් වෛරය නොසන්සිදේ" ලෙස බහුතර ආගමේ ශාස්තෲවරයා දේශනා කළ රටක, පුරවැසියන් වෙතින් අදාළ නිශේධනාත්මක ක්‍රියාකාරීත්වය කෙරෙහි පළවුණේ හුදු වෛරීසහගත ආකල්පයක්ම පමණි. වෛරයෙන් වෛරය සන්සිදුවීම සදහා නීතිය භාවිතා කිරීමට අදහස් පෙළ ගැස්වීමකි. ළමා අපචාර සහ ඝාතන මෙන්ම සමාජ විරෝධය එල්ල වී තිබූ මත්කුඩු සහ පාතාල ලෝකය සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වීමේදී, බොහෝවිට සැකකරු නීතියට පැමිණවීමටත් පෙරම ඝාතනයට ලක්වුණි. වඩාත් ඛේදජනක වන්නේ මේ සඳහා වන සමාජ පිළිගැනීමයි. එක් පසෙකින් නීතිය වෙත ඇති අවිශ්වාසය සහ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වන අනවබෝධය නිසා ශිෂ්ඨ සමාජයකට නොගැලපෙන තරමේ හිංසාවට ඇති පිළිගැනීමක් ලාංකික සමාජය තුළ ගොඩනැගුණි. ප්‍රතිඵලය වූයේ අදාළ සිද්ධි තුළින් ඉස්මතුවන සමාජ ප්‍රතිරෝධය අවසාන වශයෙන් ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් භාවිතා කරනවා වෙනුවට, තවත් මනුෂ්‍ය ඝාතනයක් මගින් සියළු කටයුතු අවසාන කර ගත යුතුය යන මානසිකත්වයකට තල්ලු ව යාමයි. මෙහි පසුපස ඇති ඛේදය නම්, අදාළ සිද්ධිය සිදුවනවාටත් වඩා සමාජ පරිහාණියක් කරා සිද්ධිය අවසානයේ දී සමාජය ගමන්කිරීමයි. එනම් "හිංසනය" අධිවේගයකින් සමාජගත වීමයි.

සැකකරුවෝ ද මනුෂ්‍යයෝය!

සිරකරුවන් හට සිදුවන සමාජ අසාධාරණය නිසාවෙන් "සිරකරුවෝ ද මනුෂ්‍යයෝය"යැයි වැලිකඩ සිර කඳවුරේ තාප්පයක කොටා ඇත. වැලිකඩ සිර කඳවුරේ සිරකරුවන්ට 'මනුෂ්‍යයින්ට' මෙන් සලකන ආකාරය 2012 දී අප අත් දුටුවෙමු. සිරකරුවන්ට කෙසේ වෙතත් සැකකරුවන් හට මුහුණ පෑමට සිදුව ඇති ඛේදවාචකය පිළිබදව උදාහරණ ඕනෑවටත් වඩා පසුගිය කාලය පුරාවට දැකගත හැකිවිය. පෙර සඳහන් කර ඇති පරිදි මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය සහ පාතාල ලෝකය හා සම්බන්ධ සිදුවීම් වලට සැකසහිත පුද්ගලයින් අතිවිශාල ප්‍රමාණයක් පසුගිය වසර ගණනාව පුරා එළිපිට ඝාතනය විය. 88/89 ජවිපෙට සම්බන්ධ වූවන් හෝ 2009න් පසු එල්ටීටීඊයට සම්බන්ධ සැකකරුවන් හමුදා හෝ පොලීසි අත්අඩංගුවේදී ඝාතනය වීම් ගැන කොතරම් තර්ක විතර්ක දැමූවත්, දකුණේ සිදුවූ අතිවිශාල ප්‍රමාණයක් සැකකරුවන් ඝාතනවීම් සිදුවූයේ එළිපිටමය. ඒවා පිළිබද කිසිදු වග විභාගයක් හෝ කරුණු දැක්වීමක් සිදුකිරීමට පොලීසිය හෝ රජය පියවර ගත්තේ නැත. මෙකී සියළුම දෙනා ඝාතනය වීමට හේතුව වී තිබුණේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගොස් පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කිරීම හෝ පැනයාමට උත්සාහ කර දියේ ගිලී මියයාමය. ව්‍යාපෘති වාර්තාවක් හරහා මුදල් කිරීමට නොහැකි නිසාවෙන්දෝ මානව හිමිකම් සංවිධාන, මත්ද්‍රව්‍ය හෝ පාතාල සැකකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේ නැත.

සේයා දැරියගේ ඝාතනයේ දී සැකකරුවන් ලෙස සමාජ ගතවු පුද්ගලයින් වූ ඇයගේ දෙමාපියන්, පසුව අසල්වැසි පුද්ගලයින් විසින් සැඟව තැබූ ආයුධ පෙන්වීමට නොගියත්, ඔවුන්ව සාමාජයීය ලෙස ඝාතනයට ලක්ව තිබුණි. විශේෂයෙන් පාසැල් වයසේ සිසුවාගේ පරිගණකයේ තිබූ නිල් චිත්‍රපට නිසා ඔහු ඝාතනයට වගකිවයුතු යැයි මතයක් සමාජය තුළ ස්ථාපිතව තිබුණි. තමන් පිළිබඳව තිබූ සැකය දුරුකොට නැවත සමාජයට පැමිණි ඔවුන් හට සමාජයෙන් ගෙවිය යුතු වන්දිය කවරක් විය යුතුද? සාමාන්‍ය ජීවිතයක් ගෙවූ පාසැල් වයසේ තරුණයෙකු වෙත දහසක් අපවාද එල්ල වූ පසු ඉන් නිදහස් වූවත් එමගින් ඔහුගේ ඉදිරි ජීවිතයට ඉන් සිදුවන බාධාව පිළිබදව කවුරුන් හෝ සංවේදී වේද? වෛරයට ලක්කිරීමට, අපවාද එල්ලකිරීමට, හිංසනයට පත්කිරීමට මතුවූ සමාජ නැමියාව, ඔවුන් කෙරෙහි මනුෂ්‍යයින් ලෙස සහකම්පනයෙන් යුතු බැල්මක් නොහෙලන්නේ ඇයි?

එල්ලුම් ගස

අරාබියේ මෙන් ගල්ගසා මැරීමට, එල්ලුම් ගස නියම කිරීමට සාමාන්‍ය ජනතාව අතර කතාබහ මතුවූයේ එක්තරා දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙතෙක් නූගත් ජනකොටස් අතර කතිකාවක් වූ එය දැන් නූගත් ජනතාව පත්කර යැවූ නූගත් දේශපාලකයින් කරතබා ගෙන යයි. රාජපක්ෂ රෙජීමය විසින් සිදුනොකළ එකම යැයි කිවහැකි හිංසාකාරී ප්‍රතිසංස්කරණය වූ "එල්ලුම් ගස" ඔහුගේ චින්තනයේ මගගත් අයවළුන් විසින් ක්‍රියාත්මක නොකරන්නේ යැයි බලාපොරොත්තුවිය නොහැක.

මානව සමාජයේ සමාජයීය, සංස්කෘතික, දේශපාලනික ගැටළු ගණනාවක වර්ධනයක් ලෙස හිංසනයට සමාජය තුළ වැඩි පිළිගැනීමක් ලැබේ. එය මානව ශිෂ්ඨත්වයට එරෙහි විකෘති තත්ත්වයකි. වඩ වඩාත් දියුණු මානව සමාජයන් තුළ හිංසනයට ලැබෙන පිළිගැනීම ක්‍රමිකව අවම වෙමින් පවතී. වරදකරුවෙකුට දඬුවම් කිරීම සදහා වසර දහස් ගණනක් යොදාගත් දඬුවම් ක්‍රමයක් වූ "මරණ දඩුවම" මානව සමාජය තුළින් ප්‍රතික්ෂේප වන්නේ ශිෂ්ඨත්වයේ ප්‍රසාරණයත් සමගිනි. අදාළ දඬුවම අහෝසි කොට දශක ගණනකින් පසු නැවත හඳුන්වාදීමට යන්නේ නම් එයින් කෙරෙන ඇඟවුම අශිෂ්ඨත්වය දෙසට නැවත සමාජය තල්ලු කිරීමයි.

හිංසාවට එරෙහි සමාජ ව්‍යාපාරය

සමාජය තුළ හිංසාව වැඩිවශයෙන් ස්ථාපිත වීම, හොරකම් මංකොල්ලකෑම් වැඩිවීම, පාතාල ලෝකය ව්‍යාප්තවීම සමාජයේ ව්‍යුහාත්මක තලයේ වන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. වඩා යහපත් සමාජයක් බිහි වන්නේ මෙකී ගැටළු තේරුම්ගෙන ඒවාට පිළියම් සෙවීම තුළිනි. සමස්ත සමාජ ක්‍රමයම විකෘතිවී ඇති තත්ත්වයක එකී සමාජ ක්‍රමයම වෙනස්කිරීම වෙනුවෙන් වූ සමාජ ක්‍රියාකාරීත්වය මෙන්ම මානව සමාජය තුළ මතුව ඇති විකෘතිතා වෙනස්කරලීමට ද අරගල කළ යුතුය. සේයා දියණියගේ ඝාතනයත් සමග පිබිදී ඇති මහජනතාව හුදු ඝාතනයකට වගකිව යුතු පුද්ගලයා ඉලක්කකරගත් වෛරී සහගත ව්‍යාපාරයකට එහා ගොස් සමාජ වෙනසක් වෙනුවෙන් වන මහජන ව්‍යාපාරයක් බවට පත්කරගැනීම අත්‍යවශ්‍යය. තවත් එවැනි ඝාතන සිදුනොවන්නේ එවැනි තත්ත්වයක් තුළය. සේයා දැරිය ඝාතනය වන්නේ බස්වල කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරන සමාජ මූලයක් තුළින්ය. කාන්තාවන්ගේ ලිංගික අපචාර කිරීම පිරිමිකමක් ලෙස තක්සේරුකර ඇති සමාජයකය. පාසැල්වලට ළමුන් ඇතුලත් කරගැනීමේ සිට බැංකු ණය මුදල් ලබාගැනීම්, ආයතන වල උසස්වීම් වෙනුවෙන් ලිංගික අල්ලස් ඉල්ලන සමාජයකය. අවසාන වශයෙන් සමාජය යහපත් කිරීමට ධර්මය දේශනාකරන ආගමික සංස්ථාවල ළමා ලිංගික අපයෝජනයන් සිදුවන සමාජයකය. කුඩා ළමුන් අපයෝජනයට ලක්වන්නේ, ඝාතනය වන්නේ මෙවැනි වටපිටාවක මිසෙක හුදෙකලා සිදුවීම් ලෙස නොවේ.

මේ සියළු පැතිකඩයන් වෙත අභියෝග කරන සමාජ ව්‍යාපාරයකට අවශ්‍ය ආවේගය, ශක්තිය අවාසනාවන්ත ඝාතනයකින් පසු සමාජයට ලැබී ඇති මොහොතක එය හුදු 'එල්ලුම් ගස'කට ලඝු කිරීම තව තවත් පරිහාණියේ විෂම චක්‍රයට සමාජය හසුකරලීමකි. වඩා යහපත් සමාජයක් වෙනුවෙන් එකතු වෙනවා ද නොඑසේ නම් හුදු පුද්ගලයින් කිහිප දෙනෙකු මගින් වෛරය පිරිමසා ගන්නවා ද යන්න සමාජය විසින් තෝරාගත යුතු තීරණාත්මක තත්ත්වයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sexual violence against Women and Children in Sri Lanka, Death Penalty, Child abuse, Maltreatment, Seya Sadewmini
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ?
අහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන්දැයි හැඳින්නා ද ඔබ? මා කියන්න අසන්න. සිතිවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනක ද යම් විටෙක ද ඉඩ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook