Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
බූන්දි, 21:01:32
සහවේදනීය පරිකල්පනය ගැන සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නොයෙක් දේ කතා වේ. යම් සමාජයක සිටින ආන්තිකකරණයට ලක් වූ ජනයා, පීඩිත ජනයා සම්බන්ධයෙන් සහවේදනීය වශයෙන් පරිකල්පනය කිරීමේ හැකියාව සාහිත්‍යය මගින් වර්ධනය වේ. සාහිත්‍ය රසාස්වාදනයේ එක්තරා තලයකදී මෙය ද ඉතා වැදගත් දෙයකි. එහෙත් ආන්තිකකරණයට ලක් වූ පිරිස්වල පීඩීතභාවය පිළිබඳ සහානුකම්පික සහවේදනය එක්තරා තලයකදී බොහෝ ගැටලු සහගත දෙයක් වන්නට ද පුළුවන. අපේ රටේ ශාස්ත්‍රාලික සාහිත්‍ය අධ්‍යයනය බොහෝ විට පවතින්නේ මේ සහවේදනීය තලයේය. පුවත්පත්වලත්, විවිධ රසවින්දන වැඩසටහන්වලත් සාහිත්‍ය කියවීම පවතින්නේ මේ මට්ටමේය. මේ ගැටලුව ගැන අවධානය යොමු කළ හැකි ගීතයක් රසිකයන් අතර බොහෝ ජනප්‍රිය වී ඇත.

"හන්තානය පායන සඳ" ගීතයයි. මෙය මගේ ද ප්‍රියතම ගීතයකි. එය ලියා ඇත්තේ ධම්මික බණ්ඩාරය. ඔහු ලියන බොහෝ ගීත මගේ ප්‍රසාදයට හේතු වී තිබේ. ඔහු සිය ගීතවලදී භාවාතිශය භාෂා රූපකය වෙනුවට වැඩි වශයෙන් භාවිත කරන්නේ ඉතා සියුම් ජීවන අවස්ථාවකි. භාෂාමය රූපකයක් නොව ව්‍යූහමය රූපකයකියි කියන්නට පුළුවන. ආරියවංශ රණවීර සිය කවිවලදී නිතරම භාෂාමය රූපකය අතහැර ව්‍යූහමය රූපකය භාවිත කරයි. ඔහුගේ ප්‍රසිද්ධ කෙටි කවියක් වන මේ කවිය බලන්න:

සසර

මලක
මෙළෙක මත
නිල මැස්සෙක්
මල් ශාලාවක


මෙහි භාෂාත්මක සැරසිලි කිසිත් නැත. එය කවියෙන් ගොඩනැගෙන අවස්ථාවම රූපක ගුණකියන් යුක්තය. කලාත්මක රූපකය යනු හුදෙක් භාෂාත්මක දෙයක් පමණක් සේ ගැනීම වැරදිය. මෙටෆර් හෙවත් රූපකය යනු කවියා කරන ව්‍යූහමය සැකැස්ම ද අයිති වූවකි.

ධම්මික බණ්ඩාර ගීත බොහෝ ගීත රචනා මෙවැනි ස්වරූපයක් ගනියි. හන්තානට පායන හඳ ගීතය ද එවැනිය.

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුළි කර
මහවැලියට දමන්න


මේ ජනප්‍රිය ගීතය ගී රස වින්දන වැඩසටහන්වලදීත් නිතර සාකච්ඡා වේ. විවිධ ස්ථානවලට ගී වින්දන වැඩසටහන් රැගෙන යන ගීත විශේෂඥයෝ ද මේ ගීතය ගැන කතා කරති. අමරසිරි පීරිස් ප්‍රසංගවලදී මේ ගීය ගයන ඇතැම් විට එහි පසුබිම විස්තර කරනු ද මා අසා ඇත.

මේ ගීතය පිළිබඳ පවත්නා පොදු මතය මෙසේය: මෙය උසස් නිර්මාණයකි. යෞවන පෙම්වතියක් සරසවි වරම් ලබයි. ඇගේ පෙම්වතාට ඒ වරම නැත. තමා වෙත වූ ආදරය නිසා ඇයට සරසවියේදී බොහෝ දේ අහිමි වී යතියි පෙම්වතා සිතයි. සරසවියෙන් ලැබිය යුතු බුද්ධිමය සහ භාවමය අලෝකයෙන් කිසිවක් හෝ ඇයට අහිමි වී යනු දැකීමට ඔහු කැමති නැත. සරසවිය පෙම්වතුන්ගේ පාරාදීසයක් ද වේ. තමා නැතිකමින් සරවියේදී ඒ අත්දැකීම විඳින්නට ද ඇයට අවස්ථාව නැත. ඇය පමණක් සරසවි වරම් ලැබීම නිසා ඇය සහ තමා අතර දැවැන්ත පරතරයක් ඇති වී තිබෙන බව ඔහු දකියි. ඒ නිසා ඔහු ඇයට කියන්නේ තමා ගැන මතකය ඉවතා ලා සරසවියේදී තමාගෙන් තොර ජීවිතයක් ගොඩනගා ගන්නා ලෙසයි.

තම පෙම්වතියන් අධ්‍යාපනයෙන් හෝ වෘත්තීයමය වශයෙන් ඉදිරි පියවරක් තබන විට කලබලයට පත්වන පෙම්වතුන් ඉතා හිංසක පියවර ගන්නා අවස්ථා අපට අසන්න ලැබේ. ඇතැම් අය්යලා සරසවියට තේරෙන ආදර නංගිලාට හිංසා කරන, පිහියෙන් අනින හැටි අපි දැක ඇත්තෙමු. එවැනි පසුබිමක මේ ප්‍රේමවන්තයා කරන පරිත්‍යාගශීලී ප්‍රකාශය අපේ අනුකම්පාව ද ආදරය ද දිනා ගනියි.

මෙම ගීතය පිළිබඳ අදහස් පළ කරන සෑම දෙනාම පාහේ උක්ත කාරණය දකිති. යෞවන පෙම්වතියන්ට එරෙහි පෙම්වතුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ද ලිංගික ආක්‍රමණ ද ඉතා අධික වී ඇති මෙකල මේ ගීතය ද ඒ ගීතය පිළිබඳ සාකච්ඡා ද වැඩි වී තිබේ.

එහෙත් මේ ප්‍රේමවන්තයාගේ පරිත්‍යාගශීලී ප්‍රකාශය අගය කරන අය නොඅසන ප්‍රශ්නයක් ඇත. ඒ ප්‍රශ්නය ඇසීමට ගීතය පිළිබඳ ගැඹුරු තලයක කියවීමක් කළ යුතු වේ. එහෙත් සරල ප්‍රශ්නයකින් ඒ තලයට වහා යා හැකිය. සරසවි වරම් ලබන තරුණියකට ඒ නිසාම පෙම් වරම් අත්හරින්නට සිදු වන්නේ ඇයි? තමාට ලබා ගත නොහැකි වූ සරසවි ප්‍රවේශය තම පෙම්වතිය ලබාගත් නිසාම තරුණයෙකුට පෙම්වතියම පරිත්‍යාග කරන්නට සිදු වන්නේ ඇයි? පෙම්වතිය පමණක් උසස් අධ්‍යාපන වරම් ලැබූ විට සම්පූර්ණ සම්බන්ධතාවම නවත්වන්නට සිදුවීම සැබෑ ලෝකයේදී එතරම්ම සිදු නොවන්නට පුළුවන. එහෙත් මේ ගීතයෙන් ඇඟවෙන්නේ සැබෑ සමාජ ආතතියකි. මේ ආතතිය පිළිබඳ බොහෝ නිර්මාණ නිමා වන්නේ මේ ආතතිය පැන නගින සමාජ දේශපාලන ව්‍යූහය වැඩිමනත් ප්‍රශ්න කිරීමකින් තොරව බාරගනිමිනි. මේ වෙන්වීම ආදර්ශවත් යෞවනයෙකුගේ පරිත්‍යාගශීලි ක්‍රියාවක් සේ දකින බොහෝ දෙනෙක් ද මේ දෙදෙනාගේ වෙන්වීම යථාර්ථයක් බවට පත් කර ඇති සමාජය ගැන කිසිවක් නොකියති.

යෞවන පෙම් යුවළක පෙම්වතිය උසස් අධ්‍යාපන වරම් ලැබූ විට ඇයට කැම්පස් යන්නට බැරි වුණ පෙම්වතා අත අරින්නට සිදූ වී ඇත්තේ ඇයි? කැම්පස් යාම සහ ආදරය අතර නොවැලැක්විය හැකි සම්බන්ධයක් තිබේද? කැම්පස් යාම නිසාම ඇය සහ ඔහු අතර යා කළ නොහැකි පරතරයක් ගොඩ නැගේද? එසේ ගොඩනැගේ නම් එය ඇති වන්නේ කවර අන්දමේ සමාජ පරිසරයකද?

අපි සංයුක්ත ප්‍රශ්නයකට යමු: ඒ තරුණයාට මෙසේ කියන්නට බැරි ඇයි? "ඔයා කැම්පස් යන්න. එහෙ තියෙන හොඳ දේවල් ඔක්කොම උකහා ගන්න. මට කැම්පස් යන්න බැරි උනා තමයි. නමුත් කැම්පස් කියන්නෙ එක දෙයක් විතරයි. ඒ නිසා මම වඩුවැඩ ඉගෙන ගෙන වඩුවෙක් වෙන්නම්. අපේ ගෙදරට ඕනෙ ලී බඩුත් මම හදන්නම්. ඔයා කැම්පස් ගිහින් ආවාම අපි බඳිමු."

මෙවැනි දෙයක් කී අර වැනි පෙම්වතුන් ඉතිහාසයේ සිටින්නට ඇත. එහෙත් එය සාමාන්‍ය තත්වය නොවේ. සාමාන්‍ය තත්වය විය හැක්කේ පෙම් යුවළ හෝ ඔවුන්ගේ වැඩිහිටියන් එක් වී සම්බන්ධය නතර කර දැමීමයි. ඒ ඇයි? ඊට හේතුව උපාධි දරණ අය සහ නොදරණ අය අතර සමාජ පරතරයක් තිබීමත්, ඒ පරතරය නොවැලැක්විය හැකි, 'ස්වභාවික' පරතරයක් සේ පිළිගැනීමත්ය. කැම්පස් ආ කෙල්ල 'ඇහැට කනට පේන' කෙල්ලක නම් අර පෙම්සබඳතාව තිබෙද්දීම කැම්පස් ආවත් ඈ වෙත ආකර්ෂණය වූ කැම්පස් අය්යා කෙනෙකු ඇයට කියන්නට ඉඩ ඇත්තේත් ඇය වඩාත් ගැලපෙන්නේ උපාධියක් ද හිමි තමාට බවයි. අර ගීයේ එන තරුණයා සිය තීරණය ඇයට දන්වන්නේ මෙවැනි අය්යලා කැම්පස් ඉන්නා බව දන්නා නිසාද විය හැකිය.

මෙසේ මෙම ගීය පිළිබඳ දෙවැනි තලයේ කියවීමකට ගිය විට, එනම් මතුපිට අර්ථය ඉක්මවූ කියවීමකට ගිය විට, රචකයා ප්‍රශ්න නොකර භාරගන්නා සමාජ යථාර්ථය අපට හමුවේ. මේ ගීතය පැනනගින්නේ ඒ ප්‍රශ්න නොකරන පදනම මතිනි. ඒ පදනම නම් උපාධිධාරී ස්ත්‍රිය සහ උපාධිනොධාරී පුරුෂයා අතර ප්‍රේමසම්බන්ධය හෝ විවාහය අසාමාන්‍ය එකක්ය යන්නයි. එනම් උපාධිධාරී රජයේ නිලධාරිනියක හා වඩුකාර්මිකයෙකු අතර ප්‍රේමයක් යනු සාමාන්‍ය දෙයක් නොවේ. අප නිදහස් අධ්‍යාපනය යනුවෙන් රැක ගැනීමට දිවි දෙන ආයතනය විසින් සමාජ පරතරයක් ද නිර්මාණය කර ඇත.

ඇතැම් විට සාපේක්ෂ වශයෙන් විශිෂ්ට කලාකෘති පිටුපස වුවද අලංකාරිකවලින් වැසී අවිශිෂ්ට චින්තන පදනම් තිබෙන්නට පුළුවන.
(-'සතියක සටහන', ඉරුදින පුවත්පතෙහි මුල් වරට පළ විය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hanthanata Payana Sanda, Amarasiri Peris, Dhammika Bandara, Sinhala Song Reviews
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලියනගේ අමරකීර්තිගෙන් තවත් වියමන්
වෙසෙස්
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
වෙසෙස්
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
පොත්
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
රංග
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්
පොත්
නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා
තවත් වෙසෙස් බූන්දි
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
සුබවාදී පෙරවදනක්- විකල්ප සංගීත ධාරාවේ මැදිහත්වීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
What's New | අලුතෙන්ම
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook