Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
කවියෙකුගේ වික්‍රමය
බූන්දි, 01:37:59
කුඩා දූපතට තිබුණේ උසැති, ගල්පර්වත වලින් ගහණ වෙරළ තීරයකි. මුහුද අසළ නොනැසී පවතින්නට හැකි, කෙටි, ඝනැති පඳුරු එහි වැවිණි. මුහුදු ලිහිණියෝ අහ‍සේ පියැඹූහ. ගොඩබිමට නුදුරු මුහුදෙහි පිහිටි එම දූපත පාලුවට ගිය කිසිදු වගාවක් නොකළ එකක් විය. හබල් ගාන බෝට්ටුවකින් හෝ මේ දැන් ඒ කරා ළඟා වන යුවළ සතු වූ ආකාරයේ රබර් ඩිංගි බෝට්ටුවකින් ‍දූපත වටා පැය බාගයකින් යාත්‍රා කිරීමට ඔබට හැකිය. රබර් ඩිංගියෙහි වූ මිනිසා ඉතා සන්සුන් ලෙස එය හබල් ගෑ අතර කාන්තාව අව්ව තපිමින් එතුළ වැතිර සිටියාය. ඔවුන් දූපත අසළට ළඟාවත්ම මිනිසා අවධානයෙන් යුතුව ඇහුම්කන් දෙන්නට වූයේය.

"ඔයාට මොනවද ඇහෙන්නේ?" ඇය ඇසුවාය.

"නිශ්ශබ්දතාවය" ඔහු පිළිතුරු දුන්නේය. "කනට ඇහෙන නිශ්ශබ්දතාවයක් දූපත්වල තියෙනවා."

සත්‍ය වශයෙන්ම පවසන්නේ නම් සෑම නිශ්ශබ්දතාවක්ම ඒ වටා වූ ඉතා කුඩා ශබ්ද ජාලයකින් සමන්විත වෙයි. දූපතෙහි නිහඬබව ඒ වටා වූ නිසල මුහුදෙහි නිහඬතාවෙන් වෙනස් වූයේ එහි පඳුරු වල සරසරයත් කුරුල්ලන්ගේ කෑ ගෑම හෝ උන් තටු සලන හඬත් හාත්පස පැතිරී තිබූ බැවිනි.

ගල් පර්වතයට පහළින් වූ ජලයෙහි මේ දිනවල කුඩා හෝ රැල්ලක් ‍නොනැගුණු අතර එය තියුණු පැහැදිලි නීල වර්ණයෙන් යුක්ත විය. හිරු කිරණ ජලය විනිවිද පතුළට කා වැදිණි. පර්වත මුහුණතෙහි කුඩා ගුහාවල පිවිසුම් දක්නට ලැබුණු අතර ඩිංගි බෝට්ටුවෙහි හුන් යුවළ ඒවා නිවී සැනසිල්ලේ ගවේෂණය කරන්නට සූදානම්ව සිටියේය.

මේ වෙරළ තීරය සංචාරකයන්ගේ පහස තවමත් නොලැබූ දකුණු පෙදෙසේ පිහිටා තිබූවක් වූ අතර ඔවුහු වෙනත් ප්‍රදේශයක සිට මුහුදෙහි නාන්නට පැමිණි දෙදෙනෙක් වූහ. ඔහුගේ නම උස්නෙල්ලි විය. හෙතෙම ප්‍රසිද්ධ කවියෙකි. ඇය ඩේලියා එච්. නම් වූ අතර ඉතා රූමත් කාන්තාවක වූවාය.

ඩේලියා දකුණු පෙදෙසට ඉතා තදින්, උමතුවෙන් මෙන් ඇලුම් කළ තැනැත්තියක වූවා බෝට්ටුවෙහි වැතිර තමන් දකින සියලු දේ ගැන දැඩි ප්‍රහර්ෂයකින් යුතුව කතා කරන්නට වූයේ මේ ප්‍රදේශයට පළමු වරට පැමිණි, එමෙන්ම ඇයගේ උද්යෝගය බෙදා ගත යුතු තරමට බෙදා හදා නොගන්නවාක් මෙන් පෙනුණු උස්නෙල්ලි කෙරෙහි වූ ක්‍රෝෂයක ඡායා මාත්‍රයක් සමගිනි.

"ඔහොම ඉන්න," උස්නෙල්ලි කීවේය. "ඔහොම පොඩ්ඩක් ඉන්න."

"ඒ මොකටද?" ඇය ඇසුවාය. "මීට වඩා ලස්සන දෙයක් තියෙන්න පුළුවන්ද?"

අන්‍යන්ට අයත් හැඟීම් සහ වචන කෙරෙහි විශ්වාසය නොතැබූ, (සිය ස්වභාවය සහ ඔහු ලැබූ සාහිත්‍ය අධ්‍යාපනය නිසා) පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සහ විවාදයකින් තොරව ලස්සනයැයි පිළිගන්නා දෙයට වඩා සැඟවුණු සහ ව්‍යාජ ලස්සන ‍සොයා ගැනීමට පුරුදුව සිටි ඔහු තවමත් සිටියේ කලබලයට සහ ආතතියට පත් විය. සතුට යනු උස්නෙල්ලිට අත්හිටුවනු ලැබූ තත්ත්වයක් විය. එය හුස්ම තදින් අල්ලා ගෙන විඳිය යුත්තකි‍. ඔහු ඩේලියාට ආදරය කරන්නට පටන් ගත් තැන් පටන් ලෝකයා සමග ඔහුගේ වූ පරීක්ෂාකාරී, සීමිත සම්බන්ධය තර්ජනයට ලක්ව ඇති සැටි ඔහු දුටුවේය. එහෙත් තමාගේ යමක් හෝ තමා ඉදිරිපිට විවරව ඇති ප්‍රීතිය හෝ අතහැර දැමීමට ඔහු කල්පනා නොකළේය. ජලයට සෙමෙන් වැක්කෙරෙන නීල වර්ණය, වෙරළෙහි වූ හරිත වර්ණය අළු පැහැ ගැන්වීම, මුහුදු පළසෙහි සුමුදුතම ස්ථානයෙහි සිටින මාළුවෙකුගේ වර‍ළෙහි දිලිසීම යනාදී ඔහුගේ වටපිටාවෙහි ස්වභාව ධර්මය විසින් අත්පත් කරගත්තා වූ පරිපූර්ණත්වයේ සියලුම මට්ටම් වනාහි ඊටත් ඉහළ පරිපූර්ණත්වයක මග හසර කියන ලකුණු වූවාක් මෙන්ද, ක්ෂිතිජයේ වූ අදිසි රේඛාව මුහුදු බෙල්ලෙකු මෙන් විවරව හදිසියේ වෙනත් ග්‍රහලෝකයක් හෝ නව ලොවක් මතුවනු ඇතැයි සිතන්නාක් මෙන්ද ඔහු ප්‍රවේශම්කාරී විය.

ඔවුහු කුඩා ගල් ගුහාවකට ඇතුළු වූහ. එය ආරම්භ වූයේ ලා කොළ පැහැති අභ්‍යන්තර විලක් මෙන් සුවිසල්ව දැවැන්ත පාෂාණමය වහළකින් යුක්තවය. තවත් ඇතුළට යන විට එය පටු අඳුරු මගක් බවට පරිවර්තනය විය. උස්නෙල්ලි බෝට්ටුව වටේට හැරවූයේ ආලෝකය විසින් ගුහාව අභ්‍යන්තරයේ මවන ලද විවිධ ප්‍රයෝග රස විඳිනු පිණිසය. බැහැර සිට ගුහාවේ දැති සහිත වෛවර්ණ මුවවිටෙන් ඇතුළට ආ ආලෝකය එම වර්ණ තව තවත් විචිත්‍ර කළේය. ගුහාවේ ඇතුළත වූ ජලය දිදිලුණි. පිටුපසින් වූ මුදු සෙවණැලි වලට ‍එරෙහිව ජල තලය මත සිට උඩට ආ‍‍ලෝක කදම්බයෝ නැගුණහ. ජලයේ වූ කැළඹිල්ල, ප්‍රතිබිම්බ සහ ආලෝක ධාරා මගින් පාෂාණමය බිත්ති සහ වහළ මතට ප්‍රක්ෂේපණය විය.

"මෙතැනදී කෙනෙකුට දෙවියන්ව වටහා ගන්න පුළුවන්," කාන්තාව කීවාය.

"හ්ම්," උස්නෙල්ලි පිළිතුරු දුන්නේය. ඔහු සිටියේ කැළඹිල්ලට පත් විය. හැඟීම් වචන වලට පරිවර්තනය කරන්නට පුරුදු ඔහුගේ මනස එකම වචනයක්වත් ගොතා ගන්නට නොහැකිව දැන් අසරණ වී තිබිණි.

ඔවුහු තවත් ඇතුළට යාත්‍රා කළහ. ජල මට්ටමෙහි තිබූ ගල් පව්වක් පසු කොට ඩිංගි බෝට්ටුව ඇදී ගියේය. හබල ජලයෙහි වදින විට නැගෙන දුර්ලභ ආ‍ලෝක පුංජයක් හැරුණු විට හාත්පස ඝන අඳුර රජ කළේය. ඉඳහිට හබල ගුහා බිත්තියක වැදිණි. ආපසු හැරී බැලූ ඩේලියාට ගුහාවෙහි පිවිසුමෙන් පෙනෙන නිල් අහ‍ස් කැබැල්ල වටා ඇති රේඛාව නිරන්තරයෙන් වෙනස් වන සැටි පෙනිණි.

"ආං අතන! විශාල කකුළුවෙක්!" බෝට්ටුවේ කඳ කෙලින් කොට හිඳ ගෙන ඕ කෑගැසුවාය.

".... න!..... ළුවෙක්!" ඇගේ හඬ දෝංකාර දුන්නේය.

"දෝංකාරය!" සතුටෙන් කී ඇය වචනද කවි පද ද යාඥා වල කෑලි ද කියමින් ඒ අඳුරු වහළ යට කෑ ගසන්නට වූවාය.

"ඔයත් කෑ ගහන්න! ප්‍රාර්ථනාවක් කරන්න!" ඇය උස්නෙල්ලිට කීවාය.

"හූ ඌ ඌ ඌ ඌ......." උස්නෙල්ලි කෑ ගෑවේය. "හේ ඊ ඊ ඊ ඊ .... ඕ...."

ඉඳ හිට බෝට්ටුව ගුහා බිත්තියෙහි වැදිණි. අඳුර ඉතා දැඩි විය.

"මට බයයි. මේක ඇතුළෙ මොන මොන සත්තු...."

"අපට තවමත් ඇතුළට යන්න පුළුවන්."

හිරු රැසින් නැහැවුණු ජලයෙන් පළා යන ගැඹරෙහි වසන මසෙකු මෙන් තමා අඳුර වෙත ඇදෙන බව උස්නෙල්ලිට වැ‍ටහිණි.

"මට බයයි. අපි ආපහු යමු." ඇය බල කළාය.

මූලික වශයෙන් ගත් කළ ඔහුටද බියජනක දේ කෙරෙහි ඇති රුචිකත්වය ආගන්තුක එකක් විය. ඔහු පසු පසට හබල් ගෑවේය. ගුහාව පුළුල් වන ස්ථානයට ඔවුන් පැමිණෙන විට මුහුද තද නිල් පාටට හැරිණි.

"මේකෙ බූවල්ලො ඉන්නවද?" ඩේලියා ඇසුවාය.

"ඉන්නව නම් ඔයාට පෙනෙයි. ඒ තරමට වතුර පැහැදිලියි."

"එහෙනම් මං පොඩ්ඩක් පීනන්නම්."


රබර් බෝට්ටුවේ පසෙකින් දියට බට ඈ ඒ අභ්‍යන්තර විලෙහි පිහිනුවාය. ඇගේ සිරුර වරෙක සුදු පැහැයෙනුත් (හරියට ආලෝකය වස්තූන්ගේ සියලු වර්ණයන් සොරා ගත්තාක් මෙන්) වරෙක ජලතලයෙහි නිල් පැහැයෙනුත් පෙනිණි.

උස්නෙල්ලි හබල් ගෑම නතර කොට තිබූ අතර තවමත් හුස්ම උඩට කොට අල්ලා ගෙන සිටියේය. ඩේලියා සමග පෙමින් වෙලී සිටීම ඔහුට සෑම විටෙකම මේ ආකාර විය. එය හරියටම වචන අතික්‍රමණය කළ ලොවක ඇති මේ ගුහාවේ කැඩපත වැනිය. එනමුදු ඔහු සිය කවි වල ආදරය ගැන එකම එක පද පේළියක් වත් ලියා නැත.

"තව ළඟට එන්න," ඩේලියා කීවාය. පිහිනන අතරතුරම ඇය සිය උඩුකය වැසූ රෙදි කඩ ඉවත් කොට තිබිණි. ඇය එය රබර් බෝට්ටුව ඇතුළට වීසි කළාය. "පොඩ්ඩක් ඉන්න" යැයි කියූ ඇය සිය ඉනෙහි වූ රෙදි කඩද ගලවා එය උස්නෙල්ලි අතට දුන්නේය.

දැන් ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් වූවාය. ඇගේ ළය මඬලෙහිත් උකුළු පෙදෙසෙහිත් වූ වඩාත් සුදු පැහැති ඡවි වර්ණය පැහැදිලිව නොපෙනුණේ ඇගේ මුළු සිරුරෙන්ම මෙඩුසා මසෙකුගේ බඳු ලා නිල් දීප්තියක් විහිදුණු බැවිනි. ඇය විවේකී ඉරියව්වකින් පසෙකට හැරී පිහිනමින් සිටියාය. ප්‍රතිමාවක බඳු ව්‍යංගාර්ථාත්මක ඍජු හිස ජලයෙන් මඳක් ඉහළට එසවී තිබුණු අතර විටෙක උරැහිසෙහි කවයත් දිග හළ අතක මුදු රේඛාවත් ජලයෙන් ඉහළට එසැවිණි. දිය දෙබෑ කරන අනෙක් අත විටෙක ඇයගේ මනාව වැඩුණු උස් ළය මඬල ආවරණය කළ අතර විටෙක එය නිරාවරණය කළේය. තාරකා මාලුවෙකුගේ හැඩයට වැල්ලෙහි තබන ලද සියුම් ලකුණක් බඳු නාභියෙන් යුතු ඇයගේ සුමුදු උදරය ජලයෙහි දරා සිටීම පිණිස ඇයගේ දෙපා ජලයේ චලනය වූයේ යාන්තමිනි. ජලය යටින් පරාවර්තනය වූ හිරුරැස් ඇයගේ සිරුර යාන්තමින් ස්පර්ශ කළේ වරෙක ඇයට එක්තරා ආකාරයක ඇඳුමක් නිර්මාණය කරමින්ද වරෙක ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම උනා දමමිනුත්ය.

ඇයගේ පිහිනීම එක්තරා ආකාරයක නර්තනයක් බවට පරිවර්තනය විය. ජලයෙහි පාවෙමින් ඔහු වෙත සිනා පෑ ඇය විටෙක සිය දෑත දෙපසට විහිදුවා සෙමෙන් කරකැවුවාය. විටෙක සිය දණහිස නවා තල්ලු කරමින් කුඩා මාලුවෙකු සේ පෙනෙන වක් වූ යටිපතුළ ජලය මතුපිටට ගෙන ආවාය.

රබර් බෝට්ටුවෙහි සිටි උස්නෙල්ලි දෑස් හයා ගෙන මේ දර්ශනය නරඹන්නට විය. තමාට ජීවිතය විසින් ලබා දෙන මේ අවස්ථාව, දිලිසෙන හිරුගේ මධ්‍යය බලන්නට කෙනෙකුට අවස්ථාවක් ‍නොලැබෙන්නාක් මෙන්ම, විවර කරගත් දෙනෙතකින් බැලීමට සෑම කෙනෙකුටම ලැබෙන වරප්‍රසාදයක් නොවන බව ඔහු වටහා ගත්තේය. මේ හිරුගේ මධ‍්‍යයේ වූයේ නිහඬතාවයි. මේ මොහොතෙහි ඇති කිසිම දෙයක් වෙනත් දෙයකට පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත. වෙනකක් තබා ඇතැම්විට මතක ශේෂයක් බවට වත් පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත.

දැන් ඩේලියා පිහිනමින් සිටියේ ගුහාවේ මුව විට අසළ උඩුබැලි අතට හැරී හිරු දෙස බලා ගෙනය. ඇය සැහැල්ලු චලනයකින් විවෘත මුහුද දෙසට ගමන් කරමින් සිටි අතර ඇයට යටින් වූ මුහුදෙහි නිල් පැහැය වෙනස් වමින් තිබිණි. ඒ නිල් පැහැය ක්‍රම ක්‍රමයෙන් ලා පැහැයටද වඩ වඩාත් දීප්තිමත් බවටද පත් වමින් තිබිණි.

"බලාගෙන, ඇඳුමක් දා ගන්න! ඔය කිට්ටුවට බෝට්ටු එනවා!"

ඩේලියා දැනටමත් අහස යට වූ ගල් කුළු අතරට ගොස් සිටියාය. ජලය යටට කිමිදුණු ඕ සිය අත දිගු කළාය. උස්නෙල්ලි ඇය අතට රෙදි කඩවල් දෙක දුන්නේය. පිහිනමින්ම ඒවා ඇඳ ගත් ඇය ‍රබර් ඩිංගි බෝට්ටුවට ගොඩ වූවාය.

ඔවුන් වෙත ළඟා වමින් තිබුණේ ධීවරයන්ගේ බෝට්ටුය. උස්නෙල්ලි ඔවුන් හඳුනා ගත්තේය. මසුන් මරන කාලය පැමිණි විට වෙරළෙහි වූ ඇතැම් ගල් පර්වතයක සෙවණේ නිදන දුප්පත් මිනිසුන්ගෙන් සමහරෙක් ඒ අතර වූහ. ඔහු ඔවුන් වෙත සේන්දු විය. බෝට්ටුව හබල් ගසමින් සිටියේ තරුණයෙකි. දතක වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සිය පටු දෑස වැසෙන්නට සුදු පැහැති නාවික කැප් තොප්පියක් පැළඳ සිටියේය. ඔහු කෙටි වේගවත් හබල් පහරවල් දියට ගැසුවේ ඉන් ඔහුගේ වේදනාව අඩු වන්නාක් මෙනි. ඔහු පස් දරු පියෙකු වූ අතර බලාපොරොත්තු සුන් වූ කෙනෙක් විය. බෝට්ටුවේ අවරයෙහි සිටියේ මහල්ලෙකි. ඔහුගේ මෙක්සිකානු මාදිලියේ පිදුරු තොප්පිය මහල්ලාගේ කෙසඟ සිරුරෙහි හිස මත වූ රශ්මි වළල්ලක් මෙන් විය. ඇතැම්විට එක්තරා යුගයක අභිමානයෙන් පුළුල්ව තිබෙන්නට ඇති ඔහුගේ රවුම් දෑස දැන් අයත් වූයේ බේබද්දෙකුටය. තවමත් කලු පැහැයෙන් යුත් එල්ලා වැටෙන උඩු රැවුලට යටින් ඔහුගේ මුව විවර විණි. ඔහු ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ ගල් මාළුවෙකු පිහියකින් ශුද්ධ කරමින් සිටියේය.

"ගොඩක් මාළු ඇල්ලුවද?" ඩේලියා හඬ නගා ප්‍රශ්න කළාය.

"අනේ නෑ ටිකයි." ඔවුහු පිළිතුරු දුන්හ. "මේ වාරෙ මහ සවුත්තුයි."

ඩේලියා ප්‍රදේශවාසීන් සමග කතා කරන්නට ප්‍රිය කළාය. එහෙත් උස්නෙල්ලි එසේ නොකළේය. (ඔවුන් සමග කතා කරන විට "තමන්ගේ හෘද සාක්ෂිය අපහසුවට පත් වන්නේ" යැයි කියන ඔහු උරැහිස් හකුළා නිහඬ වෙයි.)

රබර් ඩිංගිය, දැන් අව්වට පිච්චුණු සායම් ඉරිතලා ගොස් ගැලවී හැලෙන ධීවර බෝට්ටුව පසෙක විය. එහි හබල් බෝට්ටුවේ බඳට තබා ලණුවකින් බැඳ තිබූ අතර ඒවා ගෙවුණු ලී බ‍ඳෙහි ගෑවෙන වාරයක් පාසා කිරි කිරි හඬක් නැගීය. බොහෝ කාලයකට පෙර වියැලුණු රතු පැහැති මුහුදු පැලෑටි වලින් වැසුණු කොකු හතරේ කුඩා නැංගුරමක් පැලැල්ලක පැටලී අසුනක් යට තිබිණි. ටැනින් වලින් සායම් කළ කෙළවරවල් වල රවුම් කිරළ ඇබ ගැට ගැසූ මාළු දැල් ගොඩ මත වූයේ පිලී ගඳ ගසන ලා අළු හෝ ලා නිල් පැහැති කොරපොතු ඇඳුම හැඳගෙන මුව හයා ගෙන සිටින මසුන්ය. රුධිරයෙන් නිර්මිත ත්‍රිකෝණයකට යටින් ඔවුන්ගේ කරමල තවමත් ගැහෙන බවක් පෙනිණි. උස්නෙල්ලි සිටියේ නිහඬවය. එහෙත් මේ මනුෂ්‍ය ‍ලෝකයේ වේදනාව වනාහී මීට ටික වේලාවකට පෙර ඔහු වෙත සන්නිවේදනය වෙමින් තිබුණු ස්වභාව සෞන්දර්යයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රපංචය විය. මීට ටික වේලාවකට කලින් වූ තත්ත්වයේදී එය විස්තර කරන්නට ඔහුට වචන නොතිබිණි. එහෙත් දැන් ඔහුගේ මනසෙහි එකිනෙකා පරයා නැගෙන වචන සමුදායක් පොර බැදුවේය. මහළු මසුන් මරන්නාගේ සිහින්, අපිළිවෙළට බෑ රැවුල සහිත මුහුණෙහි වූ සෑම ඉන්නෙකු ගැනම සෑම රැවුල් ගසක් ගැනම මෙන්ම ගල් මාළුවාගේ සෑම රිදී පැහැති කොරපොත්තක් ගැනම විස්තර කරන වචන එහි විය.

වෙරළෙහි තවත් බෝට්ටුවක් ගොඩට ඇද අනෙක් පැත්ත ගසා ලී කොට මත රඳවා තිබිණි. රාත්‍රිය මුළුල්ලේ මසුන් මරා දැන් ඒ බෝට්ටුව සෙවණේ නිදන මිනිසුන්ගේ පාවහන් රහිත දෙපා යටින් පෙනුණේය. සම්පූර්ණයෙන්ම කලු පැහැති ඇඳුමකින් සැරසුණු මුහුණ නොපෙනෙන සේ ආවරණය කර ගත් ගැහැනියක් ඒ අසළ මුහුදු පැලෑටි වලින් ඇවිළුෑ ගින්නක් මත වළඳක් තබමින් සිටියාය. ඒ ගින්නෙන් දිර්ඝ දුම් රොටුවක් නැගෙමින් තිබිණි. ඒ වෙරළ අළු පැහැති පාෂාණ වලින් ගහණ වූ අතර ඒ අතර දක්නට ලැබුණු වියැකුණු වර්ණ පදාස වෙරළෙහි සෙල්ලම් කරන ළමුන්ගේ ඇඳුම් විය. නහයෙන් අඬන වැඩිමහළු සොහොයුරියන් විසින් බාලයන් බලා ගැනිණි. වැඩිහිටියන්ගේ දිග කලිසම් කපා සාදා ගත් කොට කලිසම් පමණක් හැඳගත් මඳක් වයසින් වැඩි හා ක්‍රියාශීලී පිරිමි ළමෝ ගල් පර්වත සහ මුහුද අතර දුවමින් සිටියෝය. ඊට ඔබ්බෙන් වැලි සහිත ඍජු වෙරළ තීරයක් ආරම්භ විය. එය සුදු පැහැතිද පාළුද වූ අතර වෙරළෙහි එක් පැත්තක් තුනී බට කැලෑවක් සහ සී නොසෑ ඉඩම් තුළට අතුරුදන් වූයේය.

කලු පැහැති ඉරිදා ඇඳුමකින් සහ හිස්වැසුමකින් සැරසී කෝටුවක රැඳ වූ කුඩා පොදියක් උරෙහි තබා ගත් තරුණයෙක් ඒ වෙරළ තීරය දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. ඔහුගේ පාවහන් වල වූ ඇණ වලින් වැල්ල මත සලකුණු සටහන් විය. ඒ නොවැරදීම අසළ අභ්‍යන්තර ගමකින් පොළට හෝ වෙනත් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි ගොවියෙකු හෝ එඬේරෙකු මුහුදු සුළං වැදීම පිණිස මේ මාර්ගය තෝරා ගත්තා විය යුතුය. දුම්රිය මාර්ගයේ වූ කම්බිද එහි ඉවුරද කණු සහ වැටවල්ද පෙනිණි. ඉන් අනතුරුව දුම්රිය මාර්ගය බිම්ගෙයක් තුළට අතුරුදන් වූයේ ඊට ඔබ්බෙන් යළිත් මතුවී යළි අතුරුදන් වන්නටය. දුම්රිය මාර්ගය සමතලා නොවූ රෙද්දක ගැසූ මැහුම් මෙන් විය. අධිවේගී මාර්ගයේ කලු- සුදු සංඥා පුවරුවලට ඉහළින් වූ කඳු බෑවුම්වල ඔලිව් වතු තිබිණි. ඊටත් ඉහළින් කඳු වල කිසිදු වගාවක් නොකෙරුණු අතර එක්කෝ තණකොළ වලින්, පඳුරු වලින් එසේ නැතහොත් ගල් වලින් පමණක් වැසී තිබුණේය.

මේ කඳු අතර වූ පැල්මක පිහිටා තිබූ ගමක් ඉහළට විහිදිණි. ගෙවල් වූයේ එකක් උඩ එකක් වශයෙනි. ගෙවල් අතර වූ ගල් ඇල්ලූ පාරවල් වල කොටළුවන්ගේ මළ මූත්‍ර පහසුවෙන් ගලා යා හැකි වන පරිදි ආනතිය පාරේ මැදට වන්නට සකස් කොට තිබිණි. ඒ සෑම ගෙයකම දොරකඩ අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ වැඩිමහල් හෝ මහලු ගැහැනු සිටියෝය. මිටි තාප්ප වල හිඳ ගෙන අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ තරුණ හා මහලු පිරිමි සිටියෝය. ඔවුන් සියලු දෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කමිසය. පියගැටපෙළවල් බඳු ඒ පාරවල් මැද ළදරුවෝ ක්‍රීඩා කළෝය. තරමක් වැඩිමහල් පිරිමි ළමයෙක් පාරෙහි වැතිර දොර පඩියකට හිස තබා ගෙන නිදාගෙන සිටියේ එතැන නිවෙස ඇතුළට වඩා මඳක් සිසිල්ද දුර්ගන්ධය අඩුද වූ බැවිනි. සෑම තැනකම පියාඹන හෝ එකතැන කැරකෙන මැසි රංචු පිරී සිටියහ. සෑම බිත්තියක්මත් ගිනි උඳුන් අසළ වූ සෑම කඩදාසි මල්දමක්මත් මැස්සන්ගේ අසූචි වලින් වැසී ගොස් තිබිණි. උස්නෙල්ලිගේ මනසට එකිනෙක හා ඇලුණු ඝනැති වචන නොනැවතී ගලා එන්නට විය. වාක්‍ය අතර විරාම නැති වචන ගලා එන්නට වූයේය. අවසානයේදී ටිකෙන් ටික ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නට නොහැකි තැනට පත් විය. ඉතාම කුඩා සුදු පැහැති ඉඩ පවා අතුරුදන් වෙමින් ගොස් කලු පැහැය පමණක්, අත්‍යන්ත කලු පැහැය පමණක් ඉතිරි වූ, විලාපයක් බඳු භයානක පැටලුමක් බවට ඒ වචන අවසානයේදී පරිවර්තනය වූයේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Italo Calvino, Italian Journalist and Writer, Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉතලෝ කල්විනෝගෙන් තවත් වියමන්
කතන්දර
හඳේ දුර
රත්තරං ටික
එහෙනං දැන ගන්නවා... අපි ඇවිල්ලා... 'අන්ධකාර කල්ලිය'.....
රත්තරං ටික
මකුළු කැදැල්ලට යන පාර| The Path to The Spider's Nest
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook