Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Slavoj Žižek- දේශපාලන නිවැරදිභාවය යනු සමස්තතාවාදයේ වඩා බියකරු ස්වරූපයකි.
බූන්දි, 18:16:56
ඔහු දේශපාලන නිරවද්‍යතාව පිළිනොගනියි. එය ඔහු තුළ තිගැස්මක් ඇති කරවයි. කීර්තිමත් දාර්ශනික Slavoj Žižek, දේශපාලන නිවැරදිභාවය විස්තර කරන්නේ, සමස්තතාවාදයේ (Totalitarianism) නිහඬ ස්වරූපයක් ලෙසයි. නොඑසේනම්, "ඔබට ඇත්තටම අවශ්‍ය දෙය ඔබට වඩා හොඳින් මම දන්නවා" යන පූර්ව විනිශ්චය මත ගොඩ නැගෙන, බලහත්කාරකමක් ලෙසයි. ඉන් ඔහු අදහස් කරන්නේ අනෙකා පෙළමින් කටයුතු කිරීමට මිනිසුන්ට ඉඩ දිය යුතු බවක් නොවේ; බලහත්කාරකම සහ බිය ගැන්වීමේ උපායන් යෙදවීම අනුචිත බවයි. එක්තරා දුරකට 'අශ්ලීලත්වය', වෙනත් බොහෝ විකල්පයන්ට වඩා සහෝදරත්වයේ හැඟීම් වර්ධනයෙහි ලා ඵලදායක වෙන බවට ඔහු කරුණු ගෙනහැර දක්වයි.

ඔබේ බොස් (ප්‍රධානියා) ඔබට හොඳින් සලකනවා කියන එක ගැන මට කිසි ආරෝවක් නැහැ. එහෙත්, ගැටළුව නම් එමගින් සැබෑ බල සම්බන්ධතාව සැඟවීම පමණක් නොව එය වඩා දුරවබෝධ තත්ත්වයට පත් කිරීමයි. ඔබට ඉන්නේ පැරණි මාදිලියේ බොස් කෙනෙක් නම්, ඔහු ඔහුගේ කුරිරු අධිකාරී බලය යොදමින් ඔබට කෑ ගහනවා. ඔබව බදාගෙන කොහොමද ඊයෙ රෑ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක හොඳට හිටියද වගේ යාළු කතා කියන හිතවත් බොස් කෙනෙක් ඉන්නවට වඩා එහෙම (සැර) බොස් කෙනෙක් ඉන්නවා නම් කැරලි ගැසීමට ලේසියි. එහෙම (සුහද) බොසෙකුට විරෝධතා දැක්වීම අශිෂ්ටයි වගේ පේනවා. මේ කියන දේ වඩාත් පැහැදිලි කිරීමට මම උදාහරණයක් දෙන්නම්.

හිතන්න, මම පොඩි කොල්ලෙක්. ඉරිදා හැන්දෑවක්. මගේ තාත්තට ඕනේ මාව යවන්න අපේ ආච්චිඅම්මලැයි දිහා. අපි හිතමු අපේ තාත්තා සම්ප්‍රදායික අධිකාරීවාදී තාත්තෙක් කියලා. ඔහු මොකක් කියයිද? ඔහු සමහරවිට මෙහෙම කියයි; "මට වැඩක් නැහැ උඹ මොනවා හිතුවත්; ආච්චිඅම්මලැයි දිහා යන එක උඹේ යුතුකමක්. ගිහින් ආච්චි අම්මට කීකරුව ඉඳපං." ඒක පැහැදිලි නියෝගයක්. මේ විදිහෙ නරකක් නැහැ; මොකද මට මේකත් එක්ක කැරලි ගහන්න ඉඩක් තියෙනවා. නමුත්, ඊනියා පශ්චාත් නූතන අධිකාරීවාදී නොවන පියා කුමක් කියයිද? මම දන්නවා මොකද මම ඒක විඳලා තියෙනවා. ඔහු මෙන්න මෙහෙම කියාවි, "ඔයා දන්නවා ඔයාගෙ ආච්ච් අම්මා ඔයාට කොච්චර ආදරේද කියලා, මම මේ ඔයාට එහේ යන්න බල කරනවා නෙමේ; ඔයා එහේ යන්න ඕනේ ඔයාම නිදහසේ තීරණය කරලා." දැන් ඉතින් ඕනෙ ළමයෙකුට තේරෙනවා, මේ නිදහස් තේරීමේ මුහුණුවර යටින් වඩා බලවත් පීඩනයක් තිබෙන බව. මොකද ඔබේ පියා ඔබට කියන්නේ ඔබ ආච්චිලාගේ දිහාවේ යා යුතු බව පමණක් නොවේ; ඔබ එහි යාමට ආශා කළ යුතු බවයි. ඒක වඩා බලවත් අණ කිරීමක්. මං හිතන්නේ, මට අනුව මේක ඇවිල්ලා මුළුමනින් පාහේ නූතන නිර්බාධ අධිකාරත්වයේ සුසමාදර්ශයක්.

මෙන්න මේ නිසයි, සමස්තතාවාදයේ සූත්‍රය 'ඔබ මොනව හිතුවත් මට වැඩක් නැහැ; කරපං!' මාදිලියේ එකක් නොවන්නේ. ඒ ඇවිල්ලා සම්ප්‍රදායික ඒකාධිපතිවාදය. සමස්තතාවාදයේ සූත්‍රය ඇවිල්ලා, 'ඔබට ඇත්තටම උවමනා දේ ඔබට වඩා හොඳට මං දන්නවා, ඔබට හිතෙයි මං ඒක කරන්න ඔබට බලකරනවයි කියලා, ඒත් මම ඇත්තෙන්ම කරන්නේ ඒ ඔබ නොදන්නා දේ ඔබ ලව්වා කරවීමයි' මාදිලියේ එකක්. මේ තේරුමෙන්, ඔව්! මම මේකෙන් තැතිගන්නවා. මේ විශේෂඥයින්ගේ නව සංස්කෘතිය තහනම් නියෝගයක් ඉදිරිපත් කරන්නෙත් හරිම මධ්‍යස්ථ ප්‍රකාශයක් වාගෙයි.

උදාහරණයකට, මම කැමති එක් උදාහරණයක් -මේක වරදවා තේරුම් නොගත යුතුයි- මම දුම්බොන්නෙ නැහැ. දුම්කොළ සමාගම් වලට දඬුවම් කළ යුතුයි කියන තැන තමා මමත් ඉන්නෙ. නමුත්, දුම්බීම පිළිබඳව ඇති පෝබියාව (භීතිකාව) ගැන මට දැඩි ලෙස අවිශ්වාසයි. දුම්වැටි මගින් සිදුවන හානිය ගැන විද්‍යාත්මක දැනුම පදනම් කරගනිමින් මේ පෝබියාව සාධාරණීකරණය කිරීම ගැන මගේ එකඟතාවයක් නැහැ. මගේ පළමු ප්‍රශ්ණය තමයි දුම්බීමට එරෙහිවෙන ඇතැමුන් ගංජා වැනි දේ නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටීම. නමුත් මගෙ මූලිකම ප්‍රශ්ණය මේකයි; දැන් ඔවුන් අඩු හෝ වැඩි විසඳුමක් සොයාගෙන- ඊ-සිගරට්ස්- ඉලෙක්ට්‍රොනික දුම්වැටි. මම දැන ගත්තා මේ වන විට විශාල අමරිකානු ගුවන් සමාගම් මේ ඊ-සිගරට් තහනම් කරන්න තීරණය කරලා තියෙනවා. ඊට මුල් වුන හේතුව කියවා ගැනීම වැදගත්. හේතුව නම්, සහතිකවම ඊ-සිගරට් ආරක්ෂිතද නැද්ද යන්න වගේ එකක් නොවෙයි. ඒවා ආරක්ෂිතයි. ඉන් කියවෙන්නේ, ගුවන් ගමන් කාලය තුළ ඊ-සිගරට් බීමෙන් ඔබ ඔබේ ඇබ්බැහිකම ප්‍රසිද්ධියේ විදහා පෙන්වීම අනෙක් අයට ලබා දෙන නරක ආදර්ශයක් බවයි. මේක පැහැදිලි උදාහරණයක්; කිසියම් ආචාර ධර්මයක්, හුදෙක් අහිංසක සෞඛ්‍යමය ආචාර ධර්මයක් නොවෙන එකක්; ඉන් කියවෙන්නේ එතනට වැටෙන්න එපා, අනුරාගී බැඳීම් තියාගන්න එපා, නිසි ලෙස දුරස්ථව ඉන්න, ඔබ ඔබවම පාලනය කරගන්න ආදී වශයෙන්.

ඉතින් අවසානයටම මම ඔබට තිගැස්සෙන සුළු දෙයක් කියන්නයි යන්නේ. වර්ගවාදයට පවා මෙවැනි ද්වි අරුත් දැනවිය හැකියි. වරක් සාකච්ඡාවකදී මගෙන් ඇහුවා 'ප්‍රතිගාමී වර්ගවාදය' හඳුනාගන්නේ කොහොමද කියලා. ඔබ දන්නවද මගෙ පිළිතුර වුනේ මොකද්ද කියලා? 'ප්‍රගතිශීලී වර්ගවාදයෙන්.' මොනවා? මොකද්ද ඒකෙන් ඔබ අදහස් කරන්නෙ? ඇත්තෙන්ම මම අදහස් කළේ වර්ගවාදය නොවේ. වර්ගවාදී විහිළු. ඒවා පීඩාකාරී පරිහාසාත්මක විහිළු. මට හිතෙන්නේ, එබඳු විහිළු කිරීමෙන් අප එකිනෙකා අතර සැබෑ කිට්ටුවන්තභාවයක් ඇති කරන විදිහේ වාතාවරණයක් ගොඩ නැගෙන බවයි. මම මගේම පැරණි දේශපාලන අත්දැකීම් සිහි ගන්වනවා නම්, පැරණි යුගොස්ලෝවියාවේදී, මට මතකයි මම වෙනත් යුගොස්ලෝවියානු මිනිසුන් හමු වුන අන්දම, මගේ තරුණ කාලේ. සර්බියන්වරු, ක්‍රෝඒෂන්වරු, බොස්නියන්වරු. කොයිවෙලෙත් අපි හිටියෙ එකිනෙකා ගැන කැත විහිළු කියා ගනිමින්. අපි හිටියේ අපි ගැනම වඩාත්ම ජරා විහිළුව කිරීමේ පුදුමාකාර තරඟයක. මේවා අශ්ශීල වර්ගවාදී විහිළු. නමුත් ඒවායේ ප්‍රතිඑලය වුනේ හවුලේ භුක්ති විඳිය හැකි අසික්කිත සහෝදරත්වයක් පිළිබඳ අපූර්ව හැඟීමක්.

මා ළඟ මේ සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් තියනවා. යුගොස්ලෝවියානු සිවිල් යුද්ධය පුපුරා ගිය අනූ ගණන්වල මුල හරියේදීත්, අසූ ගණන්වල ඒ වන විටත් ජනවාර්ගික ආතතීන් ඇති වෙමින් තිබියදීත්, පළමු ගොදුර වුනේ මේ විහිළු යි. ඒවා එකපාරටම අතුරුදහන් වුනා.

මම වෙන රටකට ගියා කියලා හිතන්න. මේ දේශපාලනිකව නිවැරදි ගෞරව කිරීම් මම පිළිකුල් කරනවා. මොනවද ඔබලාගේ ආහාර, මොනවද ඔබේ සංස්කෘතික චාරිත්‍ර. නැහැ. මම ඔවුන්ට කියන්නේ ඔබ ගැන කැත විහිළු කතාවක් මට කියන්න; අපි යහළුවන් වේවි. ඒක පත්තු වෙනවා. ඔබට මේ ද්විත්ව ස්වරූපය අහු වුනාද? අන්න ඒකයි දේශපාලන නිවැරදිභාවය එක්ක මට තියෙන ප්‍රශ්ණය. දේශපාලන නිවැරදිභාවය කියන්නේ ඔබට වර්ගවාදය මැඩපවත්වන්න ඉඩ නොදෙන යම් විදිහක ආත්ම සංයමයේ ස්වරූපයක්. එය වර්ගවාදය මත අයුතු බරක් පටවනවා.

මම ඔබට අපූරු කතාවක් කියන්නම්. පොඩි එකක්. එය අවුරුද්දකට කලින් පොත් සාප්පුවකදි වෙච්ච සිදුවීමක්. මම මගේ පොතකට අත්සන යොදමින් උන්නේ. කලු හාදයො දෙන්නෙක් -අප්‍රිකානු ඇමරිකානුවො - මම ඒ වචනෙට කැමති නැහැ- ආවා මගෙ ළඟට. මගෙ කලු යහළුවො කැමතිත් නෑ ඒ හැඳින්වීමට; මොකද ඒක පැහැදිලිවම වඩා වර්ගවාදී නිසා. ඔවුන් පොතක් අත්සන් කොට දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ව දැක්කහම මට ඉතාම නරක වර්ගවාදී කතාවක් කියවුනා ඉබේටම. ඔවුන්ට ආපහු පොත් දෙද්දි මං ඔවුන්ට කිවුවා, මං දන්නෑ කොයි එක කාට දෙන්නද කියලා. කල්ලො හැමෝම පේන්නෙ එක වගේනෙ කියලා. ඔවුන් මාව බදා ගත්තා. ඔවුන් කිවුවා ඔබට පුළුවන් අපිට "කල්ලෝ" (nigga/ nigger) කියන්න. ඔබ දන්නවද ඔවුන් එහෙම කියද්දි අපි කොච්චර සමීප වෙලාද කියලා. ඔවුන් ක්ෂණිකව ම ඒක තේරුම් ගත්තා.

මට තවත් විකාර වැඩක් සිද්ධ වුනා. දවසක් මම කතාවක් පවත්වද්දි එතැන ගොළු-බිහිරි හාදයෙකුත් හිටියා. ඔහු ඇහුවා එතනට පරිවර්තකයෙක් ගෙන්නුවට කමක් නැද්ද කියලා. මම ඒකට බාධා කළේ නැහැ. කතාව මැද්දට යද්දි මිනිස්සු දෙතුන්සීයක් ඉදිරිපිට මං ඇහුවා මොනවද ඔයාලා මේ මෙතන කරන්නේ කියලා. පරිවර්තකයාගේ අංග චලනයන් දැක්කහම මට ඒක පෙනුනේ මොකක් හරි නිකං අසභ්‍ය දෙයක් කියනවා වගේ. අර හාදයා හොඳටෝම හිනා වුනා. අපි යහළුවෝ වුනා. එක වයසක මෝඩ කාන්තාවක් පැමිණිලි කෙරුවා මම ආබාධිතයන්ට සමච්චල් කරලා විනෝද වෙනවා කියලා. ඇය දැක්කේ නැහැ මම අර හාදයා එක්ක යහළු වුනේ කොහොමද කියන එක. ඒත් මම මෝඩයෙක් නොවේ; මම දන්නවා මේ කියන්නේ අපි වටේ ඇවිද ඇවිද එකිනෙකාට අපහාස කරගනිමු කියන එක නොවෙයි. ඒක වටිනා කලාවක්. මං කියන්නේ ඒක මගෙ තර්කයක්; ඒ වගේ පොඩි පහේ මිත්‍රශීලී අශ්ලීලත්වයක් නැතුව ඔබට අනෙකෙකු සමග සැබෑ සම්බන්ධයක් හදා ගන්න බැහැ.

මට අනුව දේශපාලන නිවැරදිභාවයෙහි ඇති අඩුව මෙයයි. අන්තිමට පිස්සුවකින් නවතින්නෙ; ඒක විහිළුවක් නොවේ. මම මගෙ ඕස්ට්‍රේලියානු මිත්‍රයෙකුගෙන් දැන ගත් විදිහට පර්ත් වල ඔපෙරාගාරයන්හී කාමන් ඔපෙරාව රඟ දැක්වීම තහනම් කරලා තියෙනවා. දන්නවද ඇයි කියලා? එහි පළමු ජවනිකාව රඟ දැක්වෙන්නේ දුම්කොළ කම්හලක් ඉදිරියේයි. මම විහිළු කරනවා නොවෙයි. මම කියන්නේ හැමවිටම දේශපාලන නිවැරදිබව සමග එන කිසියම් ව්‍යාජයක් පවතින බවයි. මම දන්නවා ඒක විවෘත වර්ගවාදයට වඩා හොඳ බව. නමුත් මම හිතන්නේ නෑ ඒක වැඩ කරයි කියලා. මම කිසිවිටෙක මේ ස්ථිර ආදේශනයන් ගේන්නෙ නැහැ. කල්ලෝ කියන්නේ නීග්‍රෝවරු (කාපිරි). කාපිරි කළුයි. හොඳයි; කළු අය අප්‍රිකානු-ඇමරිකානුවො. බාගවිට, එය තීරණය කිරීම ඔවුන්ගේ වැඩක්.

මම වරක් මිසෝලා, මොන්ටානා වල ඉද්දි, ස්වදේශික ඇමරිකානුවන් එක්ක හරිම සුහද කතාබහක යෙදුණා. ඔවුන් ඒ යෙදුමට -ස්වදේශික ඇමරිකානුවන් (Native Americans) යන්නට- වෛර කළා. ඔවුන් මට ඒ සඳහා අපූරු හේතුවක් ඉදිරිපත් කළා. "අපට ස්වදේශික ඇමරිකානුවන් කියනවා. අපි සොබා දහමේ කොටසක්. අපි වඩාත් කැමති ඉන්දියානුවන් විදිහට අපිට අමතනවාටයි. අඩුම ගානේ අපේ ඒ නම, මෙහේ ආපු වෙලාවෙ තමන් ආවේ ඉන්දියාවටයි කියලා හිතපු, සුදු මිනිස්සුන්ගේ ගොංකම ගැන සිහිවටනයක්." ඔවුන්ට පුදුම අන්තර්දෘෂ්ටියක් තිබුණා මේ නව යුගයේ විකාර අඳුනගන්න. සුද්දො තාක්ෂණයෙන් සොබා දහම හූරන් කද්දි, ඉන්දියානුවො සොබා දහම සමග සංවාදාත්මකව සම්බන්ධ වුනා, පොළව කණින්නට කලින් ඔවුන් කඳුවලින් අවසර පැතුවා වගේ කතා කියවෙනවා. ඒත් ඔවුන් එහෙම දෙයක් අදහස් කළේ නෑ. පර්යේෂණ වලින් පෙන්වලා දෙනවා ඉන්දියානුවන් සුද්දන්ට වැඩියෙන් හරකුන් මැරූ බවත් කැලෑ ගිනි තැබූ බවත්. මේකයි හරිම තැන- දන්නවද ඇයි කියලා? ප්‍රාග්තනයි, ඓන්ද්‍රියයි, සොබා දම් මාතාව සමග සහවාසය කරනවයි කිය කියා අනුග්‍රහාත්මකව ඔසවා තැබීම තමයි ලොකුම වර්ගවාදී දෙය. දුෂ්ට වීමටත් ඔවුන්ට මූලික අයිතියක් තිබෙනවා. අපිට දුෂ්ට වෙන්න පුළුවන් නම්, ඔවුන්ට දුෂ්ට වෙන්න බැරි ඇයි?

සෘජු වර්ගවාදයම හෝ අවම වශයෙන් වර්ගවාදය සඳහා වූ කොන්දේසි හෝ අවසානයේදී පැන නොනගින ලෙසින් වර්ගවාදයට එරෙහිව සටන් කිරීමට හැකි පරිදි අප නිවැරදි විය යුතුයි.


Slavoj Žižek: Political Correctness is a More Dangerous Form of Totalitarianism- [Youtube Link]
Slavoj Žižek, Big Think Youtube චැනලය වෙනුවෙන් කළ අදහස් දැක්වීමක (Slavoj Žižek: Political Correctness is a More Dangerous Form of Totalitarianism) සිංහල පරිවර්තනයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Slavoj Žižek, Slovenian Philosopher, Political Correctness, Totalitarianism, Racism, Carmen Opera, Dirty Jokes, Ex-Yugoslavia, e-cigarettes
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
කවි| බර

13-Secs

(ලාල් හෑගොඩ) ආලිංගනයෙන් මිදී කවියා
ඔසවා ගත්තේ ඇය දෑතට
මලක් දෝතට ගන්නා සැහැල්ලුවකිනි සිතේ

එනමුත් කවටකම රුචියෙන්
කීය මෙලෙස... [More]
කතන්දර| "ඔරුව"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "තෑග්ග" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "ඔරුව" ළමා කතන්දරය (අනුවාදය- දැදිගම වී. රුද්‍රිගු)... [More]
පොත්| කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය

5-Mins

(තාරක කල්දේරා) පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක්... [More]
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook