Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
කුවණ්ණා සැහැල්ල- මාර්තු 08
බූන්දි, 00:01:57
දරුවන්ව ගබ්සා කළ
පාලම යටින් ගඟට විසි කළ
කැලෑවේ බස් පොළේ අතරමං කළ
ඒ අම්මා තමයි මම...

කැලේ කොළේ ගඩා ගෙඩිවත් ගෙනැවිත්
තුනපහ ලුණු ඇඹුල් ඇති හැටියකට අනා
තම්බ තම්බා කැවූ
ඒ අම්මා තමයි මම...

මතක් කරන්ඩවත් අකමැති
තාත්තලාගේ මූණු
එහෙම පිටින් ම පිටපත් කරගත්
දරුවන්ට වෛර නොකරන්ඩ
දමනය කරගත් සිතැත්තිය
ඒ අම්මා තමයි මම...

බැල්ලියක් පස්සේ වැටි වැටි අවුත්
තන මිරික මිරිකා බොන පැටව් ටික වගේ දරුවෝ
දැන් ඉතිං ලොකු මහත් ඇති
අමතකත් ඇති මේ ගෑනි
මගේ නම කුවේණි...

වනන්තරේ ගහක් කොළයක් ගානේ
මලක් මල් පෙත්තක් ගානේ
ඉඩ තියෙන ඉඩ ලැබෙන හැම තැනම
ලියන්නෙමි
දෙඩවිල්ල වැළපිල්ල සැහැල්ල...

එවේලේ කුසින් නිදහස් කළ කිරි දරුත්
කිහිල්ලේ ගහගෙන
මෝහිණී වෙස් ගමි...
එවේලේ විඳි වේදනාවට
බෝදිලි අවතාරෙන් කෙඳිරිලමි...
පඬුපුර පවා ගිනි ලමි...

රැහෙන් පවුලෙන් නෙරපුනෙමි
ආදරය කළ විජයලාගෙන් නෙරපුනෙමි
හැත්තෑ එකේ දී හිර වීමි
අසූ නවයේ ටයර් සෑයක දැවුනෙමි
වත්තේ දළු ත් නෙළුවෙමි
වලවල ලෙලි ත් තැළුවෙමි
ඇඟළුම් කම්හලේ මැහුවෙමි
අබුඩාබි ගිහින් ඇණ ත් ගහගෙන ආවෙමි...

දෙදාස් නවේ දී
සැමියා ද දරුවන් ද නෑයින් ද අහිමි ව
පටාචාරාවක වුණෙමි...
රෙදිත් නැති වී හෙළුවෙන්
කිලිනොච්චි කාස්ටකේ පිස්සුවෙන් වගෙ ඇවිද්දෙමි...

කිරිපිටියි පරිප්පුයි හාලුයි පොලූයි වෙනුවෙන්
වේසාකමේ දිව්වෙමි...
උපත් පාලන කොපු හෑන්ඞ් බෑගයේ තිබූ වරදට දඩ කෑමි...
පොලිස් කබ්බෙකුට නිදිවැද නඩු වැටීමෙන් බේරීමි...

මැරි මැරී ඉපදි ඉපදී
තව තවත් ජීවත් වෙමි
එකසිය හත් වතාවක් රැවටී
එකසිය අට වැන්නාට පෙම් කරමි...

මම නමින් කුවේණි මි
උඹලා දන්න විදියට
පාපය ද සාපය ද මම වෙමි...
උඹලා දන්නෙ නැතිවැ’ති
මම තාම ජීවත් වෙමි...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරේඛා සමරසේනගෙන් තවත් වියමන්
කවි
'චේ කමිසේ' කතාව
කවි
වේ උවදුර
කවි
අපට මොන පාස්කුද ජේසු...!
කතන්දර
කල්වාරියේ ස්ත්‍රිය
කරන්ට්ස්
වස් කවියක් - ඇපෑලක්
තවත් කවි කරන්ට්ස්
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook