Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
මිත්‍රත්වයේ ගිනිසිළුව
බූන්දි, 23:59:10
දිනක් 'අලි' නැමැත්තෙකුට මුදල් හදිසියක් වී සිය වෙළඳසලේ හිමිකරු හමුව තමාට උදවු කරන ලෙස ඉල්ලා සිටියේය. මඳක් කල්පනාවේ නිමග්න වූ ප්‍රධානියා අලිට අභියෝගයක් භාර දුනි. එනම්, ඈතින් පෙනෙන කඳු මුදුනට වී නො නිදා එක් රැයක් ගත කළහොත් ඉතා වටිනා තෑග්ගක් ලබා දෙන බවත්, එසේ කිරීමට ඔහු අසමත් වුවහොත් තමා යටතේ මින් මතුවට නොමිලේ වැඩ කළ යුතු බවත්.

වෙළඳසලින් පිටතට පැමිණි අලිට දක්නට හැකි වුයේ ඇඟ හිරිවට්ටන කඳු මුදුන වෙලාගත් සිසිරයේ සීත සුළඟයි. තම අභියෝගය ගැන මඳක් බිය වූ හෙතෙම, තම හොඳම මිතුරු 'අයිඩි' හමු වීමට සිතීය. විටෙක අලි සිතුවේ තෑග්ගට ලොබ වී තමන් කර ගත්තේ මෝඩකමක් බවයි.

සිය මිතුරා හමුවේ සිද්ධිය පැහැදිලි කළ පසු 'අයිඩි' මෙසේ පිළිතුරු දිනි; "දුක් වෙන්න එපා, මම උදවු කරන්නම්. හෙට රෑට ඔයා කඳු ගැටය උඩ වාඩි වෙලා ඉන්න කොට කෙළින්ම ඉස්සරහ බලන්න. මම හරියටම අනික් පැත්තේ කන්ද මුදුනේ ඔයා වෙනුවෙන් මුළු රෑ පුරාවටම ගිනිමැලයක් දල්වාගෙන ඉන්නම්."

මඳක් නැවතී අයිඩි මෙසේ කීය. "ගිනිමැලය දෙස බලල අපි දෙන්නගේ මිත්‍රත්වය ගැන හිතන්න. අපි කරපු කියපු දෑ ගියපු තැන් ගැන හිතන්න. ඒ මතකයන් උදෑසන වෙනකම් ඔයාව උණුසුම් කරාවි. එහෙම රාත්‍රිය ගෙවුන පසු ඊට හිලවුවට මට ඔබෙන් යමක් ඕනෑ." අයිඩි සංයමයෙන් යුතුව පැවසීය.

කතිකා කරගත් පරිදි අලි අභියෝගය දිනුවේය. තෑග්ග ලෙස මුදල් පිර වූ මල්ලක් ලැබිණි. අලි එය ද රැගෙන මිතුරා හමුවට ගොස්, "ඔබ කියූ පරිදි මා දිනුවා. ඒ වගේම මා පොරොන්දුව ඉටු කිරීමට ආවේ. මෙන්න මුදල්වලින් කොටසක්." යයි පැවසීය. මුහුණේ බැරෑරුම් ස්වභාවයක් පෙන්නුම් කරමින් අයිඩි මෙසේ කීවේය; "මට මුදල් ඕනේ නැහැ. පොරොන්දු වෙන්න, මගේ ජීවිතයේ අසීරුම කාලයන් වලදී මිත්‍රත්වයේ ගිනිසිළුව මා ඔබ වෙත දැල් වූ ආකාරයෙන්ම මා ළඟින්ම ඉන්නවා කියලා...!"


[-පාවුලෝ කොයියෝගේ Aleph (2011) නවකතාවෙන් ගත් උපුටනයක්]
සිත්තම- Bob Ross
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The fire of friendship, Novel by Paulo Coelho, Aleph (2011)
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
පාවුලෝ කොයියෝගෙන් තවත් වියමන්
රත්තරං ටික
පළතුරු සහ චාරිත්‍රය
වෙසෙස්
පාවුලෝ කොයියෝගෙන් ලේඛනයට උපදෙස්
රත්තරං ටික
සීත කාලෙත් මල් වවන්න පුළුවන් කියලා පිස්සො කට්ටියක් තීරණය කළා.
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
කතා-බස්
වෙනස් වීම| පාවුලෝ කොයියෝ සමග සංවාදයක්
තවත් රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
වරෙං වරෙං සුළංනේ- සුළං සුළං වරෙන්නේ
රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.
සිස්ටම් vs ඕටී
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook