Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
බූන්දි, 00:34:10
-බෝට්ටුවෙන් ඉතාලියට යාමට සැරසුණු තරුණයින් පිරිසක් මුහුදු බත් වී නාවික හමුදාවෙන් බේරා ගෙන ඇති අතර එක් තරුණයෙකු මරුට.

කවියො කියනා සමනල පියාපත් සෙනෙහස
කොහේ නම් තිබුණිද අප අතර?

අප මුහුණු මල් පිපෙන
කලාතුරකින් වගෙ හදිසියෙ මුණ ගැහෙන දිනෙක වුව
එයා ආවෙම
වැහි පුරවාපු ගෝනියක් උරිහ මත තියාගෙන

ඇයි ඉතිං මං උනත් හැමදෑම
වලාකුළු වේල්ලක තන මත්තෙ බැහැගෙන

ඒ උනත්
පුළුන් යායක හුළඟෙ ලඹ දෙන
ලා මල් දෙපෙති හිනාවකි
අපි මුණගැහුනහම බෝ වෙන

කල්පයක් දිග ආදරේ නොනගතය නිමා කොට
නේවි නිල් බකිතං කමිසයක් පටලගෙන
බත් ඔතන සිලි සිලි කොලයක් විතරක්ම වන වන
පියඹගෙන එදා පියමනින කොට
උරිහ මත තිබුණා
අර වැහි පුරවාපු ගෝනිය

සිලිබිලියෙ ගෑවිල්ලෙ හදිසියක් තිබුණාට
කවදකත් වචන නම් හරි හිඟය
අපේ බහදැකුම් තුළ
මොන්ටිසෝරියෙ වගෙයි කිරියාව

දැන් එයා කඩිකනා හදිසියෙනි
සිලි සිලි කොලේ සිව් කොන
නූල් හතරක් පැටලුවා
රතු මිරිස් කරලකුත් නූලගින් එල්ලුවා
මල් දෙපෙති හිනාවක් ඇසිල්ලෙන් බෝ උනා

පා උනා සිලි කොල පැරෂුටය අහසේ
සරුංගල් සුළඟකට ඉගිලුනා
වාටියත් මගෙ සායේ

ඉගිල්ලෙමු ඉතාලියෙ රහසේ
එන්න එල්ලෙන්න රතු මිරිස් කරලේ
ආදරේ නොනගතේ වාඩු ගම්මුද?
රෝමියෝ සිටියාලු හීනේ

ඔය කියන ගිරාපෝතක නිමේෂය මැද්දේ
ජුලියට් කියන සුදු පාට ලන්දී
අපි අතර පෙම්පවුර බැන්දී

හිත් අහස අඳුරු කර
වසිව් බොල වැහි මාර සේනාව
ඉතාලි සිහිනයක පෙර මග
සුද්දියක් හිටි වග
නොතේරුංකොම බොලව් ගංගොඩේ කෙල්ලට

මං දස අතේ සත එක්කාසු කරන කොට
එයා
බෝට්ටුවෙන් ඉතාලි පැන හත්පාරක් මාට්ටු උනෙ
ජුලියට් නම් සුද්දියෙක්ගෙ තන් දෙකකට පිස්සුවෙන්ද?

එතකොට මං ඉඳියේ
ඇවරි බැහැල අගට වෙච්ච
කෝලිකුත්තු මලක් වගේ කොනක නේද?

මේ තරං පිස්සුවක්
මොන පිරිමියටද ඇති උනේ
සුද්දියෙකුගෙ පපුවක් ගැන
මූදෙ පනින කල්පනාව මට සිහියක් නෑ සම්පත

සිරීපාදෙට උනත් කිරිකෝඩු ගෑනී
කොහොම නං දන්නවද වෙරෝනාවක වාසී

*ඉතාලියේ වෙරෝනා නුවර ඉදිකර ඇති සදාතනික ප්‍රේමයේ පරමාදර්ශමය පුරා කෘතියක් වන රෝමියෝ-ජුලියට් ප්‍රතිමාවෙහි ජුලියට්ගේ පයෝධර අතගෑමෙන් පෙම්වතුන්ගේ සියලු බාධක මැඩ ප්‍රේමය ජය ගැනීමට හැකි වන බව රොමැන්තික විශ්වාසයකි. මළගිය තරුණයාගේ එකම සිහිනය වී තිබුණේ තම පෙම්වතිය සමග එකතු වීමේ සිහිනය එළි කර ගැනීම වෙනුවෙන් ජුලියට්ගේ පයෝධර අතගෑමට ඉතාලියට පැන ගැනීමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
ආරාධනා ගල
වෙසෙස්
ආදරය සහ ළමා අපයෝජනය
තවත් කවි බූන්දි
An Attacked Mosque alias Sutta Palli
තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....
අද දවස මෙතෙකින් නිමයි..
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
රළ - වෙරළ හා ගල්පර
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook