Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඔසප් දුක දන්න මුරුගා
බූන්දි, 04:20:08
මේ කියන්න යන කතාවේ ආරම්භය 1998 වර්ෂය වෙනකම් ඈතට යනවා. අරුණාචලම් මුරුගනාදම් කියන්නේ දකුණු ඉන්දියාවේ අත්යන්ත්‍ර පේෂකර්ම නිර්මාණකරණය ජීවිකාව කරගත් දුප්පත් මවකටත් පියෙකුටත් දාව උපන් දරුවෙක්. තමන්ගේ අලුත ගෙනා මනමාලිය නැතිනම් බිරිඳ ඇගේ ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කරන්නේ පරණ රෙදි කැබලි නැත්නම් පාංකඩ බව මුරුගනාදම් දැන ගන්නවා. සනීපාරක්ෂක තුවා වෙනුවෙන් වැය කරන මුදලින් කෑමට දෙයක් ගැනීම වටිනා තත්ත්වයකයි ඔවුන් ජීවත් වුනේ. කොහොම වුනත් මුරුගා මේ සිදුවීමෙන් බලවත් සිත්තැවුලට පත්වෙනවා. මුදල් අගහිඟකම නිසා තම බිරිඳ ඔසප් දිනවල පරණ රෙදි කෑලි පාවිච්චි කිරීම ගැන ඔහු බොහෝ කලකිරෙනවා. මේ ගැන හිතන මුරුගා තමන්ගෙ බිරිඳට පාවිචිචි කරන්න සනීපාරක්ෂක තුවා තම අතින්ම නිර්මාණය කරන්න හිතනවා. මුලින් ඒක හරිම සරල දෙයක් විදියටයි ඔහු කල්පනා කරේ. කපු රෙදි රෝලක් අරං එන මුරුගා ඒක කැබලි වලට කපනවා. කඩවල්වල විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායන්ගේ ප‍්‍රමාණයට ඒ කපු රෙදි කැබලි කරගන්න මුරුගා පසුව ඒ කැබලි වටේට තවත් හීනි කපු රෙදි ලේයරයක් ඔතනවා. තමන්ගෙ අතින් ගෙදරදී නිපදවපු මේ සනීපාරක්ෂක තුවාය තම බිරිඳ අතට දෙන මුරුගා ඇගෙන් ඉල්ලන්නේ ඔසප් දිනවල එය භාවිතා කර බලන ලෙසයි. ඇය එය භාවිතා කරනවා. නමුත් මුරුගාගේ හිත සැනසෙන ප්‍රතිචාරයක් නම් ලැබුනෙ නෑ. මේක වැඩකට ඇති එකක් නොවයි මීට වඩා පරණ රෙදි කෑලි තියා ගන්න එක හොඳයි වගේ අදහසක් තමයි මුරුගාගේ බිරිඳගෙන් පිටවුනේ.

මුරුගාට වැරදුනේ කොතනද? කඩේ විකුණන්න තියෙන සනීපාරක්ෂක තුවායේ සහ ඔහු හදපු සනීපාරක්ෂක තුවායෙ වෙනස මොකක්ද? මුරුගා කල්පනා කළා. කලින් භාවිතා කරපු ද්‍රව්‍යයන්ට වඩා වෙනස් ද්‍රව්‍ය යොදාගෙන අලුතින් තව සනීපාරක්ෂක තුවා හදන්න මුරුගා කටයුතු කළා. හැබැයි මුරුගට ප්‍රශ්නයක් ආවා ඒ හැම වෙලාවෙම. අලුත් සනීපාරක්ෂක තුවායක් හදන හැම වෙලේම ඒක පරීක්ෂා කරන්න තමන්ගෙ බිරිඳට ඔසප් හැදෙනකම් බලන් ඉන්න සිදුවුනා මුරුගාට. ඊළඟට මුරුගා කරේ මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඉන්නෙ කවුද කියල හොයල බලපු එක. මුරුගට ආපහු හැරෙන හිතක් තිබුනෙ නෑ. ඔහුගෙ ගම ආසන්නයේ තිබුනු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුවියන් හමුවුන මුරුගා තමන්ගෙ පරීක්ෂණයට සහයෝගය දක්වන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් සමහරු ඇත්තටම මුරුගාගේ සනීපාරක්ෂක තුවා භාවිතා කර පරීක්ෂා කරල තිබුනා. ඒත් ඉන් හුඟ දෙනෙක් මේ ගැන ඇත්තම ප්‍රතිචාර කියන්න මැළි වුනා. විකල්පයක් නොමැති තැන මුරුගා තීරණය කරා තමන් විසින්ම මේ නිපැයුම පරීක්ෂා කර බලන්න. ඔහු අවට පරිසරයෙන් හොයාගත් රබර් යොදාගෙන කෘතිම ගර්භාෂයක් නිර්මාණය කරා. එම කෘත්‍රිම ගර්භාෂයට සත්ව රුධිරය පුරවා ඔහුගේ උකුල ආසන්නයේ රඳවා ගත්තා. තමන් නිපදවපු සනීපාරක්ෂක තුවායක් තම යට ඇඳුම ඇතුලින් හරියට කාන්තාවො පළඳින විදියටම මුරුගා තියාගත්තා. එතකොට ඒ කෘත්‍රිම ගර්භාෂයේ ඉඳන් බටයක් දිගේ සත්ව රුධිරය ඒ සනීපාරක්ෂක තුවායට එන විදියට මුරුගා සකස් කරගත්තා. ඒ ගර්භාෂය මිරිකන වෙලාවට කාන්තාවන්ගෙ ගර්භාෂයේ ඉඳන් රුධිරය යෝනි මාර්ගය දිගේ එනවා වගේ පහළට ගලං ආවා.

අවාසනාවට ඒ පරීක්ෂාවත් හරිගියේ නෑ. මුරුගගේ ඇඳුම් වල සත්ව රුධිරය තැවරිලා පිළී ගඳ එන්න පටන් ගත්තා. මුරුගාගෙ ඇඳුම්වල ලේ පැල්ලම් දැක්ක අසල් වැසියො හිතුවේ මුරුගා අසනීපයකින් පෙළෙනවා එහෙමත් නැත්තම් කිසියම් කාම විකෘතියකින් පෙළෙනවා කියලයි. මේ කටකතා නිතරම අහන් ඉන්න මුරුගාගේ බිරිඳ කැමති වුනේ නෑ. ඇය ඔහුව අත හැර ඇගේ මව ළඟට ගියා. බිරිඳ ඔහුව හැර ගිහිං දින විස්සකින් දික්කසාදය ඉල්ලා නීතීඥයෙකු හරහා එවන ලිපියක් ඔහු අතට ලැබුනා. තම මහන්සියට ලද පළමු ඇගයීම එය ලෙසයි මුරුගා සැලකුවේ.

ඒත් මුරුගා නෙවෙයි නැවතුනේ. මේ හැම අපහාසයක්ම විඳ දරාගෙන මේ දේ කරන්නේ ඉන්දියාවේ සමස්ත දුප්පත් කාන්තා සංහතියේම යහපතට බව මුරුගා දැනගෙන උන්නා. මේ සමීක්ෂණ අතර තුර මුරුගා දැනගත්තා සියයට දහය සහ සියයට විස්ස අතර ඉන්දීය ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් ප්‍රමාණයක් පමණයි නිවැරදි සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ කියලා. මුරුගාට අවශ්‍ය වුනේ තම රටේ කාන්තාවන්ට අඩු මිලකට මිලදී ගන්න පුළුවන් වඩාත් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවායක් නිර්මාණය කිරීමට පමණයි.

මෙහෙම අවුරුදු දෙකක් ගතවෙද්දි මුරුගා හරිම අමුද්‍රව්‍ය හොයා ගත්තා. අවුරුදු හතරක් ගතවෙන කොට ඉතාමත් පහසුවෙන් නිවැරදි සනීපාරක්ෂාවකින් යුක්ත සනීපාරක්ෂක තුවා අඩු මිලට නිපදවන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරන්න මුරුගා සමත් වුනා. පිටරටින් ආනයනය කරන සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍රයක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් පමණ වෙද්දි, මුරුගා නිපදවූ යන්ත්‍රයක මිල වුනේ ඇමෙරිකානු ඩොලර් 950ක් පමණයි. දැන් කාන්තා සංවිධාන හෝ පාසල්වලට මුරුගාගේ මෙම යන්ත්‍ර මිලදී ගෙන තමන්ටම සනීපාරක්ෂක තුවා නිපදවාගන්නටත් අතිරික්තය අලෙවි කරන්නත් පුළුවන්. මුරුගාගේ සොයාගැනීම නිසා ඉන්දියාවේ ග්‍රාමීය පෙදෙස්වල කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදාවුනා. ඇත්තටම මුරුගා කළේ හැබෑම විප්ලවයක් ඒක දැවැන්ත වෙනසක්. ඒ වගේම සේවයක්. මේවන විට ඉන්දියාවේ ප්‍රාන්ත 27ක මුරුගාගේ සනීපාරක්ෂක තුවා නිපදවන යන්ත්‍ර 1300ක් විකිණී තිබෙනවා. ඒ වගේම මේ යන්ත්‍ර විදෙස් රටවලට අපනයනය කිරීමත් පසුගියදා ආරම්භ වුනා.

ඉන්දියාවේ පාසල් යන වයසේ ගැහැණු ළමුන් පස් දෙනෙකුගෙන් අයෙක් ඔසප් දිනවල පාසල් යන්නේ නෑ. ඒ වගේම ඉන්දියානු කාන්තාවන් මිලියන 300ක් ඔසප් දිනවලදී සනීපාරක්ෂාවෙන් යුක්ත නිවැරදි සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙලෙනවා.

මුරුගාගේ බිරිඳ ශාන්ති තමන් හැරදා ආපු සැමියාගේ දස්කම් මාධ්‍යයෙන් දකින්නේ මේ අතරයි. ඔහු මනුෂ්‍ය වෙසින් ඉන්න දෙවියෙක් කියල ඇයට හිතෙන්නෙ එතකොටයි. සැමියාට දුරකථන ඇමතුමක් ගන්න ශාන්ති ඇගේ වරදට සමාව ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. දැන් මුරුගයි ශාන්තියි ඉතාම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා.

අදවන විට මුරුගා කියන්නේ මුළු ඉන්දියාවේම නම රඳවපු කීර්තිමත් සමාජයීය ව්‍යවසායකයෙක්. ඒ වගේම 2014 වර්ෂයේදී ටයිම් සඟරාව විසින් ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයින් 100 දෙනා අතරට මුරුගාවත් තෝරනු ලැබුවා.

සමාගම් කිපයක්ම මේ යන්ත්‍රයේ පේටන්ට් හිමිකම් විශාල මිලකට ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප කළ මුරුගා කාන්තා ප්‍රජාවේ යහපතට පමණක් එය යොදවන්න තීරණය කරා.

[අල්ජසීරා වෙබ් අඩවිය ඇසුරිනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Arunachalam Muruganatham, Low Cost Sanitary Napkin Machine, Womens' Sanitary Napkins, Time Magazine, Indian Inventor
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ආතර් ෂොපෙන්හොර් කියයි.
ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
වෙසෙස්| සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

3-Mins

(සංඛ කිරිඳිවැල) සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින්... [More]
BoondiLets| ෆෙඩ්රික් නීට්ෂේ කියයි.
(සඳකාන්ත) රකුසන් හා යුද වදින්නන්, එ් කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය. අැති පමණ කල් අාගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අාගාධය ද පෙරළා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!

2-Mins

අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං...... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook