Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අභිමානවත් මානසික සෞඛ්‍යයක් සඳහා....
බූන්දි, 00:14:57
ලෝක මානසික සෞඛ්‍ය දිනය, ඔක්තෝබර් 10 දිනට යෙදී ඇත. ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය විසින් 1992 වසරේ සිට සෑම වසරක ම ඔක්තෝබර් 10 ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කොට තිබේ. මෙවර එහි තේමාව වන්නේ Dignity in Mental Heath (මානසික සෞඛ්‍යය තුළ ඇති අභිමානය) යන්න යි.

Dignity හෙවත් අභිමානය යන්න සරල ව පැහැදිලි කළ හැකි නොවේ. එහෙත් එය මානව අයිතිවාසිකම් වල මූලික අංගයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පළමු වගන්තියෙහි මෙලෙස සඳහන් වේ. "All human beings are born free and equal in dignity and rights." (සෑම මනුෂ්‍යයකු ම නිදහස් ව, අභිමානයෙන් සහ අයිතිවාසිකම් වලින් සමානව උපත ලබා ඇත.) එමෙන්ම එක්සත් ජාතීන්ගේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ පූර්විකාව මෙලෙස දක්වා තිබේ. "...that discrimination against any person on the basis of disability is a violation of the inherent dignity and worth of the human" (ආබාධිත බව හේතුවෙන් කිසියම් පුද්ගලයකු කොන් කිරීමට ලක් වන්නේ නම් එය එම පුද්ගලයාට මනුෂ්‍යයකු වශයෙන් නිතැතින් ම හිමි වන අභිමානය සහ වටිනාකම උල්ලංඝනය කිරීමකි.)

ඒ අනුව සමාන ලෙස අභිමානයෙන් යුතු ව ජීවත් වීමට සෑම පුද්ගලයකුට ම අයිතියක් තිබේ. එහෙත් පුද්ගලයකුගේ ස්වයං අභිමානයට බාධා වන අවස්ථා වරින් වර ඇතිවීමත්, එවැනි අවස්ථා වල පුද්ගලයා මානසික පීඩාවකට ලක් වීමත් වැළැක්විය නොහැකි ය. විශේෂයෙන්ම මානසික රෝග වලින් පීඩා විඳින්නන්, වෙනත් ආබාධ වලින් පීඩා විඳින්නන්, ආර්ථිකමය අපහසුතා වලින් පෙළෙන්නන් සහ පහත් යැයි සම්මත වෘත්තීන්හි නිරත වන්නන් වැනි සමාජයේ නොසලකා හැරීමට හා කොන් කිරීමට ලක් ව සිටින පුද්ගලයන් මෙවැනි අවස්ථා වන්ට වැඩි වැඩියෙන් ගොදුරු වනු දක්නට හැකි ය. එබැවින් මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින තේමාව වඩාත් පුළුල් ලෙස සමාජයේ කතාබහට ලක් විය යුතු මාතෘකාවක් බවට පත් ව තිබේ.

අභිමානය යනු කුමක් ද?

අභිමානය යන්නෙන් අදහස් වන්නේ කිසියම් පුද්ගලයකුට මනුෂ්‍යයකු වශයෙන් උපතින් ම ලැබෙන අගයයි. එය ගෞරවය ලැබීම, පිළිගැනීමට ලක් වීම, ආත්ම ගෞරවය සහ ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ආදී පුද්ගල වටිනාකම් සමග සෘජු ව බැඳී පවතී. පුද්ගලයකු "අභිමානයෙන් යුතුව ජීවත් වීමට" අවස්ථාව ලබන්නේ, ප්‍රචණ්ඩත්වයෙන් හා අතවරයෙන් වැළකීමේ නිදහස, කොන් කිරීමෙන් වැළකීමේ නිදහස, ස්වාධීනව තීරණ ගැනීමේ නිදහස, සමාජීය ජීවිතයක් ගත කිරීමේ නිදහස සහ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ නිදහස යන මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව ලැබීමෙනි.

මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ අභිමානය

එහෙත් මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් බොහෝ අවස්ථා වලදී කොන් කිරීමට හා නොසලකා හැරීමට ලක් වේ. ඒ හේතුවෙන් ලොව පුරා වෙසෙන මිලියන 500 ක් පමණ වන මානසික රෝග වලින් පීඩා විඳින්නන්ගෙන් අති මහත් බහුතරය සිය අභිමානය නොසලකා හැරීමට හා පීඩාවට පත් කිරීමට භාජනය වෙති.

ඔවුන් බොහෝ විට ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ අන් සමාජයෙන් වෙන් වූ ආයතනවල ය. නැතහොත් බන්ධනාගාරවලය. එවැනි ඇතැම් ආයතන වලදී ඔවුහු විවිධ පීඩාවන්ට සහ අතවරයන්ට ලක් වෙති. නිවෙස්වල දී පවා කොන් කිරීමට සහ අවමානයට ලක් වීමට සිදු වන අවස්ථා වැඩිය. තමා පිළිබඳ තමාට ම තීරණ ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් සැලකිය යුතු පිරිසකට නිසි වෙෙද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමට අවස්ථාව නොලැබේ. එපමණක් නොව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සහ රැකියාවක් කිරීමේ අයිතිය ද ඔවුන්ගෙන් පැහැර ගනු ලබයි. මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගෙන් බහුතරයක් මුලු ජීවිත කාලය පුරාම කිසිදු අවස්ථාවක සමාජය හා ගැටීමට අවස්ථාව නොලැබූවෝ වෙති.

මානසික රෝග ඉතා පීඩාකාරී ය. බොහොමයක් මානසික රෝග ලොව වඩාත් ම වේදනාකාරී රෝග දහයට ඇතුළත් කොට තිබේ. රෝගය මගින් ඇති කරන පීඩාවට අමතරව ප්‍රජාව මගින් ඇති කරන ඉහත ආකාරයේ බරපතළ පීඩාවන්ට ද මුහුණ දීමට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට සිදු වී තිබේ. ඔවුන් ද ප්‍රජාවේ සාමාජිකයන් ය. එහෙත් ඔවුන් බොහෝ විට සලකනු ලබන්නේ තවත් මනුෂ්‍යයකුට සැලකිය යුතු ආකාරයෙන් නොවේ. එය ඔවුන්ගේ අභිමානය නැංවීමට බාධාවකි. එය පුද්ගලයා තවදුරටත් ප්‍රජාවෙන් ඈත් වීමටත්, ප්‍රජාවට ඔහුගෙන් හෝ ඇයගෙන් ලැබිය යුතු දායකත්වය නොලැබී යාමටත් හේතු වේ.

මෙය ද්විපාර්ශ්වීය වශයෙන් මුහුණ දීමට සිදු වන හානියකි. ලෝකයේ ආබධිත භාවයට පත් වන්නන්ගෙන් 30%-45% අතර සංඛ්‍යාවක් ආබාධිත බවට පත් වන්නේ මානසික රෝග නිසා ය. ඒ හේතුවෙන් ලෝකයට අහිමි වන මිනිස් පැය සංඛ්‍යාව අති මහත් ය. මෙම තත්ත්වය අවම කිරීම සඳහා විශාල දායකත්වයක් දැක්වීමට සමාජයට හැකියාව තිබේ. එහි මූලික කරුණක් වන්නේ මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ අභිමානයට ගරු කිරීමයි. එය රෝගී පුද්ගලයා සමාජගත වීම ඉක්මන් කිරීමටත්, ඵලදායි පුද්ගලයකු බවට පත් කිරීමටත් විශාල දායකත්වයක් දක්වයි.

මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ අභිමානය නැංවීමට ප්‍රජාවට කළ හැක්කේ කුමක්ද?

මූලික වශයෙන් ම ප්‍රජාව අවබෝධ කර ගත යුත්තේ රෝගය සහ රෝගියා යනු දෙදෙනෙක් බව ය. රෝගියා රෝගය නිසා පීඩාවට පත් ව සිටියි. ඔහු හෝ ඇය නිරතුරුව ම රෝගය සමග අනවරත අරගලයක නිරත වී සිටියි. රෝගියා සමාජයෙන් අපේක්ෂා කරන්නේ කොන් කිරීම හෝ වෙනස් කොට සැලකීම නොවේ. අනුකම්පාව දැක්වීම ද නොවේ. ඔහු රෝගය ලෙස නොව රෝගය සමඟ ජීවත් වන පුද්ගලයකු ලෙස පිළිගැනීම යි. රෝගය සමග ඔහු කරන අරගලයට කිසියම් සහයෝගයක් ලබා දීමයි. ඔහුගේ අභිමානයට ගරු කිරීම එහි ආරම්භක පියවරකි. ප්‍රජාවට මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන්ගේ අභිමානය ආරක්ෂා කිරීමට වෙනමම කැප විය යුතු නැත. එය පවුල තුලින් ආරම්භ කර ප්‍රජාව ද දායකත්වය දක්වන සරල ක්‍රියාකාරකම් කිහිපයකි.

පුද්ගලයකුගේ අභිමානය බිහි වන්නේ සිය නිවස තුලිනි. තම පවුලේ සාමාජිකයකු කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නේ වුවද, පියා, මව, සොහොයුරා, සොයුරිය, දුව හෝ පුතා වශයෙන් පවුල තුළ ඔහුට හෝ ඇයට පවුල හිමි ස්ථානය අහිමි නොවිය යුතුය. තමා පිළිබඳ තීරණ ගැනීමටත්, පවුල සම්බන්ධ කරුණු වලදී තම මතය ප්‍රකාශ කිරීමට සහ පවුලේ පොදු අවස්ථා වලට සක්‍රීය ව දායක වීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දීම ඔහුගේ හෝ ඇයගේ අභිමානයට ගරු කිරීමකි.

විශේෂයෙන්ම මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකුට සුවය ලැබීම සඳහා වඩාත් ම සුදුසු ස්ථානය වන්නේ සිය නිවස යි. හැකි සෑම අවස්ථාවක දීම රෝගියා නිවසේ තබා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතු ය. ඇතැම් අවස්ථා වල රෝගී පුද්ගලයන් විවිධ අසාමාන්‍ය හැසිරීම් පෙන්විය හැකි ය. ඒ ඔහු හෝ ඇය පෙළෙන රෝගී තත්ත්වය හේතුවෙනි. එවැනි අවස්ථා නිවැරදිව අවබෝධ කර ගැනීමත්, එවැනි අවස්ථා වලදී ඔවුන් පීඩාවට පත් නොකර අවශ්‍ය ප්‍රතිකාර සහ සහය ලබා දීමත්, ඔවුන්ගේ අභිමානය ආරක්ෂා කිරීමකි.

මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයන්ට ප්‍රජාවේ අනිකුත් සාමාජිකයන් හා සමාන පිළිගැනීමක් ලබා දීමත්, ප්‍රජාව තුල තම අදහස් ප්‍රකාශ කිරීමටත්, පොදු වැඩ කටයුතු සඳහා සක්‍රීය ලෙස දායක වීමට අවස්ථාව ලබා දීම මගින් ප්‍රජාවට රෝගී පුද්ගලයාගේ අභිමානය ආරක්ෂා කළ හැකි ය. මානසික රෝග වලින් පෙළෙන පුද්ගලයන් බොහොමයකට ප්‍රතිකාර ලබාගන්නා අතර රැකියාවක නිරත වීමට හෝ අධ්‍යාපනය ලැබීමට හැකියාව ඇත. එබැවින් එවැනි පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම ඔවුන්ගේ අභිමානයට ගරු කිරීමකි.

අභිමානය මානසික රෝගී පුද්ගලයන්ට පමණක් සීමා වූ දෙයක් නොවේ. සෑම පුද්ගලයකුගේම අභිමානයට ගරු කිරීමට සෑම පුද්ගලයකුටම වගකීමක් ඇත. අන් අය ඔබේ අභිමානයට ගරු කරන විට ඔබට සතුටක් දැනෙනු ඇත. එසේ නොවන විට ඕනෑම අයෙකු මානසික පීඩාවට ලක් වේ. එබැවින් අන් අයගේ අභිමානයට ගරු කරන්න. ජාතිය, ආගම, රෝගී බව හෝ වෙනත් කරුණු නොසලකා සියලු දෙනාගේ අභිමානයට ගරු කළ හැකි ප්‍රජාවක් බිහි වනු දැකීම මෙවර මානසික සෞඛ්‍ය දිනයේ අරමුණයි.

(ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනයේ 2015 මානසික සෞඛ්‍ය දින ප්‍රකාශනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 මානසික සෞඛ්‍ය දින ප්‍රකාශනය ඇසුරිනි.)

(ප්‍රදීප් ගුණරත්න, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෘත්තීය චිකිත්සකයෙකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- World Mental health Day, Mental Health, Dignity of a patient with a psychological disorder, Community's responsibility on mentally ill persons
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජුලියන් අසාංශේ කියයි.
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook