Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය
බූන්දි, 02:27:07
මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය පදනම් කරගෙන මෙම ලිපිය ලියැවෙයි. ඒ පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විවිධ අදහස් පළකර තිබිණි. බැක්ටීරියාවක් පානීය ජලයට මිශ්‍රවීමෙන් සතියකට වැසූ සරසවිය මසකටත් වැඩි කාලයක් මෙසේ විවෘත නොකිරීමට තරම් ඊනියා නව්‍ය යුගයේ ගෝත්‍රික නවකවද සිදුවීමක් හේතුවීම විමසිය යුත්තකි. පහත පළවන්නේ කැලණි සරසවියේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් ම'විසින් ඒ පිළිබඳ කෙරෙන කෙටි විමසුමකි. (මේ අදහස්වල වගකීම ලියුම්කරු සතුය.)

විශ්වවිද්‍යාලය යනු කුමක් ද?

විශ්වවිද්‍යාලය යනු කෙබඳු තැනක් ද යන්න පිළිබඳ ව මහාචාර්ය ජැක් ඩෙරීඩා සිය අවසන් සම්මුඛ සාකච්ඡාවේ දී පළ කළ අදහසක් මෙසේය. මෙය ලිපිය පුරා පදනම් අදහස ලෙස ගැනෙයි.

"අනාගත විශ්වවිද්‍යාලය යනු සත්‍ය සෙවීමට එරෙහි කොන්දේසි කිසිවක් නොමැති, අලුත් දේ දැනගැනීමට සහ විවේචනය කිරීමට නිදහස ඇති, ප්‍රශ්න කිරීමට සහ සැක කිරීමට වරම් හිමිවන, දේශපාලන හෝ ආගමික බලය විසින් කිසිසේත් ම සීමා නොකෙරෙන පරමාදර්ශී තැනකි." (-2015.10.11, සත්හඬ)

සත්‍ය සෙවීම කෙසේවෙතත් විවේචනය කිරීම සහ ප්‍රශ්න ඇසීමට ඇති අයිතිය හෝ මෙරට විශ්වවිද්‍යාලවල පූර්ණ වශයෙන් දක්නට ලැබෙන්නේ ද යන්න විමසිය යුතුය. විද්‍යාර්ථීන් කුඩා දරුවන් හෝ නොදැමුණු මැරවරයන් යැයි සිතා සීසීටීවී කැමරා සවිකරමින් ගෙන යන පාලනය මෙන් ම නවකවදයේ නාමයෙන් කෙරෙන සිසු පෞරුෂ බිඳ දැමීම් ද ඩෙරීඩාගේ ඉහත අදහසට ප්‍රතිපක්ෂය. මෙකී නවකවද සිදුවීම පදනම් කරගෙන ජනමාධ්‍ය සිදු කළ පුළුල් ප්‍රචාරය හා සමඟ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ද නා නා අදහස් මතු විය. සිසුන් අත්අඩංගුවට ගැනීමට පක්ෂ ව, විපක්ෂ ව මෙන් ම නවකවදයට පක්ෂ ව, විපක්ෂ ව ආදී වශයෙන් විවිධ අය අදහස් පළ කර තිබිණි. IMS Sathyaprasad නමැති පේරාදෙණිය සරසවියේ කථීකාචාර්යවරයෙකු සිය මුහුණු පොතේ මෙවැනි උත්ප්‍රාසාත්මක අදහසක් පළ කර තිබිණි; "රජය සරසවි සිසුන්ට නිල ඇඳුමක් යෝජනා කළොත් ඔබ මොකද කියන්නේ?"

මොහු උත්ප්‍රාසාත්මක ව කරන මේ යෝජනාව හා බැඳි අරුත වැදගත්ය. නිල ඇඳුම යනු සීමාවකි. ඩෙරීඩියානු අර්ථයෙන් ගත් කළ පරමාදර්ශී තැනකට සීමා පැනවූ නිල ඇඳුමක් කොහෙත් ම නොගැළපේ. ඒ අර්ථයෙන් පළමු වසර සිසුන්ට නියම කෙරෙන මේ කරදරකාරී ඇඳුම් කොන්දේසි විරහිත ව ප්‍රතික්ෂේප කළ යුතුය.

දේශපාලන ප්‍රතිගාමීත්වය ජවිපෙ සහ පෙසප

ජනතා විමුක්ති පෙරමුණේ දෙදරා යාමට පොරොතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලය තිබුණේ එහි ශිෂ්‍ය අංශය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ය. ජවිපෙ දෙදරා යාමත් සමඟ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි බලයට උරුමකම් කී අතර එහි ශිෂ්‍ය අංශය වූ විප්ලවවාදී ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය තුළ බලවත් විය. ජවිපෙ මේ වන විට ඇතුළත ශිෂ්‍ය බලය දිනා ගැනීමේ සටනක නියැලෙන අතර ඒ සඳහා සිය නියෝජිතයන් නිරතුරුව ම උසිගන්වනු ද දක්නට ලැබේ.

දැනට සරසවි ශිෂ්‍ය සංගම්වල එක් ධ්‍රැවයක් නියෝජනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දේශපාලන වශයෙන් ප්‍රතිගාමී බව ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ගෙන් පෙනී යන්නකි. ඊට නිදසන් කිහිපයක් මෙසේය.

පසුගිය දිනෙක පේරාදෙණිය සරසවි ශිෂ්‍ය සංගම් මගින් සංවිධානය කළ කථීකාවකට මෙරට පක්ෂ ගණනාවකින් නියෝජිතයන් සහභාගී විය. එයට සහභාගී වූ සමාජවාදී සමානතා පක්ෂය (සසපය) තෙවන ලෝක යුද අවධානමත්, අධිරාජ්‍යවාදය ඊට කැසකවන ආකාරයත් නිර්දය ලෙස හෙළි කළේය. සිය අදහස් දැක්වීමේ දී ඊට පිළිතුරු සැපයූ පෙසපයේ චමීර කොස්වත්ත පැවසුවේ එය ආකර්ශනීය කථාන්දරයක් බවත්, ඒ රසවත් කථාවෙන් තණ පතක් හෝ නොසෙල්වුණු බවත් ය. මේ ගැන තවත් කිවයුතු නොවේ. සසපය සුවිසල් අධ්‍යයනයක ඵලයක් ලෙස හෙළි කළ දෑ පෙරටුගාමීන්ට රසවත් කථාවක් පමණක් ම විය.

තවත් කාරණයක් නම්, ජවිපෙ මාක්ස්වාදී නොවූවත් ශිෂ්‍ය සංගම්වල බලය තිබූ කාලයේ දේශන (පංති) මගින් ශිෂ්‍යයන් තරමක් හෝ සවිඥානික කිරීමයි. පෙරටුගාමීන්ගේ මෙවැන්නක් නොපෙනෙන අතර ඔවුන් උගන්වන්නේ එදිනෙදා ප්‍රශ්නවලට අරගල කරන ආකාරය යි.
පොලිස් නිලධාරීන්ට බැනවැදීම හා සියලු ආවේගයන් ඔවුන් හරහා පිටකරන නායකයන් උද්ඝෝෂණ අතරතුර ඕනෑ තරම් දැකගත හැකිය. පොලිසිය යනු රාජ්‍යයේ එක් උපාංගයක් පමණකැයි නොදන්නන් සමඟ කුමන දේශපාලනයක් ද?

යට කී ලෙසින් දේශපාලන ප්‍රතිගාමීත්වයේ පත්ලට ම ගිලී ඇති ශිෂ්‍ය දේශපාලනය ශිෂ්‍යයන් ව ම මර්ධනය කරගනිමින් සිටියි. ප්‍රථම වසර ඊනියා නම්නීකරණය (අධිරාජ්‍යවාදයේ නව ස්වරූපය ගෝලීයකරණය වූවා සේ ම නවකවදයේ නව ස්වරූපය මෙය වෙයි) මගින් ශිෂ්‍යයන්ගේ එරෙහි ව නැගීමේ පෞරුෂයන් බිඳ දැමීම සිදු වෙයි. මේ තතු උඩ නව අදහස් උදහස් හෝ විප්ලවීය නිමැවුම් නොවීම අරුමයක් ද?

දේශපාලනික ව අවිඥානික වීම භයානක තතුවලට මග පාදයි. දෘෂ්‍යමානයෙන් ශිෂ්‍යයන් හා පරිපාලනය අතර පැන නැගී ඇති ප්‍රශ්නයේ සැබෑ මූලයන් දැන් දෘෂ්ටිජාලා නමැති පාංශු ස්ථරයන්ගෙන් වැසී ගොස් ය. ඒවා කැන සැබෑ මුල් පාදා ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ වෙනුවට දැන් කෙරෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික පෞරුෂයන් හා අගතීන් අභියෝගයට ලක්කරමින් ෆේස්බුක් මඩ ප්‍රචාර ගෙන යාම දක්වා තත්ත්වය ලඝු කිරීමයි.

මුග්ධභාවයේ ශිෂ්‍ය සංගම්

විවේචනවලට සහ ප්‍රතික්‍රියාවලට ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් නොවීම අන් කවර තැනකටත් වඩා විශ්වවිද්‍යාලයක් තුළ භයානක ය. සිසු- ගුරු දෙපාර්ශවයෙන් ම ත්, දෙපාර්ශවයට ම ත් ඒ අයිතිය තිබිය යුතු ය. උද්ගත වී ඇති තත්ත්වයට මුල් වූයේ ප්‍රථම වසර සිසුවියක් කලිසමකින් සැරසී සරසවි භූමියට පිවිසීම වරදක් වීම නිසාය. මේ කාරණාව මුල් ව විහිදී ගිය තවත් පැති ගණනාවකි. කෙසේ වුවත් මෙහි අවුලක් ඇත. මතයකට එකඟවීම මෙන් ම ඊට විරුද්ධ ව වැඩ කිරීමට ද සරසවියක් තුළ ඉඩකඩ තිබිය යුතුය. මේ සෑම දෙයක් ම අනෙකාගේ නිදහසට හා අයිතීන්ට යටත්ව ය. එවැනි පසුබිමක් තුළ පමණි ඩෙරීඩා කී අර්ථයේ සරසවියක් තැනෙනුයේ.

හෙගලියානු අර්ථයෙන් ගත් කල විවේචකයා ය හොඳ ම මග පෙන්වන්නා වනුයේ. 'ඔබගේ හොඳ ම විවේචකයා තුළින් ඔබගේ අනන්‍යතාවය හෙළිවේ' ය යන කියුම ශිෂ්‍ය නායකයන් නොදන්නේ මන්ද? ඊට න්‍යායාධාර සපයන පෙසපය නොදන්නේ මන්ද? කීර්ති බාලසූරිය 1970 දී ජවිපෙ ගැන කී පරිදි ෆැසිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණේ එක් ශාඛාවක් පමණක් ලෙස පෙසපය ක්‍රියා කරත් ද? මෙය විසඳා ගත යුතු ය. (කියවන්න- ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හා පංති ස්වභාවය, කීර්ති බාලසූරිය)

මානුෂික නවකවදය

සුදු පවතින්නේ කලුවල ප්‍රතිපක්ෂය ලෙස ය. දේවල් එහි ප්‍රතිපක්ෂයන් නිසා පවතින බව හෙගල් පෙන්වා දුන් අතර මාක්ස් එය වඩාත් ඉදිරියට ගෙන ගියේ ය. කලුවල පැවැත්මට සුදු හේතු වන අතර කලු යනු කිසිසේත් ම සුදු නොවේ. එහි විලෝමය ද එසේ ම ය. මෙ පරිදි ම මානුෂික, අමානුෂික යන වචනවල අර්ථයන් ද එක ම රේඛාවේ අන්ත දෙකක බව පෙනී යයි. කිසිවිටෙක මේවා සමානාර්ථයෙන් නොයෙදේ. මේ අර්ථයෙන් ගත් කල 'දැන් නවකවදය නෑ තියෙන්නෙ නම්නීකරණ වැඩසටහන්...' යන්න විරුද්ධාභාසයකි. එය හරියට ජන ඝාතන යුද්ධයට මානුෂික මෙහෙයුම කීවා වැනිය. හිංසාකාරී කිසිවක් මානුෂික නොවන බව තව තවත් පැහැදිලි කළ යුතු නැත.

පළමු වසර සිසුන්ට පැනවෙන සීමා

සරසවි උප සංස්කෘතියේ තිබෙන දෑ මහා සමාජයට හෙළිදරව් කිරීමේ දෝෂාරෝපණය මට එල්ලවනු ඇත. මෙය තීරණාත්මක මොහොතකි. සියලු ප්‍රතිගාමීත්වයන් සුද්ද කර ගැනීමට ලැබුණු දුර්වල මොහොතක් මෙන් ම උපසංස්කෘතිය කියා දෙයක් සැබෑ ලෝකයේ නැති හෙයින් ද තව දුරටත් මෙය ලියැවෙයි.

ඊනියා නම්නීකරණය යටතේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් නවකයන්ට පැනවෙන සීමා ගණනාවකි. ඉන් පීඩාකාරී වූ කිහිපයක් ඉතා ලුහුඬින් මෙසේ ය. ශිෂ්‍යයන් අත් කොට කමිසයත් දිග කලිසමත් හැඳ යටකර සපත්තු දමා පැමිණිය යුතු ය. කොණ්ඩය කොටට කපා රැවුල බෑම අනිවාර්ය ය. ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකට බැඳ පතුළ තෙක් දිග සායක් සහ ගෙල තෙක් බොත්තම් පියවෙන හැට්ටයක් ඇඳිය යුතු ය. රබර් සෙරප්පු පැළඳිය යුතු ය. කිසි විටෙක සරසවිය තුළ ජංගම දුරකථන ක්‍රියාත්මක ව තබා ගැනීම තහනම් ය. (අත්‍යවශ්‍ය ම විටෙක දී ජ්‍යෙෂ්ඨයෙකුගෙන් අවසර ගෙන භාවිත කළ හැකිය.) ශිෂ්‍ය අත්පොත හා ෆයිල් කවරය සෑම විටෙක ම අතෙහි නොතිබීම වරදකි. සරසවි බිමෙහි පනවා ඇති එළිමහන් අසුන්වල හිඳගැනීම තහනම් ය. පුස්තකාලය හැර කිසිදු කියවීම් ශාලාවක් භාවිත කළ නොහැකි ය. ආපනශාලා ගණනාවක් අතුරින් ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ආපනශාලාව පමණක් නවකයන්ට නියමිත ය. සරසවිය පුරා වන කෙටි මාවත් තහනම් වන අතර තෙල් බැම්ම (ප්‍රධාන මාවත දෙපස ඇති බැම්ම, මෙහි සිට ය ජ්‍යෙෂ්ඨයන් කණිෂ්ඨයන්ට උපසංස්කෘතිය පිළිබඳ ඊනියා අවබෝධය ලබා දෙනුයේ, තෙල බෙදනුයේ) ඉදිරියෙන් දිවෙන ප්‍රධාන මාර්ගය භාවිත කළ යුතු ය. තෙල් බැම්ම පුරුෂෝත්තමවාදයේ ප්‍රතිමූර්තියකි. ඔවුන් ඉහළ සිට පවුලේ සාමාජිකයන්ගේ තතු විමසන අතර නවකයන් පිළිතුරු දිය යුත්තේ පියාගේ පටන් ය. මවගෙන් පටන්ගතහොත් කුණු බැනුම් ය. ආපනශාලාවට තෙල් බැම්ම පසුකර යා යුතු වෙයි. මේ නිසාවෙන් දවස පුරා නොකා නොබී සිටින සිසුන් ඕනෑතරම් වෙයි. දේශනවලට නොගොස් ආපසු හැරී යන්නෝ කොතරම් ද? මා දන්නා මානසික අවපීඩනයෙන් පෙළෙන එක් සිසුවියක් තෙල් බැම්මේ ප්‍රශ්නකිරීම් නිසා මාස තුනක සුවනොවන විශාද තත්ත්වයකට පත් ව රෝහල් ගත කෙරිණි. හේතු යුක්ති නොමැති ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා රැගෙන යාම තවත් අගතියකි. ශිෂ්‍ය සංගම් මෙතෙක් කළ අරගලවල ප්‍රතිඵල ලෙස සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට ම බොහෝ දෑ උරුම ව ඇත්තේ ය. ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔවුන්ට ගෞරවය හිමිවිය යුතු අතර කිසිදු දේශපාලන දැනුවත් කිරීමකින් තොර ව දක්කාගෙන යාම් අනුමත කළ නොහැකිය. නවකයෝ ජ්‍යෙෂ්ඨයන්ට බියෙන් යනවා විනා එකඟතාවයකින් යන්නෝ නොවෙති.

කළ යුත්තේ කුමක් ද?

ලිපිය අනවශ්‍ය දිගු කිරීමකට නොයා කරුණු තුනක් කෙටියෙන් අවධාරණය කරමි.

ⅰ. 'චිරාත් කාලයක් සිට නවකවදය සරසවි උපසංස්කෘතියේ අංගයක්' යැයි කියන්නන් ද, 'මොනවද මේ ශිෂ්‍යයො ඉල්ලන පහසුකම්, අපි ඒ කාලෙ ඉගෙන ගත්තෙ පොල් අතු මඩුවල' යැයි කියන්නන් ද සුචරිත ගම්ලත්ගේ ගුරු ගුණ සමර කෘතිය කෙසේ වෙතත් එහි සතර වන එළැඹුම හෝ කියවන ලෙස ඉල්ලා සිටිමි.

ⅱ. දෙපාර්ශවයේ ම අදහස් ජඩ මාධ්‍ය සංස්කෘතිය තුළ අලෙවි වෙමින් පවතී. අද ජනමාධ්‍ය යනු සත්‍යයට පරස්පර වූවකි. ඔවුහු රිසි රිසි පරිදි කපා කොටා සකස් කර ගත් දෑ පමණක් පළ කරති. දෘඪතර අධ්‍යාපන කප්පාදුවට එරෙහි ව නැගෙන ශිෂ්‍ය ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමට මෙවැනි අවස්ථා එනතෙක් පාලකයෝ මග බලා සිටිති. මෙවැනි අවස්ථා පොහොර දමා වර්ධනය කරති. ජනමාධ්‍යය තුළ ඉඩක් දුර්වලයන්ට නැති හෙයින් බලය ඇත්තෝ රිසි රිසි දේ කියති. මේ ප්‍රශ්නයේ දී තැලෙන දෙපාර්ශ්වය ම කළ යුත්තේ සංයුක්ත සත්‍යයන් ලේඛන මාර්ගයෙන් හෙළිදරව් කිරීමයි. මෙ මගින් සත්‍ය කුමක්දැයි පසු ව හෝ වටහා ගැනීමට ප්‍රගතිශීලී මතධාරීන්ට හැකිවන්නේ ය.

ⅲ. මේ මොහොතේ වැදගත් ම දෙය ක්‍රියාත්මකභාවය නොව සිතීමය යනුවෙන් ස්ලැවෝජ් ජිජැක් පවසයි. අප ජීවත් වන දෘෂ්ටිවාදී සමාජය යනු සිතීම නවතා දමන්නට අණ ලැබී ඇති සමාජයකි. 'පරිභෝජන භාණ්ඩ සමඟ විනෝද වනු' යන දෝංකාරය සිව් දෙසින් ඇසෙන කල්හි කුමන සිතීමක් ද? එහෙයින් නැවත සිතීම වැදගත් වන්නේ ය. ගතානුගතික රැඩිකල් ස්වභාවය ඉවත ලා සිතීමට හා ඉතිහාසය නැවත කියවීමට පෙළඹිය යුතු ය. ඒ සඳහා ජවිපෙට කිසිදු හැකියාවක් නොමැති අතර පෙරටුගාමීන් ද විශේෂ වෙනසක් පෙන්වන්නේ නැත. ග්‍රීසියේ සිරිසා හැදෑරීමෙන් ඔබ්බට ගොස් මාක්ස්ගේ පටන් ඩෙරීඩා මෙන් ම නූතන ම ස්ලැවොජ් ජිජැක් දක්වාත් කියවීමකට යාමෙන් තොර ව තවදුරටත් ශිෂ්‍ය අරගල කිරීම ඵල රහිත ය. එසේ කරන සියලු අරගල ප්‍රතිසංස්කරණ පමණක් ම වන අතර ඒවා ක්‍රමය තුළ ම දියවී ගිලී යන්නේ ය.

-කේ. ඩී. දර්ශන
[කැලණිය විශ්වවිද්‍යාලය]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ragging in University of Kelaniya, Sri Lankan Universities, Abuse on Newcomers, Sri Lankan Educational Institutions, JVP, Frontline Socialist Party, Jacques Derrida, Slavoj Žižek
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
රංග
'එකම මිනියට වැඩිම වැන්දඹුවන් ඉන්න රට'- දහස් ගණන් වැන්දඹුවෝ
තවත් අදහස් බූන්දි
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
[සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්
[සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.

"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)

"සමහර විටෙක මිනිස්සු වැරදියට... [More]
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
ඔත්තු| "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්

6-Secs

තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ "දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ සංවාදයක්, 2018 ජනවාරි 27, සෙනසුරාදා, ප.ව. 2.30ට,... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
වෙසෙස්| එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා

5-Mins

(මහේෂි බී. වීරකෝන්) පුරාතන ග්‍රීක පෞර රාජ්‍යන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්ථානයක් ගනුයේ ඇතන්ස් සහ ස්පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස් වූ දේශපාලනික සහ... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
කතන්දර| "කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]

45-Secs

"කොණ්ඩෙ කපන කොටි බාබර්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rohini Nilekani ලියා, Angie හා Upesh සිත්තම් කළ "The Haircut" ළමා කතන්දරයේ... [More]
BoondiLets| ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
වෙසෙස්| තෙත්බිම් පුරා අසූචි විසුරුවන 'සහස්‍රයේ නගරය'

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මානව වර්ගයා වනගත දිවියෙන් නික්ම ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාර ඇරඹු අවදියේ මුහුණ දුන් නව අභියෝග අතර ප්‍රමුඛ ගැටලුවක් වුයේ එතෙක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
කතන්දර| "කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]

38-Secs

"කණ්ණාඩියෙ හැංගි හොරා"- පොඩිත්තන්ට ලස්සන පුංචි කතන්දරයක් [කාටූන්]- Rachita Udaykumar ලියා, Suvidha Mistry සිත්තම් කළ "My Best Friend" සිඟිති කතන්දරයේ... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
BoondiLets| ඒබ්‍රහම් ටී. කොවූර් කියයි.
තමන් විසින් පානු ලබන ඊනියා ප්‍රාතිහාර්යයන් පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ නොදෙන්නා තක්කඩියෙකි. එබඳු පරීක්ෂා කිරීමකට ධෛර්යය නොමැත්තා පහසුවෙන් මුළාවේ වැටෙන්නෙකි. පරීක්ෂාවකින් තොරව සියල්ල විශ්වාස කිරීමට... [More]
කතන්දර| චිත්‍ර ප්‍රදර්ශනය

2-Mins

(අනුෂ්ක තිලකරත්න) පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි... [More]
ඔත්තු| "ගුත්තිල කාව්‍ය" වේදිකාවට!

13-Secs

"ගුත්තිල කාව්‍ය"- අඛිල සපුමල්ගේ නවතම සංගීත නාට්‍යයේ මංගල දැක්ම, 2018 ජනවාරි 11 වන දින, ලයනල්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook