Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
ළමා චිත්‍ර සහ ඡායාරූප තරගය/ප්‍රදර්ශනය 2016
බ්‍රෙෂියා, විවර ළමා පාසල සහ වෙරෝනා ප්‍රගති ළමා පාසල එක්ව ඉදිරිපත් කරන "2016 චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය", ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංගමය විසින් සංවිධානය කරයි. ළමා නිර්මාණ හැකියාවන් ඔප් නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ලංකාව ඇතුළුව ඉතාලිය හා අනෙකුත් රටවල වෙසෙන දරුදැරියන්ට ඒ සදහා අවස්ථාව සලසා තිබේ.

චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාවන්-

1. වයස් කාණ්ඩය වයස අවුරුදු 3, 4, 5
"කැමති චිත්‍ර දෙකක්"

2. වයස් කාණ්ඩය වයස අවුරුදු 6, 7, 8, 9, 10
"මිතුරන් සමග ජීවිතය, අප අවට පරිසරය"

3. වයස් කාණ්ඩය වයස අවුරුදු 11, 12, 13, 14
"බඩගින්න, යුධ වැදුන ලෝකය, ආදරය"

තරග කොන්දේසි
සියළු නිර්මාණ ස්ව නිර්මාණ විය යුතුයි. නිර්මාණ සදහා A3 හෝ A4 ප්‍රමාණයේ කඩදාසි භාවිතා කල යුතුයි.


ඡායාරූප ප්‍රදර්ශනය

ඡායාරූප ප්‍රදර්ශනය සඳහා වයස් සීමාවකින් තොරව නිර්මාණ ඉදිරිපත් කල හැකියි . කැමති තේමාවන් ඔස්සේ නිර්මාණ ලබාදිය හැකියි. ඡායාරූප වල ප්‍රමාණය 8A (අඟල් 8-10) හෝ 11A (අඟල් 11-14) ප්‍රමාණයේ විය යුතුය.

නිර්මාණ භාරගන්නා කාල සිමාව
ඉතාලිය ඇතුළු යුරෝපිය රටවල නිර්මාණ භාරගන්නා අවසන් දිනය 2016 මාර්තු 19 වනදාය.
තැපැල් මඟින් නිර්මාණ යොමු කරන්නේ නම්, SAMANTHA KURERA, VIA G.MARONI 02, 25128 BRESCIA, ITALY

ලංකාවේ දී නිර්මාණ භාර ගැනීමේ අවසන් දිනය 2016 මාර්තු 19 වනදාය.
නිර්මාණ එවිය යුතු ලංකාවේ ලිපිනය SUJITH HEMANTHA PERERA, NO 224 E, SAMAGI MAWATHA, DEPANAMA , PANNIPITIYA .

තරගය පැවැත්වෙන ආකාරය

2016 මාර්තු 27 වනදා ඉතාලියේ බ්‍රෙෂියා විවර පාසල් පරිශ්‍රයේදී චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය මුල්වරට පැවැත්වෙන අතර ජනතා ඇගයුම් සඳහා අවස්ථාව සලසා දෙනු ලැබේ. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගේ අභිලාශය අනුව සැම කාණ්ඩයකින්ම වැඩිම මනාපය ලබන නිර්මාණ තුනට ත්‍යාඟ පිරිනැමේ.

මාර්තු 27 වන දා තරගයට ඉදිරිපත් කරන සියළු චිත්‍ර එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙත යොමුකරන අතර ඔවුන්ගේ විනිශ්චය අනුව සැම කාණ්ඩයකින්ම නිර්මාණ 10 බැගින් තෝරා ගනු ලැබේ. තෝරා ගනු ලබන නිර්මාණ 10න් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හිමිකරගන්නා නිර්මාණ වලට ත්‍යාග පිරිනමනු ලැබේ.

ප්‍රදර්ශන පවත්වන සෑම නගරයකදීම ඉහත ඇගයීමට අමතරව සියළු නිර්මාණ ඒ ඒ ප්‍රදේශ වල ජනතාවගේ ඇගයීමටද අවස්ථාව සලසා දෙනු ලැබේ.

විවර ප්‍රගති චිත්‍ර සහ ඡායාරූප ප්‍රදර්ශනය ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ඉදිරිපත් කිරීමකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Breshia Viavara Pre schools and Verona Pragathi Pre school, Arts exhibition for children
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook