Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
පොදු සාධකය
බූන්දි, 22:53:41
හැම තැනම මිදිලා... හිම වගේ සුදු පාට කඳුළු කාමරේ හැමතැනම... හීතලයි... අපි දෙන්නගෙ කාමරය දැන් එයාගෙයි මගෙයි වෙලා... දැන් එයා එයාගේ දේශ සීමාව කාමරේ ලකුණු කරගෙන ඉවරයි... ඉතිරි පංගුව මගේ... කසාද සහතිකේ තරම් විතර ඉඩක, ඇඳේ කෙළවරක භද්‍රාසනෙන් මම ඉඳගෙන හිටියා.. සුදු පාට කොළ උඩ සීරුවට හිට ගත්ත අකුරු; ඒ මගේ කවි... එයාට ලියපුවා.... සමහර කවි දැන් මැරිලා... ඒ කවි වල අවතාර විතරක් කොළ වල ඉතිරි වෙලා...

"ෆෑන් එක ඕෆ් කරනවද? සීතලයි"

වෙනදට ෆෑන් එක ඕෆ් වෙන්නේ නැහැ... එයා ඇවිත් හීතල නැති වෙන්න බදා ගන්නවා... ඒත් අද ෆෑන් එක ඕෆ් වුණෙත් නැහැ... බදා ගත්තෙත් නෑ... ඉතින් මම හීතලට හුරු වුණා... මම කියපු දේ එයාට ඇහුනේ නෑ වගේ හිටියා... මගේ කටහඬත් හීනි වෙලා... දැන් එයා මගේ කටහඬට බීරි මනුස්සයෙක් ගානයි...

මම අහලා නැති ඉංග්‍රීසි සින්දුවක් කියාගෙන එයාගේ ෆෝන් එක කෑ ගහන්න ගත්තා... අහලා නැති වුණාට, ඒ සින්දුව ලස්සනයි... හෙමින් දණහිසට තට්ටුවක් දාලා තාල අල්ලන්න තරමට ලස්සනයි ඒ සින්දුව... එයාගේ මූණෙ ක්ෂීර පථය සිත්තම් වෙලා.... ලස්සනට හිනා වෙලා ෆෝන් එක ආන්ස්වර් කලා... එයා හිනා වෙන්නේ ඉස්සර වගේමයි... ඇස් සරල රේඛාවක් කරලා දත් නොපෙනෙන්න... එයාගේ හිනාව වචන වුණා... වචන දුරකතන විදුලි සංඥා වල තැවරිලා කාමරේ පුරාම විහිදුණා... මගේ දේශ සීමාවට එයා විදුලි සංඥා වල තවරපු හාදුත් වැරදීමකින් ගහගෙන ආවා... සම්පූර්ණයෙන්ම වැරදීමකින්... ඒ හාදු මගේ කම්මුළ්, තොල් නොදැක්ක ගානට පා වුණේ... මම ඒ හාදු වලට අත වැනුවා... ඒත් අත වනනවා බලන්නවත් හාදු මොහොතක් වත් නතර වුණේ නැහැ... ආපස්සට හැරුණේවත් නැහැ...

අපේ යුගල ඇඳේ හරි කෙළින් අපේ පුතාගේ රාමු කරාපු පින්තූරයක් තනි ඇණයකින් එල්ලිලා හිටියා... දැන් අපේ කියන්න ඉතිරි පුතා විතරයි... ඉස්සර අපේ වෙච්ච ගොඩක් දේවල් මගේ නැත්නම් එයාගේ... දැන් අපි දෙන්නා අපේ කියන වචනය කියන්නෙම නැති තරම්... ප්‍රශ්න ඔක්කෝම එක පෝළිමට තිබ්බොත් මහ පොදු සාධකය විදිහට අපේ පුතාව එළියට ගන්න පුළුවන්... පුතාට තිබ්බේ මගේ ඇස්... එයාගේ හතරැස් ඇහිපිහාටු... මගේ තොල්.. එයාගේ දත්.. අපි දෙන්නාගෙම නොවෙන සළකුණු ගොඩකුත් පුතාට තිබ්බා.... ඒ එයාගෙ දේවල්... මමයි එයයි නොවෙන වෙනත් ජීවියෙක් විදිහට එයාට ජීවත් වෙන්න ඒක වැදගත්... එයාගේම සළකුණු!

"මනස්ගාත කවි ලිය ලියා ඉන්න මොළේ අමාරුවක් තියෙන ගෑණියෙක්ට මගේ පුතාව දෙන්නේ නැහැ.."

දැන් ෆෝන් එක ආයිත් සද්දයක් නැතිව ඉන්නවා... එයා ඔරවලා බැලුවේ මගේ ඔඩොක්කුවේ තිබ්බ මම ලියපු කවි දිහා.. එයා එහෙම කියන කොට අකුරු කොළ වලින් බැහැලා ජනේලෙනුත් එළියට ගියා... දැන් ඉතිරි සුදු කොළ මිටියක් විතරයි...

"මගෙත් දරුවා..."

මම කිව්වෙ එච්චරයි... මට තව කොච්චර දේවල් කියන්න තිබුනත් දැන් මට මහන්සි.. මට ඕනිනම් ජාතක පොතේ ඉදන් කුරානය වෙනකන්, බයිබලේ ඉදන් මහාභාරතය වෙනකන් තර්ක කරන්න තිබ්බා... තර්ක වලට හැඟීම් නෑ... මම හිටියේ හැඟිම් කෝටියකින් නොසෑහෙන්න තෙත් වෙලා... එයා එයාගේ දරුවා කියලා ඔප්පු කරන්න ඇස් දෙකම කළු රෙදි පටියකින් ගෙට ගහගෙන හිටපු තරාදියක් අතින් අර ගත්ත ගෑනු මනුස්සයෙක් ව ඇඳ මැද්දෙන් එයාම හදපු තාප්පය උඩට නැග්ගුවා... තරාදියේ එක පැත්තකින් අපේ පුතාවත් අනිත් පැත්තෙන් එයාගේ තර්කත් දැම්මම පුතා ඉන්න පැත්ත උඩ ගියා... බලාගෙන මගේ පුතේ.. වැටේවි..!

"ඔයාට මතකද මම ඔයාට දුන්න පළවෙනි කවිය?"

එයා ඉස්සර කවි ලියපු මට කැමතියි.... මම ඒ දවස් වල, අපි ආදරේ කරපු කාලේ එයාව කවි වල හෙවනැලි අස්සේ හෙවනැල්ලක් කරපු නිසා වෙන්න ඇති.... ඒත් දැන් හැමතැනම කළුවරයි... ඉතින් කවි වලත් හෙවනැලි නැහැ... කළුවර විතරයි... එයාට මම කියපු වචන කාමරේ බිත්තියක ඔළුව හප්ප ගත්තා... එයා බීරි වෙච්ච ගානට සද්ද නැතිව හිටියා...

"එයා අපේ දරුවා...එයාව අපි දෙන්නටම අයිති නැහැ.... එයාව අයිති එයාට.."

එයා සුදු මැලි වෙලා... මම රතු වෙලා... අපි දෙන්නම බලාගෙන හිටියේ පුතා දිහා... පුතා තාමත් එකම විදිහට හිනා වෙනවා... එයාගේ දේශ සිමාවට වෙලා එයා මගේ වැරදි එකතු කරලා මට බෝම්බ විසි කරනවා... බණිනවා... මම අහගෙන හිටියා... එයාගේ බෝම්බ වැටෙන තැන් වලින් හිට ගත්තා... මම බලන් හිටපු විදිහට එයාට බණින එක එපා වෙලා මට පිටුපාලා නිදා ගත්තා... මම තාමත් එරමිණිය ගොතා ගෙන හිනා වෙන පුතාගේ මූණ දිහා බලන් ඉන්නවා...

"පුතේ ඔයා හිනා වෙන්නේ අම්මාටද? තාත්තාටද?"
සිතුවම- Abbott Henderson Thayer
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Sinhala Kathandara, Sri Lankan Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විසල් සේනාතිලකගෙන් තවත් වියමන්
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
කවි
මඟහැරුණ සෙවණැලි
කතන්දර
තොල් සායම්
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook