Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හැරමිටියෙන් එළියට එන්නට නියමිත අජිත් නිශාන්ත
බූන්දි, 04:03:04
ගාලු වරායඑල්.ටී.ටී.ඊ.ය විසින් පහර දුන්නේ 2006 ඔක්තෝබර් 18 වැනිදාය. එය ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද කැළඹීමක් ඇති කළ, සංචාරක ව්‍යාපාරයට අනිසි බලපෑමක් එක් කරමින් රටෙහි ආර්ථිකයට ද බලපෑම් කරන පහර දීමක් විය. කෙසේ වෙතත් එම පහර දීමට අදාලව කිසිවකුත් නොදැන බන්ධනාගාර ගතව අදටත් පසුවනා හැත්තෑ හැවිරිදි පියෙක් සහ හැට හතර හැවිරිදි මවක් ඇතුළු සිව් දෙනෙකු පිළිබඳව ඔබ දන්නවාද? මේ එම අනුවේදනීය පුවතය.

අජිත් නිශාන්ත එදිරිසිංහ, 1971 වසරේ උපන් 45 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. ඔහුගේ පදිංචිය වූයේ හම්බන්තොට මිරිජ්ජවිල උපතැපැල් කාර්යාලය අසලය. ඔහුට එක් දියණියක් සහ පුතුන් තිදෙනෙක් වශයෙන් දරුවන් සිව් දෙනෙකි. සුනාමි ව්‍යසනයෙන් පසුව ඔහුට රජයෙන් බෝට්ටුවකුත් පල්ලියක පියතුමෙකු විසින් ඇන්ජිමකුත් ලබා දී තිබිණි. 2009.08.07 වන දින ඔහුව අත් අඩංගුවට ගැනෙන්නේ ධීවර රැකියාව උදෙසා ගොස් ආපසු එමින් සිටිය දී හම්බන්තොට වෙරළ තීරයේදීය. ඒ ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසිනි. ඔහුගේ නිවස ද පරීක්ෂා කොට ඔහුව රැගෙන යන්නේ ගාලු වරායට පහර දීම සඳහා තොරතුරු සැපයූ පුද්ගලයාට නවාතැන් සැපයූ බව කියමිනි.

එදින ම අක්කරෙයිපත්තුවේ විසූ ඔහුගේ බිරිඳගේ මව සහ පියා ද අත් අඩංගුවට ගැණුනේය. ඒ 1947 වසරේ උපන් දැනට 70 වියැති ගුණරත්න ගජවීර සහ දැනට 64 වියෙහි පසුවන වයිරමුත්තු සරෝජා නම් ඔහුගේ බිරිඳවය. ඔවුන් දෙදෙනාට විවාහක දරුවන් හය දෙනෙකි.

1999 වසරේ පමණ සිට මොවුන්ගේ නිවසෙහි නවාතැන් ගෙන සිටිමින් කුඹුරු වල සහ නිවසේ වැඩට උපකාර කළ යෝගරාජා මෝහන් නම් පිරිමි ළමයකු විය. 2001 වනවිට ඔහු 16 වන වියෙහි පමණ පසුවූ බව කියැවේ. ඔහුගේ ගම අම්පාර බක්කිඇල්ල ප්‍රදේශයේ බව සඳහන්ය. මෝහන් හම්බන්තොට අජිත් නිශාන්තගේ නිවසට යන්නේ එම පවුලට අයත්ව තිබූ ලොරියක බොඩි ගැසීම සඳහා උපකාර වීමටය. සම්පූර්ණ ඛේදවාචකයම කැරකෙන්නේ මේ ගමන වටාය. මෝහන් හම්බන්තොට නිවසේ මාස හයක පමණ කාලයක් සේවය කර ඇති අතර පසුව ඇතිවූ ගැටළුවක් නිසා ඔහුව නිවසින් පිටමං කර තිබේ. අජිත් නිශාන්ත පවසනා ආකාරයට ඔහු යෝගරාජා මෝහන්ව 2002 වසරෙන් පසුව හමුවන්නේ TID ය විසින් අත් අඩංගුවට ගත් පසුවය. මෝහන් ද අත් අඩංගුවේ පසුවූ අතර ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ලෙස සේවය කර ඇති බවක් අජිත් ඇතුළු පවුලේ පිරිස දැනගන්නේ ද එදාය.

ලංකාවේ නීතිය සහ එය ක්‍රියාත්මක වන ආකාරය කෙතරම් විකෘතිදැයි පහදනා සිදුවීම් පෙළක් සිදුවන්නේ මින් අනතුරුවය. වසරකුත් මාස අටක් TIDය භාරයේ සහ බූස්ස කඳවුරේ රඳවා තබාගත් අජිත් සහ ඔහුගේ බිරිඳගේ මව්පියන් 2011 අප්‍රේල් මාසයේ දී අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. එදිනම ගාලු වරායට පහර දීමට තොරතුරු දුන් බව කියූ යෝගරාජා මෝහන්ව අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කෙරේ. ඒ අනුව ගාලු වරායට පහර දීමට තොරතුරු දුන් බව කියන පුද්ගලයා නිදහස් වෙද්දී ඔහුට ම නවාතැන් දීමේ වරදට අජිත්ට සහ ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ට බන්ධනාගාර ගතවීමට සිදුවේ. මෙය කුමනාකාරයේ නීතිමය ක්‍රියාවලියක්දැයි සිතාගත හැකිද?

සිදුවීම් එතැනින් ද කෙළවරක් දකින්නේ නැත. ගුණරත්න ගජවීරගේ වැඩිමහල් පුත්‍රයා වන බන්දුල ගජවීර ඉරාකයෙහි සේවය කරමින් සිට යළි පැමිණෙද්දී 2011.09.12 වැනි දින අත් අඩංගුවට ගැනෙයි. 1973 වසරේ උපන් දැනට 43 වියැති විවාහකයකු වන ඔහුට ද දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු වශයෙන් දරුවන් තිදෙනෙකි. තම පවුලට අයත් ලොරියෙහි රියදුරුව සිටි ඔහු ඉරාකයෙහි රියදුරු රැකියාවක් සඳහා ගොස් ඇත්තේ 2008 වසරේදීය. ආපසු පැමිණෙද්දී ගුවන් තොටුපළේදීම අත් අඩංගුවට ගැනෙනා බන්දුල TID භාරයේ සහ බූස්ස කඳවුරේ රඳවා තබාගෙන සිට 2012.03.17 දින අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ. ඔහුව අත් අඩංගුවට ගැනෙන්නේ "ඔහේ එක්ක ඉඳලා ළමයා ගාල්ල වරායට ගහන්න ගියා" යැයි පවසමිනි. ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ "ළමයා මා එක්ක ලොරියේ වැඩ කළා විතරයි" කියමිනි. කෙසේ වෙතත් නිදහස් කර යැවූ සැකකරුවෙක්ට නවාතැන් දීමේ සිද්ධියක් අළලා එක පවුලක සිව් දෙනෙකු බන්ධනාගාර ගත වන්නේ මෙලෙසය.

දීර්ඝ කාලීනව රඳවා තබාගැනීමට එරෙහිව අජිත් ඇතුළු පිරිස ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමකින් අනතුරුව ඔවුන්ට 2012.08.26 දින ගාල්ල මහාධිකරණයෙහි 3736/2012 නඩු අංකය යටතේ නඩු පැවරිණි. අජිත් ඇතුළු පවුලේ හතර දෙනාට අමතරව මෙම නඩුවට කන්දයියා ඉලංගෝ නමැති එක් පාදයක් අහිමි ආබාධිත සැකකරුවකු ද වෙයි. එම ඉලංගෝව අජිත් සහ පවුලේ අය ඊට පෙර දැක හෝ හඳුනාගෙන නොමැත. ඉලංගෝට එරෙහිව චෝදනා 22ක දීර්ඝ චෝදනා පත්‍රයක් ඇත. ඉන් 'යෝගරාජා මෝහන්ට නවාතැන් දීම' සහ 'ගාලු වරාය ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 07 දෙනෙකු සහ එක් හමුදා සාමාජිකයකු මියයාම' සම්බන්ධ චෝදනා දෙකකට තමන්ට නඩු පවරා ඇති බව අජිත් කියයි. ඔවුන්ට එරෙහිව සාක්ෂි ලෙස ඇත්තේ ද ඔවුන්ගෙන් ලබාගත් බව කියන පාපොච්චාරණ ලේඛන පමණි. පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව දැනට විභාගය සඳහා ගෙන ඇති අතර දැනට ඉලංගෝ ගේ සාක්ෂි විභාග කෙරේ. කිසිදු සම්බන්ධයක් නොමැති සිදුවීමකට සිරගතව සිටින්නට සිදුවීමේ මිනිස් ඛේදවාචකයට අදාල සිදුවීම එපරිදිය.

මෙම සිදුවීම තුළ දිවෙන අතුරු කතා ද කිහිපයකි. අජිත් නිශාන්ත පවසන ආකාරයට ඔවුන්ව අත් අඩංගුවට ගත් මුල් කාල සීමාවේදී TID නිලධාරියෙකු අජිත්ගේ වැඩිමහල් සොයුරාට රුපියල් ලක්ෂ 5ක් වියදම් කළ හැකිනම් නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට මාස තුනක් ඇතුළත අජිත් සහ පවුලේ පිරිස නිදහස් කළ හැකි බව පවසා ඇත. අත් අඩංගුවට ගෙන මාස එකහමාරකට පමණ පසු දිනක බූස්සේදී එකී නිලධාරියා අජිත්ව මුණගැසී "අයියා කියපු පණිවිඩේ හරිද? නීතිපති එකත් එක්ක කතා කරලා තියෙන්නේ, ලක්ෂ පහක් වගේ යයි" යනුවෙන් විමසා ඇත. අජිත් ඊට පිළිතුරු දී ඇත්තේ "මොන වරදක් කළාටද සර් අපි ලක්ෂ 5ක් සල්ලි දෙන්නේ?" යනුවෙනි. අදාල නිලධාරියා එවිට අජිත් තර්ජනය කර ඇත්තේ "හරි එහෙමද? එහෙනම් උඹ හැරමිටියෙන් යන කාලෙට තමා එළියට එන්න වෙන්නේ!" යනුවෙනි. හුදෙක් කප්පම් ගැනීම සඳහාම පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා ලදැයි ආරක්ෂක අංශයන් වෙත චෝදනා එල්ල වී ඇති යුගයක අජිත් ගේ මෙම ප්‍රකාශය ද නිකම්ම බැහැර කළ නොහැක.

එසේම ගාල්ල වරායට පහර දීම සදහා ම පැමිණියේයැයි චෝදනා සුන්දරලිංගම් සුභාෂ්කරන් නමැත්තෙක් මීට ඉහත දී දඬුවම් පමුණුවා නිදහස් කර තිබේ. 3755/2012 දරණ නඩු අංකය යටතේ ගාල්ල මහාධිකරණයෙහි පවරා තිබූ නඩුවකින් 2013 වසරේ දී සුභාෂ්කරන්ට මාස 6ක සිර දඬුවම් සහ මාස 6ක පුනරුත්ථාපන කාලයක් නියම කෙරිණැයි පැවසේ. ඒ අනුව මේවන විට ඔහු නිදහස්ව ගොස් තිබිය යුතුය. සටනට පැමිණි බවට චෝදනා ලද පුද්ගලයකු ද දඬුවම් ලබා නඩුව අහවර වන නමුත් තොරතුරු දුන් පුද්ගලයකුට නවාතැන් දුන් බවට චෝදනා ලද පිරිස වසර හයකට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටිති. මේවා අරුම පුදුම අධිකරණ ක්‍රියාදාමයන් වන අතර නීතිපති දෙපාර්තමේන්තුව එකම සිදුවීමකට අදාල නඩු කෙරෙහි විවිධ ආකාරයෙන් හැසිරෙන්නේ කිසිදු වගකීමකින් තොරව බව පෙනේ.

අජිත්ලාගේ නඩුවට අදාල පොදු තාක්ෂණික ගැටළුවක්ද වෙයි. එනම් සැකකරුවන් පස් දෙනෙකුගෙන් යුත් නඩුවක දැනට සාක්ෂි කැඳවන්නේ එක් අයකුගේය. මෙකී පස් දෙනාගේම සාක්ෂි විභාග කර නඩුව අවසන් කිරීමට කොතරම් කාලයක් ගතවනු ඇතිද? තතුදත් අය පවසන්නේ මාස තුන හතරකට වරක් නඩුවාරයක් පැමිණෙන මෙවන් නඩුවක සියළු සාක්ෂි විභාග කිරීමට අවුරුදු 5ත් 10ත් අතර කාලයක් ගතවිය හැකි බවයි. ගාල්ලෙහි බොහෝ නීතීඥයින් මෙවන් නඩු සඳහා ඉදිරිපත් වන්නේ ද නැත. පවුලේ පිරිමින් තිදෙනෙක් ම දීර්ඝ කාලීනව සිරගතව සිටින බැවින් වියදම් කිරීම සඳහා මුදල් ද නැත. මොවුන්ට එරෙහිව ඇත්තේ පාපොච්චාරණ බැවින් ඒවා විභාග කිරීමට අදාල සහකාර පොලිස් අධිකාරීවරුන් ද අධිකරණයට පැමිණිය යුතු හෙයින් දීර්ඝ කාලයක් ගතවනු ඇත. එතරම් කාලයක් ඔවුන් බන්ධනාගාරයෙහි පසුවිය යුතුය. දැනට හැත්තෑ වියෙහි පසුවන ගුණරත්න ගජවීර රුධිර පීඩන අසනීපයකින්ද පෙළෙයි. ඔහු මීට කෙසේ මුහුණ දෙනු ඇතිද? හැට හතර වියැති වයිරමුත්තු සරෝජා මාතාවට කෙසේ මෙය බලපානු ඇතිද?

මෙම පවුල ද ජාතීන් අතර අන්තර් විවාහයන් සිදුකෙරුණු පවුලකි. ජාතික සහජීවනය ගැන කියවෙන තැනක මෙය ද සුවිශේෂීයය. දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව පිළිබඳ කතා කළ සැණින් දෙමළ ප්‍රශ්නයක් ලෙස සලකා අහක බලනා මහත්වරුන්ට මෙතැන සිටිනා සිංහල මිනිසුන් තිදෙනා ද පෙනිය යුතුය. මෙය එක් ජාතියකට අදාල ප්‍රශ්ණයක් නොවේ. එසේම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන ඉල්ලීම් කෙරෙනා විටම ඉදිරිපත් කෙරෙන ප්‍රති තර්කය වන්නේ නිදහස්ව යන අය විසින් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානයක් බිහිකෙරනු ඇතැයි යන්නයි. අජිත්ලා බන්දුලලා සහ 70 වියැති ගුණරත්න මෙන්ම 64 වියැති සරෝජා ද අඩංගු පිරිසක් දෙස බලන කල එල්.ටී.ටී.ඊ.යක් බිහිකිරීම යනු විහිළු කතාවක් නොවන්නේද?
[මෙම ලිපිය මුල්වරට Lankanewsweb හි පළ විය.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ajith Nishantha, Political Prisoners in Sri Lanka, LTTE suspects, Sri Lanka Prison, Justice
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රුවන් නෙලූගෙන් තවත් වියමන්
කවි
නන්දා ....
කරන්ට්ස්
විප්ලවය දිනේවා !!
කරන්ට්ස්
බක් මහේ හෘදසාක්ෂිය
කරන්ට්ස්
වම නේද මන්දා ....
කරන්ට්ස්
පොසොන්දා කව
තවත් වෙසෙස් බූන්දි
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ආතර් ෂොපෙන්හොර් කියයි.
ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම්... [More]
What's New | අලුතෙන්ම
කවි| ඔබ

15-Secs

(මහේෂ් මුණසිංහ) (සැත්කමකින් අනතුරුව පුද්ගලයෙකුගේ මතකය මිනිත්තු 90 කට සීමා වේ.)

වෙළී වෙළී තැවරෙයි.
යනවා වුණත් යන්නට හැකි
කාලාවධිය කෙටියි... [More]
ඔත්තු| නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17

9-Secs

නිශාන්ත ෆර්නෑන්ඩුගේ පළමු කාව්‍ය සංග්‍රහය "නුඹ සුළං රැල්ලක්ව", 2017 පෙබරවාරි 17 වැනිදා සවස 3:00ට, මහවැලි... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
කතන්දර| "ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතන්දර| "සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]

20-Secs

අපේ ජාතික කොඩිය සහ එහි ඉතිහාසය ගැන පොඩිත්තන්ට කියාදෙන- "සිංහ කොඩියෙ කතන්දරේ"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
BoondiLets| බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
බැංකු මංකොල්ල කන්නේ ආධුනික හොරුන්ය. නියම වෘත්තීය හොරුන් කරන්නේ අලුතෙන් බැංකුවක් පිහිටුවීමය!
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
ඔත්තු| කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26

14-Secs

දර්ශන අශෝක කුමාර විසින් රචිත "කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන්" හා "ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්" (Asian Perspectives... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook