Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
නිදහස රාජ්‍යයට දී සීනිබෝල දිනාගන්න..!
බූන්දි, 21:58:44
"නිදහස" කියන වචනය හරි අපුරු පාට පාට සීනි බෝල වගේ කැමති කෙනෙකුට කැමති විධියකට අර්ථකථනය කරගන්න පුළුවන් වචනයක්. අපි හැමෝම හිතුවේ සහ හිතන්නේ කිසියම් 'තත්ත්ව වෙනසකට' පසුව නිදහස හමුවෙන බවයි. ඒක නිසා සුද්දා ලංකාවෙන් ගියපසු අපට නිදහස ලැබුණු බව අපි කීමට පුරුදුව සිටියා. ඊට පසු කොටියා මැරූ පසු නිදහස ලැබුණු බව අපි කීවා. තව කට්ටියක් මරා පරදවා නිදහස ලැබුවා. ජේ.ආර්.ගේ වෙළදපොල ආර්ථිකයේ කුටප්‍රාප්තියට පැමිණ ඇති අද දවසේ, අපි දැන් නිදහස බුක්තිවිදින්නේ අයි ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, කාර් එකක් වගේ ගැජමැටික්ස් අත්පත් කරගැනීමේ ක්ෂුද්‍ර අරගල වලින්. එහෙත් ගැජට් සමග නිදහසේ හුදකලා වෙන මිනිසුන්ගේ මහා ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් නීති රීති උල්ලංඝනය කරන රාජ්‍යය, දැන් ඔවුන්ගේ පුද්ගලික නිදහස අත්පත් කරගනිමින් ඉන්නවා. ඔබේ දුරකතනයේ, ඊමේල් ලිපිනවල, පරිගණකයේ සිදුවෙන දෑ රහසිගතව විමසා බැලීමට රාජ්‍ය උකුසු ඇසක් සවිවී තිබෙනවා. රාජ්‍යය අපට යෝජනා කරමින් ඉන්නේ හෝ බලකර සිටින්නේ අපේ පුද්ගලික ජීවිතය රාජ්‍යය සමග බෙදා හදා ගන්නා ලෙසයි.

ඇමරිකාවේ, ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) සේවය කල එඩ්වඩ් ස්නෝඩන් කල හෙළිදරවුවකට අනුව, එම ආයතනය විසින් ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල සාමාන්‍ය වැසියන්ගේ පමණක් නොව දේශපාලකයින්ගේ පවා දුරකථන වලට රහසිගතව සවන්දීම සංවිධානාත්මකව කරගෙන යනවා. මෙම හෙළිදරවුව නිසා ඔහුට තම රටෙන් පිටුවහල් වී රුසියාවේ දේශපාලන රැකවරණ යටතේ ජීවත්වීමට සිදුවී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ BBC ආයතනයේ, මාධ්‍යවේදියෙක් පසුගියදා ස්නෝඩන් හමුවීමට රුසියාවට ගියා. එහිදී ස්නෝඩන් කියා සිටියේ NSA ආයතනය, බ්‍රිතාන්‍යයේ GCHQ ආයතනයත් සමග එක්ව මෙම චරපුරුෂ සේවය ඉතා තීව්‍ර ආකාරයට කරගෙන යන බවත් ඒ තුළින් ඔවුන් ලෝක දේශපාලනයේ අයිතිකාරයින් වීමට උත්සාහ කරමින් ඉන්නා බවත්.

ස්නෝඩන්ට අද හිමිව ඇත්තේ මෙම අති ප්‍රබල චරපුරුෂ ජාලයට වසන්වී ජීවිතය රැකගැනීමේ අමාරු ජීවිතයක්. ඔහු සම්බන්ධ කරගැනීමට BBC මාධ්‍යවේදියෙකු ගත් වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ස්නෝඩන් ඔහුට පණිවිඩයක් එවනවා. ඉන් කියවෙන්නේ මොස්කව් නුවර, නිශ්චිත හෝටලයක කාමරයක නැවතී සිටින ලෙසත්, කිසියම් මොහොතක ස්නෝඩන් පැමිණ දොරට තට්ටු කරන බවත්. එම කිසියම් මොහොත උදාවුණු පසු ස්නෝඩන් දොරට තට්ටු කරනවා. එතැන් සිට ඔහු හෙළිදරවු කරන්නේ මිනිසාව කළමනාකරණය කිරීම සදහා බිහිවූ ආයතනය වන රාජ්‍යය විසින් ඉතා සූක්ෂම ලෙස මනුෂ්‍යත්වයේ මුලික සීමාවන් පවා උල්ලංඝනය කරන ක්‍රියාදාමයේ ආරම්භයයි.

ස්නෝඩන්ගේ වචන- "NSA කියන්නේ ලෝකයේ තිබෙන ලොකුම චරපුරුෂ ජාලය. ලෝකය පුරා 35,000ක් පමණ සේවකයින් මේකේ සේවය කරනවා. මෙම ආයතනය නඩත්තු කරන්න ඇමරිකාව ඩොලර් බිලියන දහයක් වාර්ෂිකව වැය කරනවා. NSA එකයි බ්‍රිතාන්‍යයේ GCHQ ආයතනයයි එකතු වෙලා හදලා තියන ක්‍රමවේදය මගින් ලෝකයේ ඕනෑම කොනක ඉන්න කෙනෙකුගේ දුරකථන, ඊමේල් බැංකු ගිණුම් විතරක් නෙමෙයි පුද්ගලික පරිගණක වලට පවා ඇතුළු වී තොරතුරු ලබාගන්න පුළුවන්. මිට අමතරව Temper නමින් ඔවුන් ආරම්භ කරලා තියන වැඩසටහන මගින් යුරෝපයේ සහ ඇමරිකාවේ මිනිසුන්ගේ සන්නිවේදන උපකරණ වල ඇති දත්ත සියල්ල එකතු කොට ඒවා කළමනාකරණය කරන ක්‍රියාවලියක් හදල තියනවා. මේ මගින් මිනිසුන් වර්ගීකරණය කරලා ඔවුන් ගැන වැඩිපුර ඔත්තු බලනවා. කොටින්ම, ඔවුන් යුරෝපය හා ඇමරිකාව සම්බන්ධ කරන, අත්ලාන්තික් සාගරය හරහා මුහුද යටින් දමා ඇති පරිගණක දත්ත කේබල් වලින් සංසරණය වෙන දත්ත සොරා ගන්නවා.

මෑතකදී NSA ආයතනය දියත්කරපු තවත් ඔත්තු සේවා වැඩක් තමයි Smurfs. බෙල්ජියමේ ජනප්‍රිය කාටුන් චරිතයක නමක් යොදාගෙන දියත් කර ඇති මේ වැඩසටහන මගින් කරන්නේ දුරකථන ටැප් කිරීමයි. ක්‍රියා විරහිත කර ඇති දුරකථනයකට පවා ඇතුළුවී එහි අඩංගු දත්ත සොරාගැනීමට මෙයට හැකියාව තියනවා. එසේම මිට සමගාමීව නිර්මාණය කොට ඇති Nosey Smurf නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් කිසියම් තැනැත්තෙක් රැගෙන යන දුරකථනයට ඇතුළු වීමෙන් එම තැනැත්තා යන එන තැන්, කථා කරන දෑ හඳුනාගත හැකියි."


ලෝකයේ රාජ්‍යයන් විසින් දියත් කර ඇති චරපුරුෂ යාන්ත්‍රණයට එරෙහිව ලෝකය දැනුවත්කරන Privacy International ආයතනයේ ක්‍රියාකාරිකයෙකු වන එරික් කිං පවසන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සම්මත කරගෙන ඇති පුද්ගලික නිදහස සදහා වූ නීති මේ මගින් අමු අමුවේම උල්ලංඝනය වෙමින් පවතින බවයි.

"මෙහි ඇති අනෙක් බරපතලම කාරණය තමයි, රටක නැතිනම් ලෝකයේ මිනිසුන් සතුව මෙන්ම විශාල ව්‍යාපාර හා පර්යේෂණ ආයතන සතුව ඇති දත්ත එක් ආයතනයක මිනිසුන් කිහිප දෙනෙක් විසින් හැසිරවීමේ බලය අනියම් ලෙස ලබාගැනීම. එමගින්, විවිධ රටවල් වලට මෙන්ම වෙළඳ සමාගම් වලට දේශපාලන සහ ආර්ථික බලපෑම් කිරීමේ අනියම් බලයක්, මෙම දත්ත එක්රැස් කිරීමේ ආයතන වලට ලැබෙනවා. ඒක හරි භයානක තත්ත්වයක්. විශේෂයෙන් ජංගම දුරකථන සේවා සමාගම් වල පරිගණක පද්ධති වලට හොර රහසේ ඇතුළු වී දත්ත එක්රැස් කිරීමට යොමුවීම තුළ සමාජයේ අලුත් ප්‍රශ්න පැන නගිනවා. පුද්ලිකත්වය බිඳවැටුණු සමාජයක් අපට හමුවෙයි. තව දුරටත් ඔබට ඔබේ රාජ්‍යය හෝ පාලකයා විශ්වාස කරන්න බැරිවෙයි."



ලෝකයේ සිදුවෙන ව්‍යාපාරික ගනුදෙනු තුළට ඔත්තු සේවා දැනටමත් හොර රහසේ මැදිහත් වී ඇති බවයි ස්නෝඩන් පවසන්නේ. ඇමරිකාවේ පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන CISCO සමාගම විසින් වරක් පාකිස්ථානයේ ආරක්ෂක හමුදාවට සහ රටේ ආරක්ෂක මර්මස්ථානවල භාවිතය සදහා අලෙවි කරන ලද පරිගණක හරහා තාක්ෂණික ප්‍රයෝග භාවිතා කොට එරට හමුදාවේ රහස් ලබාගැනීම මගින්, NSA ආයතනය පාකිස්ථානු හමුදාව අනියම් ලෙස පාලනය කළ බව ඔහු පවසනවා.

යුරෝපයේ සහ ඇමරිකාවේ පමණක් නොවේ ශ්‍රී ලංකාවේ පවා යමෙකුගේ ජංගම දුරකථන හෝ ඊමේල් ගිණුමක් පරික්ෂා කිරීමට විශේෂ නීතිමය අවසර ලබාගත යුතු වෙනවා. එත් NSA සහ GCHQ ඔත්තු සේවා ව්‍යාපෘති වලට රටක අභ්‍යන්තර නීති හෝ දේශ සිමා බලපාන්නේ නැහැ. GCHQ ආයතනයේ ප්‍රකාශකයෙකුගෙන් මේ පිළිබඳව කල විමසීමකදී මොහු මාධ්‍ය වෙත පවසන්නේ 'තමන් කරන්නේ ඔත්තු බැලීමක් නොව පරිගණක පද්ධති විශ්ලේෂණය කිරීම [CNE- Computer Network Exploitation]' බවයි. මෙම සියළු දේ තිරය පිටුපස සිට ක්‍රියාත්මක වීමට උත්තේජනය සපයන කාරණය වන්නේ ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂාවයි. එහෙත් NSA ආයතනය තුළින් ස්නෝඩන් ලබාගත් අත්දැකීම් තුළින් ඔහු පවසන්නේ ආරක්ෂාව යනු මෙම ආයතන වල න්‍යාය පත්‍රයේ එක් කාරණයක් පමණක් බවයි. මෙම ඔත්තු සේවා වල තොරතුරු යොදාගෙන වෙළඳපොල හැසිරවීමට මොවුන් කටයුතු කල බවට ඕනෑතරම් සාධක ඇති බව ඔහු පවසනවා.

ස්නෝඩන්ගේ නම සඳහන් කල පමණින් ඇමෙරිකාවේ NSA බලධාරීන් කියන්නේ ඔහු 'ද්‍රෝහියෙකු' බවත් ඔහුට හිමි තැන වන්නේ ඇමෙරිකාවේ සිරමැදිරිය බවත්ය. එසේම ඔහුට එල්ලවන තවත් චෝදනාවක් වන්නේ ඔහුගේ හෙළිදරවු නිසා ඇමෙරිකාවට එරෙහිව කටයුතු කරන ත්‍රස්තවාදීන්ට උපායමාර්ගික අවි සැපයුණු බවයි. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ මේ අවදියේ මිනිසා භුක්ති විඳින ලිබරල් නිදහසේ සැබෑ අර්ථය ලෝකයට හෙළිදරවු කල ස්නෝඩන් ද්‍රෝහියෙක් ලෙස ගැරහුම් ලැබ පිටුවහලෙක් ලෙස ලෙස ජිවිත් වෙයි. ද්‍රෝහියා යන චෝදනාවට ඔහු මඳක් කලකිරෙයි. එහෙත් ඔහු ඔහුගේ හෙළිදරවුව ගැන කිසිදිනක පසුතැවෙන්නේ නැති බව පවසයි.

ස්නෝඩන්ගේ වචන- "මම ද්‍රෝහියෙක් නම් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුත් ද්‍රෝහීන්. මං මගේ හෙළිදරවු කිරීම් කලේ මාධ්‍ය වෙතට. එහෙමත් නැතිනම් ජනතාව වෙතට. මං කවදා හරි ඇමෙරිකාවට ඇවිත් ඉතා සංවේදී දත්ත අවභාවිතා කල වරදට සිරබත් කෑමට සුදානම්. ඒත්, සැබෑ නිදහසක් වෙනුවෙන් සටන්කරන මිනිසුන් කවදා හරි මාව නිදහස් කරාවි."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Edward Snowden, BBC, NSA, GCHQ, The Government Communications Headquarters, Smurf Suite, Nosey Smurf
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook