Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ස්වෙට්ලානා ඇලෙක්සේවිච්- ඉතිහාසයේ මිනිස් මුහුණුවර සොයමින් නොබෙල් තෑග්ග දක්වා
බූන්දි, 00:05:09
බෙලරුසියන් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන, ස්වෙට්ලානා ඇලෙක්සේවිච් මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

ස්වීඩන ඇකඩමිය 2015 සාහිත්‍ය ත්‍යාගය නිවේදනය කළේ, ස්වෙට්ලානාගේ බුහුවිධ ලිවීම් සමුදාය අපේ කාලයේ විඳවීම් සහ ධෛර්යය මූර්තිමත් කෙරෙන සිහිවටනයක් වීය යන ඇගයීමත් සමගයි. මෙම ගෞරවනීය ත්‍යාගයෙන් පිදුම් ලද 14 වැනි කාන්තාව ඇයයි. ඇයට පෙර කාන්තාවක විසින් මේ ත්‍යාගය දිනා ඇත්තේ 2013 වසරේදී. ඒ කැනඩාවේ ඇලිස් මුන්රෝ විසින්.

ත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින් ඈ පවසා සිටියේ එමගින් ඈ තුළ සංකීර්ණ හැඟීමක් ඇති කළ බවයි. "එක්වරම මට සිහි කැඳවූයේ ඉවාන් බුනින්, බොරිස් පැස්ටනක් බඳු මහා නම්." ස්වෙට්ලානා පැවසූවේ මින් පෙර නොබෙල් ත්‍යාගය දිනූ රුසියානු ලේඛකයන් සිහිගන්වමින්. "මේක එක අතකට හරිම අපූරු හැඟීමක්. නමුත් එය එක විදිහක පුංචි කරදරයක්!" ස්වීඩන් ක්‍රෝනා අට මිලියනයක තෑග්ග විසින් සිය නිදහස මිලට ගනීවිදැයි ඇය සැක පහළ කළාය.


Photograph: Vasily Fedosenko/Reuters

Photograph: Sergei Gapon/AFP/Getty Images
ත්‍යාගය දිනූ පුවත දැන ගැනීමෙන් පසු ස්වෙට්ලානා මාධ්‍ය අමතමින්.

බෙලරුසියානු පියෙකුටත් යුක්‍රේනියානු මවකටත් දාව, 1948 දී බටහිර යුක්‍රේනයේදී උපන් ස්වෙට්ලානා, හැදී වැඩුනේ බෙලරුසියාවේ. මූලික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු, පුවත්පත් වාර්තාකාරිනියක ලෙස සේවය කළ ඈ, 1972 දී බෙලරුසියානු රාජ්‍ය සරසවියෙන් උපාධිය ලැබුවාය. ඉන්පසු, පූර්ණකාලීනව පුවත්පත් කලාවෙහි නිරත වූ ඇය වඩාත් ප්‍රකට වූයේ සිය රට මුහුණ දුන් දෙවන ලෝක මහා යුද්ධය, සෝවියට්-ඇෆ්ඝන් යුද්ධය, සෝවියට් රුසියාවේ බිඳ වැටීම සහ චර්නෝබිල් ඛේදවාචකය බඳු ඉතිහාසයේ වඩාත් නාට්‍යාකාර සිදුවීම් ගවේෂණය කරමින් සිදු කළ සම්මුඛ සාකච්ඡා තුළින්.

'යුරෝපයේ අවසන් ඒකාධිපති රාජ්‍යය' ලෙස හැඳින්වෙන බෙලරූස්හි, ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රෙජීමයේ උදහසට ලක් වූ ස්වෙට්ලානා ඇලෙක්සේවිච්, 2000 වසරේදී රට හැර ගිය අතර, ඉන් පසු ඈ ජීවත් වූයේ පැරීසියේ, ස්වීඩනයේ සහ බර්ලිනයේ. ඇය නැවත සිය රට පැමිණියේ 2011 දී.

කෙටිකතා සහ පුවත් වාර්තා රචනයේ නියැලුනු නමුත් තම හඬ ඇය සොයාගෙන ඇත්තේ "සාමූහික නවකතා" හෝ "නවල්-ඔරටෝරියෝ" නමින් හැඳින්වෙන සාහිත්‍ය ෂානරය නිපදවූ බෙලරුසියානු ලේඛක ඇලෙස් ඇඩමොවිච්ගේ ආභාෂයෙන්. ස්වෙට්ලානාගේ ශෛලිය ප්‍රබන්ධමය නොවන එහෙත් ඊට ආසන්න ලක්ෂණ සහිත වූවක්. ප්‍රබන්ධමය නොවන කෘති රචකයින්ට නොබෙල් සාහිත්‍ය සම්මාන පිරිනැමී ඇත්තේ ද විරල වශයෙන්. මින් පෙර එකී ගෞරවය ලද්දවුන් අතර බර්ට්‍රන්ඩ් රසල්, ජීන් පෝල් සාත්‍ර සහ වින්ස්ටන් චර්චිල් ද වෙති.


තරුණ ස්වෙට්ලානා [alexievich.info]

ස්වීඩන ඇකඩමියේ ලේකම් සාරා ඩේනියස් පවසන්න්නේ ස්වෙට්ලානා ඇලෙක්සේවිච් යනු සුවිශේෂ ලේඛිකාවක් බවයි.

"ගෙවුණු වසර තිහක හෝ හතළිහක කාල සීමාව පුරා ඇය සෝවියට් සහ පශ්චාත් සෝවියට් පුද්ගල චරිත යා කරමින් ඉන්නවා. එහෙත් ඒ හුදු සිදුවීම් වල ඉතිහාසය සොයා යාමක් වශයෙන් නොවේ; එය මිනිස් හැඟීම්වල ඉතිහාසය සොයා යාමක්. ඇය අපට පිළිගන්වන්නේ භාවවිෂයක ලෝකයක්. ඈ ඇගෙ පොත් හරහා ආවරණය කරන ඉතිහාස සිදුවීම්; උදාහරණයකට චර්නොබිල් ව්‍යසනය (Voices from Chernobyl), සෝවියට් ඇෆ්ඝන් යුද ගැටුම් (Zinky Boys) බඳු සිදුවීම්, සෝවියට් පුද්ගලභාවය සහ පශ්චාත් සෝවියට් පුද්ගලභාවය ගවේෂණය පිණිස ඉවහල් කර ගන්නවා. ළමුන්, ස්ත්‍රීන් සහ පිරිමින් සමග දස දහස් ගණනක් සම්මුඛ සාකච්ඡා ඇය විසින් පවත්වා තිබෙනවා. එමගින් ඈ මනුෂ්‍ය හැඟීම් සහ ආත්මයන්ගේ ඉතිහාසය අප හමුවේ තබා තිබෙනවා." සාරා පවසන්නීය.

"මම සමාජවාදය ගැන මිනිසුන්ගෙන් අහන්නෙ නැහැ. මම අහන්නෙ ආදරය ගැන, ඊර්ෂ්‍යාව ගැන, ළමා විය, මහළු විය ගැන." සිය Second-hand Time කෘතියට පෙරවදන සපයමින් ස්වෙට්ලානා ලියා තිබේ. "සංගීතය, නැටුම්, කොණ්ඩා මෝස්තර..! වැළලුණු ජීවන විලාසයන්ගේ, ගිණිය නොහැකි තරම් සුළු විස්තර.... අගණිත සංඛ්‍යාවක් මිනිස් සැබෑවන් තිබෙනවා. ඉතිහාසය වද වෙන්නේ 'කරුණු' ගැනයි; 'හැඟීම්' ඇත්තේ එහි බලපෑම් පෙදෙසින් එපිටයි. හැඟිම් ඉතිහාසය තුළට වද්දා ගැනීම නොසුදුසුයැයි සැලකෙනවා. මම ලෝකය දකින්නේ ලේඛිකාවක් ලෙසයි; ඉතිහාසඥයෙකු ලෙස නොවේ. මා වශී වන්නේ මිනිසුන්ගෙන්..!"


ස්වෙට්ලානා ඇලෙක්සේවිච්- නොබෙල් තෑග්ග දිනූ පසු

ඇගේ මුල්ම කෘතිය වූ U voyni ne zhenskoe litso (යුද්ධයට ස්ත්‍රී මුහුණක් නැත!) සඳහා පාදක වී ඇත්තේ, දෙවන ලෝක මහා යුද්ධයට සහභාගී වූ කාන්තාවන් සිය ගණනකගේ අත්දැකීම්. සාරා ඩේනියස් පවසන්නේ, එම කෘතියට කලින්, දෙවන ලෝක මහා යුද්ධය පිළිබඳව එබඳු පර්යාලෝකයකින් කළ කිසිදු ගවේෂණයක් නොමැති බවයි.

"දෙවන ලෝක යුද්ධයට සම්බන්ධව යුද පෙරමුණුවල සිටි කාන්තාවන්ගේ කතාන්දර ගණනාවක් මේ පොතෙන් කියවෙනවා. සෝවියට් කාන්තාවන් මිලියනයක් පමණ යුද්ධයට සම්බන්ධ වූ බව ඉතිහාසය විසින් අමතක කරනු ලැබ තිබෙනවා. මේ පොත සෝවියට් සංගමය තුළ අධි සාර්ථක වූ අතර පිටපත් මිලියන දෙකක් අලෙවි වී තිබෙනවා." සාරා පැහැදිලි කළාය.

Fitzcarraldo සංස්කාරක Jacques Testard ඇගේ කෘති ගැන පළ කරන්නේ මෙබඳු අදහසක්.

"එය වාචික ඉතිහාසයක්. අතීත සෝවියට් සංගමය ගැන නොස්ටැල්ජියාවක් ඒවායේ තිබෙනවා. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඈ මිනිසුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් රට පුරා ගියේ පශ්චාත් සොවියට් සාමූහික ආත්මය හඳුනාගැනීමේ අරමුණින්. සිය කෘති මගින් ඈ කූරු ගාන්නේ, තව දුරටත් නොපවතින රටක් තුළ තම ආත්මය සොයා යෑමේ අනන්‍යතා අර්බුදයක කතාන්දරයක්. එය විසිවන සියවසේ දෙවන කාර්තුවේ සිට පුටින් යුගය දක්වා දිවෙන රුසියාව පිළිබඳ ක්ෂුද්‍ර-ඉතිහාසවිෂයක සමීක්ෂණයක්."

ස්වෙට්ලානා ඇලෙක්සේවිච් සමග මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානයට නාම යෝජනා වී තිබුණු ලේඛකයන් අතර ජපන් ජාතික හරුකි මුරකාමි, කෙන්යානු ජාතික Ngũgĩ wa Thiong’o සහ නෝවීජියානු නාට්‍ය රචක Jon Fosse ද වූහ.


ස්වෙට්ලානා ඇලෙක්සේවිච්, කාබුල්හිදී, 1988
Photograph: Archive of Svetlana Alexievich


ස්වෙට්ලානා ඇලෙක්සේවිච්ගේ කෘති වලින් ගත් උපුටන කිහිපයක්-

1. War’s Unwomanly Face
2. Zinky Boys: Soviet Voices from the Afghanistan War
3. Voices from Chernobyl : the Oral History of a Nuclear Disaster -1
4. Voices from Chernobyl : the Oral History of a Nuclear Disaster -2


ස්වෙට්ලානා ඇලෙක්සේවිච්ගේ Voices from Chernobyl පාදක කර ගනිමින්, අයිරිෂ් ජාතික Juanita Wilson විසින් තැනූ කෙටි චිත්‍රපටය- මෙය 2010 ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ විය. [Youtube Link]

ඇසුර- Guardian.com, Wall Street Journal, alexievich.info, Quarts, Wikipedia
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Svetlana Alexievich, Belarusian writer, Ales Adamovich, Swedish Academy, Sara Danius, Haruki Murakami
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook