Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
රජාගෙ කකුල් දෙක, සෙන් කතා සමග තවත් පුංචි පුංචි කතා
පරිවර්තනය-
Surath | සුරත්
බූන්දි, 23:10:51
1.

ඒබ්‍රහම් ලින්කන් වරක් සිය ලේකම්වරයාගෙන් මෙසේ විමසුවා. "වලිගයක් කියන්නේ කකුලකැයි කිවහොත්, අශ්වයෙකුට කකුල් කීයක් තිබේද?"

"පහයි." ලේකම් පිළිතුරු දුන්නා.

"වැරදියි." ජනපතිවරයා කිවුවා, "පිළිතුර හතරයි. වලිගයකට කකුලකැයි කී පමණින් එය කකුලක් වෙන්නේ නැහැ."


2.

බළලුන්ට ඇති බිය නිසා ම එක්තරා මීයෙක් සදාකාලික අසහනයෙන් පෙළුණා. එක් කාරුණික මැජික්කරුවෙක් මීයාට අනුකම්පා කොට, මීයා ව බළලෙකු බවට පෙරළුවා. නමුත්, ඉන්පසු ඌ බල්ලාට බිය වුනා. එවිට, මැජික්කරුවා ඌව බල්ලෙකු බවට පෙරළුවා. එවිට ඌ අඳුන් දිවියාට බිය වීමට පටන් ගත්තා. මැජික්කරු ඌව අඳුන් දිවියෙකු බවට පෙරළුවා. එහෙත්, ඌ දඩයක්කරුවාට බිය වූවා. මෙන්න මේ වෙලාවේ, මැජික්කරු ඌව නැවත මීයෙක් බවට ම පෙරළා මෙසේ කිවුවා; "මා නුඹව මොකෙක් බවට පත් කළත් වැඩක් වෙන්නේ නැහැ; නුඹට ඇත්තේ මීයෙකු ගේ හදවතක්!"

(-ඉන්දියානු උපමා කතාවක්)


3.

ප්‍රඥාවන්ත මිනිසා උපතින් ම චාම් ජීවිතයකට කැමති බව සොක්‍රටීස් විශ්වාස කළා. ඔහු කිසිවිටෙක පාවහන් පැළඳුවේ නැහැ; එහෙත්, නිතරම වෙළඳපොළට ගොස් එහි විකිණීමට තබා ඇති පාවහන් නැරඹීමට ආශා කළා.

මිතුරෙකු ඒ මන්දැයි විමසූ විට, සොක්‍රටීස් මෙසේ පැවසුවා. "මම ආසයි එහෙ ගිහින් සොයා බලන්න, අයිති කර නොගැනීමෙන් මා මුළුමනින් ම සතුටු වන දේවල් කොපමණ තිබේදැයි කියා."


4.

සංචාරකයා- අද කාලගුණය මොන වගේ වෙයි කියලද ඔබ හිතන්නේ?

මග පෙන්වන්නා- මම කැමති විදිහෙ කාලගුණයක් වේවි.

සංචාරකයා- කොහොමද ඔබ කියන්නේ ඔබ කැමති විදිහෙ කාලගුණයක් තියේවි කියලා?

මග පෙන්වන්නා- මා කැමති දේ හැමවිටකම මට නොලැබෙන බව මා දන්නා නිසා, මට ලැබෙන දෙයට කැමති වීමට මා දන්නවා. ඒ නිසා මට හොඳටෝම විශ්වාසයි අද මා කැමති කාලගුණයක් තිබේවි කියලා.


5.

සහජයෙන් එන අසාමාන්‍ය හැකියාවක් තිබුණු විශිෂ්ට තරුණ සිත්තරෙක්, කීර්තිමත් ප්‍රවීණ සිත්තරෙකු ළඟ ශිල්ප හැදෑරීමට බැඳුණා. කල් යත්ම තරුණයාගේ නිසග කෞෂල්‍යය හඳුනාගත් ගුරුවරයා ඔහුට තදබල ලෙස ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්තා. "නෑ නෑ ඒක කරන්නෙ එහෙම නොවෙයි!" ඔහු තරුණයාට කෑ ගැහුවා. "ඔබ හරියන්නේ චිත්‍ර ඇඳීමට නොවේ ගෙවල්වල තීන්ත ගෑමටයි!" තරුණයාගේ විශ්වාසය කෙමෙන් ගිලිහෙමින් තිබුණා. ඔහු කෙතරම් හොඳින් උත්සාහ කළත්, ගුරුතුමා ඔහුගේ වරදක් සොයා ගෙන අනෙක් සිසුන් ඉදිරියේ අපහාස කළා.

දිනක්, ගුරුතුමා චිත්‍ර අභ්‍යාසය ලෙස සිසුන්ට "රන් මත්ස්‍යයෙකු" අඳින්නට නියම කළා. තරුණයා දෑස වසාගෙන තමන්ගේ මාමාගේ පොකුණේ සිටි දැකුම්කලු රන් මත්ස්‍යයෙකු සිහියට නගා ගත්තා. ඔහු එය සිත්තම් කළා.

"නෑ. නෑ. නෑ!" යටි ගිරියෙන් බෙරිහන් දුන් ගුරුවරයා, තරුණයාගේ චිත්‍රය උදුරාගෙන අසල වූ පොකුණකට වීසි කළා. එවිට, සියල්ලන් මවිතයට පත් කරමින්, සිත්තමේ සිටි රන් මාළුවා දියෙහි පීනා යන්නට පටන් ගත්තා.


6.

දවසක් ගෙඹි රංචුවක් වන ලැහැබක ඇවිදින්න ගියා. එක් වරම, ගෙම්බො දෙන්නෙක් ගැඹුරු වලකට වැටුනා. ඉතුරු ගෙම්බෝ ටික වල වටේ ඉඳන් කෑ ගැහුවා. වල බොහොම ගැඹුරු එකක් නිසා උන් මෙහෙම කිවුවා. "මේ වල ගැඹුරුයි. උඩට එන්න උත්සාහ කරන එක මහ මෝඩ වැඩක්. උඹලා දෙන්නා දැනටමත් මැරිල වගේ තමයි."

වලේ උන්නු ගෙම්බො දෙන්නා යාළුවන්ගෙ මේ කතා අහන්නෙ නැතුව එක දිගටම උඩ පනිමින් උන්ගේ මුළු ශක්තියම වැය කරමින් වලෙන් ගොඩ එන්න උත්සාහ කළා. අනික් ගෙම්බෝ දිගටම මේ උත්සාහය බොරු වැඩක් කියමින් කෑ ගැහුවා. අන්තිමේදි උඩ පැනලා පැනලා හෙම්බත් වෙලා උන්නු එක ගෙම්බෙක් අනික් ගෙම්බන්ගේ කීම අහලා උත්සාහය අත ඇරලා දැම්මා. ඌ වල පතුලට ම වැටිලා මැරුණා.

අනික් ගෙම්බා දිගටම හැකි වැර යොදමින් උත්සාහ කළා. යාළු ගෙම්බො ටික "ඔය දහ දුක් විඳිල්ල නවත්වලා සැනසිල්ලේ මැරියන්කෝ" කියමින් එක දිගටම කෑ ගැහුවා. ගෙම්බා තව තවත් හයියෙන් උඩ පනිමින් උත්සාහ ගත්තා. අන්තිමේදි, එයා වලෙන් ගොඩ ආවා. යාළු ගෙම්බො එයාව වට කරගෙන මෙහෙම ඇහුවා. "ඇයි යකෝ උඹට අපි කිවුව දේ ඇහුනෙ නැද්ද?" ගෙම්බා හැල හොල්මනක් නැතුව ඉද්දි කට්ටිය ආයෙත් ඒ ප්‍රශ්ණය මහ හඬින් කෑ ගහලා ඇහුවා. අන්න එතකොට අර ගෙම්බා මෙහෙම කිවුවා; "ඈ මොකක්? මගෙ කණ හරියකට ඇහෙන්නෙ නෑ යාළුවනේ. ඔයාලා දිගින් දිගටම මට කෑ ගගහා කීවේ උත්සාහය අත් නොහැර තව හයියෙන් උඩ පනින්න කියලා නේද?"

උපදේශය- අවශ්‍ය තැන් වලදී බිහිරි වෙන්න..!


7.

ශ්‍රේෂ්ට, හැබැයි මෝඩ රජෙක් හිටියා. එයා රටේ තොටේ ඇවිදිද්දි, රළු පොළොවට එයාගෙ සියුමැලි පතුල් කැපෙන නිසා මෙන්න මෙහෙම නියෝගයක් දුන්නා. "මුළු රටේම මහ පොළොව ගව හම් යොදා කාපට් කරනු!"

මේක ඇහුණු රජ වාසල කවටයා රජුට මෙහෙම කිවුවා. "මොන පිස්සු වැඩක්ද ස්වාමීනී, මොකට ඒ හැටි වියදම් කරනවද? අපි ගව හමකින් පොඩි කෑලි දෙකක් කපලා පාවහන් දෙකක් හදාගෙන ඔබ වහන්සේගෙ පතුල් බේර ගනිමු!"


8. ආගමික අර්ථාන්විතභාවය

අධ්‍යාත්මික ගුරුවරයා සහ ඔහුගේ ගෝලයින් ඔවුන්ගේ සැඳෑ භාවනා සැසිය පටන් ගන්නා විටම, ආශ්‍රමය තුළ හුන් බළලෙකු බෙරිහන් දෙන්නට වූ හෙයින් ඔවුන්ගේ දැහැන බිඳුණා. එවිට, ගුරුවරයා සැඳෑ සැසිය අතරතුර බළලාව බැඳ දමන්නැයි ගෝලයින්ට අණ කළා. ඉන් පසුත් එය දිගටම සිදු වූවා. වසර ගණනාවකට පසු, ගුරුවරයා මිය ගිය පසුත්, භාවනා සැසිය අතරතුර බළලා බැඳ දැමීම පුරුද්දක් වශයෙන් කෙරී ගෙන ගියා. අවසානයේදී, බළලාත් මිය ගිය පසු භාවනා සැසි අතරතුර බැඳ දැමීම පිණිස ම වෙනත් බළලෙකු ආශ්‍රමයට ගෙන ආවා. එය දිගටම සිදු වූවා.

සියවස් ගණනක් ඉක්ම ගිය පසු, අධ්‍යාත්මික ගුරුවරයාගේ ගුරු කුලයෙන් පැවත එන්නන්, භාවනා කිරීමේදී බළලෙකු ගැට ගසා තැබීමේ ආගමික අර්ථාන්විතභාවය පිළිබඳ ඔවුන්ගේ ආගමික ග්‍රන්ථයන් තුළ ලියා තැබුවා!


9.

වරක් ශිෂ්‍යයින් තිදෙනෙක් කිසියම් විභාගයකට යමින් ඉන්නා අතරතුර, පසෙක 'පේස්ට්‍රි' විකුණමින් සිටි කාන්තාවක දැක නැවතුනා. එක් අයෙක් හරිම නිහඬයි. ශාන්තයි. අනෙක් දෙදෙනා හිටියේ සාහිත්‍යය ගැන අතෝරක් නැතිව මහ හඬින් වාද කරමින්. කාන්තාව ඇහුවා ඔවුන් කොහේ යන්නේද කියා. අර වාද කරමින් සිටි දෙදෙනා කිවුවා තමුන් විභාගයකට මුහුණ දීමට යන බව. "ඔබ දෙදෙනා විභාගය සමත් වන්නේ නැහැ. සමත් වන්නේ මොහුයි." කාන්තාව නිහඬ සිසුවා දක්වමින් කියා සිටියා. එසේ නොවන බවට ශපථ වෙමින් පේස්ට්‍රි කෑමෙන් පසු ඔවුන් නික්ම ගියා.

පසු කලෙක, විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසු, කාන්තාවගේ අනාවැකිය සඵල වී තිබුණා. එබඳු අනාවැකියක් කෙසේ කීවාදැයි අසා දැන ගැනීමට ඇති කුහුල නිසා අසමත් වූ දෙදෙනා නැවත පේස්ට්‍රි සාදන කාන්තාව සොයාගෙන ගියා. ඇය දේහ ලක්ෂණ විද්‍යාව හෝ වෙනත් ශාස්ත්‍රයක් ඉගෙන තිබේදැයි ඔවුන් විමසා සිටියා.

"නැහැ." ඇය පැහැදිලි කරන්නට පටන් ගත්තා; "මා දන්නා එකම දෙය නම් පේස්ට්‍රියක් හොඳට කර වෙන්නට බැදුනා ම එය නිසොල්මනේ සිටිනවා. නමුත්, කර වෙන්නට කලින් එය නොනවත්වා හඬ නගනවා."

(-Teachings of Zen)


10. හොඳ පෙනුම

වරක් එක් සෙන් ආශ්‍රමාධිපතිවරයෙකු වැරහැලි වූ චීවරයකින් සැරසී ධනවත් මිනිසෙකුගේ නිවසට දන් පිණිස පැමිණියා. එහෙත් කිසිවක් ම දනට ලැබුණේ නැහැ.

පසුව, හිමි නම එම නිවසටම තමන්ගේ සුපුරුදු චීවරය ඇඳ පැමිණි විට, නිවස ඇතුලට ඇරැයුම් ලැබ ඉතා අනර්ඝ දානයකින් පුදනු ලැබුවා.

එවිට හිමියෝ සිය චීවරය ගලවා නමා දන් බඳුන ඉදිරියේ තබා නිවසින් නික්ම ගියේ මෙසේ කියමින්; "ඔය දානය මට නොවෙයි, සිවුරටයි!"
-"101 Zen Stories" කෘතියෙන් තෝරා ගත් කතන්දර කිහිපයක පරිවර්තනයකි. 101 Zen Stories, සෙන් කතා සමග දහ නමවන සහ විසිවන සියවසේ ක්ෂුද්‍ර කතන්දර ද එක් කොට Nyogen Senzaki (1876–1958) විසින් සම්පාදනය කරන ලද්දකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- 101 Zen Stories, Zen koans, Micro Stories, Nyogen Senzaki, (千崎 如幻, Zen Buddhism, Short Stories, Zen Kathandara Sinhala
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook