Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
තොල් සායම්
බූන්දි, 21:47:45
තොල් සායම් පැල්ලමක්! රාවනාගේ සුදු පාට කමිසයේ කොළරය ළඟ තද රතු පාට ආලේපන පැල්ලමක් ඉතිරි වෙලා තිබුණා. මන්දෝදරී ඒ දිහා බලා ගෙන හිටියේ පුළුවන් තරම් ඇස් ලොකු කර ගෙන, යාන්තම් කටත් ඇර ගෙන බව කවුරුත්ම දකින්නේ නැති බව නම් සහසුද්දෙන්ම සහතිකයි. ඇරත් රාවනා වැඩට ගියාම ගෙදර මන්දෝදරී හිටියේ තනියෙම. මන්දෝ රාවනාගේ සුදු පාට කමිසය දිහා බලා ගෙන ඉන්න වෙලාවේ නාන කාමරේ හෝස් ගාලා ඇරලා දාපු කරාමයෙන් නිනව්වක් නැතිව වතුර බේරෙමින් තිබුණා. ඒ බේරිලා ආපු වතුර කළු පාට බේසමකට එකතු වෙලා පිටාර යන බවක් මන්දෝට නොදැනෙන්නත් තිබුණා; ඒ වතුර සුදු පාට ටයිල් පොළවෙ දිගේ ඇවිත් මන්දෝගේ කකුළ් තෙමුවේ නැත්නම්. ඒ පැල්ලම තොල් වල හැඩයට සිත්තම් වෙලා තිබ්බා. මන්දෝ ඒ පැල්ලම නහයට ළං කර ගත්තේ නිකමට වගේ. සීතලම සීතල පෙපරමින්ට් සුවඳකුයි කෙළ උනන තරම් ස්ට්‍රෝබරි සුවඳකුයි ඒ පැල්ලමෙන් කාන්දු වෙලා එන බව දැනිච්ච මන්දෝගේ මුවින් සිනහවක් උත්පත්තිය ලැබුවත් ඒ වෙලාවෙම ඒ හිනාව ගබ්සා වුණා. කළුපාට බේසමේ තිබුණු වතුර, කැඩපතක් තරමට නිසල වෙලා තිබුණේ මන්දෝ කරාමය පුළුවන් තරම් තද කරලා වහලා දාලා තිබුණ නිසයි. මේ ගෑනු තොල් සායම්... පිරිමි තොල් සායම් ගාන්නේ නැති නිසා ඉන්තේරුවෙන්ම ගෑනු තොල් සායම් බව හිතා ගන්න මන්දෝට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඕනි නම් ඇහිපිය ගහන කාලෙන් තප්පර දශම එකක් යන්න ඇති. ගෑනු තොල් සායම් රාවනාගේ සුදු පාට කමිසයේ තියෙන්නේ කොහොමද? ඇරත් කොළරය ගාව ඒ පැල්ලම ගොඩක් තදින් තිබුණත් එක්ක. පොදු බස් වල යන එන රාවනගේ ඇඟේ අහම්බෙන් තැවරිච්ච පැල්ලමක් වෙන්න බැරිද? එහෙම වෙන්නත් පුළුවන්. ඒත් කොළරය ගාව තදට තිබුණ පැල්ලම කිව්වේ වෙනම කතාවක් බව මන්දෝ දැන ගෙන හිටියා. ඒක අහම්බයක් බව හිතන්න කැමති වුණත්, යටි හිත එකහෙළාම කිව්වේ "ඒක අහම්බයක් නෙමෙයි" කියන එක.

මන්දෝ සුදු පාට කමිසය කළු පාට වතුර බේසම උඩට සීරුවට අතඇරියා. ඒ සුදු පාට කමිසය ටිකෙන් ටික තෙත් වෙලා කළු පාට බේසම පතුළටම ගිහින් නැවතිලා තිබුණා. මන්දෝ මුළු කාමරේම ඔක්සිජන් උරාගන්නවා වගේ පුළුවන් තරම් හයියෙන් ඉහළට හුස්මක් අරගෙන සබන් කෑල්ලකින් පැල්ලම තිබුණ තැන හයියෙන් ඇතිල්ලුවා. ඒ අතුල්ලන අතරේ හරිම හෙමින් ආශ්වාසය ප්‍රශ්වාසයක් වෙලා එළියට නාස් පුඩු වලින් එන බව වත් මන්දෝට දැණුනෙවත් නැහැ. තව රෙදි බේසමක් ඉතිරි වෙලා තිබුණත් මන්දෝ සේදුවේ රාවනාගේ සුදු කමිසය විතරයි. කමිසයටම සම්පූර්ණ වතුර බේසමක් වග කිව්වා. භාවනාවක් වගේ කමිසය සෝදලා ඉවර වෙච්ච මන්දෝ ඉතිරි කිළිටි රෙදි දිහා උදාසීන බැල්මකින් බලා ගෙන හිටියේ "අදට මේ හොදටම ඇති" කියනවා වගේ. දෝතින්ම ගත්ත සුදු කමිසය මන්දෝ අකුණු සැර වැදිලා මිය ගියපු පොල් ගස් දෙකක් මැද්දේ තිබුණු රෙදි වැලේ එල්ලුවා. ගෙදර වැඩපල ඉවර වුණු වහාම මන්දෝ නින්දට වැටුණෙ තෙහෙට්ටුවට ද නැත්ත්නම් හිතේ රුදාවාටද කියලා මන්දෝ වුණත් දැන ගෙන හිටියෙ නැහැ.

*******

මන්දෝ හිටියේ මඟුල් ඇඳුමක් ඇඳ ගෙන; සුදු පාට බාබන්ඩේසියා මල් පොකුරකුත් අතින් අර ගෙන. සුදු පාට වේලය ඇතුළින් මන්දෝ හිනා වුණේ රාවනා එක්ක. රාවනා ඇඳලා හිටපු කෝට් එකේ බලහත්කාරෙන් වගේ මල් දෙකක් අමුණලා තිබුණා. දෙන්නම හිටියේ පෝරුව උඩ. සුළඟිළි එකිනෙක හුයකින් බන්ධනය වෙලා තිබුණා. පෝරුවෙන් බැස්සේ දෙන්නම දකුණු කකුළ පෙරට තියලා. පෝරුවෙන් බැස්ස ගමන් රාවනා සිහිවිකල්ලෙන් වගේ දුව ගෙන ගියා.

"කොහෙද රාවනා ගියේ?"
එතන කවුරුම හරි අහනවා ඇහුණත්, ඒ කවුද කියන්න මන්දෝට නිච්චි නැතිව ගිහින් තිබුණා.

"එයා ඒවි. මම ලෑස්ති වෙන්න ඕනි ලිප්ස්ටික් සෝදන්න.."
පස්සේ හැමෝම ආවේශයෙන් හිනා වුණා.

*******

මන්දෝ නැගිට්ටේ හැන්දෑව හතරේ කණිසම ගේ දෙවනත් වෙන්න වදින කොට. හැන්දෑව හතරට රෑ කෑම පිළියෙල කළ යුතු බව දන්න මන්දෝ විගහට නැගිටලා කුස්සියට ගියා. හොඳට සුද්ද කරපු කැරට් ගෙඩි දෙක රවුමට කපන්න හදපු මන්දෝ කැපුවේ එක එක හැඩයේ කැරට් කෑළි. සමහරක් මහතට තියෙනවා දැක්ක මන්දෝ හෙමින් ඒවා තුනී කරන්න උත්සහ කළා. සිප ගැනීමක හොදම සළකුණ තොල් ආලේපන සටහන් නෙමෙයිද? අනික සළකුණක් ඉතිරි කළේ තමන්ට රිද්දන්න බව මන්දෝ තමාටම කියා නොගත්තමත් නෙමෙයි. තමන්ට අයිති දෙයක් බලෙන් වෙන කෙනෙක් උදුර ගන්නවා කියන හැඟිම එක්ක මන්දෝ හිටියේ අඟුටුමිටි වෙලා. "මම එයාගේ කසාද ගෑනි නේ? මෙහෙම කරන එක යුක්ති සහගත නැහැ නේද? කසාදේ කියන්නේ කඩදාසියක් නේද? එතකොට අපි කඩදාසියක වහල්ලුද? " ආදි එකී නොකී ප්‍රශ්න මාර යුද්ධයක් මන්දෝ ඇතුළේ කරමින් හිටියා. කල්පනාව අස්සෙම කැරට් ලිප තිබ්බ මන්දෝ බුදු කුටියට ගියේ බුදු පහන පත්තු කරන්න. කිරි සුදු පාට බුදු පිළිමේ ළා අළු පාටක් අර ගෙන තිබ්බේ පහන් දැලි නිසා බව දැන උන්නත් පහන් පත්තු නොකර ඉන්න මන්දෝට බැරි වුණා. හැමදාම පහන් පත්තු වුණා වගේම ටිකෙන් ටික බුදු පිළිමය අළු පාට සමාධියක තනි වෙමින් හිටියා. නමස්කාරයෙන් පටන් ගත්ත ගාථා කීම මන්දෝ එක පාරටම නැවැත්තුවේ තුන් වෙනි සිල් පදය ගාවින්. ඒ එක්කම රාවනා අපාය ගාමි වේවි කියලා ක්ෂ්ණික බයක් මන්දෝගේ හිතේ ඇති වෙලා නැති වෙලා ගියා. පත්තිනි අම්මා තමන්ගේ ස්වාමියාව කොච්චර වැරදි තිබ්බත් බාර ගත්ත කතාව මතක් වුණත් ඒ සා කැපකිරිමක් කරන්න තරම් මන්දෝ හිත හදා ගන්න උත්සාහ කළේ නැහැ. ඉතිරි සිල් පද දෙකත් කියන්නම් වාලේ කියපු මන්දෝ බුදු කුටියෙන් එළියට එන කොට රාවනා ඇවිත් හිටියා. හැන්දෑවේ රාස්සිගේ අව්ව හීතල කළුවරක් වුණත් තාමත් රාවනාගේ කමිසය රෙදි වැලේ තනි පංගලමේ බලාගෙන හිටියා.

"තද ලිප්ස්ටික් පැල්ලම් මකන්න අමාරුයි. ආයිත් ගා ගෙන එන්න එපා"

මන්දෝ ශාන්තව රාවනගේ දිහා බලා ගෙන හිටියා. රාවනා බිම බලා ගත්තේ යාන්තම් යටි තොළ හපා ගෙන. රාවනාගේ ඇස් විළියෙන් වගේම දුකකින් ගැබ්බර වෙලා බව දැනගත්ත මන්දෝ රාවනගේ උරහියට බර වෙලා ඇස් පියා ගත්තා. ආයිමත් ඒ සුදු කමිසය මන්දෝ ගෙට ගත්තේ නැහැ. රාවනාගේ කමිස වල තොල් සායම් පැල්ලම් තිබුණෙත් නැහැ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විසල් සේනාතිලකගෙන් තවත් වියමන්
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
කවි
මඟහැරුණ සෙවණැලි
කතන්දර
පොදු සාධකය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook