Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
'එකම මිනියට වැඩිම වැන්දඹුවන් ඉන්න රට'- දහස් ගණන් වැන්දඹුවෝ
බූන්දි, 16:32:02
නැඟී එන ධනේශ්වරයේ නොනවතින සම්පත් සොයා යාමේ අභිලාෂය නිසා රන් ආකරයක් වූ චිලී දේශය යුරෝපීයන්ගේ (ස්පාඤ්ඤ) යටත් විජිතයක් බවට පත් විය. රුධිර ගලනයන් ගණනාවකින් අනතුරුව 1821 දී එය ජනරජයක් විය. එහි අග‍්‍ර ඵලය වූයේ 1970 දී සැල්වදෝර් අයියන්ඩේගේ නායකත්වයෙන් යුතු සමාජවාදී පාලන තන්ත‍්‍රයයි. එසේ වුව ද ඇමරිකානු අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයකින් පසු චිලී දේශය පිනෝචේ නම් හමුදා නිලධරයාගේ කුරිරු ඒකාධිපතිත්වයට හසුවිණි. ඒරියල් ඩෝෆ්මන්ගේ ‘Widows’ නාට්‍යය මේ ඒකාධිපති හමුදා පාලනයේ පිළිබිඹුවකි.

"දහස් ගණන් වැන්දඹුවෝ" නමින් මෙවර කැලණි සරසවි නාට්‍ය උළෙලේ දී රඟ දැක්වුණු නාට්‍යය ඉංග‍්‍රීසි සාහිත්‍ය පිළිබඳ බහු පඨිතයෙක් වන ලක්ෂ්මන් ප‍්‍රනාන්දුගේ පරිවර්තනයකි. මෙය ම මීට පෙර සිරිල් සී පෙරේරා විසින් පරිවර්තනය කරන ලදුව ජෙරොම් ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් "ආයෙත් එන්නෙ නෑ" නමින් රංග ගත වී ඇත. අපගේ කෙටි විමසුම මින් පළමුව සඳහන් කළ කැලණි සරසවි නිෂ්පාදනය පිළිබඳව යි. එහි අධ්‍යක්ෂණය සංජීව ගුණරත්නගේ ය. නිෂ්පාදනයක් ලෙසින් පූර්ණ සාර්ථකත්වයට ළඟා වී නොතිබුණ ද විමසිය යුතු කාරණා කිහිපයක් ම නිසාවෙන් පෙළ පක්ෂයට වැඩි අවධානයක් යොමු කරමින් දහස් ගණන් වැන්දඹුවෝ විමසුමට බඳුන් වේ.

පිනෝචේ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ සමයේ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ගමක් පිළිබඳව කියවෙන දහස් ගණන් වැන්දඹුවෝ නාට්‍යය මෙරට සමාජ තතු හමුවේ ද විමසිය හැකිය. කස්තෝරියෝ නම් ඉඩම් හිමි රදළයා ගම් වැසියන්ගේ ඉඩම් උරුමය ඔහුගේ යටතට ගත් පසු ගම්මු කස්තෝරියෝගේ වහල්ලු මට්ටමට වැටුණහ. එක් පිරිමි ළමයෙක් හැරෙන්නට ගමෙහි වූ සියලු පිරිමි පැහැරගෙන යනු ලැබිණි. සිය පියවරුන්, සැමියන්, දරුවන්, සහෝදරයන් එනතෙක් ගං ඉවුරට වී බලා සිටින වැන්දඹුවන්ගේ සෝ සුසුම් නාට්‍යය පුරාවට ඇසෙයි. සිය සමීපතමයන් සප‍්‍රාණිකව නොඑන බව දැනගත්තෝ මළ මිනී පාව එනතුරු ගං ඉවුරට වී සිටියහ. හඳුනා ගත නොහැකි තරමට ම විරූප වූ මෘත දේහ වෙනුවෙන් වැන්දඹුවෝ එකිනෙකා හා අරගල කරති. ප‍්‍රදේශයේ පාලනය භාර මිලිටරිය හා හැපෙන්නට යාමෙන් තත්ත්වය තව තවත් උග‍්‍ර වේ. මේ පුවත සියුම් සංවේදනා දනවන ආකාරයෙන් නාට්‍යය පුරා විහිදී ඇත්තේ උක්ත තතු වලට වගකිව යුතු අදිසි හස්තයන් පිළිබඳව ද ඉඟි කරමිනි.

සූරා කෑම, පීඩිතභාවය හා අකෘතඥ ධනවාදයේ නැගීම් මාත‍්‍රයන් නාට්‍යය අවසානයේ පේ‍්‍රක්ෂකයා හමුවට පැමිණෙයි. අසරණ බවේ පත්ලේ ගිලී සිටින වැන්දඹුවන් හා කැප්ටන්, ලයිතන් ප‍්‍රමුඛ හමුදා චරිත තුන නාට්‍යය පුරාවටම කරළිය උණුසුම් කරති. මිලිටරිය උපරිම බලය යොදා පීඩිතයින් තවදුරටත් අසරණ බවෙහිම ගිල්වනුයේ එරෙහිව නැගිටීමක් ගැන සිතීමටවත් ඉඩ නොතබමිනි. එසේ වුව ද මෙහි එන හමුදා නිලධාරීහු පූර්ණ වශයෙන් ස්වාධීන චරිත නොවෙති. ඔවුන් ද කිසියම් බලවේගයක අවශ්‍යතාවය අනුව හැසිරෙන බව ඩෝෆ්මන් දැක්වුව ද අප දුටු නිෂ්පාදනයේ දී ඒ කාරණාව පැහැදිලි ලෙස දක්නට නොලැබිණි.

ගම්වාසී වැන්දඹුවන් ධන බලයෙන්, අවි බලයෙන් මෙන් ම දෘෂ්ටිවාදීමය ලෙස ආගමේ නාමයෙන් ද මඩිනු ලැබෙයි. නන්නාඳුනන මළ සිරුරක් සම්බන්ධයෙන් වූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සාර්ථකව නිම වීමටත් පෙර ම මිලිටරිය සිය තීරණය ප‍්‍රකාශ කර හමාරය.

"හරි එහෙනම්... ජනතාවගෙන් ඇහුවා... ජනතාව තමන්ගේ මතය කිව්වා නොකිව්වා... ඒ වැඩේ ඉවරයි."



එරෙහිව නැගෙන අරගල මැඩ පැවැත්වීම සඳහා මිලිටරිය සිය සුපිරි බලය යෙදවීම පිළිබඳ අත්දැකීම් ලෝක ඉතිහාසය කොතෙකුත් විඳ ඇත්තේය. වහල් යුගයේ දී වහල් හිමියන්ට එරෙහිව නැගෙන වහලුන් මැඬ පැවැත්වීමට කසය ක‍්‍රියාකාරී වූවා සේ ම වැඩවසම් යුගයේ දී ද රදළයන්ගේ බලය ගොවි දාසයන් කුදු කරමින් නැගී සිටියේ ය. එපරිද්දෙන් ම ධනේශ්වර යුගයේ දී ගිනි අවිය නැගී සිටියි. මේ පිළිබඳ වන ඉතා සමීපත ම දේශීය අත්දැකීම වූ රතුපස්වල- වැලිවේරිය වෙඩි තැබීම ලෙහෙසියෙන් මකා දැමිය නොහැකි පැල්ලමකි. ඒ පුවත පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයන සමාජවාදී සමානතා පක්ෂය හමුදාවේ සුපිරි බලය පිළිබඳව සිය වෙබ් අඩවියේ මෙසේ සටහනක් තබයි.

"පළමුව හමුදා භටයෝ මාධ්‍යවේදීන්ට තර්ජනය කළහ... ඒ අතර හමුදා භටයෝ මිනිසුන්ට වෙඩි තැබීමටත් පහර දීමටත් පටන් ගත්හ. ඔවුහු නිවාස, පල්ලි, කන්‍යාරාම හා වෙනත් තැන් වලට කඩා වැදුණහ... බියෙන් සැඟවීගත් සියල්ලන් ම ඇද ගෙන විත් ඔවුන්ට දරුණු ලෙස පහර දුන්හ..." (-wsws)

දහස් ගණන් වැන්දඹුවෝ තවත් පසෙකින් සුවිශේෂී වන්නේ ඩෝෆ්මන් මෙම පීඩනයට පත් වැන්දඹුවන්ගේ ජීවිතවල මෙන් ම මිලිටරි ක‍්‍රියාධරයින්ගේ ජිවිත වල ද දෘෂ්‍යමානය විනිවිද ඒවා පසුපස වන ක‍්‍රියාකාරි බලවේග ඉසියුම් ලෙස හෙළිදරව් කරන්නට සමත් වී ඇති නිසාය. අප නැරඹූ නිෂ්පාදනයේ දී මේ තතු එතරම් ප‍්‍රබල ආකාරයෙන් මතු වී නොපෙණුන ද පෙළ පක්ෂයේ වන ගම්භීර බව නිසා ම නාට්‍යමය ගලා යාමට එය හානියක් නොවීය. කෙසේ වුව ද කස්තෝරියෝ නමැති ඉඩම් හිමි රදළයාගේ හස්තයේ නැටවෙන වැන්දඹුවන් මෙන් ම මිලිටරියේ මහත්වරු ද ස්වාධීන නොවෙති. සෑම යුගයක ම සිදු වූවා සේම එරෙහිව නැගෙන්නන් මැඩීම සඳහා මර්දන උපකරණ යොදා ගනිමින් යෙහෙන් වැජඹීමට තැත් දැරීම පාලක පංතියේ කස්තෝරියෝලාගේ ස්වභාවය යි.

සොෆියා පොන්ටිස් (වැන්දඹුවන් අතර වයෝවෘද්ධ ම තැනැත්තිය) ගඟෙහි පාව ආ මළ සිරුර සිය භූමියේ ම වළ දැමීම සඳහා ප‍්‍රාදේශීය හමුදා ප‍්‍රධානියාගෙන් අවසර ගැනීමට ගොස් ය. ලයිතන් තැන හමුදා බලය ද රැගෙන දේහය හමුදා භාරයට ගැනීමට පැමිණෙයි. බියපත් වන වැන්දඹුවෝ ඊට එරෙහිව නොගොස් මුළු ගැන්වෙති. සොෆියාගේ මිනිබිරිය, පිඩෙලියා පමණක් මළ සිරුරෙන් නොමිදී එය රැකගෙන සිටින්නීය.

ලයිතන් පිඩෙලියා දෙසට අඩියක් තබයි. ඇයව උරපතින් අල්ලා ඔසවා පැත්තකට කරන ගමන් ම මුහුණ තදින් ම සිප ගනියි....

මේ සිදුවීම හඬ ගා කියන්නේ කුමක් ද? පසුගිය අවුරුදු කිහිපය තුළ මෙරට බිහි වූ සිනමා කෘති ගණනාවක් ම වාරණයට ලක් වූයේ රජයේ හමුදා අපහාසයට පත්කිරීමට තැත් කිරිමේ උත්සහායක ඵලයක් යන හංවඩුව ගසමින් ය. යුද්ධයේ මානුෂික ස්වරුපයන් හුවා දැක්වූවෝ දැවැන්ත රංගශාලා තුළ මහා නළු ඉදිරිපත් කරමින් නැවත නැවත මතුවිය හැකි රුදුරු බලවේග පිළිබඳ තතු කියා එක් පාර්ශවයක බලය සාධාරණීකරණය කළහ. කිසිදු සිංහයෙක් තණ නොබුදින්නා සේ ම කිසිදු යුද්ධයක් මානුෂීය නොවේ. මේ සියල්ල මෙහෙයවන දෘෂ්ටිවාදයන් විනිවිදිය හැකි කලා කෘති නැවත නැවත විමසීම යුගයේ කාර්යභාරය යි.



සිය නිජබිම් අහිමි වූ ජනයාගේ සැබෑ ඉල්ලීම දැන් දෙයාකාරයකින් යටපත්ව ගොස් ඇත. ඒ වෙනුවට සිය සමීපතමයන්ගේ හද ගැහෙන ඇසුර නොව සීතලව ගිය, ප‍්‍රාණය නිරුද්ධ වූ කලේබරයන් පමණක් ඉල්ලීම දක්වා ඔවුන්ගේ අයැදීම් සංශෝධනය වී ඇත්තේය. මහලු සොෆියා පොන්ටිස් අතුරුදන් වූවන්ගේ නම් කියා කරන විලාප නැගීම මෙරට මෑත කාලීන අත්දැකීම් හා කොතරම් දුරට සැසඳෙන්නේදැයි බැලුව මැන!

"කෝ මිගෙල්, කෝ මගේ තාත්තා... කෝ එමිලියානෝ... කෝ කියාපං බලන්න... කෝ ඇලන්සෝ... යනිනා කියාපං බලන්න ඇලන්සෝ කෝ... කෝ ඇන්තෝනියෝ, කෝ තියෝ, කෝ රාවුල්, කෝ ලුවිස්... කෝ පබ්ලෝ... හර්මානෝ... ක්ලෝඩියෝ...ජෝක්... ජුවාන් හෙන්ඩි‍්‍රක්... උඹලා කොහේ ගියාද? අනේ කියාපල්ලා. මගේ දරුවනේ....."

කුණු වී ඕජස් ගලන සමාජ ක‍්‍රමයක හිඳ ජාතික මෙන් ම ජාත්‍යන්තර මානව හිමිකම් වාර්තා තොග ගණන් සම්පාදනය කළ ද ඇමරිකාව වැනි කේන්ද්‍රයේ රටවල සිට ලංකාව වැනි පරිධියේ රටවල් දක්වා ඒවා අඛණ්ඩව ක‍්‍රියාත්මක වන්නේ නම් දැල් කූඩයෙනුත් වතුර ගෙන යා හැකි වනු ඇත.

සංජීව ගුණරත්න සිය අධ්‍යක්ෂණ කාර්යයේ දී මුල් පිටපතේ එන දර්ශන අංක කිහිපයක් ම අඩු වැඩි වශයෙන් ඉවත් කරමින් මෙරට වේදිකාව සඳහා උචිත රංගයක් නිර්මාණය කරන්නට වෙහෙසී ඇති බව නාට්‍ය පෙළ විමසීමෙන් පෙනී යයි. නාට්‍ය පිටපතෙහි විටින් විට රංගයට මැදිහත් වන නිවේදක චරිතය නිෂ්පාදනයේ දී සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඇත. නාට්‍යයේ ඒකීය ධාරණාවක් පවත්වාගෙන යාම සඳහා එය සාධනීය එළැඹුමකි. එමෙන්ම ගුණරත්න සිය නිෂ්පාදනයේ දී නාට්‍යයෙන් හෙළිදරව් කරන පාලක පංතියේ දෘෂ්ටිය පිළිබඳ විග‍්‍රහයට අදාළ රංග කොටසක් ස්ථානෝචිතව යොදා ගැනීම පැසසිය යුත්තකි. සොෆියාගේ සැමියා යැයි අනුමාන කළ මෘත දේහය පිළිබඳ අයිතිය මිලිටරියේ උපක‍්‍රමයකින් සිසිලියා නැමැත්තියගේ සැමියා, තියෝගේ යැයි තහවුරු වූ පසු දේහයට අදාළ ආගමික වතාවත් කරන පාදිලිවරයා හදවතින් වැළපෙන සොෆියාට මෙසේ කියයි.

"සොෆියා.... මේ අහපං! දෙවියන් වහන්සේ කටයුතු කරන්නෙ අපට නොතේරෙන විදියට...."

දෙවියන් වහන්සේ පිළිබඳව කරන මේ සඳහන, ආගමේ නාමයෙන් සියල්ල විඳ දරාගෙන සැනසෙනු යන මුසාවාදය පළිප්පු කරවයි. සැබෑ ලෝකයේ දෙවියෙක් නැත. ඇත්තේ දෙවියන් පිළිබඳ දෘෂ්ටිවාදයක් පමණි; මිනිසා විසින් ම නිර්මාණය කරන ලද මිනිසාගේ ම පරත්වාරෝපිත ප‍්‍රතිමූර්තියක් පමණි. සෘජුව ම නොවුව ද, මේ තත්ත්වය පාලකයන්ගේ අරමුණ තෘප්ත කර ගැනීමට ආධාර දීමක් වන්නේය. දෙවියන් වහන්සේ අතුරුදන් වූවන් ගෙන එන තෙක් බලා සිටියහොත් මේ වැන්දඹුවෝ සදාකල්හි ම වැන්දඹුවෝ ම ය.

මිලිටරිය නා නා උපක‍්‍රම යොදා මේ අහිංසකයන් මඩින්නේ කුමටද? නාට්‍යයට අදාළ කෘතිය (-Widows නාට්‍යයට අදාළ මුල් කෘතිය ඒරියල් ඩෝෆ්මන් ගේ Widows නවකතාවයි-) බිහි වූ සමයේ රට කළ හමුදා පාලකයෝ ජනාධිපති අයියන්ඩේ ඝාතනය කොට සිය බලය තහවුරු කරගත්තෝය. චිලී දේශය දකුණු ඇමරිකානු රටක් වුව ද මේ කලාපයේ ඉහළ ම බලවතා ඇමරිකාවයි. කිසිවිටෙක තම අධිරාජ්‍යවාදී ක‍්‍රියා පිිළිවෙතට එරෙහිව නැගී එන බලවේග නොඉවසන ඇමරිකාව ලෝකයේ බොහෝ රට වලට කළ හදිය ම චිලී දේශයට ද කළේය. නාට්‍යයේ අප දකින මිලිටරි නිලධාරීන් ගම නිසරු බවත්, මේ තතු යටතේ පොහොර ෆැක්ටරියක් හැදීම සුදුසු බවත් කියන්නේ ධනවාදයේ නොනවතින ලාභ ඉපයීමේ ගෝරනාඩුව මොනවට හෙළිදරව් කරමිනි. දිනෙන් දින පීඩාවට ම පත්වෙන වැන්දඹුවන්ට නැතිවෙන්නට තවත් දෑ නොමැත්තේය. යදම් වලින් බැඳ දැමූවෝ යදමට පේ‍්‍රමකරන්නට පටන් ගත්තාක් මෙන් සමීපතමයන්ගේ මළ සිරුරු ගසාගෙන එන තෙක් මඟ බලා සිටීමට ඔවුහු පෙළඹුණහ. ඒ කාරණය සමස්ත ක‍්‍රියා සන්තතියේ ම අඛණ්ඩ ඵලයක් ලෙසින් හමුදා ප‍්‍රධානියාගේ මුවින් පිට වෙයි.

"කෙළල දාන්න ඕනෑ මේකට. ජලාශයේ පතුලට ම දානවා හොඳ කොන්ක‍්‍රීට් තට්ටුවක්. හදනවා මල් මල් ජලාශයක්. ආහ්.... පෙම්වතුන්ට ඇවිත් ඔරු පදින්න පුළුවන් නිවාඩුවට.... කාටද නරකයි කියන්න පුළුවන් එතකොට..."

මිනිසුන්ගේ මර ලතෝනි මැද ඉදිවන සුන්දර උයන් සදාකල්හි ම පවතී යන පාලකයන්ගේ උපකල්පනය බිඳ වැටෙන්නේ ඔවුන් ම තැනූ උපකරණ මතිනි. නාට්‍යාවසානයේ එක්රොක්ව නැගී එන වැන්දඹුවෝ එහි සංකේතයෝය. නැගී එන්නන් උපරිමයෙන් මැඩ පැවැත්වීම හැර සාමදාන වීමක් කොයින් ද?



"පට්ට වේසියන්ටයි මේ කියන්නෙ. මේ තමයි අන්තිම චාන්ස් එක. පලයව් තොපේ ගෙවල් වලට. මට එක වචනයයි කියන්ඩ තියෙන්නෙ. වැඩේ සිද්ධ වේවි..."

නාට්‍ය අධ්‍යක්ෂකවරයා වැන්දඹුවන් පෙරට ගෙන එන්නේ හද ගැස්ම වැඩි කරවන ප‍්‍රයෝගානුසාරයෙනි. සිය අත්වල ඇති හැලි-වළං වලට හැඳි ආදියෙන් පහර දෙමින් ඒකීය රාවයක් ගොඩනගන ඔවුහු නාට්‍යයේ තීව‍්‍රතර ම අවස්ථාව මවති. උපක‍්‍රමික වශයෙන් මේ දසුන අරුත් කිහිපයක් මවයි. එකක් කාන්තාවන් සිය හැලි-වළං අතට ගෙන පෙරට ඒමයි. හැලි-වළං ස්ත‍්‍රියගේ උරුමය කොට සැලකූ පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයට පහර පිට පහර එල්ල කිරීමත්, ස්ත‍්‍රියගේ නිදහස පිළිබඳ තීව‍්‍රතර හඬ නැඟීමකුත් ඉන් සිදු වේ. දෙවැන්න නම් මෙතෙක් බියෙන් හැකිළී සිටි වැන්දඹු පිරිස ඒකීය රිද්මයකට සිය අතැති හැලි-වළංවලට තැලීමෙන් ඒකරාශී වන ශක්ති සංකේතයත්, ඔවුන්ගේ ආධ්‍යාත්මයන්හි විප්ලවීය හැඟුම් පිබිදීමත් සංකේතවත් කරයි. තව දුරටත් පාලකයාගේ අනදර විඳීම පසෙකලා තම උරුමය ලෙස හංවඩු ගැසූ හැලි-වළං වලින් ම මිලිටරියට අභියෝග කිරීමත් ඔවුන්ගේ අභිමතය යි.

එසේ වුවත් හමුදා ප‍්‍රධානියාගේ අණින් එසවෙන ගිනි අවි හමුවේ වැන්දඹුවන්ගේ රණගොස ඇණහිටියි. පේ‍්‍රක්ෂකයා සුපුරුදු ලෙස බලාපොරොත්තු වූ වෙඩි වරුසාව නොඇසී වේදිකාව අඳුරු වෙයි. (මීට පෙර දර්ශන කිහිපයකදී ම වෙඩි හඬ ඇසිණි. සොෆියා සහ ඇගේ මුණුබුරාට වෙඩි තැබීමේ සිදුවීමක් ද ඒ අතර විය.) මේ අරගලය තවමත් නිම නොවූ බව හෝ නො එසේ නම් ගිනි අවිය නමැති සංස්කෘතික බලවේගය හමුවේ වැන්දඹුවන් නිහඬ වූ බව යන කාරණා අඳුරේ ගිලුණ පේ‍්‍රක්ෂක සිත් තුළ පෙරළි කරන්නට පටන් ගනියි. මේ කොයික වුව ද සටන නොනිමි බව අවසාන වශයෙන් එළැඹිය හැකි නිගමනය යි.

අවසාන පෑන් පහරින් අපි අධ්‍යක්ෂවරයාට සුබ පතමු. ඔහු තැබූ අවිනිශ්චිතාර්ථ දනවන අවසානය නාට්‍යය පිළිබඳ කියවීම් කිහිපයකට ම පිවිසීමට මං පාදයි. ප‍්‍රතිගාමීත්වයේ නොරඳවා පේ‍්‍රක්ෂකයා සිතුවිලි සයුරේ ගිල්වයි.

(විශේෂ ස්තූතිය- විචාරය සඳහා පාදක වූ දහස් ගණන් වැන්දඹුවෝ අත් පිටපතක් අප වෙත සැපයූ විද්‍යාර්ථී දිල්හි රණතුංගට)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Widows by Vladimiro Ariel Dorfman, Dahas Ganan Wandambuwo by Sanjeewa Gunarathna, Salvador Allende, Chile, Augusto Pinochet, Sinhala Drama, Sri Lankan Drama, Lakhman Fernando
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
නිල් සුළිය
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook