Archaeologists Find Evidence of Flowers Buried in a 12,000-Year-Old Cemetery | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මල් පලස් මත කළ භූමිදානයේ අතීතය
බූන්දි, 07:41:39
ඊශ්‍රායලයෙන් සොයා ගත් ආදි මානව යුගළ අවශේෂ යට තිබී සොයාගත් ශාක සටහන් තුළින් ඔවුන් මල් පලසක් මත චාරිත්‍රානුකූලව භූමිදානය කර ඇති බවට තොරතුරු හෙළිවේ.

අපගේ වර්ගයාගේ පෞරාණික ඉතිහාසය පිළිබදව කල්පනා කරන ඇතැම් අවස්ථාවල මිය ගිය පවුලේ සමාජිකයිනට සහ ඥාති මිත්‍රාදීන්ගේ මෘත ශරීරයන්ට ඔවුන් මියගියායින් පසුව කටයුතු කරන්නට ඇති ආකාරය අප මෙතෙක් සිතා සිටියාට වඩා තරමක් වෙනස් වෙමින් පවතී. හැඟීම් දැනීම් ඇති පුද්ගලයින් වශයෙන් මෘත ශරීර වලට සරල වශයෙන් සලකා කටයුතු කරනවාට වඩා චාරිත්‍රානුකූලව ගරු කළ යුතු බව අපට සිතුණු බව පරිණාමීය ඉතිහාසය දෙස බලද්දී පැහැදිලි වේ.

අ‍නෙක් සතුන් ඉතා සරලව තම මළවුන් ඔවුන් මියගිය ස්ථානයේම දමා යාම පුරුද්ද වන අතර අප මුල්කාලීන මුතුන් මිත්තන් විසින් ද අනුගමනය කළේ මේ හා සමාන පුරුද්දකි. ඇතැම් විට ඔවුහු නිශ්චිතව සකස් නොකළ වළවල්වල වකුටු කොට තැන්පත් කළහ. එහෙත් අදින් වසර 15,000ක් හා 11,000ක් අතර කාලයේ මැද පෙරදිග ප්‍රදේශයේ අවම වශයෙන් එඬේර ජීවිතය මුලින්ම අතැර දැමූ ශිෂ්ටාචාරවලින් එකක් වන නටුෆියාන් සංස්කෘතියට අයත් සාමාජිකයින් අතර මෙම පුරුද්ද ක්‍රමයෙන් වෙනස් විය. මෙම කාලය අතරතුරදී එම කලාපයේ සිටි පුද්ගලයින් අප විසින් නූතනයේ දී ‍සුසාන භූමි වශයෙන් හඳුනාගන්නා ප්‍රදේශ නිර්මාණය කරන්නට පටන්ගත් බව පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. එනම් බහුගුණාකාර වශයෙන් දක්නට ඇති ඉතා පරිස්සමට සහ සම්පූර්ණ වශයෙන්ම සහ ඇතැම් විට පබළු හෝ පබළු කොටස්වලින් සරසා තැන්පත්කොට භූමිදානය කොට ඇති සුසාන මෙහිදී දැකගත හැකිවිය.

එහෙත් අප මෙතෙක් සිතා සිටියාට වඩා තම මළවුන් සදහා කළ අවමංගල්‍ය චාරිත්‍ර වඩා දියුණු ආකාරයකින් මෙම පුරාණ මානවයින් විසින් සිදුකර ඇති බව අවබෝධ කොට ගත හැකිය. මේ චාරිත්‍ර නූතනයේ දී භාවිත චාරිත්‍රයන්ට බෙහෙවින්ම සමානය. ඊශ්‍රායලයේ, මවුන්ට් කාර්මෙල් (Mt. Carmel)හි මෑතක දී සිදුකළ කැණීම් මාලාවකින් පසුව ලබාගත් අදින් වසර 13,700ක සිට 11,700 දක්වා දින නීර්ණය කළ ස්ථරයකින් හයිෆා විශ්වවිද්‍යාලයේ සිටින පුරාවිද්‍යාඥයින් සහ වෙනත් පුරාවිද්‍යාඥයින් කිහිපදෙ‍ෙනකු විසින් මෘත ශරීරය යට මල් සහ වෙනත් ශාක කොටස් තැන්පත් කර පැවති බවට හෙළි වෙන සලකුණු සොයා ගැණුනි. මෙම සොයා ගැනීම් Proceedings of the National Academy of Sciences හි පළවු අතර මෙම සාධක භූමිදාන චාරිත්‍ර සදහා මල් භාවිතා කළ බව හෙළිකරන මුල් කාලීන නිදර්ශනයන් ලෙස සැලකිය හැකිය.

පර්යේෂණ කණ්ඩායම විසින් සමස්තයක් වශයෙන් මෘත ශරීර 29ක් තැන්පත් කළ සුසාන භූමි හතරක තිබී මෙම මල් තැන්පත් කළ බවට වන සාධක සටහන් සොයාගන්නා ලදී. මෙම මිය ගිය පුද්ගලයින්ට තනි තනිව වැළලූ වැඩිහිටියන් බොහෝ දෙනෙක්, ළමුන් සහ කුඩා බිළිඳන් ඇතුළත් වේ. බොහෝ කාලයකට පෙර දිරා ගොස් ඇති නිසා සහ ෆොසිල බවට පත්වීමට නොහැකි නිසා තත්‍ය වශයෙන් ඔවුන්ට මල් හමු නොවුනත් එම කණ්ඩායමට මල් තැන්පත් කර පැවති බවට සාධක වශයෙන් එහි මෘදු තෙරපුමෙන් සහ දිරා තැන්පත් වීමෙන් පස මත ඇති කරන සටහන් වලින් එම සුසාන වල මල් තැන්පත් කළබවට සාධක සොයා ගන්නා ලදි.


ඇතැම් ශාක සටහන් එම ප්‍රදේශයෙන් සොයා ගතහැකි Salviajudaica නම් වල් සේජ් ශාකවලට ගැලපේ. ඡායාරූප– PNAS/Nadelet. al.

ඇතැම් අවස්ථා වලදී පර්යේෂකයින්ට එම මල් වර්ගය හෝ ශාක කොටස් අයත් වන්නේ කිනම් ශාකයට ද යන්නද සොයා ගැනීමට හැකි විය. උදාහරණයක් වශයෙන් ඉහතින් දක්වා ඇතිතේ එලෙස සොයාගත් සටහනකින් සොයා ගත් ශාකයක් වන අතර පර්යේෂකයන් විශ්වාස කළේ එය එම ප්‍රදේශයට ආවේණික Salvia judaica, නම් වල් සේජ් ශාකයකට අයත් විය හැති බවයි.

මෙම සොහන් සියල්ලකින්ම වාගේ මල් සම්බන්ධ අවශේෂ හමුවුනත් ඉන් එකක් සම්පූර්ණ වශයෙන්ම මලින් ආවරණය කොට තිබිණි. මෙය යුගළ භූමිදානයක් වූ අතර එහි වැඩිහිටි පිරිමියෙකු සහ (වයස අවුරුදු 30 ක් පමණ වයැසැති) ළමයෙකු (අවුරුදු 12 ත් 15ත් අතර වයසක පසු වූ) තැන්පත් කර තිබිණ. මේ සම්බන්ධව ලබාගත් විකිරණශීලි දිනයන්ට අනුව එය අදින් වසර 12,550 ත් 11,750 ත් අතර සිදුවු සිදුවීමකි. මෙම සටහනෙහි ඉහතින් ද දැක්වූ පරිද්දෙන් මෙම දෙදෙනා තැන්පත්කොට ඇත්තේ ශාක කොටස් තැන්පත් කොට සෑදු ඝන ඇතිරිල්ලකය. මෙම සුසාන පතුලේ එලෙස තැන්පත් කළ ශාක කොටස් තිහක පමණ සලකුණු දැකගත හැක.

මෙයින් 13ක් ම ශාක කිණිතිය. ඒවායේ ප්‍රමාණය සහ අතු විහිදීමේ කෝණය සලකා බලා ඒ ප්‍රදේශයේ වැවෙන මිංචි සහ ෆිග්වෝට් පවුලට අයත් ශාක වර්ග විය හැකි බව පෙනේ. වසන්තයේ දී මේවා හි මල් පිපෙන අතර ග්‍රීෂ්ම ඍතුව වන විට එහි ඇති දැඩිබව වියැකෙමින් දිරාපත් වේ. මෙම කිනිති සටහන් මැනවින් නිරුපද්‍රිත පැවතීමෙන් භූමිදානය සදහා යොදා ගන්නා මොහොත වන විට ඒම ශාක මල් දරන සගන්ධ තත්වයෙන් පැවතී ඇති බව පැහැදිලිවේ.

මෙම සොහොන් වල ෆිලින්ට් පාෂාණ, ශිලා සහ අස්ථි කොටස් වලින් තැනූ මානව කෘති දහස් ගණනක් තැන්පත්කොට ඇත. එහෙත් එවායින් ‍‍පොළව මත කළ කිසිදු සටහනක් සොයා ගත නොහැක. මෙයින් අදහස්වන්නේ මිය ගිය පුද්ගලයා තැන් පත් කිරීම සදහා සුසාන පොළව මත ශාක වලින් කළ ඝන ඇතිරිල්ලක් සකස් කර පැවති බවයි. මෙමගින් දෘඪ පුරාවස්තු එය විනිවිද පොළව තුළ තැන්පත් වී සටහන් ඇති වීම වළක්වා ඇත. මෙම ශාක ඇතිරිල්ල ගැන ඉඟියක් වෙනත් ගුහාවකින් ලබා ගත හැක. ශරීරයට යටින් තැන්පත්කළ ශාක කිණිති එකිනෙක තුළ පැදුරක් ආකාරයෙන් ගොතා තිබූ අතර මල් කිනිති වල සටහන් දකුණු ඇලයට සටහන් වී තිබිණි.

මෙම සොහොන් වලින් හමුව ඇත්තේ භූමිදාන චාරිත්‍ර වලදී මල් සහ තවත් ශාක කොටස් භාවිතා කළ බවට මුල්ම සාධක වුවත්, මීට ප්‍රථම නූතන ඉරාකයේ ශනිදාර් නම් ගුහාවේ භූමිදානය කළ නියන්ඩතාල් මානවයෙකුගේ සොහොනකින් සොයා ගත මල් සම්බන්ධ අවශේෂ සොයා ගැණුනි. ඇටසැකිල්ල ආසන්නයෙන් ලබාගත් පොලන් සාධක අන්වීක්ෂීය විශ්ලේෂණ වලට ලක්කොට එය වඩාත් තහවුරු කළත් මෑතකදී මෙම පර්යේෂණ ප්‍රතිඵල පුනරීක්ෂණයට ලක්කිරීමට සිදුවූයේ ඒ අවට මල් සහ බීජ රැස්කොට ගබඩා කිරීමට පුරුද්දක් ඇති ජර්ඩ්ස් (jirds), රොඩන්ටා කුලයට අයත් කුඩා සත්වයා සෑදූ වළවල් පැවතීමයි.

නූතනයේ දී මානව විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර ඇත්තේ මල් සංවේගය, අභිමානය, හර්ෂය සහ වෙනත් භාවයන් ප්‍රකාශ කිරීමට ලෝකය තුළ ව්‍යාප්ත බොහෝ සංස්කෘතීන්වල භාවිතා කරන බවයි. මෙම සොයා ගැනීම්වලින් තහවුරු වන්නේ මල් දෙස මේ ආකාරයෙන් බැලීම සහ සැලකීම කාලාන්තරයක් තිස්සේ සිදුවූ සාර්වත්‍රික දෙයක් වනවා මෙන්ම ශහස්‍රක වර්ෂ බොහෝමයකට පෙර ජීවත් වූ අප මුතුන් මිත්තන් හා අප අත්දැකීම් එකට බැඳ තබන හුයක් බවට ද පත්ව ඇති බවයි.

Archaeologists Find Evidence of Flowers Buried in a 12,000-Year-Old Cemetery වියමනෙහි පරිවර්තනයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ancient funeral cultures, Natufian culture, Shanidar Cave, Neanderthal grave


Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook