Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ කතා-බස්
මේ කැරකෙන්නෙ එකම කට්ටිය. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්.- කෞශල්‍යා ප්‍රනාන්දු
කෞශල්‍යා ප්‍රනාන්දුගේ නවතම වේදිකා නාට්‍ය නිෂ්පාදනය "දුටුතැන අල්ලනු" පිළිබඳ ඇය හා කළ කෙටි පිළිසඳරකි.
බූන්දි, 22:18:36
"දුටුතැන අල්ලනු"... මේ මොකද්ද?

නාට්‍යයක් කරන්න ආශාවක්, හැඟීමක් ඇතිවෙන්න ඕනනේ. මම ඉස්සෙල්ලම කෙරුවේ "සඳ ලඟ මරණය". ඒක මම ගොඩාක් කාලෙක ඉඳන් නිර්මාණය කරන්න හරීම ආශාවෙන් හිටපු නාට්‍යක්. ඒ නිසාම මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මගේ ශ්‍රාස්ත්‍රපති විභාගයේ අවසාන තීසීස් එක වෙනුවට ඒ නාට්‍යය නිර්මාණය කෙරුව. පස්සේ මම 'MassK' කියන නාට්‍ය කෙරුවේ පහුගිය කාලේ රතුපස්වල සිද්ධවෙච්ච ඛේදවාචකයත්, ඒ කාලේ රටේ තිබ්බ දේශපාලන සමාජ වටපිටාවත් සම්බන්ධයෙන් මට ඇතිවෙච්ච හැඟීම් පසුබිම් කරගෙනයි. මොකද මට ලියන්න ලොකු හැකියාවක් නැහැ. මට පුළුවන් මම කියවන දකින මට දැනෙන දේවල් එක්ක මගේ ප්‍රකාශනයක් විදිහට නාට්‍ය නිර්මාණයක් කරන්න. ඒ අනුව තමයි හෙන්රික්ස් ඉබ්සන් ගේ ජන හතුරා නාට්‍යය MassK විදිහට කෙරුවේ. ඊට පස්සේ පහුගිය අවුරුදු කිහිපය තුළ අපි වින්ද අපි දැකපු දැනෙන දේවල් සම්බන්ධව මට ඕනවුනා මගේ ප්‍රකාශනයක් කරන්න.

මම මීට වසර හතරපහකට පෙර සිටන්ම තෝරාගත්තු නාට්‍යක් තිබුන. ඒක මගේ අම්ම මට පරිවර්තනය කරල දුන්නට ජීවිතයේ තියෙන කාර්ය බහුලත්වය නිසාම මට ඒක නිර්මාණය කරගන්න බැරි වුනා. ඒත් මේ වසරේ මුල අම්මගේ අසනීප තත්වයත් එක්ක මට ඕන වුනා බලෙන් හරි එයාව මොකක් හරි නිර්මාණාත්මක වැඩකට යොමු කරගන්න. ඒ අනුව මම අම්මට කිව්ව මම මේ පිටපත කරනව මට උදව් කරන්න කියල. ඒ විදිහට එයාවත් ලඟ තියාගෙනම මූළික පිටපත් කියවීමේ වැඩටික කෙරුවා. ඒක තමයි "දුටුතැන අල්ලනු". මේක බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලියපු පැන්ස තුනේ කතාව (The Threepenny Opera) නාට්‍ය ඇසුරෙන් නොබෙල් සම්මාන ලාභී නයිජීරියානු සාහිත්‍යකරුවෙක් වුනු Wole Soyinka නයිජීරියාවට සරිලන විදිහට නැවතත් ලියපු Opera Wọnyọsi කියන නාට්‍යයේ පරිවර්තනයක්.

පහුගිය කාලේ අපේ රටේ තිබුනේ පහුගිය කාලේ විතරක් නෙවෙයි අද සහ මේ යන විදිහට ඉදිරියේ තවත් අවුරුදු ගණනාවක්ම තියෙන්නේ පුදුම මජර දේශපාලන ක්‍රමයක්නේ. අපි මේක එපා කියල අරක හොඳයි කියනවා, ඒක නරකයි කියල ආයේ මේක තෝරාගන්නවා. මිනිසා කියන කෙනා බලාපොරොත්තු අත් නොහරිනා නිසා මේක නැත්නම් ඊලඟ එක හරියයි කියකියා ජීවත් වෙනව. කුණුවෙලා තියෙන සමාජයක් එකපාරටම ගොඩදාන්නත් බැහැ. මේ කුණුගොඩෙන් ගොඩ එන්න අපිට සෑහෙන කාලයක් යයි. මොකද එකම කට්ටියනේ මේ කැරකෙන්නේ. දෙගොල්ලන්ගෙම තියෙන්නේ අන්‍යොන්‍ය හොරකම්නේ. පොදු ජනයා විදිහට අපිට තමයි එළවළු ගණන්. අපිට තමයි පාරෙ යන්න වාහන තදබදය. අපිට තමයි පාරට බැස්සහම බස් කෝච්චි නැත්තේ. සාමාන්‍ය මිනිහට තමයි ලැබෙන සොච්චම් පඩියෙන් ජීවත් වීමේ අරගලය තියෙන්නේ. මේ විදිහට පොදු ජනතාව රවට්ටමින් බලය තියෙන අය ඒගොල්ලන්ගේ ගණුදෙනු වඩවඩාත් හොඳින්ම කරගෙන යන එක ගැන තමයි දුටු තැන අල්ලනු නාට්‍යයෙන් කියන්නේ.

මේ නිර්මාණයට සම්බන්ධ සියල්ලෝම තරුණ තරුණියන්. ඒකේ විශේෂත්වයක් තියෙනවද?

මෙහෙමයි, සෑහෙන කාලෙක ඉඳල අම්මත් මමත් නාට්‍ය කලේ අපේ මේ සෝමලතා සුබසිංහ නාට්‍ය ආයතනයේ ඉගෙන ගන්න තරුණ තරුණියන් ආශ්‍රය කරගෙනයි. ඉඳල හිටල දයා අල්විස්, නිශ්ශංක දිද්දෙනිය, ජයලත් මනෝරත්න, ලූෂන් බුලත්සිංහ, සුසිල් ගුනරත්න, නිහාල් ප්‍රනාන්දු වගේ අය අම්ම කරපු නාට්‍යවල රඟපාල තියෙනව. මේ නාට්‍යයේ නටන්න සින්දුකියන්න කරනම් පිනුම් ගහන්න තියෙනව. මේක මම මාස නමයක ඉඳන් පුහුණුවීම් කරනව. මේ පිරිස මාස නමයක්ම මාත් එක්ක ඉන්නව. නමුත් ගොඩාක් අයට ඒ කැපවීම කරන්න බැහැ. නිළියක් හැටියට වෙනත් කෙනෙක්ගේ නාට්‍යකට මට වුනත් ඒ කැපවීම කරන්න බැහැ. මොකද අද අපිට සිනමාවෙත් වේදිකාවෙත් කර්මාන්තයක් නැහැනේ. මට බැහැ ජීවිතයේ අනික් සියල්ල අත් ඇරල එක දෙයක් බදාගෙන ඉන්න. මොකද මම හම්බකරගන්න ඕනේ. ළමයින්ගේ ඉස්කොලේ වැඩ. ජීවන අරගලය. එතකොට මට බලාපොරොත්තු වෙන්න බැහැ මගේ වයසේ නළුවෙක්ගෙන් නිළියෙක්ගෙන් මේ නාට්‍යට සතියකට දවස් හතරක් පහක් පුහුණුවීම් වලට එන්නයි කියන එක. තරුණ තරුණියන් ගත්තහම තවම ඒ ජීවන අරගලයට අහුවෙලා නැහැ. ඔවුන්ටත් ජීවත් වෙන්න අරගලයක් නැත්තෙමත් නැහැ. වෙළඳ දැන්වීමක ටෙලිනාට්‍යක රඟපාල අමාරුවෙන් තමයි කාමරයකට කුළිය ගෙවාගෙන කොළඹ රැඳිල මේවට සම්බන්ධ වෙන්නේ. නමුත් මේ දරුවෝ ටික හිත හදාගෙන එක්තරා අරමුණකින් මේ නාට්‍යට සම්බන්ධ වුනා. හුඟාක් අය ඒගොල්ලන්ට ආපු වෙනත් වැඩ අත්හැරියා. නාට්‍යයේ ඇතැම් වැඩිහිටි චරිත නිරූපනය කරන්නේත් මේ පිරිසම තමයි. මම හිතන්නේ නෑ අඩුවක් පෙනෙයි කියල.

ලාංකීය නාට්‍ය කලාව තුළ දේශපාලනික නාට්‍ය කිරීමේ, නැරඹීමේ ඉතිහාසයක් තියෙනවා. ඒ සෑම නාට්‍යකම කතා කලේ මේ ක්‍රමය වෙනස්විය යුතුයි යන්න. නමුත් ඒ වසර පනහක හැටක ඉතිහාසයේ සිට අද දක්වා සමාජයත් ප්‍රේක්ෂකයාත් නාට්‍යකරුවාත් එතනමයි. මේකේ ප්‍රශ්නයක් තියෙනව නේද?

අනිවාර්යයෙන්ම, ජනවාරි 08 වෙච්ච පරිවර්තනය මම කියන්නේ නෑ සිද්ධවෙච්ච සාර්ථකම පරිවර්තනයක් කියල. නමුත් ඒ වෙලාවේ ජනතාව එකතු වෙච්චි එක මම හිතන්නේ ආශ්චර්යයක්. කලාකරුවෝ විදිහට පහුගිය කාලේ යුද්ධය නිසාත් ඊට පස්සෙත් අපිට ගොඩාක් දේවල් කරගන්න බැරි වුනා. ප්‍රේක්ෂකයෝ නැතිවුනා. අපි ඔක්කොම ගෙවල්වල හිරවෙලා එළියට බහින්න බැහැ. අදහසක් ප්‍රකාශකරගන්න බැහැ. ඒ තත්වය තුළ කලාවෙන් ලොකු දෙයක් සිද්ධ නොවී හෝ පොදු ජනතාව කොහොමද මෙවැනි තීරණයකට එළඹුනේ. අනික මම හිතන්නේ නෑ කලාකරුවාට තනියම සමාජයක් පරිවර්තනය කරන්න පුළුවන් කියල. ඒක අධ්‍යාපන ක්‍රමයේ ඉඳන්ම එන්න ඕන දෙයක්. තමන්ගේ චින්තනය දැක්ම වගේම තමන් මොනවද ජීවිතයේ බලාපොරොත්තු වෙන්නේ කියන එක. සමහරු තාම කියනවනේ අයියෝ මේ වෝකිං පාත්, හයි වේ, පෝර්ට් සිටි හද හදා හිටපු ආණ්ඩුව එළවල මුන් මොනාද කරන්නේ කියල. අපිට ඒවා විතරද ඕනේ. මම විශ්ව විද්‍යාල තුනක උගන්නනව. දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් ගත්තොත් මම ඒ අයගෙන් අහනව මොකක්ද අවසානයට කියවපු පොත් කියල. පොත් තියා පොතක් දැකලවත් නැහැ. කලා අංශයේ විෂයන් හදාරන අය නාට්‍යයක් බලල නැහැ. අනික දැන් කැම්පස්වල පෙන්නන නාට්‍ය... ඒවයේ නමක් කියන්න බැහැ. පුදුමාකාර නාට්‍ය පෙන්වන්නේ. ඉස්සර අපි විශ්ව විද්‍යාලයට යන කාලේ මෙවැනි නාට්‍යක් ගෙනාවොත් පෙරළල ගහල කුඩුකරල. මොකද ඒ කාලේ යම් ප්‍රමිතියක් සහිත නාට්‍ය විතරයි ඒක ඇතුළට ගෙනාවේ. සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඩිප්ලෝමාවක් තිබුන. ඒකෙ මමත් ඉගැන්නුව. මම කට්ටියගෙන් අහනව මොකක්ද බලපු නාට්‍ය කියල. ඒ දෙන උත්තරවල නම් කියන්න බැහැ. යම් මිශ්‍රනයක් සහිතව නාට්‍ය පෙන්වන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මිශ්‍රනය තුළ හොඳ නරක තෝරගන්නවත් රසය කියන එක දන්නේ නැහැ. නමුත් ඒව තමයි බලල තියෙන්නේ. ඒ අය ඒවයෙන් තේරුම් ගත්ත දේකුත් නැහැ. අපි මේ කලාව ඇසුරු කරන්නේ මොකටද? ඇත්තම කියනවනම් මගේ ජීවිතය මේ තරම් සරල ජීවිතයක් විදිහට මම පරිවර්තනය කරගත්තේ නාට්‍ය සහ නාට්‍යකරුවන් ඇසුරු කිරීමෙන්මයි. මගේ දැක්ම මගේ කාර්යභාරය මම හදුනගත්තේ නාට්‍යවලින්. කලාව තුළින් මිනිසාට අවබෝධයක් දෙන්න පුළුවන්. අද ප්‍රේක්ෂකයා පුදුමාකාර විදිහට වල්මත් වෙලා ඉන්නෙ. ඒක ඒ අයගේ වැරැද්දක් නෙවෙයි. අද එෆ්.එම්, රූපවාහිනී නාලිකාවල කියන පෙන්වන දේවල්. ඒව ජය ගන්න රජයේ නාලිකා තියෙනව. ඒ අයගේ නිවැරදි මැදිහත් වීමක් තියෙනවද? දේශපාලකයො කියන අය සාහිත්‍ය කලාව පිළිබඳ දැනුවත්ද? එහෙම අය පත්කරන්න අපි දැනුවත්ද? දේශපාලකයන්ට ඕන රටේ ජනතාව, රට හදන්නට නෙවෙයි. තමන්ගේ පාලන කාලය රැකගන්නනේ. ඊළඟ ඡන්දෙන් වැඩි ඡන්ද ගන්න වැඩකරනව මිසක් රට වෙනුවෙන් නිවැරදි වැඩක් කරන්න පෙළඹෙන කවුරුවත්ම නැහැනේ. තත්ත්වය එහෙමයි කියල අපිට අපි කැමති නාට්‍යය නොකර ඉන්නත් බැහැනේ.

ඔබ කළින් කරපු "සඳ ලඟ මරණය", "MassK" නාට්‍ය ජනතාව අතරට ගියේ නැහැ කියල කිව්වොත්?

ඇත්ත. මගේ නාට්‍යවල ප්‍රසිද්ධ චරිත රඟපාන්නේ නැති නිසා කවුරුත් ඒ නාට්‍ය ගෙනියන්න උනන්දු වෙන්නේ නෑ. එහෙමයි කියල මුලදි පැහැදිලි කරපු හේතූන් මත මට ඒ ප්‍රසිද්ධ චරිත එක්ක අධ්‍යක්ෂවරියක් විදිහට වැඩකරන්නත් බෑ. සංවිධායකවරුයි ජනතාවයි නාට්‍යක තරුවක් ඉන්නවනම් ඒ නාට්‍ය හොඳයි කියන වැරදි විශ්වාසයේ තමයි ඉන්නේ. මම ඒ නාට්‍ය අත් හැරල නැහැ. ඒවත් ඉදිරියෙදී පවත්වාගෙන යෑමේ උත්සාහයක් තියෙනව.

නාට්‍ය නිර්මාණයක් කෙතරම් නිර්මාණාත්මකව ඉහළ ගුණාත්මකතාවයකින් කරන්නට උත්සාහ ගත්තත් ඒ නිර්මාණයට සාධාරණයක් වෙන නාට්‍ය ශාලා ලංකාව තුළ තියෙනවද?

ඒක ලොකු ප්‍රශ්නයක්. අපි නාට්‍ය කරනකොට ඒවයේ සංගීතය, නර්තන වින්‍යාසය නිර්මාණය කිරීමේදී එන ගැටලුවක් තමයි කුඩා වේදිකාවකට ගියොත් අපිි කොහොමද මේක කරගන්නේ කියන එක. වේදිකා පසුතලය නිර්මාණය කරනකොටත් ඒ ගැටලුව ප්‍රබලව එනවා. සරල පසුතල සහිත නිර්මාණවලට ඒ ප්‍රශ්නය ආවේ නැතත් දැවැන්ත පසුතලයක් ඉල්ලා සිටින නිර්මාණයන්ට ඒ ප්‍රශ්නය එනවා. දැන් මගේ "දුටුතැන අල්ලනු" නාට්‍යට ටිකක් බරපතල වේදිකා පසුතලයක් පාවිච්ච් කරන්න මම ආසයි. නිර්මාණකරුවට එසේ ආසා කිරීමේ නිදහස තියෙනවනේ. කොළඹ පවා ලයනල් වෙන්ට්ඩ්, ටවර්, කුලරත්න ශාලාව ඇරුනහම ප්‍රේක්ෂකයා පුරුදු නාට්‍ය ශාලාවල් වෙන නැහැනේ. කොළඹින් පිට තියෙන සියලුම නාට්‍ය ශාලා ජරාජීර්ණය වෙලා. අඩු ගානේ යන්න වැසිකිළියක්වත් නෑ. වෙලාවකට හිතෙනව මොකටද දුකවිඳල මේව කරන්නෙ කියල. එහෙම හිතල මේක නොකර ඉන්නත් බැහැ. අපි ඉගෙන ගත්තු, ආශාකරන, තෘප්තියක් ලබන දේ මේකනේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dutu Thana Allanu, Kaushalya Fernando, The Threepenny Opera, Bertolt Brecht, Wole Soyinka, Sri Lankan Drama, Sri Lankan Stage plays, Sinhala Drama
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජන්ත අලහකෝන්ගෙන් තවත් වියමන්
කතා-බස්
බාල ස්කාගාරයක මත්පැන් බෙදනවා වගේ බොළඳ හාස්‍යයෙන් වර්තමාන වේදිකාව පිරිලා..!- අකිල සපුමල්
Cine
කියවිය යුතු සැබෑ ඉතිහාසයක්- ඔබ නැතිව ඔබ එක්ක
රංග
ජොගින් පාත් මිස රඟහලක් නැතිව ගිය කොලොම් පුරේ සිරි..!
රංග
අප අතර සිටින ජන හතුරා හදුනාගැනීමට.... ජන හතුරා
Cine
සිරි දළදාගමනය ගැමියාට අපහාස කිරීම
තවත් රහ කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook