The Problem With Hillary Clinton Isn’t Just Her Corporate Cash. It’s Her Corporate Worldview!- Naomi Klein | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
"හිලරි ක්ලින්ටන්ගේ මූලික ගැටළුව ඇයගේ සමාගම් මුදල් නොව ඇයගේ සමාගම් ලෝක දැක්මයි!"- නයෝමි ක්ලෙයින්
බූන්දි, 01:07:04
කැනේඩියානු ලේඛිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක් වන නයෝමි ක්ලෙයින් (Naomi Klein) වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සංස්ථාපිත ගෝලීයකරණය සහ සංස්ථාපිත ධනවාදයේ ප්‍රබල විවේචිකාවක් ලෙසය. This Changes Everything: Capitalism vs. the Climate (2014), No Logo (1999), The Shock Doctrine (2007) ඇය විසින් ලියා පළ කරන ලද කෘති කිහිපයකි. පහත පළ වන්නේ කාලගුණ විපර්යාස ප්‍රධාන තේමාව කොට ගෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්‍ෂකත්වයට බර්නි සැන්ඩර්ස්ට සාපේක්‍ෂව හිලරි ක්ලින්ටන් වඩාත් නුසුදුසු වන්නේ මන්ද යන්න විග්‍රහ කරමින් The Nation වෙබ් අඩවියට ඇය විසින් ලියන ලද The Problem with Hilary Clinton isn’t just her corporate cash. It’s her corporate worldview නමැති ලිපියේ සිංහල පරිවර්තනයයි.

හිලරි ක්ලින්ටන්ගේ මූලික ගැටළුව ඇයගේ සමාගම් මුදල් නොව ඇයගේ සමාගම් ලෝක දැක්මයි. දේශගුණ විපර්යාස ඔස්සේ ලාභ ලබන ෆොසිල ඉන්ධන සමාගම් සමඟ අභිමුඛ වීමේ බැරෑරුම් කාර්යයට ක්ලින්ටන් අතිශයින්ම නුසුදුසුය.

එක්සත් ජනපද ජනාධිපතිවරණ තරගයට අදාළව නිශ්චිතතාවයන් සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිව නැති නමුත් එක් දෙයක් සම්බන්ධයෙන් පමණක් අපට නිශ්චිත විය හැකිය. එනම්, ක්ලින්ටන් කඳවුර ෆොසිල ඉන්ධන ඔස්සේ ලැබෙන මුදල් සම්බන්ධයෙන් කතා කිරීමට කිසිදු කැමැත්තක් නොදක්වන බවයි. පසුගිය සතියේ තරුණ ග්‍රීන්පීස් නියෝජිතයෙකු ෆොසිල ඉන්ධන සමාගම් වලින් මුදල් ලබා ගන්නවායි හිලරි ක්ලින්ටන්ට අභියෝග කල විට ඇය බර්නි සැන්ඩර්ස් ගේ කඳවුරට 'අසත්‍යය' ප්‍රචාරය කරන බවට චෝදනා කල අතර ඒ සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස 'විස්සෝප' වන බව පවසා සිටියාය. සංවාදය දිගින් දිගටම ඇදී ගෙන යනවිට ක්ලින්ටන්ගේ බලගතු සහායකයින් ප්‍රකාශ කර සිටියේ මෙම වාදයෙහි සැලකිල්ලට ගතයුතු කිසිවක් නොමැති අතර සියළු දෙනාම ඉදිරි කටයුතු කෙරෙහි අවධානය යොමු කල යුතු බවයි.

කැලිෆෝර්නියා සෙනෙට් සභික බාබරා බොක්සර් (Barbara Boxer)ට අනුව මෙලෙස මුදල් ලබා ගැනීම ක්ලින්ටන්ගේ ඉදිරි ක්‍රියාකලාපයන්ට බලපෑමක් වේ යන අදහසම 'කිසිදු පදනමක් නැති' අතර එය 'වහාම නතර කල යුතුය'. නිව්යෝර්ක් නගරාධිපති බිල් ද බ්ලැසියෝ (Bill de Blasio)ට අනුව, එය 'තනිකර ව්‍යාජයකි', 'නොගැලපෙන්නකි', සහ එයට 'සාරයක් නොමැත'. 'හොඳ සහ නරක හැසිරීම් සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්' සැන්ඩර්ස් කඳවුරට ලබා දීමට තරම් නිව්යෝර්ක් ටයිම්ස් තීරු රචක පෝල් කෘග්මන් (Paul Krugman) උත්සුක විය. එහි ප්‍රථම උපදේශය නම්, "ක්ලින්ටන් දුෂිත යයි ඇඟවෙන සාක්ෂි රහිත, ඇනුම් පද" කපා හැරිය යුතු බවයි.

ප්‍රශ්නයක් නොවන කරුණක් යටපත් කිරීමට දමා ගසන ලද ප්‍රබල බලවේගයකි එය. එසේ නම්, එය ගැටළුවක් ද? නොවේද?

මුලින්ම කරුණු කිහිපයක්. හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට, ඇයගේ සුපිරි 'දේශපාලන ක්‍රියාකාරී කමිටුව' (Super Political Action Committee)ත් ඇතුළත්ව, අතිවිශාල ධනස්කන්ධයක් හාම්පුතුන්ගෙන් සහ ලියාපදිංචි ෆොසිල ඉන්ධන සමාගම් වලින් ලැබී තිබේ. එහිදී, ග්‍රීන්පීස් (Greenpeace) සංවිධානය විසින් ගණනය කරන ලද බොහෝ සෙයින් උපුටා දක්වා ඇති ඩොලර් මිලියන 4.5 ක මුදල ද වේ.

නමුත් එය එතනින් අවසන් නොවේ. එම ගණනය කිරීම් වලට අයත් නොවී වෙනත් මුලාශ්‍රයන්ගෙන් ලැබුණු අතිවිශාල මුදල් සම්භාරයක් පවතී. උදාහරණයක් ලෙසල වොරන් බෆට් (Warren Buffett) යනු ක්ලින්ටන්ගේ එක් ප්‍රමුඛතම සහ ක්‍රියාකාරී මුල්‍ය සහායකයෙකි. දැනටමත් අතිවිශාල වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන බෆට් ගල් අඟුරු ප්‍රවාහනය සහ අපවිත්‍ර ගල් අඟුරු බලාගාර කිහිපයක් ද ඇතුළු ගල් අඟුරු කර්මාන්තය කෙරෙහි ඇහැ ගහගෙන සිටී.

එමෙන්ම, ෆොසිල ඉන්ධන සමාගම් විසින් විශාල මුදල් සම්භාරයක් ක්ලින්ටන් පදනමට සෘජුවම ලබා දී තිබේ. මෑත කාලයේදී එක්සෝන් (Exxon), ෂෙල් (Shell), කොනොකොපිලිප්ස් (ConocoPhillips) සහ ෂෙව්රෝන් (Chevron) ඇතුළු බොහෝ සමාගම් ක්ලින්ටන් පදනමට මුල්‍යමය දායකත්වය ලබා දී තිබේ. International Business Timesහි සමීක්‍ෂණයකින් හෙළිදරව් වන පරිදී ඉහත සමාගම් අතුරෙන් අඩුම තරමින් සමාගම් දෙකක් දැවැන්ත අපිරිසිදු තෙල් නිධියක් වන ඇල්බර්ටා තාර වැලි නිධිය සම්බන්ධයෙන් ක්ලින්ටන්ගේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවට බලපෑම් කිරීමේ උත්සාහයේ කොටස්කරුවන් වේ. ප්‍රමුඛ පෙලේ දේශගුණ විද්‍යාඥයෙක් වන ජේම්ස් හැන්සන් (James Hansen) පෙන්වා දෙන පරිදි එම කාබන් වලින් අතිශය බහුතර ප්‍රමාණයක් පොළොව තුළම තියෙන්නට ඉඩ නොහැරියොත් ව්‍යසනකාරී මට්ටමේ උෂ්ණත්ව ඉහළ යාමකට අප විසින් ඉඩ හසර විවර කරනු ඇති බවයි.

සමීක්‍ෂණයෙන් සොයා ගනු ලැබූ පරිදි මෙම කාලය තුළ ක්ලින්ටන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මත භේදයට තුඩු දෙන ඇල්බර්ටා සිට විස්කොන්සින් දක්වා තාර-වැලි ප්‍රවාහනය කිරීමට නල පද්ධතියක් ඉදිකිරීමේ 'ඇල්බර්ටා ක්ලිපර්' ව්‍යාපෘතියට අනුමැතිය ලබා දුනි. ඩේවිඩ් සිරෝටා (David Sirota) සහ නෙඩ් රෙස්නිකොෆ් (Ned Resnikoff) සඳහන් කරන පරිදී "International Business Times" විසින් කරන ලද විමර්ශනයට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමට මාස කිහිපයකට පෙර කොනොකොපිලිප්ස් සහ ෂෙව්රෝන් යන සමාගම් දෙක විසින්ම විශේෂයෙන්ම 'තෙල් වැලි' නිධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවට බලපෑම් කර ඇති අතර එක්සොන්මොබිල් (ExxonMobil) විසින් වෙළඳ සහයෝගීතාවයකට මුල්‍යමය දායකත්වය ලබා දී තිබේ.

ක්ලින්ටන් පදනමට ලැබුණු මුල්‍යාධාර සහ නල පද්ධතිය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය අතර කිසියම් හෝ සම්බන්ධයක් තිබුනේද? විද්‍යාත්මක අනතුරු හැඟවීම් රැසක් නොසලකා හැර මීට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කීස්ටෝන් (Keystone XL) තෙල් නල පද්ධතිය සම්බන්ධයෙන් තීන්දු තීරණ කලා මෙන් මෙහිදීත් තාර-වැලි නල පද්ධතිය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස අනුමත කිරීමට ඔවුන් හිලරි ක්ලින්ටන්ට බලකර සිටියේද? මෙය සනාථ කිරීමට 'Smoking Gun'* වැනි කිසිදු ආකාරයේ සාක්‍ෂියක් නොමැති බැව් ක්ලින්ටන් අනුගාමිකයින් මතු කර සිටීමට කැමති විය හැක. හරියට, 'ගෑස් හෝ තෙල් නිස්සාරණය ආරක්‍ෂාකාරී ලෙස සිදු කල හැකිය' යන ක්ලින්ටන්ගේ වර්තමාන (සහ භයානක) අදහස කෙරෙහි ෆොසිල ඉන්ධන සමාගම් වලින් බලපෑමක් ඇති බවට කිසිදු සාක්‍ෂියක් නැතුවාක් මෙනි.

ක්ලින්ටන්ගේ මැතිවරණ ප්‍රතිපත්තීන් වල ඉතා ධනාත්මක දේශගුණ විපර්යාස වලට අදාළ ප්‍රතිපත්තීන් කිහිපයක්ම ඇතුළත් වීම විශේෂයෙන් හඳුනා ගත යුතුය. මෙම ප්‍රතිපත්තීන්, මුල්‍යාධාර ලබා දෙන්නන් නිසැකවම අසතුටට පත් කරනු ඇති අතර දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන රිපබ්ලිකන් පාක්‍ෂිකයින්ට ෆොසිල ඉන්ධන සමාගම් විසින් වැඩි මුල්‍ය දායකත්වයක් ලබා දීමට හේතුව මෙයයි.

මේ වන විටත් සමස්ත ආධාර ක්‍රියාවලියම ගඳ ගසමින් තිබෙන අතර දිනෙන් දින එය වඩාත් නරක අතට හැරෙමින් පවතී. එබැවින්, කෘග්මන්ගේ 'හොඳ හැසිරීම් සඳහා වූ උපදෙස් මාලාව' සමඟ සැන්ඩර්ස්ගේ කඳවුර බැදී නොසිටීම සහ තවත් වසරකින් පමණ ඉතිහාසයේ වාර්තාගත උපරිම උෂ්ණත්වයට හේතුවන මුදල් සම්බන්ධයෙන් නිශ්ශබ්දව නොසිටීම ඉතාම යහපත් වේ. තවමත් මැතිවරණයේ ප්‍රාථමික වටය නිමාවී නොමැති අතර තවත් දීර්ඝ කාලයකට වැදගත් වන තීරණයක් ගැනීමට පෙර ඊට අදාළ සියලුම තොරතුරු දැන ගැනීමට ඩිමොක්‍රටික් ඡන්ද දායකයින්ට අවශ්‍යතාවය සහ හිමිකම තිබිය යුතුය.

පසුගිය සතියේදී ක්ලින්ටන්ගෙන් 'අතිශයින් විස්සෝප' ප්‍රතිචාරයක් හිමි වූ 26 හැවිරිදි ග්‍රීන්පීස් ක්‍රියාකාරිනියක වන ඊවා රෙස්නික්- ඩේ (Eva Resnick- Day) සතුව මෙම මැතිවරණය කෙතරම් ඉරණම් සහගත ද සහ සමබරතාවයකින් යුක්තද යන්න සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සහ ප්‍රබල පර්යාලෝකයක් පවතී. 'තරුණ ප්‍රජාව විසින් කරුණු සොයා බැලීමක් නොකරන්නේය' යන ක්ලින්ටන්ගේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් Democracy Now වෙබ් අඩවියට රෙස්නික්- ඩේ මෙසේ පවසා සිටියේය.

"තරුණ ව්‍යාපාරයක් ලෙස අප විසින් කරුණු සැලකිල්ලෙන් සොයා බලා ඇති අතර අනාගතය සම්බන්ධයෙන් මේ තරම් බිය වී සිටින්නේ ඒ නිසාය. විද්‍යාඥයින් විසින් පවසන පරිදී තීරණාත්මක මොහොත අභිබවා යාමට පෙර දේශගුණික විපර්යාස කළමනාකරණය කිරීමට ඉතිරිව ඇති කාලය මීට පෙර ගණනය කර තිබූ කාලයෙන් අර්ධයක් පමණි. එබැවින්, මෙම ගැටළුව උරුම වීමට සහ හැසිරවීමට නියමිත තරුණ පරපුර ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටී. මීළඟ අවුරුදු හතර හෝ අටක කාලය තුල සිදු වන ක්‍රියාවලීන්ගෙන් පෘථිවියේ සහ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරණය වීමට නියමිතය. ඒ නිසයි අප සියළුම අපේක්‍ෂකයින්ට අසීරු ප්‍රශ්න යොමු කරමින් කරළියට පිවිස සිටින්නේ. කවුරු බලයට පැමිණියත් දැනට සිදු වෙමින් පවතින ක්‍රියාවලීන් එලෙසින්ම ක්‍රියාත්මක කරනවා වෙනුවට පෘථිවියේ අනාගතය උදෙසා දේශගුණික විපර්යාස පාලනය කිරීමට අර්ථාන්විත සහ ගැඹුරු තීන්දු තීරණ ගැනීමට බල කිරීම වෙනුවෙන්."


පරිසර ක්‍රියාකාරිකයින් පිරිසක් වොෂිංටන් ඩී.සී. හි දී හිලරි ක්ලින්ටන්ට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවත්වන විරෝධතාවක්.
ඡායාරූපය- NICHOLAS KAMM/AFP/Getty Images


මෙය තවත් එක් මැතිවරණයක් පමණක් නොවන අතර 'Smoking Gun' ඇතුව හෝ නැතිව ක්ලින්ටන්ගේ සංස්ථාපිත පැටලවීම් කොතරම් තැති ගන්වන සුළුද යන්න රෙස්නෙක්- ඩේ ගේ වචන වලින් මනාව ගම්‍ය වේ. ලබන නොවැම්බරයේදී කවුරු ජයග්‍රහණය කර ජනාධිපතිධුරයට පත් වුවද දේශගුණික විපර්යාස අර්බුදයට මුහුණ පෑමට සිදු වනු ඇත. ඉතා සරලව කිවහොත්, අපට ඇති කාලය පැහැදිලිවම සීමිතය. රෙස්නික්- ඩේ නිවැරදිව සඳහන් කල පරිදි, විද්‍යාත්මක ගණන් බැලීම් වලට වඩා සියල්ල ඉතා වේගයෙන් සිදු වෙමින් පවතී. අයිස් දියවීම වේගවත් වෙමින් පවතින අතර මුහුදු මට්ටම ඉහල යාම වේගවත් වෙමින් තිබේ.

එහි අර්ථය නම් රාජ්‍යයන් ඊටත් වඩා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුව තිබේ. විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා වලින් පෙන්වා දෙන පරිදී මෙම ශතවර්ෂය තුළ අපට සැබෑ ලෙසම වෙරළාශ්‍රිත නගර, බර්නි සහ හිලරි මේ මොහොතේ අභිමුඛ වන නිව්යෝර්ක් නගරයත් ඇතුළුව, ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය නම් අතිමානුෂික වේගයකින් අපට ෆොසිල ඉන්ධන වලින් මිදීමට සිදුවේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් මෑතකදී Applied Energy නම් සඟරාවේ පළ කල පර්යේෂණ පත්‍රිකාවකින් නිගමනය වන පරිදී පැරිස් වලදී ඇතිකර ගත් උෂ්ණත්ව ඉලක්කයන් ළඟා කර ගැනීමේ 50-50 ඉඩක් හෝ ලැබීමට නම් ඉදිරියේදී ආරම්භ කෙරෙන සියලුම ශක්ති බලාගාර කාබන්- ශුන්‍ය තත්වයේ පැවතිය යුතු බවයි.

එය සැබවින්ම අසීරුදෙයකි. එහි අවම තත්වයක් ලෙස මිහිකත මත ප්‍රබලතම ව්‍යාපාර දෙකක් වන ෆොසිල ඉන්ධන සමාගම් සහ ඒවාට මුල්‍යමය දායකත්වය ලබා දෙන බැංකු වලට එරෙහිව කරට කර සටනක් දීමේ කැමැත්ත තිබිය යුතුය. හිලරි ක්ලින්ටන් මෙම මහා කර්තව්‍යයට අතිශයින්ම නොගැලපෙන්නියකි.

කෙසේ වෙතත්, තම සමස්ත ලෝක දෘෂ්ටියට, තමන් විසින් ගොඩ නඟන ලද සියළු දෑ සහ තමන් පෙනී සිටින සියළු දේට එරෙහි බලසම්පන්න සමාගම් වලට එරෙහි වෙමින් රිපබ්ලිකන් අපේක්‍ෂකයින් සමඟ යුධ වැදීමට ක්ලින්ටන්ට සමර්ථය. සැබෑ ගැටළුව වන්නේ ක්ලින්ටන්ට සමාගම් වලින් ලැබෙන මුදල් නොව ඇයගේ ගැඹුරු සමාගම්-හිතවාදී දෘෂ්ටිවාදයයි. එමඟින් සමාගම් නියෝජිතයින්ගෙන් මුදල් ලබා ගැනීමටත් දේශන වලට බැංකු වලින් අයුතු ලෙස මුදල් අය කිරීමටත් ඇයට හැකියාව ලැබී තිබේ.

හිලරි ක්ලින්ටන්ගේ මෙම ලෝක දැක්ම අවබෝධ කර ගැනීමට යමෙකුට ඇයත් සම්බන්ධ ඇයගේ පවුලේ නාමය දරණ ක්ලින්ටන් පදනම කෙරෙහි අවධානය යොමු කිරීම ප්‍රමාණවත්ය. ක්ලින්ටන් පදනමේ වැඩපිළිවෙල මෙලෙස සංක්‍ෂිප්ත කල හැකිය. එනම්, ලෝකය පුරා පුද්ගලික ධනය අතිවිශාල මට්ටමින් සංසරණය වෙමින් පවතින අතර (බිල් ක්ලින්ටන් විසින් තම ධූර කාලය තුළදී ලෝකය පුරා මුදා හරින ලද ආර්ථික ලිහිල්කරණ ක්‍රියාවලිය සහ පුද්ගලීකරණයට ස්තුති වන්නට), නිවැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන් තම ප්‍රතිපත්ති වල ඉතා ලිහිල් වෙනස්කම් සිදු කිරීමට ලොව අතිශයින් ධනවත් කොටස් පෙළඹවීමෙන් ලොව ඕනෑම ගැටළුවක්, එය කෙතරම් විශාල වුවද, විසඳිය හැකිය.

ස්වාභාවිකවම, සුපිරි පැලැන්තියේ ජනප්‍රිය පුද්ගලයින්ගේ සහාය සහිතව මෙම සුළු වෙනස්කම් සිදු කිරීම වෙනුවෙන් ධනවත් පුද්ගලයින් පෙළඹවීමේ සබඳතා තැරැව්කරුවන් සහ ගිවිසුම් සකසන්නවුන් වන්නේ "ක්ලින්ටන්වරුන්ය".

එබැවින්, මොහොතකට 'Smoking Gun' අමතක කරමු. 'ක්ලින්ටන් ලෝකයේ' ගැටළුව වන්නේ එය ව්‍යුහාත්මක වීමයි. යෝජනා වන රාජ්‍ය ප්‍රතිපත්තීන් හැඩගැන්වීමෙහි ලා මූලික වශයෙන් වැදගත් වන්නේ මුදල්, වෙනත් අනුග්‍රහයන්, තනතුරු සහ මාධ්‍ය ආවරණයන් වලින් ස්නේහනය වූ ඉහත කී ආකාරයේ ගැඹුරු ලෙස එකිනෙක සම්බන්ධ වුනු සබඳතාවයන්ය.

උදාහරණයක් ලෙස, ක්ලින්ටන්ගේ මඟ පෙන්වීම යටතේ අප්‍රිකාවේ තම නිෂ්පාදන වල මිල පහත දැමීමට ඖෂධ සමාගම් ක්‍රියාත්මක වෙමින් පවතී. (කෙසේ වෙතත් ඔවුන් ඖෂධ මිල ඉහළ යාමේ සැබෑ ගැටළුව පහසුවෙන් මඟ හරිමින් සිටී. එනම්, දුප්පතුන්ට විකෘති ලෙස මිල ඉහල දැමූ ඖෂධ අලෙවි කිරීමට ඉඩ හසර විවෘත කර දෙන පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය වෙනස් කිරීම.) ඩව් රසායනික සමාගම (The Dow Chemical Company) ඉන්දියාවේ වතුර ව්‍යාපෘති සඳහා මුල්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු සිදු කෙරේ. (මෙතෙක් වගකීම බාර ගෙන නොමැති, තවදුරටත් ඇදෙමින් පවතින බෝපාල් සෞඛ්‍ය ව්‍යසනයට තම සමාගමේ ඇති සම්බන්ධය ඉස්මතු නොකිරීමට ඔවුන් වග බලා ගනී.) එමෙන්ම, ගුවන් සේවා ප්‍රධානියෙකු වන රිචර්ඩ් බ්‍රෙන්සන් (Richard Brenson), දේශගුණික විපර්යාස ගැටළු විසඳීමට ඩොලර් බිලියන ගණනින් මුදල් වෙන් කිරීමේ තම පුහු පොරොන්දුව ලබා දුන්නේ 'ක්ලින්ටන් ගෝලීය මුලපිරීම' (Clinton Global Initiative) ආයතනය තුළදීමය. (ඉන් දශකයකට ආසන්න කාලයක් ගත වීත් පොරොන්දුව ඉටුවන තෙක් අප තවමත් බලා සිටින අතර ඔහුගේ වර්ජින් ගුවන් සේවය දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් පවතී.)

ක්ලින්ටන් ලෝකය තුල සෑම විටම ක්‍රියාත්මක වන්නේ දිනුම- දිනුම- දිනුම ය. රජයන් කාර්යකෂමය, සංස්ථාපිත සමාගම් නිවැරදිය, සහ ජනකාන්ත පුද්ගලයින් ගාම්භීරය, ඒ වගේම අමතක නොකළ යුතු තවත් දිනුමක් නම් ක්ලින්ටන්වරුන් දිනෙන් දින බලසම්පන්න වෙමින් සිටී.

ඉහත සියල්ලෙහි කේන්ද්‍රය නම්, වෙනස ඇති වන්නේ ධනවත් සහ බලවත් ප්‍රජාව සමඟ අභිමුඛ වීමෙන් නොව ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ය යන ආගමික විශ්වාසයයි. තෝමස් ෆ්‍රෑන්ක් (Thomas Frank) මෑතකදී ප්‍රබන්ධ කරන ලද 'ධනයේ භුමිය' (The land of money) නමැති තර්කනය තුළ සිට බැලූ විට හිලරි ක්ලින්ටන්ගේ වඩාත් ආන්දෝලනාත්මක ක්‍රියා මාර්ග තේරුම් ගැනීම පහසුය. ෆොසිල ඉන්ධන නියෝජිතයින්ගෙන් මුදල් ලබා නොගත යුත්තේ ඇයි? ගොල්ඩ්මාන් සැච්ස් (Goldman Sachs) ගේ දේශන වෙනුවෙන් ඩොලර් සිය දහස් ගණනින් මුදල් ගෙවීම් අය නොකර ගත යුත්තේ ඇයි? එය බැඳියාවන් අතර ගැටුමක් නොව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක, කිසිදු අවසානයක් නොමැති සමාගම්- දේශපාලනික ගනුදෙනු මෙරිගෝ රවුමක කොටසක් වන හවුල් සබඳතාවයකි.

ක්ලින්ටන් ශෛලියේ ජනහිතකාමී- ධනේශ්වරයේ (Phlanthrocapitalism) අසමර්ථ වීම් සම්බන්ධයෙන් පොත් පිටින් ලියැවී තිබේ. දේශගුණික විපර්යාසයන්ට අදාලව මෙම ආකෘතිය ගෝලීය මට්ටමින් විනාශකාරී බවට සාක්‍ෂි ඕනෑතරම් අපට තිබේ. පරිසර දුෂකයින් දැඩි ලෙස නියාමනය කරනවා වෙනුවට ප්‍රෝඩාකාරී අනවශ්‍ය කාබන් වෙළඳ පොළ සහ කෛරාටික කාබන් හිලව් කිරීම් ලොවට දායාද වී තිබෙන්නේ ඉහත කී තර්කනය ඔස්සේය. මන්ද, අපට උගන්වා ඇති පරිදී පරිසර දුෂණය අවම කිරීම 'සියළු පාර්ශවයන් සතුටු වන ' (win-win) සහ 'වෙළඳපොල හිතවාදී' තත්වයන් යටතේ සිදුවිය යුතුය.

මීළඟ ජනාධිපතිවරයා මෙවැනි ආකාරයේ ව්‍යාපෘතීන් වලට තවදුරටත් කාලය නාස්ති කළහොත් කාලගුණ ඔරලෝසුව කල් පනිනු ඇති අතර එය ඉතා පැහැදිලි සහ සරලය.

මහා විනාශයක් වලක්වා ගැනීමේ බලාපොරොත්තු අපට තබා ගත හැකි වනු ඇත්තේ පෙර නොවූ විරූ තරම් වේගයකින් සහ විෂය පථයකින් යුත් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණි. ක්‍රමවත් ආකාරයකට සැලසුම් කළහොත් පශ්චාත්- කාබන් ආර්ථිකයකින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් දායාද කල හැකිය. සුරක්‍ෂිත අනාගතයක් පමණක් නොව ඉහල වැටුප් සහිත රැකියා අවස්ථා අතිවිශාල ප්‍රමාණයක්, දියුණු සහ ආර්ථිකමය වශයෙන් දරා ගත හැකි පොදු ප්‍රවාහන සේවා, ජීවත් වීමට හිතකර නගර සේම අපිරිසිදු ඉන්ධන නිස්සාරණයේ සෘජු වින්දිතයින්ට වාර්ගික සහ පාරසරික යුක්තිය ද පශ්චාත්- කාබන් ආර්ථිකයක් තුළින් ළගා කර ගත හැකිවනු ඇත.

බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරණ ව්‍යාපාරය හරියටම ගොඩ නැගී ඇත්තේ මෙම තර්කනය (පශ්චාත්- කාබන් ආර්ථිකයක්) වටාය. එනම්, වංශාධිපතිත්වය සමඟ බැදී ඇති වගකීම තුළින් ධනවතුන්ගේ සුළු වෙනස්කම් මත නොව ඔවුන්ට සාමුහික ලෙස අභියෝග කරමින් දැඩි නියාමනයන් සාක්ෂාත් කර ගැනීම ඔස්සේ වඩාත් සාධාරණ ක්‍රමයක් බිහි කර ගැනීමට සටන් කරන සාමාන්‍ය ජනයා මතය.

සැන්ඩර්ස් සහ ඔහුගේ ආධාරකරුවන් එක් තීරණාත්මක කරුණක් අවබෝධ කර ගෙන ඇත. එනම් මෙය කිසිසේත් 'win-win' තත්වයක් නොවේ. එනම්, ඉහත සඳහන් කළ කුමන හෝ ප්‍රතිඵලයක් ලැබීමට නම් දශක ගණනාවක් තිස්සේ අශිෂ්ඨ ලෙස අධික ලාභයක් ලබමින් සිටින ෆොසිල ඉන්ධන සමාගම් පාඩු ලැබීමට පටන් ගත යුතුය. එම පාඩුව ක්ලින්ටන් පොරොන්දු වන දැනට එම සමාගම් වලට ලබාදී තිබෙන බදු සහන සහ සහනාධාර කප්පාදුවට වඩා වැඩි විය යුතුය. එමෙන්ම, ඔවුන් දැනට අපේක්ෂාවෙන් සිටින නව පතල් කර්මාන්ත අවසරයන් ඔවුන්ට අහිමි විය යුතු අතර ඔවුන්ට අත්‍යවශ්‍යව පවතින නල මාර්ග සහ අපනයන පර්යන්තයන් බලපත්‍රයන් ප්‍රතික්ෂේප කල යුතුය. ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමක් තක්සේරු කර ඇති ෆොසිල ඉන්ධන සංචිතයන් ඔවුන් විසින් අතහැර දැමිය යුතුය.

මේ අතර වහල මත සූර්ය කෝෂ ප්‍රමාණාත්මක වශයෙන් වැඩි වුව හොත් තම පැරණි පාරිභෝගිකයින් ඒ ඔස්සේ බලශක්ති ජනන ක්‍රියාවලියේ කොටස්කරුවන් වන බැවින් දැවැන්ත බල ශක්ති සමාගම් වලට ඔවුන්ගේ ලාභයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වේ. මේ තුළින් සාපේක්‍ෂ වශයෙන් වඩාත් සමබර ආර්ථිකයක් නිර්මාණය විය හැකි අතර උපයෝගිතා වියදම අඩු කර ගත හැකි නමුත් සමහර බලසම්පන්න සමාගම් වලට මෙහිදීත් පාඩු විඳීමට සිදුවේ. (නෙවාඩා ප්‍රාන්තයේ වොරන් බෆට් ගේ ගල් අඟුරු සමාගම් සූර්ය බලශක්තියට එරෙහිව සටන් වැදී සිටින්නේ මේ නිසාය.)

ෆොසිල ඉන්ධන සමාගම් සහ ඔවුන්ගේ මිත්‍රපක්ෂයන්ට මෙවැනි අලාභයන් උදා කර දීමට සුදානම් ජනාධිපතිවරයෙකු හුදෙක් දුෂණයෙන් තොරවීම පමණක් ප්‍රමාණවත් නොවේ. එවැනි ජනාධිපතිවරයෙකුට සියවසේ සටනට සුදානම තිබිය යුතු අතර ඉන් ජය ගත යුත්තේ කුමන පාර්ශවය ද යන්න සම්බන්ධයෙන් ඉතා නිරවුල් අවබෝධයක් තිබිය යුතුය. ඩිමොක්‍රටික් පක්‍ෂයේ ප්‍රාථමික මැතිවරණ වටය දෙස බැලූ විට මෙම ඓතිහාසික තත්වය කරා ළඟා විය හැක්කේ කාහටද සම්බන්ධයෙන් කිසිදු විවාදයක් තිබිය නොහැකිය.

ඒ සුභ ආරංචිය මොහොතකට පෙර ඔහු විස්කොන්සින් ප්‍රාන්තය ජය ගෙන ඇත. විශේෂයෙන්ම ඔහු 'යහපත් හැසිරීම' උදෙසා කිසිවෙකුගේත් උපදෙස් පිළිපදින්නේ නොමැත.

*Smoking Guns:2012- වර්ෂයේදී ලිබියාවේ බෙංගාසි නුවර ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉස්ලාමික සටන්කාමී ප්‍රහාරයකට ලක් වීමෙන් පසු ඊට අදාළ වැදගත් තොරතුරු ඔබාමා පරිපාලනය විසින් සැඟවීමට කටයුතු කරන ලදි. පසුකාලීනව මාධ්‍යයට නිකුත් වූ 'Smoking Guns' ලියකියවිලි වලින් හෙළිදරව් වූයේ එවකට රාජ්‍ය ලේකම් ධූරය දැරූ හිලරි ක්ලින්ටන් එහිදී වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති බවයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Naomi Klein, Carbon Emission, Fossil fuel consumption , Hillary Clinton and her company, Climate Change, Capitalism and its impact on Environment, Phlanthrocapitalism
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook