Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
පොදිය
බූන්දි, 22:05:04
දරා ගන්න බැරි තරම් රස්නෙ. පිට දිගේ දාඩිය බේරෙන්නෙ වතුර වගේ. ඇඟටම ඇළුණු රෙදි කෑලි වලින් අපේම නිරුවත උලුප්පලා තිබුනා.

'පොඩ්ඩක් ඉඳලා යමුද? '
ඈ ඇහැව්වේ බැරිම තැන වෙන්නැති.

මෙච්චර වෙලා අපි උස්සන් ආපු බර පොදිය බිමට අතෑරල කොහොඹ ගහක් ගාව වාඩි උනේ නිවන් ගියා වගේ සැනසීමකින්.
අත් දෙක හිස යටින් තියාගෙන ඇස් පියා ගත්තත් මට පෙනුනෙම අපි මෙච්චර වෙලා උස්සං ආපු පොදිය. ඒකෙ තියෙන දේ ගැන.
ඇස් පියා ගන්න පොඩ්ඩකට කලියෙන් මං දැක්කා ඈ දිග ඇඟිලි හෙමින් නව නවා දිගාරිනවා. රිදෙනවා ඇති.
තව ටිකයි නේ මේ කරදරෙන් අපි දෙන්නම නිදහස් එතකොට.
අපි දෙන්නා හුඟක් වෙලා එතන ඉන්න ඇති.
සමහරක් වෙලාවට විනාඩි පහක් වෙන්නත් ඇති.
ආයෙමත් බර පොදිය අපි දෙන්නගෙ කර උඩ තැම්පත් වෙලා.
ගාට ගාට ඉස්සරහට ඇදෙන කොට පොදියේ බර තව තවත් වැඩියෙන් ඇට මිඳුළු පසා කරගෙන දැනෙන්න ගත්තා.
දැන් අපි ඉන්නේ කැලේට ආසන්නව.
තැනිතලාවෙන් මිදිලා රැහැයියෝ කෑ ගහන රෑස්ස කැලැවක එළිපත්තෙ.
අනික රෑ වෙන්නත් කිට්ටුයි.
හදිසියෙම මං දැක්කා ගල් ගෙයක්. ලෝක පාළු වැල් වලින් වැහිලා තිබුණු
මං තීරණය කලා අපේ ගමනේ අවසානෙ එතන විය යුතු බව. හැම පිරිමියා වගේම. තීරණ ගැනීමේ අයිතිය මගේ කරගෙන.

'වෙන හොඳ තැනක් නැද්ද? මල් පිපෙන ගහක් යටවත්'

'ඒ මොකටද?
අපි ආයෙම එන්නෙ නෑනේ මේ මඟුල ගොඩ ගන්න.
මේ වගේ තැනක් තමා හොඳ'

'ඒ උනාට,
මේ අපේ ජීවිතේම කොටසක් නේද ?
පොඩ්ඩක් ගෞරවයක් දෙමු නේද? '

'ඉලව් ගෞරවේ... '


උගුර යටින් කෑගහපු මම රවලා බැලුවම ඈ තිග්ගැස්සිලා එහාට වීසි වුනා.
මල්ල යටින් ඇදලා ගත්ත උදැල්ල හිතේ පරිමාණෙට ඇඳපු වල කනින්න පටන් ගත්තා.
ඈ පේන්න හිටියෙ නෑ.
මං හොයන්න හැදුවෙත් නෑ.
මොකටද?
තව යටට
තව යටට
කාටවත් පේන්නැති වෙන්න..
ආයෙමත් ගොඩ එන්න බැරි වෙන්න
මගේ ඉණේ උසට වල හාරලා මං බැලුවෙ පොදිය දිහා.
ඈ පොදිය සරසලා
මල් ගහලා. පාට පාට කොට්ටම්බා කොළ ගහලා.
දැන් ඒක මල් පාත්තියක් වගේ

'පිස්සුද තමුසෙට? '

'වැලලෙන්න ගියත් ඒකටත් ගෞරවයක් තියෙන්න ඕනි'


'කෙහෙල්මල!
ගන්නවා ඕක මෙහාට. ඉක්මනින් ගෙදර යන්න ඕනි මට'


ඈ තනියම බිම දිගේ ඇදන් ආපු පොදිය මං වලේ ගැඹුරටම දාලා පස් වලින් වහන්න ගත්තේ පිස්සෙක් වගේ
ඒක වහන්න වහන්න මගේ හිත ගැහෙන වේගේ වැඩි උනා.
එළියටත් ඇහෙන තරං හිතේ සද්දෙ
අත පණ නැතුව ගිහින් උදැල්ල පැත්තක වැටුනම මං වල ගාවම වාඩි උනා.

'තේරෙනවද ඔයාට
මේ අපේ ඇඟේම කෑල්ලක්'


සිරි සිරි සද්දෙන් වැස්සකුත් පටන් අරං.
එච්චරයි අඩුව තිබුනේ.
මං මූණ වහගත්තා.
අපි දෙන්නා දන්නෙම නැතුව අපි දෙන්නට තුරුළු වෙලා තිබුනා. ඒ කොයි වෙලේද කොයි තප්පරේද කියලා මං වත් එයා වත් දැනන් හිටියේ නෑ.
හීතල විසින් අපි දෙන්නව ලං කරලා.
දැං මං කියන්නං අපි දෙන්න අරං ආවේ මොකක්ද කියලා.
අපි දෙන්නගේ ප්‍රේමය
වලක් කපලා වල දාලා නිදහස් වෙන්න
වෙන ප්‍රමයක් පටන් ගන්න මටයි උවමනා වෙලා තිබ්බෙ.
ඈට ඕනි උනා මේකත් එක්කම ජීවත් වෙන්න.
ඒකයි මං බලහත්කාරෙන්ම මේක අරං එන්න තීරණෙ කලේ.
අපි දෙන්නාගේම නං මට එපා නං එයා ඒක තියං ඉන්න එක තේරුමක් නෑ කියලයි මට හිතුනෙ.
මං එකපාරට දැක්කා බාගෙට වහපු වලෙන් අර මල් ගහපු පොදිය ටික ටික ගොඩ එනවා.
මඩ ගොඩ උඩ අඩි තිය තිය හෙමීට හෙමීට වල ගැට්ට උඩට ඇවිත් හුස්ම ගන්නවා.
ඒකට අත් කකුල් ඇවිත්.
ටික ටික වැස්සෙ හීතල අස්සෙන් මට ඇගේ පපුවේ පුරුදු රස්නේ දැනෙන්න ගත්තා.
පොඩ්ඩක් වත් අඩු නැතුව, වෙනදා පුරුදු ආදරේ මගේ හිතට කාන්දු වෙනවා වගේ මට දැනෙන්න පටන් අරං තිබුනේ.
ඒත් එක්කම පොදිය එකපාරට පැනලා අපි දෙන්නව තද කරලා බදා ගත්තා.
වැස්සත් එක පාරට හයියෙන් වැටෙන්න ගත්තා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Short Stories, Keti Katha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උපේක්ෂා ප්‍රේමතිලකගෙන් තවත් වියමන්
කවි
අද දවස මෙතෙකින් නිමයි..
කවි
අපේ තාත්තා
කවි
පුතේ....,
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook