Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
අම්මා
බූන්දි, 21:56:35
මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුළේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කළේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුණෙ නැහැ.

හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ දවසෙන් දවස මරණයේ දෙඅත්, වෙත ළඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමි වීමේ වේදනාව හුළඟක් වගේ අපි වටේ වියරුවෙන් කැරකෙනකොට මමත්, ජේම්සුත් වියැලී ගිය තුරුපත් දෙකක් වගේ විකල්ලෙන් ජීවිතය බදා ගෙන උන්නා.

ජේම්ස්, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පොරෝණා තට්ටු තුනක් ඇතුළට කිඳාබැහැලා, බෙහෙත් සැරට වේළිලා ගිය ඇස්වලින්, දිගටම ඉටිපහන් රුකේ මළානික කහ එළිය දිහා බලාගෙන උන්නා.

*******

"අම්මේ.."

පුතාගෙ කටහඬින් මම පියවි ලෝකෙට කඩාපාත් වුණා. අර සීතලම සීතල නොවැම්බරයටත් වඩා මූසල වර්තමානයේ මට අකැමැත්තෙන් වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබුණෙ ජේම්ස්ගේ කුඩා ආකෘතිය, මගේ පුතා නිසයි.

ලිපේ තිබුණු පාස්තා බඳුනේ වතුර උණු වෙලා බාගයක්ම පිටතට උතුරලා ගිහින්, ඒත් පුතා ලිප නිවා දානකම් ගින්දර නිමිලා ගිහින් තිබුණෙ නෑ.

මට වුවමනා උනා මගේ පුංචි ජේම්ස්ට හැම දෙයක්ම කියන්න. හැම දෙයක්ම කෑගහල කියන්න. එයා කෑම මේසෙ පුටුවක වාඩි වෙලා කුතුහලයෙන් දැවෙන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා. ඒ ඇස් දිහා තවදුරටත් කෙලින් බලන් ඉන්න හයියක් නැති වෙද්දි, හදවතේ වේදනාව ඇස් වලින් වාන් දමන්න කලියෙන් මම අනිත් පසට හැරිලා ලිප පත්තු කලේ අරමුණකින් තොරව.

*******

ජේම්ස්ගේ බෙහෙත් ටික අරන් එන්න එදා හැන්දෑවේ නගරයට ගිය ගමනත්, ඒ ගමනෙදි මුණගැහුනු ස්මිත් මහත්තයත්, ගිලිහිලා වැටෙන්න නියමිතව තිබුණු අපේ ජීවිත වලට එළියක් ගෙනාව කියලයි මම විශ්වාස කළේ. ස්මිත් මහත්තයාගෙ සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාවකට යන්න ජේම්ස් අකැමැත්තෙන් කැමැත්ත දුන්නේ, එයා, දේවදූතයෙක් විදියට වළාකුළු අතරට නික්මෙන්න කලින් ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් වගේ, තව වැඩිපුර දවස් කීපයක් හරි මහපොළව මත ඇවිද යන්න ආසාවෙන් පෙළුන නිසා.

හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. රැකියාව අමිහිරි වුණත් ඒ ඇතුළෙන් මතුවුණේ බලාපොරොත්තුවේ උණුහුම. ජේම්ස් දවසෙන් දවස සුව අතට හැරෙමින් හිටියා.

"මේ ගෙවෙන්නේ අපේ ජීවිත වල දෙසැම්බරය ජේම්ස්" මම කිව්වේ එහෙම. "බලන බලන අත ඔයාට පෙනෙනව ඇත්තෙ දණක් උසට හිම කඳු. සීතලෙන් තොල් පුපුරු ගහනවා තමයි. ඒත් මේ තමයි නත්තල් මාසය. අහන්න, බලාපොරොත්තුවේ උණුහුමෙන් මගෙ හදවත ගැහෙන හැටි." ජේම්ස් අඩවන් දෙනෙතින් යුතුව මගේ පපුවට හිස තියාගෙන උන්නේ පොඩි දරුවෙක් වගේ.

හැමදේම යහපත් අතට හැරෙමින් තිබුණා, ස්මිත් මහත්තයාගෙ බාල පුතා ග්‍රෙගරි අලුත් ව්‍යාපාරයකට අත ගහනකම්.

ඒ ව්‍යාපාරය අපේ කුඩා නගරයට අලුත්. මටත්, මාෂාටත්, සාරාටත් සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාව අතහැරලා ග්‍රෙගරි මහත්තයාගෙ අළුත් ව්‍යාපාරයේ රැකියාවට සම්බන්ධ වෙන්න අණ ලැබුණෙ නොසිතූ විදියට. ස්මිත් මහල්ලා කිව්වේ කිසි කෙනෙකුට අපේ අනන්‍යතාවය හෙළි නොවෙන බව. අපි ඔහුව විශ්වාස කලා. ඔහු අපේ ස්වාමියා නිසා, අපිට ස්මිත් පවුලෙන් කිසිම අවැඩක් සිද්ධ නොවෙන වග අපි තදින්ම විශ්වාස කලා.

රැකියාව අහිමිවීමත්, අලුත් රැකියාව ගැනත් තොරතුරු, මඳින් මඳ සුව අතට හැරෙමින් සිටි ජේම්ස්ගෙන් වසං කරන්න මම ප්‍රවේසම් වුණා. පොඩි දරුවෙක් වගේ සුළු දේකිනුත් සැලෙන ජේම්ස්ගේ මානසික තත්වය ස්ථාවරව තබා ගනිමින් ඔහුව ඉක්මනින් සනීප කරගන්නයි මට වුවමනා වෙලා තිබුණේ.

*******

මම ගෙදර පිටුපසට වෙන්න පැල කර ඇති ගෙරේනියම් මල් මුහුණු අතගාමින් එතැන බිම වාඩිවුණේ මතක සෙවණැලි වල පීඩාව ඉවසා ගන්න බැරිම තැන.

"පාහර බැල්ලී!" ජේම්ස්ගේ පා පහරවල් වලින් නිරුවත් කළවා සහ නිතඹ පුරා සීරුම් පහරවල් නැගෙන්නට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. ඊගාවට ඔහුගේ පය එසවුණේ මගේ උදරයට ඉහළින්.

"දරුවා...! මගෙ දරුවා...! මේ ඔයාගෙම දරුවා...!"

මම දෑතින්ම කුස ආවරණය කරගෙන විලාප දුන්නේ පිස්සියෙක් වගේ. ඒ, දැන් මට පිටුපසින් එළිමහන් බංකුව උඩ වාඩිවෙලා වරින්වර මා දිහාවට අමනාප බැල්මන් විසිකරන මගේ පුංචි ජේම්ස් පැටියාව බේරගන්න.

එදා ඉඳන් අද දක්වාම, හැම ස්නානයක් අතරෙම මම වියරුවෙන් වගේ ගෙල පිටුපස සිට පියයුරු හරහා කළවා දක්වාම අතුල්ලන්නේ ඒ අමිහිරි සළකුණ මකා දමන්න. ඒත් අවසානයේ ඉතිරි වෙන්නේ මල් පෙති මත සිහින් සීරුම් රැසකුත්, තැනින් තැන නැගෙන ලේ බින්දු කිහිපයකුත් පමණයි.

මල් අත්තක පැටලුණු දිගු ගවොම් සාය ඉහළ එසවුණ සැනෙන් මම සර්පයෙක් දෂ්ඨ කලාක් මෙන් තැතිගැන්මෙන් දෙපා ආවරණය කරගත්තේ පුංචි ජේම්ස් දෙස යටැසින් බලමින්. තදින් හිත රිද්දවාගෙන, ගෙරේනියම් මලක් පෙත්තෙන් පෙත්ත සිඳ දමමින් හුන් මගේ පුංචි පුතා ඒ ගැන තැකීමක් කලේ නෑ.

ඔහු මේ අඳුරු හෙවණැලි නොදැකිය යුතුයි. කවදාවත්ම!

*******

මගේ පුංචි පුතා බයිසිකලය තල්ලු කරගෙන ගේ දිහාවට ඇවිද ගෙන එනවා. ඔහු මගේ සැමියා වගේමයි. බැස යන හිරුගේ අවසන් කිරණ කිහිපය ඔහුගේ රන්පැහැති හිසකෙස් මත පතිත වෙලා දිස්නෙ දෙනවා. ඔහු තවදුරටත් පුංචි කොලුපැටියෙක් නොවෙන බවත්, තාත්තා වගේම කඩවසම් ගැටවරයෙක් බවට වැඩී ඇති බවත් මට අවබෝධ වුණේ ඒ වෙලාවෙ.

ජේම්ස් පොත් මිටිය සාලයේ ටීපෝව මත තියලා වචනයක්වත් නොදොඩාම නාන කාමරයට වැදුණා. ඒ ඉසිඹුවේදී මම ඔහුගේ පාඩම් පොත් පෙරළමින් එහි වූ වටකුරු අත් අකුරු අතගාන්නට වුණේ මහත් ආශාවෙන්.

එක්වරම පොත් අතර වූ ප්ලාස්ටික් කවරයක් බිම වැටුණා.

"සර්ප නළඟන" යනුවෙන් ඇල අකුරෙන් සටහන් වුන ඒ නිල් චිත්‍රපටි තැටියේ කවරය මට හඳුනාගන්න අපහසු වුනේ නැහැ. මම එය අහුලාගෙන නොපිට පෙරලා බැලුවා. "ග්‍රෙගරි ස්මිත් - පෞද්ගලික පිටපත් එකතුව" යනුවෙන් කුඩා වැල් අකුරෙන් එහි පිටුපස සටහන් වී තිබුණා.

*******

මම නැවත වරක් සීඩී කවරයේ උන් තරුණ කාන්තාවගේ ගෙල, පියොවුරු සහ නිතඹ වසා පැතිරුණු මල් මෝස්තරයකින් යුතු පච්චය වටා අතැඟිලි දිවෙව්වා. උසැති වීදුරු දර්පණයෙන් දිස්වෙන කාන්තාව තරමක් මහළුව, බොහෝ විඩාපත්ව, මදක් වෙනස්ව දිස්වුණත්, සිරුර වසාගෙන සර්පයෙක් මෙන් එතී ගත් පච්ච සළකුණ මදක් හෝ වෙනස් වී තිබුණේ නෑ.

කටුක ගන්ධයෙන් යුත් තෙල් වලින් සිරුර නැහැවෙද්දී මම ඉක්මනින් ලයිටරය දැල්වූවා. විවර කවුළුවෙන් හමා ආ මූසල නොවැම්බර් සුලං රැල්ලකින් පණ ලද ගිනි දළු වහ වහා මගේ නිරුවත් සමට කාවැදුනු පච්චයේ මල්පෙති රටාව ලෙවකමින් ඉහළ නගින්නට වුණා.
Photo credit- Rob Lee / Foter / CC BY-ND
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Ketikatha, Sri Lankan Fictions
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook