Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
බූන්දි, 03:36:24
යුරෝපා හවුලෙහි සමාරම්භක සාමාජිකයෙකු වූ මහා බ්‍රිතාන්‍යය ඉන් ඉවත්ව යා යුතුයැයි එහි සිටින ජනයා තීරණය කොට තිබේ. ලෝ පුරා දේශපාලන ප්‍රභූ ස්ථරයන් බොහොමයකටම පාහේ පාහේ අවශ්‍ය වූයේ මහා බ්‍රිතාන්‍ය යුරෝපා හවුල තුළ රඳවා තබා ගැනීමටයි. ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා සෘජු ලෙස ඊට සහයෝගය දැක්වීය. බ්‍රිතාන්‍යයේ ශාඛාවන් පවත්වා ගෙන යන ලොව සියළුම බහුජාතික සමාගම් සහ ප්‍රාග්ධනය උතුරා යන බැංකු සියල්ල බ්‍රිතාන්‍ය ජනතාව තැති ගැන්වූයේ පොදු හේතුවක් නිසාය. බ්‍රිතාන්‍ය ජාතික නොවන ඒ සියළු දෙනා ඒ වෙනුවෙන් පෙළඹ වූ කාරණය නම් ප්‍රාග්ධනයට නිදහසේ හැසිරීම වෙනුවෙන් යුරෝපය ශක්තිමත් වීමට නම් බ්‍රිතාන්‍ය එහි රැඳී සිටිය යුතුය යන ආකල්පයයි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ සහ ඔහුගේ පිරිවර සමඟින් එකපෙළට සිට ගත් අන්තර්ජාතික ප්‍රභූ දේශපාලන පැලැන්තියත්, රටවල් වලට වඩා විශාල සමාගම් වලත් අවශ්‍යතාවය සැඟවිය යුතු නොවීය. එහෙත් මේ පිරිවර සමඟ එකඟව හෝ නොඑකඟව අභිමුඛ වීමට එරට වාමාංශයට හැකියාව නොලැබුණේ ඇයි? බ්‍රිතාන්‍යය විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීම වාමාංශික දෘෂ්ඨිකෝණයක සිට කියවීමට සිදු කළ උත්සාහයකි මේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව සිය ප්‍රචාරණ කටයුතු සිදු කළ පිරිස් අතර කැපී පෙනුණේ අන්ත දක්ෂිණාංශික හඬයි. එය බ්‍රිතාන්‍ය ජාතිවාදී, සංක්‍රමණික විරෝධී, සරණාගත විරෝධී, ව්‍යාපාරයක් විය. ආර්ථික ගැටළු පෙරදැරි කරගෙන දියත් වූ හඬක් වුවද, ඊට හේතු ලෙස ඔවුන් දැක්වූයේ සියළු දෑ සඳහා වගකිව යුත්තේ යුරෝපා සංගමයෙන් පැමිණෙන සංක්‍රමණික ජනයා සහ යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිමය කාරණාවන්ය. එසේ නොමැතිව පසුගිය කාලය පුරාවට බ්‍රිතාන්‍යය මෙන්ම අනෙකුත් රටවල් පාලනය කළ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රශ්ණ කිරීමකට ලක් කළේ නැත. යුරෝපා සංගමයේ ආර්ථික, සාමාජයීය ප්‍රතිපත්ති සහ බැඳුම් ප්‍රශ්ණ කරනවාට වඩා වාමාංශය සිදු කළේ සංක්‍රමණික හිතවාදී, සරණාගත හිතවාදී අන්ත දක්ෂිණාංශයට එරෙහි ස්ථාවරයක සිට ජනමතවිචාරණයට මුහුණ දීමය. අතීතයේ සහ වර්තමානය තුළ වාමාංශය තුළ කතාබහට ලක්වන කරුණු කතිකාවට ලක්කිරීම වැදගත්ය.

බ්‍රිතාන්‍ය වාමාංශික ප්‍රවණතාවයට හිතකාමී මෝනිංස්ටාර් පුවත්පත තමන්ගේ නිල ස්ථාවරය ලෙස ප්‍රකාශ කළේ යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂ බවයි. ඒ සඳහා හේතු ලෙස දැක්වූ පහත කරුණ වැදගත්ය. ඔවුන් 1975 සිට සෘජුව මෙම ස්ථාවරය ගෙන තිබුණි. ඒ වන විට ප්‍රායෝගිකව අත්දැක නොතිබූ යුරෝපා සංගමය සම්බන්ධයෙන් ඔවුන්ගේ සැකය යොමු වී තිබුණේ සාමූහික පොදු වෙළදපොළක් තුළ ජනතා නියෝජිතයින්ගේ බලය ඉක්මවා ගොස් වෙළඳ බලාධිකාරයට යටත්වීමට සිදු වීමයි. මහජනතාවගේ බලය ඉක්මවා ගොස් එකී බලාධිපත්‍යයේ ග්‍රහණයට ලක් වීම අයර්ලන්තයේ, පෘතුගාලයේ මෙන්ම මෑතකදී ග්‍රීසියේ ජනතා කැමැත්තට සිදු වූ දේ ඇසුරින් තේරුම්ගත හැක.



"යුරෝපා සංගමයේ ගිවිසුමට එහා ගිය කිසිදු ප්‍රජාතාන්ත්‍රික තෝරා ගැනීමක් නොමැත." යුරෝපා කොමිසමේ ප්‍රධානී ජීන්-ක්ලූඩ් ජන්කර් විසින් ග්‍රීසියේ ජනතාව විසින් නව ලිබරල් ප්‍රතිපත්ති වලට එරෙහිව සිය ජනමතය ප්‍රකාශ කළ පසුව ඇති වූ ව්‍යාකූල තත්ත්වය තුළදී ප්‍රකාශ කළේය.

ඔවුන් විසින් මෙකී තත්ත්වය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා ලේබර් පක්ෂයේ වාමාංශික නායකයෙකු වූ ටෝනි බෙන්ගේ අදහසක් උපුටා දක්වයි. හිට්ලර්ගෙන් හෝ වෙනත් ඒකාධිපතියෙකුගෙන් එය සනාත කර ගැනීම සඳහා ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් ඔහු දක්වයි.

"ඔබ සතුවන බලය කවරේද? එය ඔබට ලැබුණේ කෙසේද? ඔබ එම බලය භාවිතා කරන්නේ කා වෙනුවෙන්ද? ඔබ විසින් වගකියන්නේ කාටද? අපට ඔබෙන් ගැලවිය හැක්කේ කෙසේද?"

ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු එහි මූලධර්ම වලට අනුකූලව තමන්ට බලය ලැබෙන්නේ මහජනතාවගෙන් බවත්, එය ඡන්ද විමසීමකදී බහුතරය මඟින් තමන්වෙත ලැබුණ බවත්, එසේම එකී බලය තමන් නියෝනය කරන පිරිස වෙනුවෙන් භාවිතා කරන බවත්, ඔහු විසින් සිය ජනතාව වෙත වගකියන බවත්, අවසාන වශයෙන් ඡන්ද විමසීමකදී තමන්ගේ බලය ඉවත්කරගත හැකි බවත් පවසයි. එහෙත් හිට්ලර්, ස්ටාලින් හෝ පිනොෂේ වැනි කිසිදු නායකයෙකු මෙකී ප්‍රශ්ණ සඳහා වග නොකියයි. එබඳු ඒකාධිපතීන්ට සමානව යුරෝපා සංගමයත් එම තත්ත්වයේම පසුවන ආයතනයක් වීම උත්ප්‍රාසය දනවන සුළු බව ටෝනි බෙන් පැහැදිලි කොට ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව අකමැති වුවද යුරෝපා සංගමය විසින් පටවන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අදාළ රටවල් වල ක්‍රියාත්මක කිරීමට එකී සාමාජික රටවලට අනිවාර්ය වී ඇත. නොඑසේ නම් දැඩි ආර්ථික සම්බාධක හෝ නොනවත්වා සිදු කෙරෙන අයුතු බලපෑම් වලට මුහුණ දීමට අදාළ රටවලට සිද්ධවනු ඇත.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයාගේ යුරෝපා සංගමය සමඟ සිටිය යුතුය යන ස්ථාවරය සහ ඔහු විසින් ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ සටන්පාඨ පරස්පර විරෝධී බවක් දක්නට ලැබුණි. ඔහුගේ සටන්පාඨ කිහිපයක් මෙසේය.

"කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිතතාවය"
"රැකියා සුරක්ෂිතතාවය"
"ඉහළ යන අධ්‍යාපන, සෞඛ්‍ය, පොදුපහසුකම් සඳහා වන රාජ්‍ය වියදම්"


එහෙත් යුරෝපා සංගමය තුළ මෙවැනි එකදු ඉල්ලීමකටවත් සාධානීය පිළිතුරක් ඇතැයි යැයි සිතීම උගහටය. ඒ වෙනුවට ඓතිහාසික වශයෙන් නව ලිබරල්වාදය දහම කොට ගත් යුරෝපා සංගමය, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැත. අවම කම්කරු තත්ත්වයන් පිළිබඳව නියමයන් දියත්වන විට ප්‍රාග්ධන හිමියන් වෙනුවෙන් දහසක් ඉල්ලීම් ඉෂ්ඨවිය. බහුජාතික සමාගම් වල ලාභය සම්බන්ධයෙන් සැළකිලිමත් වූ නමුදු සේවකයින් ගැන සැළකීම ද්වීතියික විය. රාජ්‍ය වියදම් පහත හෙලීම සම්බන්ධයෙන් සියළු රාජ්‍යයන් වෙත බලපෑම් කිරීමට යුරෝපා සංගමය පසුබට නොවීය.



ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලනවා වැනි ඉල්ලීම් පෙරටු කොට ගෙන නැග ගෙන එන සංක්‍රමණික විරෝධී අන්ත දක්ෂිනාංශික මතවාදයට කොන්දේසි විරහිතව විරෝධය පළකරමින් කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබීන්ගේ ජනමත විචාරණ ව්‍යාපාරය දියත් විය. ඒ අනුව සිය විවෘත වෙළදපොල සම්බන්ධයෙන් වන අදහස පරාජයට පත්වූ අගමැති ඩේවිඩ් කැමරන් මෙන් කම්කරු පක්ෂ නායකයාගේ අදහස පරාජයට පත්වූයේ නැත.

කම්කරු පක්ෂ නායකත්වයට පත් වීමට පෙර ජෙරමි කෝබින් යුරෝපා සංගමය එරෙහි මතවාදයක සිටියෙක් විය. එය ඔහුගේ නායකත්ව සටන පුරාවට ද දක්නට ලැබුනි. කම්කරු පක්ෂ ආණ්ඩුවක් පිහිටු වීම වෙනුවෙන් මෙතෙක් තමන් සතු වූ ස්කොට්ලන්ත ආසන සියල්ල අහිමි වූ තත්ත්වයක් තුළ බ්‍රිතාන්‍ය ලිබරල් මධ්‍යම පන්තිය වෙත ප්‍රවේශ වීම මෙම ස්ථාවරය තුළ ඇති වුවමනාව බව පැහැදිලිය. කොන්සවේටිව්, ලිබරල් ප්‍රජාතන්ත්‍රික මෙන්ම හරිත පක්ෂයට සතුවන මෙකී ජනපිරිස ආකර්ෂණය කර ගැනීම ඉදිරි කම්කරු පක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් වන අත්‍යාවශ්‍ය සාධකයකි. ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වූ මිල වෙනුවට ඔහුගේ මූලික ප්‍රතිපත්ති දියකර නොයැවීමට ඔහු සමත් වීම උපායමාර්ගික ලෙස සාර්ථක වීමක් ලෙස ගත හැකිය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂව ලද ඡන්ද, පවතින දේශපාලන ක්‍රමයට එරෙහි වූවක් බව පැහැදිලිය. අන්ත දක්ෂිනාංශිකයින් සිය ජාතිවාදී අවශ්‍යතාවන් හැඟීම්බර ලෙස ප්‍රචාරණය සදහා යොදා ගත්තද, ඒ ක්‍රම විරෝධය තුළ අන්තර්ගත වන දේශපාලන අවශ්‍යතාවය වටහා ගත හැක්කේ වාමාංශික දේශපාලන ප්‍රවේශයකින්ම පමණකි. මීට සමාන තත්ත්වයක් ඇති ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඇති ජනතා ආකර්ශණය කෙරෙහි බ්‍රිතාන්‍යයේ සමාජ හැසිරීම සිදු කරන බලපෑම ආකර්ශණීය නිරීක්ෂණයකි.

අවසාන වශයෙන් බ්‍රිතාන්‍යය තුළ ඇති විය හැකි ආර්ථික අවපාත තත්ත්වයන් වලින් වඩාත් පීඩාවට පත් වීමට නියමිත වන්නේ වැඩකරන ජනතාවයි. සංක්‍රමණිකයින් වෙත ඇති කරන ලද වෛරය එවිට කා වෙත එල්ල වේද යන්න සැක සහිතය. සැබෑ ලෙසම දේශපාලන ක්‍රමයේ ඇති විකෘතිය හඳුනා ගෙන ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට ජනතාව යොමු වීම, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය විසින් ජනතාව අතර ගෙන යන මතවාදයේ ශක්තිමත් බව විසින් තීරණය වනු ඇත. අගමැතිවරයා නික්ම ගිය පසු බොහෝ විට බ්‍රිතාන්‍ය මහමැතිවරණයක් පැමිණීමට ඉඩකඩ ඇත. කම්කරු පක්ෂයේ නායකත්වය කවදාටත් වඩා වැඩ කරන මිනිසුන්ට හිතවාදී වී ඇත. සමාජවාදය වෙනුවෙන් පෙනී සිට ඇත. අඳුරු වළා අතර රිදී ඉරක් සැඟව තිබිය හැකිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Brexit, Regrexit, United Kingdom, European Union, Leaving the European Union, David Cameron, Ranil Wickremesinghe, Labour Party
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
අදහස්
අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා
වෙසෙස්
ජෙරමි කෝබීන්- ලේබර් පක්ෂය ඩැහැ ගත් 'අන්ත වාමාංශිකයා'!
තවත් වෙසෙස් බූන්දි
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook