Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ඔබ ගිලී මළ තැන
බූන්දි, 03:41:56
ඇල කණ්ඩියේ වාඩි වී
පා ඔබා දිය කඳ තුළ බලා සිටියෙමි,
ඔහේ ගලනා යෝධ ඇළ දෙස,
ළමා කල මතකයේ පෙණ කැටිති පාව එන.

වතුර බසිනා තැන ‍පෙනී නොපෙනී සරන,
ගොම්මනේ ගීතය ගයන,
හොල්මන් කුරුල්ලෙකු පැමිණ,
තුඩගින් ගෙනා රාත්‍රිය
යෝධ ඇළ කුඹුක් අතුපතර දවටා
සට සට හඬින්
තටු සලා ඉගිළ යයි.

ඇල කණ්ඩියේ ගව මංකඩක
සිය දහස් ගව කුර සටහනින් මැකී ගිය
එගොඩ වූ බව මිස යළි මෙගොඩ වූ ලකුණු නැති
ළමා පා සටහනකි, දසක ගණනක් පැරණි.

නෑ සියන් කිසිවෙකුත් නැති
ගොපළු කොළුවෙක් මගෑරුණු ගවයෙකු සොයා,
රෑට දෙන රොටී පළුවද දඬුවම විසින් අහිමිව,
රැය පුරා බඩ වැටි අතර සැරි සරා
බිඳී ගිය බැරෑඬි හඬකින් ගවයන්ට අඬ ගසන හඬ
ඇල එගොඩ දුර සිට යම්තමින් තාමත් ඇසෙයි.

නොගිලී සිටිනු වස් අත්පා ගසන විට
ජලතලය කැළඹෙන හඬ,
මෙගොඩ වූ යමෙකු හතිලමින්
තෙත බරිත රෙදි කඩක් ගසා දමනා හඬ,
කෙවිටෙන් පඳුරකට ගසමින් ළඟ ළඟම පිය මනින හඬ,
නමින්වත් නොදැන හුන් අම්මෙකුට අප්පෙකුට
දුක කියා තනිව ඉකිබිඳි ඒ ළමා කට හඬ,
නෑසු කන්ව නිදි ගත් මගේ සුන්දර ගම්දොර
එදා මෙන් තාමත් නිදයි, සඳ රාත්‍රිය මළවුන්ට වෙන් කර.

ට්‍රැක් දාසයේ සියඹලා ගස යට
ගොඩ දමා තිබිණි මැස්සක් මත
ඒ අනත් දරු මළ කඳ.
කිසිදා නොපිරි කුස, සුසුම් සිර වූ පෙණහළු
යෝධ ඇල වතුරෙන්, රොන් මඩින් පිරී තිබුණෙන්
ගිලී මිය යාමක් ලෙස තීන්දුව පළවිය.

රැස්ව හුන් සියල්ලන් විසිර ගිය පසු,
ඉතුරු වූ එකා දෙන්නා එක්ව,
කුඹුරු යායට ඉහළ රිසිවේසන් කෑල්ලේ වළ දමන්නට
ඔබේ මල කඳ රැගෙන යන විට පසුපස ගෑටුවෙමි,
හඬන්නට කිසිවෙකුත් නොසිටිය අවමගුල් පෙරහැරක.

පාසල් යනෙන මග ගඩාගෙඩි ඇදිහැස විස්කෝතු
හුවමාරු වුන සුපුරුදු සියඹලා ගස යට
ගවරැලද පිරිවරා සිනහ සී අත වනන
ඔබේ රුව දකිනු වස් මොහොතකට අමතකව,
නතර වී බලන කල,
ඒ ගසේ අත්තක, දිරා යන ඔබේ වැරහැලි කමිසය
එකම එක සුදු කොඩිය වී ඔබෙ මළ ගමට එසැවුණු,
රැඳී තිබෙනායුරු දුටුවෙමි, බොහෝ කල් යන තෙක්.

යෝධ ඇල නගන මේ රැළි
සඳ රැයෙක ඔබ දියෙන් මතු වී ඉඳ හිට
කිසිවෙකු දකින්නට පෙර
යළි කිමිදෙනා විට මතුවන කැළැඹුමය.
ඈත සිට විත් පහලටම පාව යන මේ පෙණ ‍පිඬු
යෝධ ඇල පත්ලේ රොන් මඩ අතර සැඟවුණු,
තාමත් බුබුලු ලා මතුවන ඔබේ අවසන් හුස්‍මය.
2010 මාර්තු
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
prasanna මෙහෙම කියනවා :
ela

කිවුව වෙලාව- 2010-05-05 11:03:14
නෙරංජි නීනු මෙහෙම කියනවා :
අනේ අහින්සක දරුවා...

කිවුව වෙලාව- 2010-04-17 02:52:05
ஃபஹீமாஜஹான் මෙහෙම කියනවා :
ඔබට ස්තුතියි.
මෙම කවිය දෙමළ භාෂාවෙන් පරිවර්තන කරමි.


කිවුව වෙලාව- 2010-04-15 00:30:21
Rishi මෙහෙම කියනවා :
excellent!

කිවුව වෙලාව- 2010-04-01 21:37:39
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
ඉතා සාර්ථකව අත්දැකීම ඉදිරිපත් කර තිෙබනවා හදවතට දැෙනනවා අලුත් හැඩයක් ද තිෙයනවා ඔෙබ් අනන්‍යතාවය ෙපෙනනවා

කිවුව වෙලාව- 2010-04-01 06:41:22
ரநிமல்|Ravimal මෙහෙම කියනවා :
one of the best I ever read. and probably the saddest!!



කිවුව වෙලාව- 2010-04-01 04:46:16
Anonymous මෙහෙම කියනවා :
වසර 30කට පෙර ඒ ගොපලු දරුවා මියගියේ ට්‍රැක් දහහතරේ දි බව මතකය. ඔහු හැඳ සිටි හම ගිය නිල්වන් කලිසම බොහො කලක් යනතුරු ඔහු ගොඩ ගත් තැන තිබිනි.
@B-Blog


කිවුව වෙලාව- 2010-03-31 21:35:31
Anonymous මෙහෙම කියනවා :
මේක හරිම සන්වේදී කවියක්, මට මතක් වෙනව විමල් දිසානායකගෙ "දියේ ගිලී මල අය්යාට" කවි පෙල
@B-Blog


කිවුව වෙලාව- 2010-03-31 21:34:18
Wasana Seram මෙහෙම කියනවා :
@[රාවන් පුත්‍ර],
agreed with what u said.

@ Ajit C Herath,
I used to read yours from bundi for quite a little time now. this and the earlier one r the best of all u wrote. keep up ur good touch dear friend.


කිවුව වෙලාව- 2010-03-30 04:18:45
රාවන් පුත්‍ර මෙහෙම කියනවා :
හදවතට යමක් දැනෙන පද ටිකක්. අවසානයේ අදහස ඝෘජුව නොකිය වුණානම් හොදා? හරිම ලස්සනයි..

කිවුව වෙලාව- 2010-03-30 03:59:06
රුක්ෂිලා වෙත්තමුනි මෙහෙම කියනවා :
ඉතා දුක්බර වුවත්
හඩන්නට
කිසිවෙකුත් නැති
මියැදුණු දරුවාට
පතන්නම්
පින් ලැබෙන්නට
මතු ඉපදෛනා
ආත්මයට....


කිවුව වෙලාව- 2010-03-30 03:57:41
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook