Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අකුරු ද හුස්ම ගන්නා බව සැබෑවකි..!
බූන්දි, 02:41:26
තීරු ලිපියක් යනු පුවත් පත් සඟරා තුල සුවිශේෂ අංගයකි. එහි ඇති විශේෂත්වය වන්නේ ඉතා සියුම් කාරණයක් නිමිත්ත ලෙස ගෙන ඒ වටා පාඨකයාට විසල් දැනුමක් හා අවබෝධයක් ලබා දෙන ආකාරයට රචනා කිරීමයි. මෙය පුවත් පත් කලාව තුළ විශේෂිත අංගයක් වනවා පමණක් නොව තීරු ලිපි රචනය පිළිබඳවම වෙන් වූ රචකයින් ද බිහි වී සිටී. ශ්‍රී ලංකාවේ පුවත්පත් ලෝකය තුළ දයාසේන ගුණසිංහගේ "රයිගම් රාළ", "උකුස්සා", සුන්දර නිහතමානි ද මැල්ගේ "මානිගේ තීරුව", තිඹිරියාගම බණ්ඩාරගේ "බණ්ඩාගේ වාක්‍යය", කරුණාදාස සූරිය ආරච්චිගේ "කසුරිගේ කොලම", විමලනාත් වීරරත්නගේ "විමලෙ ගේ කොලම" මෑත භාගයේ කතාබහට ලක්වූ තීරු ලිපි කිහිපයකි. නමුත් පුවත්පත් කලාව විෂයයක් ලෙස හදාරා ප්‍රවෘත්ති යනු කුමක්ද? විශේෂාංග ලිපියක් යනු කුමක්ද? කතුවැකියක් යනු කුමක්ද? තීරු ලිපියක් යනු කුමක්දැයි? නිසි ලෙස නොදැන පුවත්පත් සන්නිවේදන ක්ෂේත්‍රයට පය තබන තරුණ පුවත්පත් ලේඛකයින් සුලබ සමයක රංජිත් කුමාර සමරකෝන් නැමති තරුණ පුවත්පත් ලේඛකයා ගේ "හුස්ම ගන්න අකුරු" තීරු ලිපිය වරින් වර ලක්බිම පුවත්පතේ "N ජෙනරේෂන්" පිටුවේ කියවන්නට ලැබුණි. වරින් වර කියවූ මෙම තීරු ලිපි තුළින් සුහුඹුලේ වැඩෙන තීරු ලිපි රචකයෙකු හමු වූ අතර පසුව එය පොතක් ලෙස මුද්‍රණය කෙරුණි.

සංගෘහිත කල මෙම කෘතිය තුළ රංජිත්ගේ තීරු ලිපි රචනයේ විශේෂතා කිහිපයක් බැලූ බැල්මට හමු වේ. එක් අතකින් සිය තීරු ලිපිය රචනා කිරීම සඳහා ඔහු තෝරා ගන්නා මාතෘකාවන්ය. අනෙක් අතින් ඔහුගේ භාෂා භාවිතයයි. රංජිත්ගේ තීරු ලිපි එකතුව මූලික වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එනම්, මානව සම්බන්ධතා, මානව හැඟීම්, දේශපාලනය සහ සාහිත්‍යය කලාවන් වශයෙනි. සිය මව, පියා, ගුරුවරුන් ආදීන්ගෙන් පටන්ගෙන එම චරිත ඔස්සේ වර්තමාන සමාජයේ එවන් චරිත නවමු කියවීමකට හසු කරන්නට රංජිත් උත්සාහ ගනියි. "ඇස් රතු වෙන තාත්තලා" තීරු ලිපිය සිය දුවා දරුවන් රැක ගැනීම සඳහා ඉතා දුෂ්කර කාර්යයන්ගේ නියැලෙන තාත්ත ලා පිළිබඳ අපූරු සටහනකි. එහි අවසානය අපගේ ඇස් රතු කරන්නට තරම් සමත් වෙයි. "අම්මලා" පිළිබඳ තීරු ලිපිය ද එවැන්නකි. "ගුරු පාද පියුම් සුවඳයි" තීරු ලිපිය වර්තමාන ගුරු භූමිකාවේ නියැලෙන්නන් විසින් අනිවාර්යයෙන්ම කියවා බැලියුතු සටහනකි. දරුවාගේ කුසලතා හඳුනා ගැනීමේ ඉවෙන් තොර ගුරුවරුන් අතින් අනාගත විශිෂ්ට පුරවැසියන් ඝාතනය වීමට ඇති ඉඩකඩ පිළිබඳව මේ සටහන අපූරු කතාන්දරයක් අපට පවසයි. බිතෝවන් නම් විශිෂ්ට සංගීතවේදියා පිළිබඳව රචනා කෙරෙන තීරු ලිපිය තුලින් ඔහුගේ Für Elise නම් සංගීත ඛණ්ඩය වර්තමානයේ "චූන් පාන්" නමින් ප්‍රසිද්ධ පාන් අලෙවි වෑන් රථ සිය තේමා සංගීතය සඳහා යොදාගන්නා බව තියුණු උත්ප්‍රාසයකින් ඔහු හෙළිදරව් කරන්නේ "චූන් පාන් සහ බිතෝවන්" නැමති තීරු ලිපියෙනි.

දේශපාලනය විෂය කරගත් ඔහුගේ තීරු ලිපි වලදී ඔහු ලෝකයේ උමතු පාලකයන් ගැන කරන සටහන් අපගේ දේශපාලන ඉතිහාසයට ද මනාව ගලපා ගත හැකි වෙයි. දකුණු කොරියාවේ “කිම් ජොන් ඉල්”, උගන්ඩාවේ “ඉඩි අමින්”, ගිනියාවේ “ෆ්‍රැන්සිස්කෝ නුග්මා”, හයිටියේ “ජින් ඩුවලියර්”, ලිබියාවේ “මුහම්මර් ගඩාෆි”, ඩොමිනික් රාජ්‍යයේ “රෆායල් ට්‍රැජිලෝ”, බොලිවියාවේ “මරියානෝ මෙල්ගරේජෝ”, තුර්ක්මෙනිස්ථානයේ “සපර්මුරාට් නියාපෙව්”, ඇල්බේනියාවේ “එන්වර් හෝක්ෂා” ආදීන්ගේ උමතු පාලනයන් පිළිබඳව ඇති තීරු ලිපිය විටෙක ඇඟ කිලිපොලන සුළුය. සමාජවාදී රාජ්‍ය පද්ධතියක අද ඉතිරිව ඇති දැවැන්තයා වන චීනය පිළිබඳව සඳහන් කරන ඔහුගේ තීරු ලිපි දෙක චීනය පිළිබඳව උදම් අනන ශ්‍රී ලාංකිකයන් ගේ හිසට එල්ල කරන කුළුගෙඩි පහරක් වැන්න. චීන විප්ලවයේ නියමුවා වන මාවෝ සේතුං ගේ පෞද්ගලික ජීවිතයේ ගති සොබාව, ඔහුගේ "ගේ කුරුලු සංහාරය", "සියක් මල් පිබිදීමේ ව්‍යාපාරය" වැනි අමනෝඥ කූට සංකල්ප, පසුකාලෙක චීනයේ "තියෙන්මාන්" චතුරශ්‍රයේ සිදුකල ශිෂ්‍ය සංහාරය වැනි කාරනා චීනය පිළිබඳව නව කියවීමකට අපව පොළඹවයි. චීනය පිළිබඳව රංජිත්ගේ තීරු ලිපි කියවන විට නිරායාසයෙන් අපගේ මතකයට නැගුනේ කම්කරුවන් සූරා කන වර්තමාන චීනයේ ස්වාභාවය ගැන නිපැයුන ලික්ෂීන් ෆන් (Lixin Fun)ගේ "Last Train Home" නම් වාර්තා චිත්‍රපටයයි.

සාහිත්‍ය හා කලාව පාදක කරගෙන ඔහු ලියා ඇති තීරු ලිපි වල විශ්ව සාහිත්‍ය පිළිබඳ ඔහුගේ කියවීම හා අවධානය මනාව පැහැදිළි වෙයි. ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, පැබ්ලෝ නෙරූඩා, යසුනරි කවබතා, චීනුවා අචිබෙ, චින්ගීස් අයිත්මාතෙව්, ඇල්බෙයා කැමූ, පාවුලෝ කොයියෝ වැනි සාහිත්‍යකරුවන් මෙන්ම අකිර කුරොසාවා, බර්ග්මාන් වැනි සිනමාකරුවන් ගැන ද ඔහු තබන සටහන් පාඨකයාට නව දැනුම සම්පාදනය කරන දිය උල්පත් බඳුය.

රංජිත් කුමාර සමරකෝන් නැමති තරුණ පුවත්පත් ලේඛකයා හා තීරු ලිපි රචකයා ගේ "හුස්ම ගන්න අකුරු" තීරු ලිපි එකතුවේදී ඔහුගේ රචනා ශෛලිය ගැන ද යමක් සඳහන් කළයුතුය. ඇතැම් තීරු ලිපි වලදී ඔහු භාවිතා කරන බස එම තීරු ලිපිවල අන්තර්ගතය හා මනාව සංයෝග වේ. මව, පියා, ගුරුවරු, ප්‍රේමය, විවාහය වැනි කාරණා පදනම් කරගෙන ලියන විට ඔහුගේ භාෂාව අතිශය හෘදයාංගම සංවේදී බසක් බවට පත්වේ. එසේම ඔහුගේ බස සජීවිය. අවශ්‍ය තැනක පාඨකයාට සිය පරිකල්පනය ඔස්සේ මනෝ රූප ගොඩනගා ගැනීමට එම බස මහෝපකාරිවේ. තවත් තැනෙක ඔහුගේ බස සියුම් ඉදිකටු මෙන්ම ඊතල ද වේ. නමුදු වෙඩි උණ්ඩ බවට පරිවර්තනය නොකිරීමට ඔහු වග බලාගනී.

"දෙකේ පන්තියේදී සහලෝලා උණ ගැනී සිටියදී මවෙතින් එකවර ම පන්ති කාමරයේදී පිට වූ වමනෙ පදාසය වැටුන සාරි පොට සෝදා "පුතේ දැන් අඩු වෙයි" කී ගුරුතුමී හරි පුදුම ඉස්කෝලේ මිලානි පියතුමාගේ දියණියකැයි මට දැන් සිතේ."
(-ගුරු පාද පියුම් සුවඳයි- 19 පිටුව)

"කාලය ගෙවී ගියාම සිදුවූ තවත් දෙයක් ගැන මිතුරෙකු මෙහෙම කීවා. මර්දනය ඉවර වුනාම දහස් ගානක් මැරුණා. මැරුණ හැමෝම වගේ උපාධියක් ගන්න ඔන්න මෙන්න හිටිය අය. දවසක් මෙහෙම මැරුණ අයගේ ගෙවල් වලට ලියුම් ආවලු. ඒ ලියුම් වල තිබුණේ මියගිය දරුවා වෙනුවෙන් වැය වූ වෙඩි උණ්ඩයේ ගාන රජයට ගෙවන ලෙස කියලාලු."
(-රතුපාට චීනයේ ලේ රතුපාට වූ කතාව- 111 පිටුව)

රංජිත් සිය තීරු ලිපි අරඹන්නේ තම ජීවිත අත්දැකීමක, ඇසූ දුටු කියවූ දෙයක අංශු මාත්‍රයක් වැනි ඉතා කුඩා නිමිත්තකිනි. ලිවීමේ දී ඔහු එහි වපසරිය වැඩිකරන්නේ තමන් උකහාගත් දැනුමෙනි. තමා ලෝකය කියවන දර්ශනයෙනි. ඒවා පාදක කරගෙන ඔහු කියවීමට දොල උපදින තීරු ලිපියක් රචනා කරයි. විසල් පදාසයක් පුරා විහිදුවන සිතුවමක් බඳු මේ තීරු ලිපියෙන් අපට ජීවිතය යළි කියවා බලන්න යැයි ඔහු ආරාධනා කරයි. තොරතුරු සොයා යෑමේ නොමඩිනා ලද ආශාවත්, සාහිත්‍ය පරිශීලනයත් තීරු ලිපි රචනයේදී ඔහුට දෑගසව් වැන්න.

ඇතැම් තීරු ලිපියක් තවත් ගැඹුරින් හදාරා ලියුවේ නම් මැනවැයි හිතෙන අවස්ථා ද "හුස්ම ගන්න අකුරු" තීරු ලිපි එකතුවේ දක්නට ලැබේ. එසේම භාවාතිශය භාෂාවට වඩා ඇතැම් තැනෙක බරසාර භාෂා ව්‍යවහාරයක් කලේ නම් මැනවැයි සිතෙන තැන්ද නැත්තේ නොවේ. තීරු ලිපියක් හුදෙක් ඇසට කඳුලක් ගෙනෙන හෘදය සංවේදී බවට පමණක් සීමාවිය යුතු නොවේ. එය පාඨකයා වෙත ප්‍රඥාව කැඳවා දියුණු පුරවැසියෙකු ලෙස ඔහු වඩා හිඳුවන සමාජ ආම්පන්නයක් ද විය යුතුය. නමුත් රංජිත් වැනි තරුණ පුවත්පත් ලේඛකයෙකු යම් හැදෑරීමක් සහිතව තීරු ලිපි රචනයට පිවිසීමම අගය කළ යුතු වන්නේ එවැන්නන් කෙමෙන් වඳ වී යන සත්ව කොට්ඨාශයක් බවට පත් වී ඇති බැවිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Husma Ganna Akuru, Ranjith Kumara Samarakoon, Column Article Collection
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කපිල එම්. ගමගේගෙන් තවත් වියමන්
පොත්
ඔහු, දිගු විරාමයකින් පසුව හමුවිය යුතු කවියෙක්
පොත්
"ටිකිරිලියා තරු මැද්දේ ගියා"- පරාක්‍රම ප්‍රේක්ෂාගාරයට ගල් ගසයි..!
කවි
යෝධයාගේ උයනේ සිරවූ බිරිඳ
පොත්
ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්
පොත්
රේන්ද ගුදමින් පෙරී ආ ආදරණීය වික්ටෝරියා
තවත් පොත් බූන්දි
මී පුප් සේ රස 'හෑල්ල'
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook