Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ගොළුවෝ, කථිකයෝ සහ කුමාර්
බූන්දි, 23:01:46
"ගොළු නොවන සියල්ලෝ කථිකයෝය". මේ වාක්‍යය කීවේ 1998 වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය අබිමුවේ ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සූදානම් කිරීමේ වැඩමුළුවක් ඇමතූ 'මූලස්ථානයෙන් පැමිණි' සහෝදරයෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ සිදු වූ මහා ඡන්ද මංකොල්ලයක් ලෙස කුප්‍රකට වූ එම මැතිවරණය, එයට දින නියම කළ දා පටන්ම සංග්‍රාමයක සිරි ගෙන තිබිණි. එවකට පුත්තලම හොල්ලමින් සිටි ද. මු. දසනායකලා ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණෙන් තරග වැදුණේ වයඹ පළාත් සභා මැතිවරණය වන් හෝ(ර්) ස් රේස් එකක් ලෙස ඉතාම උද්දච්ඡ ලෙස උපකල්පනය කරමින් රාජ්‍ය බලයේ කටු මුගුර මිට මොලවාගෙනය.

94 පරාජයෙන් දළ කැඩී සිටියේ වුව එක්සත් ජාතික පක්ෂයද සටන අතහැර තිබුණේ නැත. පුත්තලම දිස්ත්‍රික්කය යනු එජාප බලකොටුවකි. එයිනුත් හලාවත සහ වෙන්නප්පුව ආසන යනු කාලයක් තිස්සේ හරින්ද්‍ර කොරයලා පෙස්ටස් පෙරේරලා හොඳට සෙල්ලම් දැමූ, කැපුවත් කොළ ලෙස නම්කළ හැකි ආසන යුගලයකි. එහෙයින් ඒ හයිය ගෙන එජාපයද කරටකර සටනකට සූදානම් වෙමින් සිටියේය. මේ ප්‍රචණ්ඩ අලකලංචිය මැද ජවිපෙ තෝරාගෙන තිබුණේ සාමකාමීත්වයේ මාවතය. උනුත් එකයි මුනුත් එකයි සටන් පාඨය මුළින්ම යොදා ගැනුණේ මෙන්න මේ වයඹ පළාත් සභා මැතිවරණය සඳහාය. අපි දැන් නැවතත් අර වැඩමුළුවට එමු.

සබකෝලය ලැජ්ජාව බය අතහැර හැමෝටම ජනතාව අමතන්නට සිදුවන බව 'මූලස්ථානයෙන් පැමිණි' සහෝදරයා කීවේ පෙර කී වාක්‍යය වහරමිනි. එහෙම කියා හැරෙන තැපෑලෙන් ඔහු මෙහෙමද කීවේය. "ඒ වගේම මතක තියාගන්න ඕන, ස්ටේජ් එකට නැග්ගට පස්සෙ ඔලුව කසන්න නහය හාරන්න නියපොතු කන්න එපා. මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නේ. මීඩියා අපි දිහා බලාගෙන ඉන්නේ. අනික, ලොකුම ප්‍රශ්නෙ තමයි මයික් එක ලඟට ගියාම ගොඩක් අයට එක එක්කෙනාව වැහෙනවා. මැරිච්ච මිනිස්සු විතරක් නෙවෙයි තාම ජීවත්වෙලා ඉන්න අයවත් වැහෙනවා. ඒක නිසා අරයව මෙයාව වැහෙන්නෙ නැතුව තමන් තමන් වෙලා කතාව කරන්න ඕන."`

එය ඇත්තකි. එවකට ජවීපෙ තුළ වීරයා විමල් වීරවංශය. ප්‍රාදේශීය බොහෝ සහෝදරවරු කතා පවත්වද්දී 'පොඩි' වීරවංශමය ගතියක් පෙනෙන්නට තිබීම සාමාන්‍ය තත්වයක් විය. විමල් වීරවංශ කොපි කළේ රෝහණ විජේවීර සහෝදරයාගේ කතා ශෛලිය බව වෙනම කතාවකි. ඊට අමතරව සමහරු අජිත් කුමාර (මේ කියන්නේ පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියට සම්බන්ධ - පසුව ජවිපෙ හැරගිය) ගේ ශෛලියද අනුකරණය කලෝය. අජිත් කුමාර අනුකරණය කලේ 89 අරගලයට පෙර ජවිපෙ වේදිකා හෙල්ලූ පැරැණි නායකයන්ගේ ශෛලිය යැයි ලියුම්කරුට සිතෙයි. මේ අනුකරණ ශෛලිය කතාවෙන් වෙනස් කළේ ටිල්වින් සිල්වා සහෝදරයා යැයි කිව හැකිය. අපගේ කතාවේ එන වැඩමුළුවට මූලස්ථානයෙන් ආ සහෝදරයාටද අමුතුම කතා ශෛලියක් තිබිණි. එහෙත් ඔහු කිසිදිනෙක ජවිපෙ වේදිකාවක දැක නැත.

පෙර නුදුටු අමුතු විලාසයකට කතාකරන මේ මනුෂ්‍යයා, තමන් විසින් අමතනු ලැබෙන පිරිස කතාවෙන් අවනත කරගත්තේය. එක්තරා මෘදු කමකුත් ඊට යටින් පෙනෙන නොපෙනන පරිදි එලන ලද කිසියම් කර්කශ අධිකාරීත්වයකුත් ඒ හඬේ ගැබ්ව තිබිණි. සදයද නිර්දයද කිවනොහැකි කීරිගැහෙන උපහාසයක් ඔහු වහරන වචන තුළ පැවතියේය. එය බැණුම් වරුසාවකට වඩා ප්‍රබල බව දන්නෝ දනිති. වරෙක එකී උපහාසයේ කෙළවරක ගොස් වැදෙන ඔහුගේ සිනහව, තවත් වරෙක සහෝදරත්වයේ කෙළවර තෙක් දිවෙන සුහදකමකට මග පාදයි. 2011 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ මහා පිපිරුම එන තෙක් පක්ෂයේ කොයිකාගේත් ආදරය දිනූ වීරයා වූ ඔහු ප්‍රේම්කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් සහෝදරයා ය.

දේශපාලනය යනු වීරයන් නිර්මාණය කර නොගත යුතුම කලාපයකි. මක්නිසාද යත් ඔවුහු භෞතිකව ජීවත්ව සිටියදී පවා දේශපාලනිකව මිය යා හැකි නිසාය. ජවිපෙ දෙකට කැඩී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය වන විට රළ නගා ආවේ මෑතකාලීන වාමාංශික දේශපාලනයේ වඩාත්ම ප්‍රබෝධජනක අපේක්ෂාවන්ය කියා කීවොත් එය වැරදි නැත. එහෙත් ඒ අපේක්ෂාවන්ට අර්ථයක් ලැබුනේ නැත. ඉතා කෙටි කාලයක් තුළ වමට ආවේණික ඇමීබාකරණයේ සීග්‍රතාව වැඩිවිය. එක් 'විශාල වරදක්' දෙකඩ වී ඉනික්බිතිව පුංචි පුංචි 'වැරදි කෑලි' ගණනාවකට කැඩී බිඳී වෙන්ව ගියේ න්‍යායික ව්‍යවහාරික පඹ ගාලක් නිර්මාණය කරමිනි. ජාතිකවාදයේ සරණ ගිය මව් පක්ෂයෙන් වෙන්ව ගිය පුත්‍රයන්ට පවා පීඩිත ජන අයිතිය සම්බන්ධයෙන් කෙලින් හිටගත නොහැකි විය.

කුමාර් ගුණරත්නම් අද ජේවීපීයේ නැතත් නියම ජේවීපී කාරයෙකි. ජේවීපී දැක්මෙන් මතවාදයෙන් වැඩ රටාවෙන් වැඩ කලාවෙන් සංවිධාන විලාසයෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේවීපී කාරයෙකි. එනිසාම 2011 ඛණ්ඩනයේ අපේක්ෂාවන් මල්පලගන්වන්නට ඔහුට නොහැකි වී ඇත. එහෙත් තමන් අනුදත් සටන අත නොහරින දිරිමත් මිනිසුන් පොකුරක් තවමත් ඔහු වටා ඇත. ඒ මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් අපි අවතක්සේරු නොකරමු. එහෙත් බොහෝ දහදිය ලේ කඳුළු මේ වනවිට ගඟේ ගොස් තිබේ. විප්ලවය කරන්නට හිතාගෙන ආ බොහෝ දෙනා - ඇතැම්විට මේ ලියුම්කරුද ඇතුළුව - දැන් තැන් තැන්වල සිල්ලර කඩ දමාගෙන ඇත. එසේ වූයේ ඇයි ? එයද ඇතුළු වැදගත් දේශපාලන ප්‍රශ්න ගණනාවකට කුමාර් ගුණරත්නම්ගෙන් පිළිතුරු ලබාගත යුතුය. හැබැයි , ඒ ප්‍රශ්න අසන්නට නම් කුමාර් මේ දේශපාලන භූමියේ සිටිය යුතුය.

අන් සියලු දේශපාලන ක්‍රියාකාරීන්ට තිබිය යුතු දේශපාලන නිදහස ඔහුගෙන් අහිමි නොකළ යුතුය. ඔහුගේ පක්ෂය ක්‍රියාකාරීව සිටින භූමියෙන් ඔහු පිටුවහල් නොකළ යුතුය. මනුෂ්‍යයන්ගේ දේශපාලන නිදහස අහිමි කරන සමාජයක වෙන මොන නිදහසක්වත් රැකෙන්නේ නැත. නීතියේ සංකීර්ණ නූල් සූත්තර වලින් දේශපාලන අයිතිය හකුලවන්නට ඉඩ දිය නොහැකිය. කුමාර් ගුණරත්නම්ගේ ප්‍රශ්නය හුදු ආගමන විගමන ගැටළුවකට ලඝු කිරීම තක්කඩි කමකි. ඔහු වෙනුවෙන් කතාකරන්නට සිවිල් සමාජයක් නැත. එදා ජවිපෙ යුද්ධයට සහය පලකළ සමයේ කුමාර්ලාද ඒ මල්වට්ටියට අතගැසූ නිසා "කාලා වරෙල්ලා" යැයි ඇතැම් විද්වතෙක් සිතනවා විය හැකිය. එහෙත් එය නරුම ස්ථාවරයකි. යහපාලනයේ මුරදේවතාවන්ට මේ දේශපාලන ප්‍රශ්නය නොපෙනෙන රහස කුමක්ද ?

"ඒක එයාලගේ ප්‍රශ්නයක්නේ - ඒක එයාලාම බේරගන්නෙ නැතැයි" කියා ඉහළම විප්ලවවාදීන් පවා සිතන බව පෙනෙයි. සමහරුන්ට ලංකාවේ වාමාංශික කෝටාව සම්පූර්ණයෙන්ම අත්පත්කර ගැනීමේ ආශාවක් තිබෙනවාද විය හැකිය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට මෙය එතරම් ප්‍රශ්නයක් නොවේ. මෙය රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබෙන 'ව්‍යාපෘතියක්' ද නොවේ. කිසිකෙනෙක් මේ ගැන කතාකරන්නේ නැත. කුමාර් සහ ඔහුගේ පක්ෂය හුදෙකලා කර ඇත. එදා කුමාර් ගුණරත්නම් කීවේ "ගොළු නොවන සියල්ලෝ කථිකයෝය" කියාය. මේ සෝෂල් මීඩියා යුගයේ 'ගොළු වූවන් පවා කථිකයෝය'. එසේ තිබියදී පවා අද මෙතැනදී සියලු කථිකයන් ගොළු වී තිබේ. මේ සටහන ලියන මොහොතේ කුමාර් නිදහස් කරන්නැයි ඉල්ලූ උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාර එල්ල වී ඇත. ටෙක්නිකල් හන්දියේ උද්ඝෝෂණයට යන්නට බැරි ටෙක්නිකල් ප්‍රශ්නවල මේ ලියන අප පවා සිරකරුවන්ය. එහෙත් සාමාන්‍යයෙන් ඉතිහාසය, සියලු නිහැඬියාවන්හි වන්දිය අපෙන් ගනියි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kumar Gunarathnam, JVP, Tilvin Silva, Rohana Wijeweera, Wimal Weereawansa, Arresting of Prtemkumar Gunarathnam, Justice for Kumar Gunarathnam, Chandrika Bandaranayake, D.M. Dasanayake, Frontline Socialists Party (FSP), Peratugamee Samajawadee Pakshaya, Leftists in Sri Lanka, Yaha Palanaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විමල් කැටිපෙආරච්චිගෙන් තවත් වියමන්
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
කවි
ඩබල්!
කවි
ඇන්ටන් ජෝන්ස්ලාට උපහාර හිඟයි!
කරන්ට්ස්
ජෝතිපාල
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook