Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
නොපිරවෙන හිස්තැන්
බූන්දි, 02:24:44
"මට ඔයාව අමතක කරන්න බෑ." එයා දාහත්වෙනි වතාවටත් එවලා තිබුණා. මේ වතාවෙ ඒ මැසේජය ආවෙ ෆේස් බුක් සල්ලාප පෙට්ටියට. එදා නත්තලට පස්සෙ දවස නිසාද, නැත්නම් දාහත කියන්නෙ වාසනාවන්ත අංකයක් නිසාද කියන එක හරියටම පැහැදිලි නැතත්, මං මැසේජය කියවලා මිනිත්තුවක් ඇතුළත එයාගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුණා.

එදා විය යුතු පරිද්දෙන්ම තෙතබරිත දවසක්. කවුළුවෙන් එපිට හොඳටෝම වැස්ස. මම ඇඳන් උන්නේ නිල් ඉරි වැටුන අත් දිග කමිසයක්. එක්සෙල් ලිපිගොනු කිහිපයක් මැද්දෙන් හිත සන්සුන් කරවන සුළු අහස් නිල් පාට ෆේස්බුක් පිටුවක් පිපුණේ අහම්බෙන්. දීප්තිමත් කහ පැහැ මවුස් පොයින්ටරය නිල් අහසෙන් වැටෙන ඉර එළිය කැටිත්තක් වගේ දැන් ඇක්සෙප්ට් කල ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක හොයාගෙන ගියා.

හැම ඇල්බමයක්ම, හැම පින්තූරයක්ම තිබුණේ හිමෙන් වැහිලා. මම තව ටිකක් කමිස අත් ඇතුළට ගුලි වුණේ ඒ ලේ මිදෙන සීතල ලැප්ටොප් තිර‍යෙන් එළියටත් කාන්දු වෙන්නා වගේ දැනුණ නිසා.

කුඩා කවියක් පැන නැංගේ නොහිතපු මොහොතක.

මදක් දියවූ හිම මල් ය
අලුත් තණපත් නිකැලැල් ය
අඳුරු තුරු සිරස මත - රන් ඔටුනු පලඳවන
වසත් හිරු රැස් කෙඳිති කෙළිලොල් ය.

එහෙනම් ඈ තවමත් ලියනවා. ඒ කියන්නේ තවමත් ඉල් වැස්ස නතර වීමේ සම්භාවිතාවක් තියෙන බවද?

කල්පෙකට විතර පස්සෙ ආයෙමත් පුරුදු විදියට ඔරලෝසු කටු කරකැවෙමින් තිබුණා. දුරුතු සීතල එක්ක තිබුණ අරියාදුකම් හිතෙන් අකා මකා දමලා මමත් පරණ පුරුදු විදියට අකුරු ඇතුළෙන් නැගෙන උණුහුම උරා බොන්නට උගනිමින් උන්නා.

සමහර ඇස් වලට ඒක විසාල වරදක් විදියට පෙනෙන්න පුළුවනි. ඒත් මම රාමු කරපු ඇස් වලින් එල්ල වෙන විවේචනාත්මක ගිනි පුළිඟු පයිසෙකටවත් මායිම් නොකරන්න තීරණය කලා.

හැබැයි, මම ජංගම දුරකථනයේ පසුතලයට හිමෙන් වැහිච්ච ෆූජියාමා කන්දේ පින්තූරයක් දමාගත්තා. අකුරු වලට පණ එන වාරයක් පාසා මම මුලින්ම දැක්කේ ෆූජි කන්ද වසා ගෙන පිපුණු හිම පියලි. කවදාදැයි නිශ්චිතව කියන්නට නොහැකි වුණත්, අනිවාර්යයෙන්ම යම් දවසක ඒ හිම පියලි අඟුරු වෙලා යන්නට නියමිත බව මතක් වීමෙන් මගේ අසීමාන්තික උද්දාමය යම්තාක් දුරට සමනය වුණා.

මම හිතන්නේ එයත් ඒක මම තරමටම තේරුම් අරන් උන්නා.

ඒ ගැන පූර්ණ විශ්වාසයක් තියන්න අමාරුයි. එයාට තිබුණෙ ඉතාම ඉක්මනින් වෙනස් වෙන සුළු හදවතක්. ඒත්, හිත තවදුරටත් ඉහිල් කරන්න හිතා ගෙන මම ඕනෑම පිදුරු ගහක එල්ලෙන්න කැමැත්තෙනුයි හිටියේ.

වැහිකෝඩ ගෙනෙන බැව් සැක නැතී
කිරිකෝඩු කිව නොහැකි ස්නේහෙකී
මුකවාඩමින් වැසුන සෙව්වන්දියක තොල් පෙතී
යුනිකෝඩ මත සුසුවඳක් තවරා ඇතී

කොයිතරම් ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරලා තිබුණත් යුනිකෝඩ මත පිපෙන සමහර මල් නිසා පිනි වැටීම උත්තේජනය උනේ නිරායාසයෙන්මයි.

කවි වලට එපිටින් හිටියේ ලාබ පෑනක් අතින් ගත්ත කෙසඟ, සුදුමැලි කෙල්ලෙක්.
දෙවටොරෙහි හැපෙන තරමට දිග, තුනී කොණ්ඩා කරල් දෙකක්.
මද සිනාවක ඡායාවක් එක්ක තදින් පියාගත් දෙතොලක්.

'උඹට මැච් වෙන්නෙ නෑ බං, ඒකි මෙලෝ රහක් නැති කෙල්ලෙක්. '

ඒත්. . .

ඒ නිදිබර, සුදුමැලි පින්තූරය අතරින් මතු වෙන්නේ, අමතක කරන්න බැරි දැල්වෙන ඇස් දෙකක්.

මම තවමත් නැවතිලා ඉන්නෙ එතැන.

පියවි ලෝකයට පය තැබීම පහසු කරගන්න හිතා ගෙන මම වැරෙන් පිටි අත්ල නිකට මත ඇතිල්ලුවා. වායුසමීකරණයේ සීතලෙන් වියැලී තිබුණ සම මත රැවුල් කොට වලින් සුදු පැහැ සිහින් ඉරි ජාලාකාරව පැතිරුණා. ලැප්ටොප් තිරය මත අඩක් නිම වුණ ව්‍යාපෘති වාර්තාවක් මා දිහාට ඔරව ගෙන උන්නා.

තවමත් අර ඇස් දෙකේ දිලිසීම අඩු වෙලා තිබුණෙ නෑ.

එතැනින් එහා මෙහා වෙන්න ඕනෑය කියන හැඟීම නැවත වරක් මගේ පපුව මැදට තඩිබාන්න ගත්තා.

"තවමත් එහෙමමද?"
වචන දාස් ගාණක ප්‍රශ්ණයක් නියපොත්තක් තරමට හකුළුවලා මම සල්ලාප පෙට්ටියට අතෑරියා.

"නැහැ."

ඉස්සර වචන දෙකක උත්තරයක් උනත් මාගලක් තරමට ප්‍රසාරණය කරන එයා, තවමත් එතැන එහෙමම නොවන බව තේරුම් ගන්න මට ඒ තනි වචනය හොඳටම ප්‍රමාණවත් වුනා.

"ඒ කියන්නේ. . . . ?"

"මෙහෙට ශරතය. නොගිනිය හැකි තරම් සුළු දේවල් කිහිපයක් ඇරෙන්න, මෙහේ හැම තුරුපතක්ම පොළවට වැටෙන්න අරන්. හැමදේම වෙනස්. නොහිතනම විදියට."

"මට බලන්න ආසයි."

"සොබාදහම මැරෙන්න පණ අදින හැටිද?"

"නෑ. තුරුපතක් ගානේ ගිනි රත් පැහැයෙන් ඇවිලෙන හැටි."

"දැන්ම ඉක්මන් වැඩි නැද්ද?"
එයා ඇහුවා.

"ෆූජි කන්ද පිපිරෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපිට අනුමාන කරන්න බැහැ. ඉක්මන් වෙන තරමට හිතට හොඳයි."

"ඒත්, හිතේ තියෙන සමහර රාමු කැඩිලා බිඳිලා යන එක දරාගන්න අමාරුවේවි. පියවිය කියන්නේ මහ භයානක දෙයක් වෙලාවකට."

"තිරයක් ඇතුළෙන් දකින්නේ පියවියයි කියලා සහතික වෙන්න අමාරුයි. ඒක හිතට සහනයක් නෙමෙයිද?"


සල්ලාප පෙට්ටියෙන් දිලිසෙන ඇස් දෙකක් මා දිහා බලන් උන්නා. වායුසමීකරණ යන්ත්‍රය ගැන වගේ වගක් නැතිවයි අත්ල මත දහදිය බින්දු නැඟුණේ.

ඈ මොනවා කිව්වත් වැහිකෝඩ නතර වෙන බව දැන් නම් සහතිකයි.

දම්පාට අහසට යටින්, ගිනිපෙට්ටි වාහන අතුරාපු කළබල වීදි දිගේ මම එදා හවස සුක්කානම කැරකෙව්වේ පුදුම තරමේ සැහැල්ලුවකින්. සන්ෂයින් එෆ්. එම් එකේ ආදරණීය හැන්දෑවේ වැයෙන සින්දුවලට මම හිතපුරා අත්වැල් ගායනාවලින් සහය වුනා. කබල් බස්වලින් පිටවෙන අළුපාට දුම් කැරලි පවා පෙනුනෙ කුඩා වළා කැටිති වගේ.

ඒ වළාකුළු අතරේ අර දිලිසෙන ඇස් දෙක තරු වගේ පායලා තිබුණා.

මම ඉහල ඇදෙන එලිවේටරයේ වීදුරු බිත්තියට මූණ තද කරගෙන බලන් උන්නේ කලින් අසා නුපුරුදු ජෑස් සංගීතයක් හිස තුළ වාදනය වන අතරේ. ඊගාවට මම ඒ තාලයට උස් හඬින් සිවුරුහන් කරමින් ටයි ගැටය ලිහිල් කරන ගමන් කොරිඩෝවට පැන්නා. එලිවේටරයට ඇතුල්වෙන්න බලාගෙන උන් කෙටි කොණ්ඩාකාරිය, ම්හ්, ජීවන සහකාරිය, බස්සියෙක් වගේ ඇස් තඩි කරන් බෙල්ල ඇල කරලා බැලුවා.

"අද වේලාසනින්" ඈ අහන්න කලින්ම මම වචන එළියට දැම්මා.

"මම එන්න පාන්දර වෙයි, නයිට් ශිෆ්ට්." ඈ වැහෙන්නට ගිය එලිවේටරයේ බොත්තම ලුමිනස් කොල පැහැ නියපොත්තකින් තදකරමින් අඩියක් ඉදිරියට තිබ්බා.

"අද මූඩ් එක වෙ- න- ස්!" වැහෙන එලිවේටර් දොරට කලින් ඈ දකුණු ඇහැ පුංචි කරමින් ලතාවකට කිව්වා.

පිළිතුරක් දෙන්න පමා වෙන්නේ නැතුවම මම සිවුරුහන් කරමින් අංක දාහත සටහන්ව තිබුණු දොරට පා පහරක් දුන්නා. සෝෆාව මතට කඩන් වැටිලා කමිසයේ බොත්තම් විවර කරන්නට වුණා.

සපත්තු දෙක ටීපෝව යටට තල්ලු වෙලා නැවතුණා. එක මේස් එකක් ටීපෝව උඩත්, අනිත් මේස් එක සෝෆාව අයිනේ බිමත් වැතිරිලා මහන්සි අරින්නට වුණා.

නාන කාමරය තුළින් හමා ආවේ සිහින් ලැවැන්දර සුවඳක්.

රැවුල සේරම කැපුවොත් ඉස්සර වගේ ලාමක පෙනුමක් ඒවි. මම සබන් දියර තැවරූ හිසකේ තලමින් කල්පනා කලා. නිකට මුල නැඟුණු එකම එක කුරුලෑවක් කඩන්න කණ්නාඩියට එබුණෙ ලොවි රතුපාට ඇස් දෙකක්.

උරහිස් මත පිපුණු කුඩා දිය බිංදු පිහදාන්න කරදර නොවී මම සෝෆාවේ වැතිරුණා. අංක දාහත චැනලයේ ජපන් භාෂාවෙන් ෆූජි කන්ද ගැන වාර්තා වැඩසටහනක් විකාශය වෙමින් පැවතුණා.

"ගුඩ් මෝර්නින්!"

මම මේ මොහොතේ ඉඳන් ඉදුනු මිදි පාට වයිබර් සල්ලාපයන්ට මුළු හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්නවා.

"අපිට දැන් හැන්දෑව. නගරය පුරාම කළාමැදිරි එළි වගේ නියොන් එලි තිත් විසිරෙන්නට අරන්."

"ඒ වුනාට මට මෝනින්."
එයා ඩිජිටල් වෙලාව දක්වනයක පින්තූරයක් එව්වා. උදෑසන හතයි දාහතයි.

මම ටැබ් තිරයේ ඉහළ කෙලවරට ඇස් දිවෙව්වා, හවස හයයි දාහතයි.

"එකම වෙලාවක ලෝකයේ දැතැනකදි, එකම දවස ඉපදෙන්නත්, මැරෙන්නත් පුලුවනි." මම ස්කයිප් කවුළුවෙන් එබෙමින් කිව්වා.

මුලින් තිරය පුරා දිස්වුනේ බොඳව ගිය දුඹුරු පැහැයක්. ඉන් පස්සෙ පොරෝණා ප්‍රාවරණයක් තුළින් රත් පැහැ හිසකේ ඇති කෙල්ලෙක් ස්කයිප කවුළුවෙන් හිස පෙව්වා.

"පේනවනේ, මිනිස්සු වෙනස් වෙනවා."

ඈ සමනල් පියාපත් ටැටූවක් කෙටූ අත්ල මිටි කරගෙන, දබරැඟිල්ල තිරය දෙසට ලෙලවමින් කිව්වා.

"ඒත්, සමහර තාරකා එහෙම ලේසියෙන් මිය ඇදෙන්නේ නැහැ." මම ඇගේ නිදිමතෙන් කුඩා වුණ ඇස් දිහා බලාගෙනයි උන්නේ, බොහොම සුළු දේවල් කිහිපයක් තවමත් නොවෙනස්ව පවතින බව මට ඒ වෙලාවේ පසක් වුණා. අකුරු සහ දිලිසීම. ඊට අමතරව හිස් මුදුනට කඩාපනින ප්‍රහර්ෂයේ අකුණු සැර!

පැය එකහමාරකට පස්සෙ ඈ ස්කයිප කවුළුව වහල දැම්මා.

මම ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසයන් තුළ කිමිදෙමින්, 'සී' අකුරක හැඩයට වකුටු වෙලා ඇස් පියාගත්තා.

කෙටි නින්දකට වැටුණ පරක්කුවෙන් හිම පියළි වලට යටින් ලාවා බුබුළු දාන හැටි හීනෙන් දැකලා මං ඇහැරුණා.

තත්පරේකින් පංගුවකදී
සෙවණැළිය කියන්නේ
සෙවණැළිම පමණෙකැයි
හොඳටෝම අමතකව යයි

මම සීතල දුරකථන තිරයට හාද්දක් දුන්නා. තවත් බියකරු සිහින උහුලන්න අමාරුයි. ඒ නිසා මම කුඩා තැඹිලි පැහැ පෙත්තක් උගුරට හලා ගෙන සීතල වතුරෙන් සෝදා හැරියා.

බිත්තියේ ඇලවූ වර්ණ කරදාසි දීප්තිමත්ව දැල්වුණා. නීරස භූමි දර්ශන සහිත පින්තූර රාමු වලින් පවා ආදරේ හිතෙන උණුසුම් වර්ණ පැන නැංගා. දොර, ජනෙල් තිර පවා වැළැඳ ගන්නට තරම් ආනන්දයකින් හදවත වේගයෙන් ගැහෙන්නට වුණා.

පයේ හැපුනු වතුර වීදුරුව 'සලාං' හඬක් නගමින් පෙරැලුනා. මම වීදිරුව ටයිල් පොළව මත පෙරලෙන තාලයට රවුමක් කරකැවෙමින් දණහිස් නැටෙව්වා.

ඉන් පස්සෙ වළාකුළු පොළවට පාත් වෙලා මාව වැළඳගත්තා.

එයා වළාකුළු මිරිකලා රෝස පාට තීන්තක් බෝතල් වලට පිරෙව්වා. වළාකුළු මිරිකන ගානේ සිහින් අකුණු සැරක් වැදිලා මාව වෙව්ලුම් කෑවා. ගණන් ගත යුතු තරම් දේකුත් නෙමෙයි. ඒත් කකුල් පණ නැතුව යනවා සුළු මොහොතකට.

රෝස පාට තීන්තට හුස්ම පිඹලා එයා හිස් අවකාශයේ අකුරු අඳින්නට වුණා. ඒ අකුරු තද නිල් පාට පසුතලය මැද්දේ ෆ්ලොරොසන්ට් ආලෝක කණිකා නිකුත් කරමින් කරකැවෙනවා.

කඳු හිසකින් දිය ඇල්ලක් කඩා හැලෙන තරම් සැහැල්ලුවකින් එයා තීන්ත බෝතලය මගේ ගෙල දෙපසට වැක්කෙරුවා. ඉන් පස්සෙ දබරැඟිල්ල තීන්තේ ඔබමින් මගේ පිට දිගේ අකුරු අඳින්න ගත්තා. ඒ අකුරු කවි වෙලා සම් මස් නහර විනිවිදගෙන පපුව ඇතුළට කාන්දු වුණා. හෘත් පේශි ඇතුලෙ කවි කුඩා කැටිති විදියට තැන්පත් වුණා.

ඔන්න දැන් ලබ් ඩබ් හඬත් එක්ක කවි ගැහෙනවා.

ගැහෙනවා - ගැහෙනවා - ගැහෙනවා.

ඉන් පස්සෙ ඈ සේද ඇතිරිල්ලක් වගේ මගේ පපුව මත වැතිරිලා වචන අපැහැදිලි ගීයක් කන් පෙත්තට මුමුණන්න ගත්තා. හුස්ම වල උණුහුම වැදිලා කන් පෙත්ත රත් වුණා. මම අසිහියෙන් අත දිගුකරලා පැති මේසය උඩ තිබුණු වීදුරු ඩිකැන්ටරය උගුරට ඇල කලා. පපුව දිගේ වතුර බේරෙන කොට එයා දිය වෙලා ගියා.

ඊට පස්සෙ මම කොට්ටෙ බදා ගෙන හදවතක රූපයක් ඇන්දා.

හදවත් රූපයේ වටකුරු සුමට මුහුණත් දෙකේ ඉඳ ගෙන අපි රෑ එළිවෙනකම් සී- සෝ පැද්දා. මුලින් බොහොම හෙමිහිට. ටිකෙන් ටික සීසෝව පැද්දෙන වේගෙ වැඩි වෙලා එක්වරම මාව පහළට රූටා ගෙන ගිහින් ඇඳ උඩට වැටුණා.

එයා හදවත් රූපය අත් දෙකෙන්ම උස්සලා ඒකෙ උල් කෙලවරෙන් මගෙ පපුවට ඇනගෙන ඇනගෙන ගියා. සිදුරු වුණු පපුවෙන් ලේ රතුපාට කවි විද්දා!

***

"හනී- බී, නැගිටින්නකෝ අනේ."
ජීවන සහකාරියගේ ඇඟිලිතුඩු හිසකේ අතරින් සීරුවට එහාමෙහා යනවා.

යාන්ත්‍රිකව දෙතොල් එහාමෙහා වෙන හාද්දක්.
මිනිත්තු කිහිපයක් ඇතුළත කොරිඩෝවට පැනගත්තේ ටයිපටිය අතේ ගුලි කරගෙන, සැනසුම් සුසුමක් හෙලමින්.

හෙඩ්ෆෝනය හරහා ඇහෙන්නේ ඈ හුස්ම ගන්නා හඬ. තමන් හුස්ම ගන්නා බව දැනෙන්න ඒ වගේ පසුබිම් සංගීතයක් නැතුවම බැහැ.

"මේ කතාවේ අවසානය මොකක්ද?"
එයා ඇහුවේ නොහිතපු වෙලාවක.

"ඇයි?" මම මෝඩ තාලෙට හිස කසමින් ඇහුවා.

"මම අහන්නේ, ඔයා අනුමාන කරන විදිය."

"එක්කෝ සුඛාන්තයක්, එහෙමත් නැත්නම් ඛේදාන්තයක්."
මම සුසුමක් හෙලමින් කිව්වා. "මොක වුණත් මොකද? එකම කාසියක දෙපැත්ත වගෙයි."

"සුඛාන්තයකුත් නොවෙන - ඛේදාන්තයකුත් නොවෙන අවසානයන් තියෙන්නම බැරිද?"
ඈ ඉස්සරත් ඔහොමමයි. අහන්නෙම නුවුමනා දේවල්.

"ම්හ්!"

"කාසියක් උඩ දැම්මාම පැත්ත වැටෙන්නේ නැතුව කෙලින් හිටගන්න අවස්ථාවනුත් තියෙන්න පුලුවනි."

"වෙන්න පුලුවනි. ඒත් මම කැමති, කාසිය බිමට වැටෙන්න කලින් මේ මොහොත ඇතුළෙ ජීවත් වෙන්න."

"ඉස්සර කලා විද්‍යාලයේදි මම ලියන දේවල් වලට ගුරුවරුන්ගෙන් කිසිම පිළිගැනීමක් නොලැබුන තරම්. ඔවුන්ට ඛේදාන්තයක් හෝ සුඛාන්තයක් නැති කතා විශ්වාස කරන්න බැරි වුනා. කුඩා පැන්සයකට වුනත් කෙළින් හිටගන්න වාරයක් එන බව හැමෝම බොහොම කැමැත්තෙන් අමතක කලා."

"මට තේරෙන්නෙ නෑ."
මං ආයෙමත් පුරුදු පොදු- පිරිමි පිළිතුර දුන්නා.

"ඔව්. ඔයාට තේරෙන්නෙ නැහැ නේන්නම්."
ආයෙමත් සිහින් හුස්ම හඬ.

ඉන් පස්සෙ මමයි, ෆූජි කන්දයි අතරේ අහස තරම් උසට තාප්පයක් බැඳලා තිබුණා. ගිනි කන්දක් එක්ක තියෙන ඇඟෑලුම්කම ශෝකාන්තයකින් කෙලවර නොවෙන්නේ කොහොමද කියන එක කොච්චර හිතුවත් මට තේරුම්ගන්න බැරි වුණා. මං බය වුණා.

පහුවදා හවස වැඩ ඇරිලා ගෙදර එන ගමන් මම පෙට්ශොප් එකට ගිහින් සුදුපාට ලොම් උඩින් තැඹිලිපාට පුල්ලි වැටුණ හැම්ස්ටර් මීයෙක් මිළ දී ගත්තා. ඌට තිබුනෙත් දිළිසෙන චූටි ඇස්.
අඩුම තරමේ ඌව අතට අහුවෙනවා. පපුවට තුරුල් කරගන්නත් පුලුවනි.

තවම හදවතේ නොවැහුනු සිදුරු තියෙනවා නම් ඉඳලා හිටලා කවියක් දෙකක් ඔබාගෙන හිස්තැන් පුරවගන්න බැරියෑ!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Short Stories, Sinhala Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
කතන්දර
දමනය
කවි
මනාලී මල් කළඹ තනන්නී
තවත් කතන්දර බූන්දි
ඉරණවිල එළිය
බුම්මන්නා පවුල සහ ලේලිය
කල්ලඩි පාලම පාමුල
අලුත ගෙනා මනාලිය
නිල් මල් ගවුම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook