Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
පාලම තව දුරය සෙන්දුරන්
බූන්දි, 22:12:29
කොකුවිල් හින්දු විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි රාජේශ්වරන් සෙන්දුරන් ශිෂ්‍යයා දුම්රියට පැන සිය දිවි හානිකර ගත්තේ ය. ඒ කිසිදු වග විභාගයකින් තොරව රඳවාගෙන සිටින දෙමළ දේශාපලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ය. දකුණට මෙය හුදු ප්‍රවෘත්තියක් පමණ ය. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර මරා දැමීම ගැන දකුණ කලබල වූයේ නැත. එහෙත් සේයා දැරිය දූෂණයට ලක් වී ඝාතනය වීම ගැන සිංහල දකුණ වීදි බැස්සෝ ය. ලංකාවේ දෙමළාගේ ප්‍රශ්නය මෙය ය. "දෙමළ ජනයාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි" අසන්නන්ට මෙය නොතේරීම නොදන්නනාකමද, කුහකකමදැයි අපට නොවැටහේ.

සියදිවි හානි කරගන්නට පෙර සෙන්දුරන් ජනපතිඳුන්ට ලියා තැබූ සටහන සහෝදර දෙමළ හදවතේ ස්පන්දනය අපට ඇසෙන්නට සලස්වයි.

"අතිගරු ජනාධිපතිතුමන්ගේ යහපාලන ආණ්ඩුව වහාම දේශපාලන සිරකරුවන් පුනරුත්ථාපනය කර නිදහස් කළ යුතුමය. කිසිදු දෙමළ සිරකරුවකුට තවදුරටත් එලෙස සිරගතව සිටිය හැකි නොවේ. මේ මට පවා මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු ලැබීමේ හදිසි අවශ්‍යතාව අවබෝධ වී ඇති විටෙක, මේ යහපාලන ආණ්ඩුවට ඒතරම්වත් අවබෝධයක් නැතිවීම මා දැඩි වේදනාවට පත් කර ඇත."

සිරගත මිණිකැට

අම්මලා, තාත්තලා දරුවන් හදන්නේ ඉතාමත් දුෂ්කරතා මැද ඉමහත් ලබාපොරොත්තු පොදි බැඳගෙනය. තමන්ගේ දරුවන් ජීවිතයේ හොඳම කාලය කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිරගෙදරක ගතකරනු දැකීමට කිසිදු මාපියෙකු කැමති වන්නේ නැත. මේ සිරගත කරනු ලැබ ඇත්තේ හුදෙක් මාපියන්ගේ දරුවන් පමණක් නොවේ ය. මේ සිරකරනු ලැබ ඇත්තේ සමාජයක දරුවන් ය. දකුණේ සමාජයට ඔවුන් වැදගත්යැයි නොසිතුන ද දෙමළ සමාජයට ඔවුන් වැදගත් ය. ඇත්තෙන් ම ඒ දෙමළ සමාජයේ උතුම් දරුවෝ ය. මා එසේ කියන්නේ ඇයි?

71 කැරැල්ල විනිශ්චය කළ විනිසුරුවන් අතර සිටි ඒ.සී. අලස් විනිසුරුතුමා නඩුවිභාගය අවසන ඇති වූ කම්පිත හදවතින් යුතුව "71 කැරැල්ල" (1971 Insurgency) නමින් පොතක් ලිවීය. එහිදී ඔහු කැරලි කරුවන් පිළිබඳව සඳහන් කරමින් මීට වඩා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට ඔවුන් තුළ වූ හදවත අගය කරයි.

තමන්ගේම වූ පුද්ගලික අභිමතාර්ථයන් හා වාසනාවන් හඹා යන නිස්සාර තාරුණ්‍යයකින් සමන්විත සමාජයක, සාධාරණ ලෝකයක් වෙනුවෙන් අරගල කරන්නා මිණිකැටයකි. එවන් මිනිකැට සතු අඩුපාඩු සකස්කර ඔපමට්ටම් දමා එහි වටිනාකම නැංවීම සමාජයේ වගකීමකි. එහෙත් වත්මන් සමාජය කරනුයේ ඒ වෙනුවට එම මිණිකැට විනාශ කර දැමීමය.

නඩුනැති රටක්

දෙමළ රැඳවියන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ "වැරදි ඇතොත් නඩු දමන්න. නැතිනම් නිදහස් කරන්න." යන්නයි. මෙය ඉල්ලීමක් විය යුත්තේ ඇයි? මෙය ඕනෑම ශිලාචාර සමාජයක සම්මතයකි. එබැවින් මෙවන් ඉල්ලීමක් කරන්නට සිදුවීම ම අපේ සමාජයේ අශීලාචාරකම පිළිඹිඹු කරන්නකි.

1971 කැරැල්ල සමයේ දී අත්අඩංගුවට ගත් කැරලි නායකයන් හා රැඳවියන් සම්බන්ධයෙන් නඩුවක් ගොනු කළ හැකි නෛතික විධිවිධාන නොතිබිණි. එහෙත් "අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත" නමින් විශේෂ අධිකරණයක් ස්ථාපිත කර කැරලි කරුවන් විනිශ්චය කරනු ලැබිණි. එහි දී කැරලිකාර තරුණ තරුණියන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රකාශ ශ්‍රී ලාංකීය හදවත කම්පනයට පත් කළේය. ලාංකීය සමාජය පුරා පැතිර ඇති සමාජ අසාධාරණය පිළිබඳව ජන හදවත් අවදි කරන්නට එකී නඩු විභාගය සමත් විය. එය කැරලිකරුවන්ට දඬුවම් නියම කළ විනිශ්චයකරුවන්ගේ පවා හදවත් අවුලුවාලූ ඓතිහාසික අවස්ථාවක් විය.

ආත්මාර්ථකාමී පුද්ගලයන් බිහිකරන්නා වූ වෙළඳ ධනේශ්වර සමාජයේ ආරක්ෂකයන් වන පාලක පන්තිය ඒ "වැරැද්ද" යළි නොකරන්නට වගබලා ගත්හ. ඒ අනුව 1988-89 දකුණේ දෙවන කැරැල්ල 60,000ක් පමණ තරුණ තරුණියන් මරා දමා නඩු විභාගයකින් තොරව අවසාන කරන්නට පාලකයෝ සමත් වූහ. 71 කැරැල්ලේ දී විජේවීර ඇතුළු නායක මට්ටමේ කැරලිකරවන් ආරක්ෂා වුවද, 88-89 කැරැල්ලේ දී එකල ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේට ඥාතීත්වයක් තිබූ සෝමවංශ අමරසිංහ හැර අනෙකුත් සියලු නායකයන් අත්අඩංගුවට ගෙන අනෛතික ආකාරයට මරා දමනු ලැබීය. මේ නිසා ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු මතුවීම වලක්වන්නට එකල පාලකයන් හෙවත් ආත්මාර්ථකාමී සමාජයේ ආරක්ෂකයන් කටයුතු කළ බව මේ අනුව පැහැදිලි ය.

දෙමළ කැරැල්ලට හේතුභූත වූ කාරණා ඒ පාර්ශ්වයෙන් මතුවීම වලක්වන්නට ඉහත කී ආත්මාර්ථකාමී සමාජයේ ආරක්ෂකයෝ ඊටත් වඩා සැලකිලිමත් වී ඇත්තාහ. උතුරේ කැරැල්ලේ මුල් අවස්ථාවල සිට ම හා ඊට පෙර පවා දකුණේ ආණ්ඩුවේ පොලිසිය, හමුදා හා වෙනත් මැර කල්ලි වෙතින් උතුරේ ජනයාට එරෙහිව මුදාහළ ප්‍රචණ්ඩත්වයන් නිදහසේ වාර්තාකිරීම "බලධාරියා විසින් කපා හරින ලදී". එහෙත් ඒවාට එරෙහි ප්‍රතිචාරයන් වශයෙන් උතුරේ කැරලිකාරිත්වයෙන් එල්ල වූ ප්‍රචණ්ඩත්වයන් තලු මර මරා වර්තාකරන්නට ඉඩ හරින ලදි. මේ අනුව උතුර පිළිබඳව දකුණේ සංවේදී හදවත අකර්මණ්‍ය කරන්නට ආත්මාර්ථකාමී සාමජයේ දුෂ්ට ආරක්ෂකයෝ ඉතිහාසය පුරාම කටයුතු කළහ.

උතුරේ කැරලිකාරීත්වයට එරෙහිව දකුණ කවදාවත් නඩු පවරන්නේ නැත. නඩුවක් පැවරුවත් ඒ පුද්ගල අපරාධයක් ලෙස විනා සමස්ත කැරැල්ලකට හෝ විප්ලවයකට එරෙහිව නොවේ ය. කැරැල්ලකදී හෝ විප්ලවයක දී සිදු වන සිදුවීම් වූකලී එකී කැරැල්ලෙන් හෝ විප්ලවයෙන් හුදෙකලා වූ සිදුවීම් නොවේ ය. එහෙත් ආත්මාර්ථකාමී සමාජයේ කපටි ආරක්ෂකයෝ ඒවා හුදෙකලා අපරාධ ලෙස හුවා දක්වමින් දඬුවම් කරති. ඔවූහූ විප්ලවය හෝ කැරැල්ල සාධාරණ විනිශ්චය සභාවක් ඉදිරිපිටට ගෙන ඒමෙන් හිතාමතා ම වැලකෙන්නාහ.

ආදරණීය සෙන්දූරන්, පුනරුත්ථාපනය කළ යුත්තේ කැරලිකරුවන් නොව මේ ආත්මාර්ථකාමී සමාජයේ කපටි ආරක්ෂකයන් ය.

අප හැමෝටම හිරු උදාවන ආදරණීය අලුයම තෙක් ආදරණිය පුතේ ඔබට සුබ රාත්‍රියක්...!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rajeswaran Senthuran, Kokuvil Hindu College, Tamil political prisoners, President Maithripala Sirisena, Sri Lankan Ethnic Problem, War in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් හැඩ්ලි පෙරේරාගෙන් තවත් වියමන්
අදහස්
අලුත් මිදියුෂ අලුත් බඳුනෙක
අදහස්
කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය
අදහස්
බෙදුම්වාදී ෆෝබියාව
වෙසෙස්
ශ්‍රී ලංකාවම ෆෝබියාවෙනි...!
අදහස්
අලුත් වයින් පරණ බඳුන්
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook