Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
අනුකම්පා විරහිත විහිළුකාරයෙක්
බූන්දි, 23:38:50
දකුණතේ මැණික් කටුවට පහළින් සැරින් සැරේ කොනිති ගහන රිදුමක්. ඔහුගේ අත් ඔරලෝසු මූණත මගේ අතේ රවුම් සලකුණක් අඳිමින් ඉහළ පහළ යනවා. ඔහු පළඳින්නේ සමාගම ලවා මද වෙනස්කම් කිහිපයක් කරවාගත්, මිළ අධික, සන්නාමගත අත් ඔරලෝසුවක්. මේ රවුම් අඳින්නේ එහි මුහුණත වටා ඇති සියුම් කැටයම් සහිත රන් රාමුව. රත්රන් වුවත් සමහරක් වෙලාවට වේදනා ඇතිකරවන සුළුයි.

මේ මම ඉහළ බලා ඉන්නා වෙලාව. අතරින් පතර පෙණහළු පුම්බා හුස්ම අරන් තෘප්තිමත් ගැහැණු හඬවල් මුදා හැරීම හැරෙන්නට මේ වෙලාවට මට කරන්නට වෙනත් දෙයක් නැති තරම්. ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ තරමටම නම්‍යශීලී මගේ සිරුර මේ වගේ පිහාටු මෙට්ටයක් උඩ අලසව කිඳා බැහැලා තිබීමම එක්තරා විදියක අපහාසයක්. ඔන්න ඔහු මගේ වම් පියොවුර වැරෙන් විකනවා. මේ ශක්තිය එක්තැන් කරගැනීමේ විරාමයක්. නමුත් ඔහු අකැමතියි විවේක ගන්නා බව පෙන්වන්න. ඔහු කැමති අසාමාන්‍ය බලය මුදාහැරීමකට. මේ වෙලාවට ගැලපෙන්නෙ වේදනාත්මක කෙඳිරිල්ලක උච්ච ස්වර. එයින් උද්‍යෝගිමත් වෙන ඔහු ආයෙ ආයෙමත් වැර යොදා විකනවා. මා එයින් පීඩා විඳින බව නොපෙන්වා ඉඳීම පමණක් ප්‍රමාණවත්.

ඔහුගේ විශාල, එල්ලා වැටෙන උදරය මා මත වැතිර ඉහළ පහළ ඇතිල්ලෙමින් පවතිනවා. නගරාධිපතිවරයෙක් වෙන්න මූලිකම සුදුසුකම එල්ලා වැටෙන උදරයත්, රැලි සහිත කෙටි බෙල්ලත් වෙන්නට පුළුවනි. මැදිවියේ අවසන් භාගයට එළඹෙමින් සිටින ඔහුගේ හුස්මෙන් නැගෙන්නේ නාකි ගඳක්. ඔහුගේ ආශ්වාස ප්‍රාශ්වාස රිද්මයටම අනුගත වීමෙන් ඒ අපුල දනවන ප්‍රාශ්වාස වාතය නැහැපුඩු ඇතුළට ඇදී ඒමේ සම්භාවිතාවය අඩුකරගන්නයි මගේ වෑයම. කොයි හැටි වෙතත් අනිත් හැම නගරවාසියෙක්ම දන්නා පරිදි නගරාධිපතිවරයාගෙ හුස්මට පවා අනුගතව, යටහත්ව සිටීමෙන් ජීවිතය පවත්වා ගැනීම පහසු කරනවා.

දැන් ඔහු කබල් මොටෝරිය ඇංජිමක් වගේ හුස්ම ඉහළ අදිමින් දෝලන වේගය වැඩිකරනවා. ක්ෂණික ගැස්සීම් කිහිපයක්. ඉන්පසුව ඔහුගෙ මේද බහුල තල්මස් සිරුර මා මතට කඩා හැලෙනවා. ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු තුට්ටුවකට මායිම් නොකරන නිෂ්ඵල ව්‍යායාමය අවසානයේ ඔහු මගේ වම්කන ගාව හතිහලනවා.

ඔව්. මම ලිංගික එක්වීමක ජෛවවිද්‍යාත්මක අරමුණු ගැන ඉගෙන ගත්තේ ජීවවිද්‍යා පන්තියේදි. ඒ අපේ පාසැලේ උසස් පෙළ විද්‍යා පන්ති පටන්ගත් අලුත. පාසැල් විද්‍යාගාරය විවෘත කිරීමේ උළෙලේදි වඩා තරුණව හා ප්‍රසන්නව, සුදෝසුදු ඇඳුමකින් බැබලෙමින් ඔහු පැමිණ සිටි දවස මට හොඳට මතකයි. ජවසම්පන්න ආරක්ෂකයන් අට දෙනෙක් ඔහුව වටකරගෙන ඉන්නා අතරම ඉඳහිට වැඩුණු සිරුරැති කෙල්ලන් දිහා කෑදර බැලුම් හෙලමින් උන්නා.

'මේ ඉන්නේ අපේ රටේ අනාගතය දරා ඉන්නා දොස්තරවරු!' ඔහු කීවේ එහෙම.

*********

"ශකිලා උඹ දොස්තරෙක් වෙන්න ඉගෙන ගන්න කෙල්ලක්. උඹට ගැලපෙන්නෙ කොහොමද හිමකිරම විකුණන කැහැටු කොල්ලෙක්?"

"අඃ?"

"උගේ අක්බඹරු හිසකේ අමතක කරපන්. උඹ හැමදාමත් ගෙනාවෙ දෙපයින් හිටවන්න බැරි මෝඩ තර්ක."


ඒ කාලෙ අපි හැමෝම හිතුවෙ අනාගතය කියන්නෙ රතු පලසක් දිගේ නහයට කෙලින් බලාගෙන කිරිගරුඬ මන්දිරයකට යන බොහොම පහසු ගමනක් විදියට. නෑදෑයෝ, අසල්වැසියෝ විතරක් නොවෙයි, ගුරු මණ්ඩලයත් කියා හිටියේ එහෙම. නගරාධිපතිවරයා විසින් විවෘත කරපු විද්‍යාගාරයේ අළුත් තීන්ත පුසුඹට ඉව අල්ලමින් ගෙම්බන් ව්‍යච්ඡේදනය කිරීමත්, උන්ගේ ආහාර ජීරණ පද්ධතිය දිහා බලාගෙන වෛද්‍ය විද්‍යාලය ගැන සිහින දැකීමත් විතරයි අපිට ඉතිරි වෙලා තිබුණෙ.

"මතීෂ, අපි මේ සම්බන්ධය නවත්තමු." උසස් පෙළ පන්ති පටන් අරන් මාස දෙකක් ගතවුන තැන මතීෂගේ හිමකිරම හල ඇතුළෙදි මම හිස කෙළින් තියාගෙන උදාරම් ලීලාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කලා. මතීෂ බලන් උන්නේ දිය වෙමින් පැවතුන ස්ටෝබෙරි අයිස්ක්‍රීම් ගුලිය ඇතුළට කිඳාබහින චෙරි ගෙඩියක් දිහා.

"ඇයි?"

"මම ඉගෙන ගනිමින් ඉන්නේ වෛද්‍ය විද්‍යාලෙට යන්න. දැන්ම වෙන්වෙන එක පහසුයි. නැද්ද?"


ඔහු වීදුරුව මත බැඳුන ජලවාෂ්ප තට්ටුව හරහට දබරැඟිල්ලෙන් ඉරක් ඇන්දා. පුරුදු විදියටම චෙරි ගෙඩිය නටුවෙන් අරගෙන මගේ පීරිසිය උඩින් තිබ්බා.

"මම උසස් විදුහලේ ශිෂ්‍යාවක්. චෙරි ගෙඩියකට රැවටෙන කෙනෙක් නෙමෙයි."

ඔහු බොහොම හෙමින් චෙරි ගෙඩිය දෙතොලට තියා තද කරගෙන වරක් මා දිහා බැලුවා. ඉන් පස්සෙ ඒක හක්කට තදකරලා හඬ නැගෙන්න 'චරස්' ගාලා හැපුවා. ඇතුලට ගිලා බැහැපු කම්මුල් වලින් ඔහුගේ හනු කිටිකිටියේ තද වෙන හැටි බලන් ඉඳලා මං ආපහු ආවා. එච්චරයි.

නගරාධිපතිවරයාගෙ සීතල උරබාහුව මගේ කම්මුලක් තද කරගෙන පැත්ත වැටිලා තියෙනවා. එය මෘදුයි. එල්ලා වැටෙන සුළුයි. මම වැඩිපුරම කැමති වුණේ වගීසගෙ ශක්තිමත් උරබාහු වලට. ලා දුඹුරු පැහැ සමට යටින් සුනම්‍යව ඒ මේ අත ගමන් කරන දැඩි මස්පිඬු වලට පුළුවනි මාව ඕනෙ අතකට වැනෙන ජෙලි පුඩිමක් බවට පත් කරන්න.

වගීස විද්‍යා පන්තියේ පළමුවැනියා. දක්ෂයා. පුළුල් නළල් තලයක් හිමි බුද්ධිමතා. ඒ මගේ හොඳම තෝරා ගැනීම බව හැමෝම හිස වනා අනුමත කලා. ඔහුට පුළුවනි හීනෙනුත් අස්ථි හා පේශි පද්ධතිය අකුරක් නෑර නම් කරන්න. අමතර පංතියක් මඟ හැරලා ලැගුම්හලක පුස්ගඳැති ඇඳක තුරුළු වෙලා ඉන්න අතරෙත් ඔහුට පුළුවනි මට D - ගොනුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන්න. වගීස පළමු වතාවෙම වෛද්‍ය විද්‍යාලයට තේරුණ එක අවිවාදිතයි. ඒත්,

"මම ඉගෙන ගනිමින් ඉන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න. තේරුම් ගන්න ශකිලා. දැන්ම වෙන්වෙන එක පහසුයි, අපි දෙන්නාටම. නැද්ද?"

*********

ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වාට්ටු ගඳත්, ලෙඩ්ඩුන්ගේ කෙඳිරියත් උහුලන්න තමන් කරන කැපකිරීමේ තරමට රජයෙන් ලැබෙන වේතනය නොසෑහෙන නිසා වගීස දැන් "මතීෂ් මෙඩිකෙයා" පෞද්ගලික රෝහලේ මාසෙ පඩියට වැඩ කරනවා. හිමකිරම හලට එහායින් 'ෆාස්ට් ෆුඩ්' අවන්හලකුත්, ඉන් පස්සෙ අවන්හල් සංකීර්ණයකුත් පටන් ගත්ත මතීෂගේ අළුත්ම ආයෝජනය වුණේ මේ පෞද්ගලික රෝහල.

ඒක දෛවයේ සරදමක් කියලා සමහරු හිතන්නත් පුළුවන්. හැබැයි මම අවසාන නිගමන වලට එළැඹෙන්න ඉක්මන් වෙන්නෙ නැහැ.

නගරාධිපතිවරයා තමන්ගේ තල්මස් ශරීරය උඩුබැලි අතට පෙරළනවා. ඔහු කැමති උඩුබැලි අතට අතපය විහිදුවාගෙන නිදාගන්න. බූවල්ලෙක් වගේ හැමතැනම අඬු විහිදුවන්න. නගරයේ හැම අස්සක් මුල්ලක් නෑරම අධිකාරීත්වය පතුරවන්න. වැඩකරන ජනතාවගේ හැම කුඩා දහදිය බිංදුවකින්ම කොටසක සාරය තමන්ගේ බැංකු ගිණුමට උරාගන්න. ඒ නිසාමයි ඔහු අළුත් පෞද්ගලික රෝහලේ ප්‍රධාන කොටස්හිමියා වුණේ.

මම වම් ඇලයට හැරිලා නගරාධිපතිවරයාගෙ උදරය මතින් කකුලක් දමා ගන්නවා. ඔහු තමන්ගේ බිරිඳට අප්‍රමාණ භයයි. ඒ නිසාම, කුඩා සුළිකුණාටුවක් වගේ ඕනෑම මොහොතක ඔහුගේ කුටුම්භය මතට පතිත විය හැකි මා ගැන ඔහු බොහොම සැලකිලිමත්.

"ශකිලා මගෙ ආදර කෙල්ල, කියපන්. උඹට ඕනෑ මොනවද?"

දෛවය කියන්නේ අනුකම්පා විරහිත විහිළුකාරයෙක්. අවසන් නිගමන කියා දෙයක් නැහැ. දැන් උසස් විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමයිනුත්, කාලෙකට පස්සෙ ඒ ගැන අවබෝධ කරගනීවි. සමහරවිට අනවරත දිවිල්ලකින් හති වැටිලා රතු පලස මත ඇද වැටෙන්න මොහොතකට කලින්.

නගරාධිපතිවරයාගෙ ගෙරවිල්ලෙ සද්දෙ තමයි උහුලාගෙන ඉන්න අමාරු එකම දේ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යශෝධා සම්මානි ප්‍රේමරත්නගෙන් තවත් වියමන්
කතන්දර
විරාම ලකුණු
කතන්දර
දොළොස්දාහක්
කරන්ට්ස්
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී?
කතන්දර
නොපිරවෙන හිස්තැන්
කතන්දර
දමනය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook