Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"
බූන්දි, 01:17:07
ගං වතුර විසින් පමා කරවනු ලැබූ "ඇගේ ඇස අග" පිළිබඳ මගේ කියවීම එළියට එනවිට ඒ පිළිබඳ බොහෝ විචාර විවේචන නිකුත් වී හමාර ය. අයෙක් "මාස්ටර්පීස්" ලෙස ද තවත් අයෙක් "මාට්ටුපීස්" ලෙස ද හඳගමගේ අලුත්ම සිනමා කෘතිය වර්ගීකරණය කරද්දී ඒ පිළිබඳ කතිකාව සිනමා කෘතියෙන් ඔබ්බට ගොස් සමාජ කතිකාවක් දක්වා වර්ධනය වෙමින් පවතී. සිනමාත්මක ප්‍රකාශනයකින් සමාජය තුළ ඇතිකරන කම්පනය තීව්‍ර කරවනු ලබන්නේ ඊට අදාළව නිර්මාණය වන කතිකාව විසිනි. එහෙයින් ඒ පිළිබඳව කරන කතිකාමය මැදිහත්වීමක් යනු සමාජ මැදිහත්වීමක් ලෙස ද අර්ථකතනය කල හැක.

"ඇගේ ඇස ඇග" පිළිබද ලියැවුනු බොහොමයක් විචාරයන් මතු කල ප්‍රධාන කරුණක් වූයේ එය හඳගමගේ පරිණතම සිනමා කෘතිය බවයි. එමෙන්ම චිත්‍රපටය නැරඹූ බොහෝ මිතුරන්ගේ ද අදහස වූයේ "ඉවරවෙන කල් කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්" යන්නයි. එය එසේ හැඟී යාමට හේතුව විය හැක්කේ හඳගම සිය පූර්ව නිර්මාණ සියල්ලටම වඩා ප්‍රේක්ෂකභාවය (Spectatorship) පිළිබඳව මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු කර තිබීමයි. චිත්‍රපටය පුරාවටම ඔහු ප්‍රේක්ෂකභාවය සංචාලනය (Manipulating spectatorship) කරයි. ඒ හරහා ඔහු විසින් ප්‍රේක්ෂකයාගේ ආශාව සිය චිත්‍රපටයේ සමස්ත ධාවන කාලය පුරාම හසුරවනු ලබයි. චිත්‍රපටයේ තුන් වන රූප රාමුවේදී ම හඳගම අපට ශිෂ්‍යාවගේ චරිතය (රිතිකා කොඩිතුවක්කු) හඳුන්වාදෙන්නේ දුහුල් තිර රෙද්දකින් ළාවට වැසුනු ඇගේ නිරුවත හරහා ය. එමගින් ඇයව ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව (Object of desire) බවට පත් කරයි. එතැන් සිට ප්‍රේක්ෂකයා විපරීතයෙකු (Pervert) බවට පත්වී දිගු ගවුම් අතරින් ඇගේ නිරුවත සොයමින් සිටියි. ඇයගේ නාසිසිස්ටික පැවැත්ම විසින් නැවත නැවතත් සිය ශරීරය ස්වයං උත්කර්ෂයට නැංවීමෙන් සහ ප්‍රේක්ෂකයාට පිටුපා මහාචාර්යවරයාට (ද්‍රිතිමත් චැටර්ජි) හා ඔහුගේ බිරිඳට (ස්වර්ණා මල්ලවාරච්චි) සිය නිරුවත ප්‍රදර්ශනය කිරීමෙන් මෙම විපරීතභාවය තව තවත් පෝෂණය වෙයි. එය කූඨප්‍රාප්තියට පත්වන්නේ මහාචාර්යවරයාගේ ෆැන්ටසිය තුළ ඔවුන් දෙදෙනා සංසර්ගයේ යෙදෙද්දී ඔවුන්ව වසා සිටින ඇඳ ඇතිරිල්ලක සිදුරක් හරහා කැමරාව ගමන් කර එම සංසර්ගය ප්‍රේක්ෂකයා හමුවේ විදාරණය කිරීමෙනි. මේවන විට ප්‍රේක්ෂකයා යතුරු සිදුරෙන් එබී බලන විපරීතයෙකු බවට පත් වී අවසන් ය. හඳගම චිත්‍රපටය ආරම්භයේ සිට ගොඩනංවන්නේ ප්‍රේක්ෂකයාගේ විපරීත ආශාවයි. අප සිනමා තිරය දෙස බලනවා නොව සිනමා තිරය අපව නරඹනවාය යන සිනමා කියවීමේ ප්‍රවේශය මෙහිදී අපට අදාළ කරගත හැක.

චිත්‍රපටයේ පදනම ඉතාම සරල අර්ථයකින් ගත හොත් එය විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකුට ආශක්ත වන ඔහුගේම ශිෂ්‍යාවක් සහ එම සම්බන්ධතාවය නිසා අර්බුදයට යන ඔහුගේ මධ්‍යම පාංතික කුටුම්භය පිළිබද ආඛ්‍යානයකි. ශිෂ්‍යාව මහාචාර්යවරයා තමා වෙත ආකර්ශණය කර ගැනීමට දිගින් දිගටම තැත් කරයි. ඇයම පවසන පරිදි ඇයට අවශ්‍ය ඔහුගේ ආශාවේ වස්තුව බවට පත් වීමට ය. ඇය සිය ආශාව මෙන්ම මහාචාර්යවරයා සමග සිදුවන ඇයගේ අභිමුඛවීම් ද ඔහුගේ බිරිඳට වාර්තා කරයි.



"සර් මගේ ඇඟේ හැම අස්සක් මුල්ලක් ම දන්නවා. සර් හොයන්නෙ මොනව ද කියලා මට තේරෙන්නේ නෑ. තේරුම් ගන්න ඕනත් නෑ. මැඩම් ළඟ නැති - මං ළඟ තියෙන මොකක් දෝ දෙයක් සර් හොයනවා. මං කැමැතියි සර්ගෙ ආශාව වෙලා ඉන්න. ඒ වෙනුවෙන් මගේ මුළු ජීවිතය ම කැප කරන්න ඕන මට."

ආශාවේ වස්තුව පිළිබඳ "The Life of David Gale" චිත්‍රපටයේ කොටසක් විස්තර කරන ස්ලැවොයි ශීශෙක්ට අනුව "අපට කිසිවිටෙකත් අප ආශා කරන වස්තුව අප සතු කර ගැනීමට අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස ඔබේ බිරිඳ මිය ගිය හොත් අනියම් බිරිඳ සමග වඩා තෘප්තිමත් ජීවිතයක් ආරම්භ කල හැකි යැයි ඔබ අපේක්ෂා කරයි නම් අවසානයේ සිදු වනු ඇත්තේ ඔබට ඔබගේ බිරිඳත් අනියම් බිරිඳත් යන දෙදෙනාම අහිමි වී යාමයි. ඔබට ඇත්ත වශයෙන්ම උවමනා කර ඇත්තේ ඔබේ අනියම් බිරිඳ සමග එකට ජීවත් වීමට නොව ඔබ සිහින මවන ආශාවේ වස්තුව ලෙස ඇයව ඔබගේ ෆැන්ටසිය තුළ පවත්වාගෙන යාමට හා ඇයව ලබා ගැනීමට උත්සාහ දැරීමේ ප්‍රහර්ෂය බුක්ති වීඳීමට පමණි."

ආශාව සහ ෆැන්ටසිය සූත්‍රගත කරන ජාක් ලැකාන්ට අනුව ෆැන්ටසිය නිර්මාණය වන්නේ අනෙකා හිමි කරගත නොහැකි වීම නිසා අනෙකා පිළිබඳව ගොඩනැගෙන ආශාව හේතු කොට ගෙන ය. එය විරුද්ධාභාෂයකි (Paradox). ආශාවේ වස්තුව විසින් අපගේ ආශාව නිර්මාණය කරන අතරම එයින් අපව හැකිතාක් ඈත් කොට තබා ගනියි. ඒ අනුව ඔබට අවශ්‍ය ආශාවේ වස්තුව අත්පත් කර ගැනීමට නොව ඒ පිළිබඳ ෆැන්ටසිය අත්පත් කර ගැනීමට ය. ඔබගේ යථාර්ථය සහ ආශාව අතර ඇති හිඩැස පුරවාලන්නේ එම ෆැන්ටසිය මගිනි.

චිත්‍රපටයේ මහාචාර්යවරයාගේ චරිතය ගොඩනැගෙන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. ඔහු කිසිවිටෙකත් ශිෂ්‍යාව තමා සතු කර ගැනීමට උත්සාහ නොදරයි. ඇයව හැකිතාක් සිය යථාර්ථයෙන් ඈත් කොට තබා ගනිමින් ඇය හේතුවෙන්ම ගොඩනැගෙන තම ෆැන්ටසිය තුළ පමණක් ඇයව වැළඳගනියි. තත්ත්වය වර්ධනය වන්නේ මහාචාර්යවරයාගේ බිරිඳ විසින් ශිෂ්‍යාව සිය නිවසටම රැගෙන ඒමත් සමග ය. තම ආශාවේ වස්තුව ඔහුගේ කුටුම්බය තුළටම රැගෙන ආ පසුව සිදුවන්නේ ඔහුගේ ෆැන්ටසිය ළගා කර ගැනීමේ හැකියාව තවත් ළං වීම නොව වඩ වඩාත් දුරස්වීමයි. කුඩා කොරිඩෝවකින් එහා දොරකින් පමණක් වෙන්වී ඇති ඔහුත් ඔහුගේ ආශාවේ වස්තුවත් භෞතිකව සමීපවත්ම මේ කුඩා ඉඩ කඩ අතර ඇති බාධාවේ විශාලත්වය ඉහල යයි. දුර සිටින නෑනා අවුරුද්දට ගමේ ආ පසු ලොකු පැදුරේ එහා කෙළවරේ නිදා සිටින විට ඉස්මතු වන්නේ ද මේ ආකාරයේම ෆැන්ටසියකි.

විත්‍රපටයේ ශිෂ්‍යාවගේ චරිතය ගොඩනැගෙන්නේ ස්ත්‍රීත්වය යනු කුමක්දැයි යන්න සොයා යන හිස්ටෙරිකයෙකු ලෙස ය. ඇය මහාචාර්යවරයාගේ ආශාවේ වස්තුව බවට පත් වීමට උත්සාහ දරන අතරම ඒ බව ඔහුගේ බිරිඳට දැනුම් දෙයි. මහාචාර්යවරයාගේ බිරිඳ සමග ඇයගේ ඇති සබඳතාවය උනන්දුව ලබා ගැනීමේ ඊර්ශ්‍යාවක් (Jealousy to Interest) ලෙස හැඳින්විය හැක.

"ඔයා දැන් හීනියට හිටියට පස්සෙ වයසට යනකොට අල ගෝනියක් වගේ මහත් වෙයි!"
"පඳුරු ගානෙ ලැගලා පුලුවන්ද මේ වගේ ඇඟවල් හදන්න."
ආදී ප්‍රති ප්‍රහාර වලින් ඔවුනොවුන්ගෙන් ප්‍රක්ශේපණය වන්නේ මහාචාර්යවරයාගේ උනන්දුව දිනා ගැනීම පිළිබඳ ඊර්ශ්‍යාවයි. එසේම මහාචාර්යවරයා වෙනුවෙන් කෑම පිස දීම, තේ සැදීම වැනි වතාවත් ඉටු කරන අතරේම ඇය ඔහුගේ දරුවෙකු සිය කුස තුළ දැරීමට අපේක්ශා කරයි. ඇය මෙකී සියලු ක්‍රියාවන් හරහා යළි යළිත් වර නගන එකම ප්‍රශ්නය ස්ත්‍රියක් වනවා යනු කුමක්ද යන්නයි. ඒ අනුව ඇය සිය ස්ත්‍රීත්වය පිළිබඳ රික්තකය පුරවා ගැනීමට උත්සාහ දරන්නේ මහාචාර්යවරයා, ඔහුගේ බිරිඳ සහ ඇය අතර නිර්මාණය කරගන්නා ත්‍රිකෝණ සබඳතාවය තුළ ය. දීප්ති කුමාර ගුණරත්න සිය "හිස්ටීරියාව" කෘතිය තුළ මෙම තත්ත්වය සිග්මන් ෆ්‍රොයිඩ් ගේ සුප්‍රකට ප්‍රත්‍යෙක අධ්‍යයනයක් (Case study ) වන ඩෝරාගේ වාර්තාව ඇසුරින් විග්‍රහ කරයි.



"ඩෝරාට ස්ත්‍රීත්වය යනු කවුද යන්න අභිරහසක් නිරූපණය කරන උත්තරයකි. ඒ අනුව ඩෝරා තමා අවට සිටින අයට ආදරය කරනවා වෙනුවට තම ආත්මීය ස්ථාවරයේ සිට අනන්‍ය වෙයි. ඇගේ ප්‍රශ්ණය ස්ත්‍රීත්වය යනු කුමක් ද යන්න ය. ස්ත්‍රීත්වය අභිරහසකි. ඒ සදහා නිරූපිත හැගවුම්කාරකයක් නැත. එබැවින් ඇය උත්සාහ කරන්නේ පිරිමියෙකුට සම්බන්ධ වන ස්ත්‍රියක් හරහා එනම් Relation එකක් හරහා ස්ත්‍රියක් වීම වටහා ගැනීමයි. ස්ත්‍රියක් ලෙස ඩෝරා විසින් ස්ත්‍රීත්වය කුමක්ද කියා වටහා ගැනීමට යෑමේදී ඇගේ අහම (Ego) වන්නේ K මහත්මියගේ සැමියා ය. එනම් K මහතා ය. අප වටහා ගත යුතු වන්නේ ස්ත්‍රියක් වීම යන ගැටලුවේ සිටින ස්ත්‍රියකගේ අහම පිරිමියෙකු සමග අනන්‍ය වී ඇත යන්න ය. එය ආදරය නොව අනන්‍ය වීමය. ස්ත්‍රියක් තමාව පිරිමියෙකුගේ ආශාවේ වස්තුව ලෙස පිළිගැනීම හරහා ඩෝරා K මහතාව පරමාදර්ශීකරණය කරයි."

(මෙම වාර්තාව පදනම් වන්නේ හිස්ටීරියා රෝගියෙකු වන ඩෝරා (අන්වර්ථ නාමයක්) සහ ඇයව වසඟයට ගැනීමට උත්සාහ දරන K මහතාත් අතර සම්බන්ධයත්, K මහතාගේ බිරිඳ සමග ඩෝරාගේ පියා සබඳතාවක් පවත්වන නිසා K මහත්මිය කෙරෙහි ඇය තුළ වර්ධනය වී වන ඊර්ශ්‍යාවත් (Jealousy interest) පිළිබඳව ය.)

ශිෂ්‍යාව සිය නිවසට රැගෙන ඒම මහාචාර්යවරයාගේ බිරිඳ ඔහු හමුවේ අර්ථ දක්වන්නේ "ඔය තැන් තැන් වල ඒ ළමයව හම්බෙන එක ඔයාට හොදත් නෑ, එයාට හොඳත් නෑ" යනුවෙනි. එමෙන්ම මහාචාර්යවරයා විසින් නිරන්තරයෙන්ම ශිෂ්‍යාව ප්‍රතික්ශේප කරන්නේ ද ඔහුගේ පවුලට සහ ඇයගේ අනාගතයට එයින් අත්විය හැකි භයානක ඉරණම පිළිබදඳව සිහිපත් කරමින් ය.

"මේක භයානක සෙල්ලමක්, මට පවුලක් ඉන්නවා, ඔයාට අනාගතයක් තියෙනවා."

මෙහිදී මහාචාර්යවරයා සිය ආශාවේ වස්තුව අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන බාධාව ලෙස දක්වන්නේ "සංකේතීය පිළිවෙළ" (Symbolic order) යි. ලැකාන් විසින් "මහා අනෙකා" (Big other) ලෙස ද හඳුන්වාදෙන සංකේතීය පිළිවෙළ යනු ශිෂ්ඨත්වය සහ සමාජ සම්මතය පිළිබද අදෘශ්‍යමාන නියාමකයයි. මෙකී මහා අනෙකා විසින් ඔවුන් සිය ආශාව හඹායෑම පාලනය කරනු ලබයි.

මහාචාර්යවරයාගේ බිරිඳගේ චරිතය හරහා චිත්‍රපටය විසින් අපට ආගම නැමැති මහා අනෙකා අභිමුඛ කරවයි. බෞද්ධ ආගමික සන්දර්භයක් තුළ මෙය ගොඩනැගුන ද ඒ හරහා සංකේතීයව නිරූපණය වන්නේ ආගම නැමැති පොදු සංකල්පය බව පැහැදිලි ය. මහාචාර්යවරයා නිවසට එන සෑම අවස්ථාවකම බිරිඳ සිටින්නේ බුදුන් වඳිමින් ය. ඇය සිය ඒකාකාරී ජීවිතය දරා සිටින්නේ තම ආගමික ලබ්ධිය තුලින් ය. සිය දියණිය (සඳලි ඈශ්) පන්සල් යෑමට බල කරන විට "තරුණ ළමයින්ට මොකටද ඔය හැටි පන්සල් පිස්සුවක්?" ලෙස ඇය ප්‍රශ්ණ කරන්නේ ද තම ජීවිතයේ නිස්සාරත්වය සිය තරුණ දියණියට හිමි නොවිය යුතු යැයි ඈ සතු ප්‍රාර්ථනාව නිසා ය. තම සැමියාගේ ආශාව රැදී පවතින්නේ තමා කෙරෙහි නොව ශිෂ්‍යාව කෙරෙහි බව ඇයට ස්ථීර වූ පසු ඇය එයද ආගම ඇසුරේ සාධාරණීකරණය කිරීමට උත්සාහ දරයි. ජද්දන්ත ජාතකයේ, චුල්ල සුභද්‍රා හා මහා සුභද්‍රා කථාව, අශෝක අධිරාජ්‍යයාගේ නිල බිරිඳ සහ පෙම්වතිය පිළිබද කතාව ආදි බෞද්ධ පුරාණෝක්ති කෑම මේසය මත දිගහරින්නේ මේ සදහා ය. එසේ වුවද මේ උපාසිකාවගේ මුවින් "පට්ට වේසි, වරෙන් කන්න", "තොගෙ අම්මා පඳුරු ගානේ ලැග්ග ද?" වැනි වදන් හරහා පොලා පනින්නේ ඇයගේ උතුරු සලුවෙන් වසා සිටින අශිෂ්ඨ ග්‍රාම්‍යත්වයයි.



"ශුද්ධ භූමිය කෙළසන්න එපා... !"

චිත්‍රපටය අවසානයේ පංසල තුළ ඇතිවන ගැටුම හරහා නිරූපණය වන්නේ මහා අනෙකාගේ ශුද්ධත්වය අතික්‍රමණය කරන අශිෂ්ඨ ගෝත්‍රිකභාවයයි. ආගමික ශුද්ධ භූමියේ පහන් කණු, ශිෂ්ඨත්වයේ මල් වට්ටි බිම දැමූ අශිෂ්ඨත්වය විසින් උස්සා පොළොවේ ගසයි. මහාචාර්යවරයාගේ බිරිඳ "අපි ඉක්මනින් මෙතනින් යමු" ලෙස යෝජනා කරන්නේ මේ අශිෂ්ඨත්වයෙන් හැකි ඉක්මනින් පලා යෑමටය. ශිශෙක් විසින් "මහා අනෙකා තව දුරටත් නොපවතියි" යනුවෙන් න්‍යායගත කරන්නේ මේ තත්වයි. එහිදී ශිශෙක් විසින් ලැකාන්ව උපුටා දක්වන්නේ මෙසේ ය. "දෙවියන් මිය ගියේ අද නොවේ. ඔහු ආරම්භයේ සිටිම මියගොසිනි. එහෙත් ඔහු ඒ බව නොදනී."

ආගම ඇතුලු සංකේතීය පිළිවෙළෙහි පැවැත්ම පශ්චාත් නූතන පරිභෝජනවාදී සමාජයේ දී අහෝසි වී ගොස් ඇත. ඒ හරහා තහනම වෙනුවට වසඟයට බල කරවනු ලැබූ ලිබරල් සමාජයක් ධනවාදය විසින් නිර්මාණය කර ඇත. පවුල, ආගම, සදාචාරය, සමාජීය විඥාණය බිඳ වැටී ගොස් ඒ වෙනුවට හැකිතාක් විනෝදය සදහා බල කරවනු ලැබූ සමාජයක් ඉතිරි වී ඇත. සංකේතීය පිළිවෙළ බිඳ වැටුනු කළ හැකිව ඇත්තේ ඇයට තනිවම අඬන්නට ඉඩ හැරීම පමණි.

චිත්‍රපටය තුළ මහාචාර්යවරයාගේ දියණියගේ චරිතය හරහා නිරූපණය වන්නේ ඉහත කී පශ්චාත් නූතන පරිභෝජනවාදී සමාජයේ ගොදුරයි. කළලයක සිටින බිළිඳෙකුගේ ඉරියව්වෙන් රූපවාහිනිය තුළ ඇය සොයන්නේ මොනවා ද? කුටුම්බයේ සිදුවන සියලු ගැටුම් මැද ඇය රසල් පීටර්ස්ගේ හිටිවන කොමඩි හරහා විනෝදය සොයා යයි. ගෙදර පැමිණි පසු හැඟීම් විරහිතව හායි කියා සුරතල් සතෙකුට මෙන් රස කැවිළි විසිකරන පියා විසින් අනාරක්ෂිතභාවය නිසා අනන්‍යතා අර්බුදයට ලක් වීමෙන් 'මම' යනු කවුදැයි සොයා යෑමට බලකිරීම පිළිබඳව කරන රූපවාහිනී දේශනාවක් ද මේ අතරේ ඇයගේ ඇස ගැටෙයි. ඇය සිය මව සමග පන්සල් යන්නේ සිය ජීවිතයේ සාරය ආගමෙන් හෝ සොයා ගැනීමේ අටියෙනි. එහෙත් ඉහත සදහන් කළ පන්සල් භූමිය තුළ ඇතිවන ගැටුමෙන් පසු එය ද ඇගේ ඇස් මානයෙහි ම බිඳ වැටෙයි. ඇය සහ ශිෂ්‍යාව අතර ගැටුමට පියා මැදිහත් වීම සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වන්නේ "ඇයි තමුසෙට රිදෙනව ද?" යනුවෙන් ප්‍රශ්න කිරීමෙනි. ඊට පෙරළා පියා දක්වන ප්‍රතිචාරය වන්නේ කම්මුල් පහරකි. මේ ක්‍රියාවලියෙන් ඔවුන් අතර පවතින ශිෂ්ඨත්වයේ බැම්ම කුඩු පට්ටම් වී ඇද වැටෙයි. ඇය දුම්රියට පැන සිය දිවි නසා ගැනීමට දිව යන්නේ ඇයට එයින් උරුම වන ක්ෂිතිමය අත්දැකීම (Traumatic experience) නිසා ය. ශිශෙක් විසින් 'ජිවිතයේ ගුප්ත අතිරික්තය' ලෙස නිර්වචනය කරන ලැකාන්ගේ 'මරණ ආශය' (Death drive) නැමැති සංකල්පය මේ තත්වය සමග සමග බැඳී පවතී.

අවසාන වශයෙන් "ඇගේ ඇස අග" විශිෂ්ඨ සිනමා කෘතියක් නොවන්නේ ඇයි දැයි සලකා බැලීම වැදගත් ය. ඒ එය සිනමාව සතු ශක්‍යතා උපරිම ලෙස ග්‍රහණය කර ගැනීමට අපොහොසත් වන නිසා ය. සංකල්ප (Concept) වලට වඩාත් වැඩි අවධානයක් යොමු කරමින් ඒ මතම පදනම් වීම නිසා සිනමාත්මක සම්පාදනය (Cinematic execution) තුළින් උක්ත සංකල්ප කුළුගැන්වීමේ ඇති හැකියාව චිත්‍රපටය තුළ අවතක්සේරු වී ගොස් ඇත. චිත්‍රපටයේ චරිත වල ජීවන චක්‍රයේ ඇති ඒකාකාරීත්වය යළි යළිත් වර නැගෙන (repetitive) රූප භාවිතයෙන් ඉදිරිපත් කිරීම පැරණි තාක්ෂණික උපක්‍රමයක් වුවද එය අනවශ්‍ය ලෙස ඇද ගෙන නොයෑමට සිනමාකරුවා සමත් වී ඇත. රූප රාමුව තුළ ඇති රාමු (Frame within a frame) හරහා අවකාශය හකුලා දැක්වීම චිත්‍රපටයේ යොදා ගෙන ඇති තවත් එක් උපක්‍රමයක් වුව ද එය හුදෙක් අලංකාරක ආයිත්තමක් බවට පත්වන්නේ සංගතභාවයකින් යුතුව යොදා ගැනීමට අපොහොසත් වීම නිසා ය. මීට අමතරව බැනියම් ඉබේ පහල වීම්, ගමන් මලු අතුරුදහන් වීම්, ස්ථානයන් එකවරම වෙනස් වීම් වැනි අඛණ්ඩතා බිඳවැටීම් (Continuity errors) කියාපාන්නේ හුදු නොසැලකිලිමත් බවයි.

චිත්‍රපටයේ සංගීතය තනිකරම විකාරයකි. මනෝභාවයන් කුළු ගැන්වීමට සදහා පමණක්ම නොව සංගීතයට අර්ථ නිර්මාණය කිරීමේ හැකියාවක් ද පවතින බව (විශේෂයෙන්ම චිත්‍රපටයකදී රූපය හා සංගීතය එකතුවෙන් තුන් වන අර්ථයක් නිර්මාණය කළ හැකි බව) චිත්‍රාල් සෝමපාලට ආගන්තුක සංකල්පයක් යන වග පැහැදිලි ය. එසේම සංගීතයේ නොඉවසිලිවන්තභාවය විසින් චිත්‍රපටයේ සිදුවීම් වල මනෝ භාවයන් පූර්ව ලෙස පාවා දෙනු ලබයි. චිත්‍රපටය අවසානයේ එන ගීතයේ සාර්ථකත්වය සනිටුහන් කරන්නේ ඔහු හුදෙක් සරළ ගී නිර්මාපකයෙක් පමණක් බව ය.

මේ සියල්ල ඒ අයුරින්ම තිබියදී "ඇගේ ඇස ඇග" යනු ශ්‍රී ලාංකික සන්දර්භයක් තුළ සාර්ථක නිර්මාණයක් මෙන්ම ඕනෑම කුලකයකට අයත් වන ප්‍රේක්ෂකයෙකු ප්‍රබල ලෙස කම්පනය කරවීමට සමත් සිනමා කෘතියක් බව කැට තබා කිව හැක.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Let Her Cry [Ege Esa Aga], Sinhala Movie, Asoka Handagama, Chithral Somapala, Swarna Mallawarachchi, Dhritiman Chatterjee, Rithika Kodithuwakku, Sandali Ash,
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් පතිරණගෙන් තවත් වියමන්
අදහස්
Miles of a Dream | හිම කැටයක් වගේ ඔබ ඇවිත්... දිය වෙලා යනවා නම්...
තවත් Cine බූන්දි
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
විපරීත යුගයක තරුණ සිනමාව
ආලෝකය නොදිටිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook