Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
බූන්දි, 23:20:32
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ 'රන්කරඬුව' නවකතාව මෑතකදී ලියවුණු බෞද්ධ ස්වරූපයක් ගත් නවකතා අතර වෙනස් එකකි. බෞද්ධ නවකතා බොහොමයකදී හමුවන්නේ වර්තමාන සමාජ ගැටලු විසඳීමට බෞද්ධ මානවවාදයක් හෝ බෞද්ධ සමාජවාදයක් වෙනුවෙන් කැප වූ ගිහි පැවිදි චරිතය. ඒ නිසා ඒවා සදූපදේශාත්මක නවකතා සේ පෙනේ. රන්කරඬුව ආඛ්‍යානමය වශයෙන් ද, එහි නිරූපිත බෞද්ධත්වය අතින් ද ඊට වෙනස් ද ගැඹුරු ද වන අතර ඉතා සාවධාන කියවීමක් ඉල්ලා සිටී.

රන්කරඬුව අපගේ සහෘදාවධානය හිමි විය යුතු කෘතියකි. එය බෞද්ධ කථා කලාවේ ඇතැම් අංග බෙහෙවින් නිර්මාණශීලී ලෙස භාවිත කර නිපදවාගත් ආඛ්‍යාන විධියකින් යුතුව අවධානයට ලක් විය යුතු තේමාවක් ඉතා දේශජ ආඛ්‍යාන ශෛලියකින් ප්‍රබන්ධ ගත කළ කෘතියක් බවයි. මේ සතියේ මගේ සතියක සටහන ඒ කෘතිය වෙත සහෘද සාවධානය යොමු කිරීම වෙනුවෙනි. එය සම්මා සතියක සටහනක් වෙනු ඇතැයි අපේක්ෂා කරමි.

රන්කරඬුව උපමා කථාමය ආඛ්‍යාන විධියක් ගනී. ඒ නිසා උපමා පාඨනය පිළිබඳ සවිඥානකත්වයකින් යුතුව මේ කෘතිය වෙත එළඹීම උචිතය.

වන්දනාවක යන භික්ෂුවකි. වර්තමාන ඕනෑම භික්ෂුවක් සේම මේ භික්ෂුව ද බෙහෙවින් පෘතග්ජන බව පෙනෙන අවස්ථා රැසකි. මේ භෞතික වන්දනා ගමනට අමතරව එක්තරා ආධ්‍යාත්මික වන්දනා ගමනකට ද උන්වහන්සේ හසු වේ. එය ඉතා අහඹු සිද්ධියකි. එක්තරා ඉන්ද්‍රජාලික බලයකින් මේ භික්ෂුව බුදුන්ගේ ජීවමාන සමය වෙත ඇදී යයි. ඔහුට මුලින්ම හමුවන්නේ කොණ්ඩඤ්ඤ හිමියන්ය. කොණ්ඩඤ්ඤ හිමි රහත් වීමට පෙර භාරතයට ගෙනු යනු ලබන භික්ෂුව පස්වග තවුසන්ට බුදුන් මුණගැසීමට තුන් පෝයකට පෙරාතුව ඔවුන් සත්‍ය ගවේෂණයේ යෙදී සිටින සැටි දකින්නට සලස්වනු ලැබේ. බෙහෙවින් ලෞකික වන්දනා ගමනක යෙදී සිටින මෙම භික්ෂුව ඇද වැටෙන්නේ සත්‍යගවේෂණයේ යථාර්ථ තලයකටය. වන්දනා ගමනක් ආත්මගවේෂණයක් වන්නටද ඉඩ ඇති බව ලොව විශිෂ්ට සංචාරක රචනාවලින් පෙනේ. ඒ වූකලි මෙකල ලංකාවේ භික්ෂූන් එපමණටම යෙදෙන ගවේෂණයක් නොවේ. බුදුන්ගේ මුල් දහමේ මුල් පිටපත ලියූ රන්පත සහිත කරඬුව කොණ්ඩඤ්ඤ හිමි මේ කතාවේ සංචාරක භික්ෂුවට දෙන්නේ උන්වහන්සේගේ රටේ දළදා මැදුරේ තැන්පත් කරන ලෙස ඉල්ලමිනි. ඒ රටේ දළදා මැදුරේ දැන් තැන්පත් කර ඇත්තේ බුදු දහමේ නියම කරඬුව නොවන බව කොණ්ඩඤ්ඤ හිමියන් සිතන්නාක් මෙනි.

කොණ්ඩඤ්ඤ හිමියෝ තවත් දෙයක් පෙන්වා දෙති. බුදුන්ගේ මුල් ඉගැන්වීම තනිකරඬුවක තැන්පත් කළ ද ඒ කරඬුව වටේ තවත් කරඬු ඇත. බුදුන් වදාළ දහම සනාතන දහමක් සේ ඔපදමා ගැනීමට බොහෝ දෙනෙකු දායක වූ බව කොණ්ඩඤ්ඤ හිමියෝ පෙන්වා දෙති. එක තනි නායකයෙකු වටා ආගම් සංවිධානය කර ගැනීමෙන් පසු ඒ නායකයා වෙතින් ප්‍රකාශයට පත්වුණු දහමේ සංකීර්ණ ඉතිහාසය ද එහිලා බොහෝ දෙනා දැක්වූ දායකත්වය ද අමතක වේ. මිනිස් ප්‍රඥාව යනු සෑම විටෙකම පාහේ දීර්ඝ කාලීන වූද සාමූහික වූ ද ජයග්‍රහණයක ඵලයකි.

භික්ෂුව නැව් තොටකින් ගොඩ බැස කරත්තකාරයෙකු කුලියට ගනිද්දී නවකතාව ඇරඹේ. මේ තැන තථ්‍ය ලෝකයේ තැනක් වන්නට ද නොවන්නට ද පුළුවන. කරත්තකාරයාගේ ස්වරූපය පවා විස්තර කෙරෙන්නේ යථාර්ථය සහ අධියථාර්ථය යන තල දෙකෙහිම ඔහු පිහිටුවමිනි. ඔහු උසත් නැත. මිටිත් නැත. කළුද නැත. මිටිද නැත. ඔහුගේ ඇඳුම සංකීර්ණ ද නැත. සරල ද නැත. ඔහු සිනාසෙන්නේ ද නොසෙන්නේ ද නොවන්නේය. මේ නවකතාව හුදු ස්වභාවික යථාර්ථවාදී කථාවක් සේ නොකියවිය යුතුය යන සංඥාව දෙනු ලබන්නේ එසේය. කරත්තකරුවාගේ නම "ගුප්ත" වීම ද එවැනි සංඥාවකි. එය ඔහුගේ නම පමණක් නොව ඔහු ඔස්සේ නවකතාවෙහි එන යථාර්ථයේ ස්වභාවයට රචකයා දෙන නම ද විය හැකිය. ගුප්ත නම් කරත්තකරුවා අශ්වයා දක්කන්නේ ද ගුප්ත විදියකටය. ඒ නම් අශ්වයාගේ වෘෂණ කෝෂ පිරිමැදීමෙනි. එය එක්තරා සංකේතමය අර්ථයක් ද ඇති කරයි. භික්ෂුව පවා මේ ගමන යෙදෙන්නේ ද වෘෂණ කෝෂවලින් මෙහෙය වනු ලැබ යයි නොකිව හැකිද? මේ පුහුදුන් භික්ෂුව ලිංගිකත්වය සමග අරගලයක යෙදෙන බවත්, සිය ලිංගික ආකර්ෂණය දිනූ තරුණියකගෙන් වෙන්වීමේ වේදනාව සමග පොදරබදන බවත් පෙනේ.

මෙම භික්ෂුව ගුප්ත සමග කරන ගුප්ත සංචාරයේදී ගමන් කරන්නේ තිරස් භූගෝලීය අවකාශය ඔස්සේ පමණක් නොවේ. ඔහු කාලයේ සිරස් අක්ෂයක් ඔස්සේ අතීතයට ද ගමන් කරයි. ඔහු පැවිදි වූ සාසනයට පදනම් වූ දහමේ උපත දැකගත හැකි අතීතයකට ඔහු යයි. ඔහු පැවිදි වූ සාසනය සහ ඒ මුල් දහම අතර පරතරය නවකතාකරුවා විසින් ගැදි සිත්තමකට නගවන්නේ සිත්ගන්නා ලෙසය. භික්ෂුව ඒ අතීතයේදී බෝසතාණන් වහන්සේ සුජාතාව දුන් කිරිපිඩු වළඳා තලිය ගඟට දමන දර්ශනය දකියි. ඒ තලිය උඩුගං බලා ගිය බව ඉතිහාසයෙහි එතත් මෙම භික්ෂුවට පෙනෙන්නේම තලිය ගඟ පහළට යන බවකි. කරත්තකාර ගුප්ත භික්ෂුවට කියන්නේ ඉවුර දෙක අතහැර වතුර දෙස පමණක් බැලූ විට තලිය උඩුගං යන්නාක් සේ පෙනෙන බවය. එනම් බුදුන්ගේ දහම යනු විජ්ජාවක් හෝ හාස්කමක් නොව නව දෘෂ්ටිකෝණයකින් බැලීමකි. සාසනය ගතානුගතික වීම නිසා ධර්මයෙහි ආශ්චර්ය ද ඒ ධර්ම විසින් සැපයූ නව දෘෂ්ටිකෝණය ද අමතකව ගිය භික්ෂු පරම්පරාවක් පිළිබඳ සියුම් විචාරයක් ද මෙවැනි තැන්වල ඇත.

‍මෙම භික්ෂුව සසුන්ගත වන්නේ පාසැල් වයසේදී දැරියක සමග අඹ අහුලන්නට යාම ගුරුදෙගුරුන් විසින් වැරදියට වටහා ගැනීම නිසාය. ඒ අඹ ඇහිලීම මිහිරි අත්දැකීමක් ලෙස පසුකලෙකද සිහි වන නිසා එය ආදර අඹ ඇහිලිල්ලක් ද විය හැකි බව පෙනේ. ඇගෙන් වෙන් වී සසුන් ගත වෙද්දී භික්ෂුව ඇය දුන් පැන්සල් කොටේ රැගෙන එයි. ඔහු ඒ පැන්සල් කොටේ පිරිවෙණේදීත් සරසවියේදීත් ආරක්ෂා කර තබා ගනියි. ඔහු පෙම් ගී වෙනුවට රණ ගී ලිව්ව ද ඒවා පිටුපස දැවෙන ගින්න ද ඈ වෙත වූ ඇල්මම මිස අනිකක් නොවේ. දැරිය දුන් පැන්සල් කොටේට සවි කරගන්නට පතුරම් කොපුවක් ඔහුට ලැබෙන්නේ විප්ලවවාදී දේශපාලනය නිසා වධකඳවුරුවල සිටිද්දීය.

ඒ පැන්සල් කැබැල්ල ඇගෙන් ලැබ වසර හතළිස් පහකට පසුව යෙදෙන මේ වන්දනාවේදී භික්ෂුවට මෙහෙණියකව සිටින ඒ දැරිය මුණගැසේ. ඇය වෙත ද තවමත් පැන්සලේ ඉතිරි අඩ ඇත. ඒ හමුව වන විට ඔවුන් තණ්හා ආශාවේ ගමන් මලු ඇත්හැර සදාතනික ක්ෂේමභූමිය වෙත යන්නට සූදානම්ය. ඒ දෙදෙන තමන් අත වූ පැන්සල් කැබලි දෙක ගඟකට විසිකරති. ඒ කැබලි දෙක අර බෝසතාණන්ගේ රන්තලිය සේ උඩුගං බලා යනු භික්ෂුවට පෙනේ. නව දෘෂ්ටියකින් ලෝකය බලන්නට දැන් ඔහුට පුළුවන.

භික්ෂුව සහ මෙහෙණිය යන දෙදෙනාම එක්තරා ඇල්මකින් සහ වදරකාරී හැඟීමකින් මිදී සන්තෘෂ්ටිය ලබති. එහෙත් අද අපගේ සාසනයේදී මේ දෙදෙනාට සමාන මුණ ගැසීමකට ඉඩ නැත. භික්ෂුව ද ඇය ද එකම වේදනාව වෙතින් ඉවතට සංචාරය කරමින් සිටියදී මෙසේ මුණ ගැසුණ ද සාසනය තුළ ඇය උපසම්පදාව නැති සිල්මාතාවක පමණි. බුදුන්ගේ සාසනය තුළවත් සමානත්වය නැත.

අර පැරණි රන්පතේ පිවිතුරු දහම ලියවී ඇත. එහෙත් මේ බෞද්ධ උපමාකථාවේ එන බුදුදහම සහ අද ආයතනගත වී ඇති බුදුදහම අතර පරතරය කෙතරම්ද? ඒ පැරණි දහම යළි සොයා ගතහැකිද යන්න පැහැදිලි නැත. එසේ සොයන්නට තැත් කරන අය සමාජය හමුවේ තබන්නේ ඉතා වැදගත් ආචාරධාර්මික අභියෝගයකි.

නවකථාව පුදුම කලාවකි. එය විවිධ ස්වරූපයෙන් පහළ විය හැකිය. රන්කරඬුව එහි එක් ස්වරූපයකි. එය එකම ස්වරූපය හෝ හොඳම ස්වරූපය යැයි බටුවන්ගල හිමියෝ පවා නොසිතති. උන්වහන්සේ තව ආකාරවලින් නවකතා ලියා ඇත්තේ එබැවිනි.
(-'සතියක සටහන', ඔක්තෝබර් 11, 2015 ඉරුදින පුවත්පතෙහි මුල් වරට පළ විය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ran Karaduwa, Sinhala Novel, Batuwangala Rahula Himi, Swarna Pusthaka Awards 2015, Buddhist Fictions
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලියනගේ අමරකීර්තිගෙන් තවත් වියමන්
වෙසෙස්
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
වෙසෙස්
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
වෙසෙස්
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
රංග
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්
පොත්
නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා
තවත් පොත් බූන්දි
මී පුප් සේ රස 'හෑල්ල'
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook