Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Slavoj Žižek- සින්තටික් හැමනිල්ල සමග 'ඔබ ඔබම වීම' ගැන
බූන්දි, 02:06:58
ජාලගත ව සහකරුවන් සහකාරියන් සෙවීමේ (online dating) මා දකින ගැටළුව තමයි, එය ඉබේටම ස්වයං භාණ්ඩයීයකරණය හෝ ස්වයං මෙහෙයවීම සමග බැඳී තිබීම. එහිදී ඔබට සිද්ධ වෙනවා යම් යම් ලක්ෂණ හුවා දක්වමින් ඔබව ම හඳුන්වාදීමට. ඔබ ඔබේ ප්‍රතිරූපයක් ගෙන හැර දක්වනවා. අනික් මිනිසුන් විසින් ඔබව දැකිය යුත්තේ කෙලෙසක ද යන්නට ඔබ ඔබේ අවධානය යොමු කරනවා. නමුත් මම හිතන්නේ නම් ආදරය වැඩ කරන්නේ ඒ විදිහට නොවේ, ඉතාම මූලික මට්ටමේදී පවා.

ඉංග්‍රීසියෙන් "endearing foibles" (අනුරාගික ඇදකුදය) යනුවෙන් කියැවෙන දෙය ආදරයේ මූලික අංගයක්. පරිපූර්ණ පුද්ගලයෙකු සමග ඔබට කිසි විටෙක ආදරයෙන් බැඳෙන්නට බැහැ. පුංචි බාධා කරන සුළු දෙයක්. මේ කියන ඇදකුදය දැන ගත් විටම ඔබ කියනවා, ඒ අඩුපාඩුකම තිබියදී පවා ඔබ ඔහුට හෝ ඇයට ආදරෙයි කියා.

විහිළු කතාවක්: දශක කිහිපයකට පෙර, Claudia Schiffer සහ Cindy Crawford තමයි හොඳම නිරූපිකාවෝ. වරක් විශාල මත විමසුමක් තිබ්බා, මේ දෙන්නගෙන් ඉන්න කැමති කා එක්කද කියලා අහලා. Cindy Crawford තමයි දිනුවෙ. හේතුව දන්නවද? එයාගෙ මූණෙ තිබුණ කුඩා ඉන්නෙකු වගේ එක නිසා, මොකක් හරි, උපන් ලපයක් කියමුකො. අදහස තමයි, Claudia Schiffer ඕනාවට වඩා පරිපූර්ණයි. පුංචි අපූර්ණතාවයක්, අඩුපාඩුවක් තියෙන්නම ඕනෙ.

මම කියන්නම් මම ලබපු හරිම අමුතු අත්දැකීමක්. දුර රටක, ලතින් ඇමරිකාව හරියේ, මම කතා කරමින් හිටියා. හරියටම කොහෙද අහන්නෙපා. තවමත් හරි ආකර්ශණීය රාගික පෙනුමක් තියෙන, වයස තිස් ගණන්වල අග ඉන්න කාන්තාවක් එයාට සිද්ධ වුන දෙයක් මට කිවුවා. එයාගෙ අන්තිම පෙම්වතා ආදරේ කරන්න කලින් එයාව නිරුවතින් ඉද්දි දැකලා කියලා තියනවා ඔයා රාත්තල් තුන හතරක් බර අඩුවෙන් හිටියා නම් ඔයාගේ ඇඟ නියමයි; පරිපූර්ණයි කියලා. මම කිවුවා රාත්තල් තුන හතරක් බර අඩු කරගන්න යන්න එපා. එහෙම කළොත් ඇය පරිපූර්ණ වෙන්නේ නැහැ- මෙලෝ ලස්සනක් නැති වෙයි කියලා. පරිපූර්ණත්වයේ මායාව හැදෙන්නෙ මේ වැඩිපුර ඇති දෙය මගින්. ගාණට වැඩියි, හැබැයි ඔබ හිතනවා ඒ දෙය නැතිවුනා නම් පරිපූර්ණයි කියලා.

ඒ කියන්නෙ, මේ අතිරික්තය අරන් දැම්මහම ඔබ පරිපූර්ණ වෙන්නෙ නැහැ. මනෝ විශ්ලේෂණයෙදි අපි "ආශාවේ වස්තු හේතුව" [objet petit a (object little-a : object cause of desire)] නමින් හඳුන්වන්නේ මෙන්න මේකයි. ආශාවේ වස්තුව [object of desire] නොවෙයි. මෙහිදී ආශාවේ වස්තුව වෙන්නේ ගැහැණියක්, පිරිමියෙක් හෝ මොකක් හරි. නමුත්, හැමවිටම අපූර්ණතාවයේ ලකුණක් විසින් තමයි ඔබව ආදරයෙන් බන්ඳවන්නේ. මෙන්න මේක තමයි මට තියෙන ලොකුම ගැටළුව, මේ පැහැදිලි කරපු දෙය කොහොමද 'ජාලගත ව සහකරුවන් සහකාරියන් සෙවීම' (online dating) කියන එක අස්සට ඔබා ගන්නේ කියන එක.

සැලසුම් සහගතව කෙරෙනවා නම් ජාලගත ව සහකරුවන් සහකාරියන් සෙවීමේ ප්‍රශ්ණයක් මට පේන්නෙ නෑ. අහන්න, අපි කිසි විටෙක ආකස්මිකව දේවල් කරන්නේ නැහැ. Big Brother සහ වෙනත් රියැලිටි වැඩසටහන් වල පාඩම් තිබුනා වුනත්, අපි පුද්ගලික ජීවිතයේදි හුදෙක් අපිම වීම තමා කරමින් ඉන්නෙ. මං හිතන්නේ මේක හොඳ දෙයක්. හුඟක් මිනිස්සු රහසිගතව ඉද්දි රාක්ෂයො. මං හිතන්නෙ, මං කැමතියි ඔබ ඔබට කැමති දෙයක් කරන සමාජයක ජීවත් වෙන්න. කරුණාකරලා, ඔබ ඔබ ගැන ඕනෑවට වැඩියෙන් කියන්න යන්න එපා. මම කැමතියි තමන්ව පාලනය කරගන්න දන්න මිනිස්සුන්ට. නිවැරදි විධික්‍රම මම විශ්වාස කරනවා.

තවත් විරුද්ධභාසයක් ගැන කියමින් මෙය අවසන් කරන්න ඉඩ දෙන්න. මෙය පෙන්වන්න පුළුවන් අපි පැහැදිලිවම ප්‍රචණ්ඩව හැසිරෙන අවස්ථාවන්හිදී. අපි හරිම සුහදව විනීතව කතා කර කර ඉන්නවා කියලා හිතන්න. ඔන්න එක වරම මොකක් හරි හේතුවකට ඔබට මං එක්ක යකා නගිනවා. නැත්නම් මට ඔබ එක්ක යකා නගිනවා. මම මහ සද්දෙන් පුපුරලා යනවා. රටේ නැති කුණුහරුප කියමින් මම කෑ ගහනවා. සාමාන්‍ය කතා බහකදි අපි අපිව පාලනය කර ගන්නවා. තව දුරටත් මට මාවම පාලනය කරගන්න බැරි වුනාම අන්න මම පුපුරලා යනවා. මම පැහැදිලිව ම කියා සිටිනවා මෙන්න මේ පුපුරා යාමේ මොහොත තමා ඉතාම ශික්ෂිත ආකෘතිය වන්නේ.


Cindy Crawford සහ Claudia Schiffer

පොඩි අතුරුකථාවක්: අපි අපේ යාළුවො එක්ක යම් සමූහ කතා බහකට යද්දි, හුදෙක් විනෝදය සඳහාම එකිනෙකාට අපහාස කරගැනීමේ චාරිත්‍රයක් පවත්වනවා. එකිනෙකාව විස්තර කරන්න අපි කියන දේවල්. ඒවා ඔබට කියන්න බැරි තරම්. මම උඹේ අම්මට, මැරිච්ච අම්මට කරන්නෙ මොනවද, උඹේ අම්මව වලෙන් ගොඩ දාලා අහවල් වැඩේ කරන්නෙ කොහොමද වගේ හොඳම අසභ්‍ය කතා. මෙලෝ රහක් නැති කතා. විනාඩි දහයක් විතර කුණුහරුප කියාගෙන, ඔන්න අපි එකිනෙකාට කියා ගන්නවා, හරි දැන් අපි "කැත කමට" අපේ කප්පම දීලා ඉවරයි. ඒක අපි අත්හරිනවා. අපිට දැන් පුළුවන් සුහද විනීත කතා බහකට යන්න. කුණුහරුප කීම කියන්නේ අපිට තියෙන එක්තරා විදිහකට මුරණ්ඩු සුපිරිඅහම රාජකාරියක්. කරලා, ඒක හැර දැමුවට පස්සෙ, අපිට ඇත්තටම අපිම වෙන්න පුළුවන්. මෙන්න මේ නිසයි නිතරම මම හුඟක් කණගාටු වෙන්නෙ පරපීඩක සහ ස්වයංපීඩක ලිංගිකත්වය වෙනුවෙන්; මම එසේ නොකළත්.

මම බොහෝ පරපීඩා සහ ස්වපීඩා කාමුක ලෙස්බියනියන් (සමරිසි ස්ත්‍රීන්) හමුවී තිබෙනවා මීට වසර 15-20කට පෙර ඔවුන් මගේ න්‍යාය- ලැකානියානු මනෝ විශ්ලේෂණයට සමීප නිසා. මට ඔබට කියන්න පුළුවන්, ඔවුන් තරම් නියම, කාරුණික ගැහැණු ළමයින් හෝ ගැහැණුන් කිසි දිනෙක මට හමු වී නැහැ. ඒක නිකං හරියට ඔවුන්ට හැම කැත දෙයක් ම නීතිගත කරගන්න පුළුවන් වුනා වාගේ. ඉන් ඔබ ඔබේ සුපිරි අහමට හොඳ, කාරුණික එකක් වීමට ඉඩ සලසනවා. මේ දේශන මාලාවේ කාමුක විහිළුව, සමහර නරඹන්නො මේක අහලා ඇති- නමුත් මම කැමතියි ඒකට. මං හිතන්නෙ මේක මගෙ දේශන මාලාවේ පුන පුනා කියන නීරස විහිළු වලින් වඩා හොඳ එකක් විය හැකියි. ලිංගිකත්වය සම්බන්ධයෙන් අපි අද කොහෙද ඉන්නෙ?

බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත වරක් මගෙන් ඇහුවා, "අද වන විට තවමත් 'ආදරය' ජීවමානව පවතිනවාද?" මගෙ පිළිතුර වුනේ, අද වන විට පවත්නා ආදර්ශ ලිංගික අවස්ථාවක් සිතෙහි මවා ගනිමු යන්නයි. අපි හිතමු, මට කාන්තාවක් හමු වුනා; එකිනෙකා කෙරෙහි ආකර්ශණය වුනා; හරි, ඔබ- හැම සාමාන්‍ය දෙයක්ම- ඔබ ඉන්න තැන, මම ඉන්න තැන, කොහේ හරි අපි හමු වෙනවා. මොකද්ද වෙන්නෙ ඉන් පස්සෙ? ඇය අරන් එනවා ඇගේ ප්ලාස්ටික් ශිශ්නය (electric dildo), මම එන්නෙත් දරුණු දෙයක් අරන්. ඒක ප්ලාස්ටික් යෝනියක්, හිලක්. ඒත් ඔබට- ඒක මාරම තාක්ෂණයක්- ඔබට හැමදේම හරිගස්සගන්න පුළුවන්. ඒකෙන් කොච්චරක් ඔබව මිරිකනවද, කොච්චර හයියෙන් හෙලවෙනවද ආදී වශයෙන්. ඉතින් පරිපූර්ණ හමුවීමක් ගැන මගෙ අදහස මෙන්න මෙහෙමයි.

අපි හමු වුනා. ඔන්න ඇය ඇගේ ප්ලාස්ටික් ශිශ්නය මගෙ ප්ලාස්ටික් යෝනිය ඇතුළට දානවා. අපි ඒවා ප්ලග් කරනවා, ඔන්න දැන් යන්ත්‍ර දෙක අපි වෙනුවෙන් කරන්න ගන්නවා. ඒවා පසුබිමේ දඟල දඟල ඉද්දි ඇයත් මමත් දැන් නිදහස්; අපට ඕනෙ දේ කරන්න පුළුවන්. අපි සුහදව කතා කරනවා; තේ එකක් බොනවා; චිත්‍රපට ගැන කතා කරනවා. අපි අපේ සුපිරිඅහමට උපරිම කප්පම දෙනවා. මැෂින් දෙක අරහෙ වැඩ. දැන් සැබෑ ආදරය කොහේද තිබුණේ? මම කාන්තාවක් එක්ක කතා කරනවා, අපි දෙන්නා එකිනෙකාට කැමති නිසා. ඉතින්, මම ඇයට තේ වක්කරලා දෙද්දි එහෙමත් නැත්නම් ඇය එහෙම කරද්දි අහම්බෙන් අපේ අත් එකිනෙක ගැටෙනවා. ඒ අත් පිරිමැදීම දිගටම යනවා. සමහර විට අන්තිමේදි අපි ඇඳට ගිහින් කෙළවර වෙන්නත් පුළුවන්. ඒත් ඒක අර ක්‍රියාකාරිත්වය, කාර්ය සාධනය ගැන ලොකුවට වද වෙන, සුපුරුදු පීඩාකාරී හැමනිල්ල නොවෙයි. ඒ ජාතියෙ වැඩ කටයුතු අර ගොං මැෂින් දෙක බලාගනියි! මට නම්, අද වෙද්දි නියම ලිංගික කාර්යය සිද්ධ වෙන්න ඕනෙ ඔන්න ඔය විදිහටයි.


Slavoj Žižek on Synthetic Sex and "Being Yourself"- [Youtube Link]
Slavoj Žižek, Big Think Youtube චැනලය වෙනුවෙන් කළ අදහස් දැක්වීමක (Slavoj Žižek on Synthetic Sex and 'Being Yourself') සිංහල පරිවර්තනයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Slavoj Žižek, Slovenian Philosopher, Cultural Critic, Synthetic Sex, Online Dating, Lacanian Psychoanalysis
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඩ්වයිට් ඩී. අයිසන්හවර් කියයි.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කල සෑම යුධ නැවක්මත්, පත්තුකල සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක්... [More]
What's New | අලුතෙන්ම
කවි| බර

13-Secs

(ලාල් හෑගොඩ) ආලිංගනයෙන් මිදී කවියා
ඔසවා ගත්තේ ඇය දෑතට
මලක් දෝතට ගන්නා සැහැල්ලුවකිනි සිතේ

එනමුත් කවටකම රුචියෙන්
කීය මෙලෙස... [More]
කතන්දර| "ඔරුව"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "තෑග්ග" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "ඔරුව" ළමා කතන්දරය (අනුවාදය- දැදිගම වී. රුද්‍රිගු)... [More]
පොත්| කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය

5-Mins

(තාරක කල්දේරා) පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක්... [More]
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook