Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ලිංගය සහ ලිංගිකතාව අතර වෙනස- Judith Butler
Gender (ලිංගය) සහ Sex (ලිංගිකතාව/ ලිංගත්වය) අතර වෙනස කුමක්ද? බාහිර පුද්ගල ස්වරූපය සහ ලිංගිකතාව අතරැති සම්බන්ධය කුමක්ද? ඇතැමුන් විකල්ප ලිංගික අනන්‍යතා සහිත වූවන්ට වෛර කරන්නේ ඇයි? ජූඩිත් බට්ලර් පශ්චාත් ව්‍යුහවාදී දාර්ශනිකාව විසින් මෙකී විමසුම් සඳහා දෙන ලද කෙටි පැහැදිලි කිරීමකි මේ.
බූන්දි, 02:09:16
වෙනත් පිරිමින්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් සිටිය හැක. එමෙන්ම, ගැහැණුන්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් ද සිටිය හැක. සමලිංගික ගැහැණුන්ට කැමති හෝ විෂම ලිංගික පිරිමින්ට කැමති හෝ එකී දෙවර්ගයටම කැමති හෝ එකී දෙවර්ගයටම අකමැති හෝ සංක්‍රාන්ති ලිංගික ගැහැණුන් සිටිය හැක. එනිසාවෙන්, අපට කිසියම් පුද්ගලයෙකුගේ ලිංගිකතාව (Sexuality) පිළිබඳ අවසන් නිගමනයකට එනු පිණිස ඔහුගේ ලිංගය (Gender), විශේෂයෙන් ලිංග විලාසය (Gender presentation) පදනම් කර ගැනීම කළ නොහැක්කකි.

පෙනුමෙන් ගැහැණියක් බඳු පිරිමියෙක් නිත්‍ය වශයෙන් විෂමලිංගික වීමට ඉඩ ඇති අතර එබඳුම තවකෙකු සමලිංගික පිරිමියෙකු වීමට ද ඉඩ ඇත. අපට ලිංගය මගින් ලිංගිකතාව නිර්ණය කළ නොහැක. එමෙන්ම, ලිංග ප්‍රතිමානකය ක්‍රියා කරන්නේ කෙලෙසින්ද යන්න වටහා ගැනීමේදී අප විසින් පැහැදිලිවම සලකා බැලිය යුතු වන්නේ, තමන් නිදියන්නේ ගැහැණුන් සමග පමණ ද යන්නත් තමුන් ආකර්ශණය වන්නේ ගැහැණුන්ට පමණ ද යන්නත් කිසිවෙකුගේ උභයාර්ථවාචී ලිංග විලාසය මගින් තමන්ගේ විෂමලිංගික පැවැත්ම අර්බුදයට යවන්නේ ද යන්නත් සැක හැර දැන ගැනීමට අවශ්‍ය නිසා ගැහැණු පිරිමිභාවය හඳුනාගැනීමට යොමු වෙන පිරිමි සිටින බවයි. එමෙන්ම, තමන් සම්බන්ධයෙන් පුරුෂරූපී කිසිවක් හෝ නොමැති ද යන්නත්, තමන් විවික්ත ලෙසම විෂමලිංගික වනු පිණිස විවික්ත ලෙසම ස්ත්‍රීරූපී ද යන්නත් සැක හැර දැන ගැනීමට අවශ්‍ය ගැහැණු ද සිටිති. එබඳු කාංසාවක් මගින් ඇතැම් සාහසික ප්‍රතිවිපාක ඇති වීමට ද ඉඩ තිබේ: "මම සමලිංගික නොවේ. මට සමලිංගිකයෝ පේන්න බෑ. මම හිතන්නේ සමලිංගිකයෝ පිටුවහල් කරන්න ඕනේ. සමලිංගිකයො විවාහ වෙන්න ඕනෙ නැහැ."

එබඳු අතිශයින්ම ප්‍රතිගාමී අදහස් ගණනාවක් පදනම්ව ඇත්තේ එවන් කාංසාවන් මතය. උදාහරණ ලෙසින්, ඒඩ්ස් පිළිබඳ සිතන අන්දම සලකා බැලිය හැක. ඒඩ්ස් මගින් මියයන්නන් විෂමානුපාතික ලෙසින් සමලිංගිකයන් බවත් ඔවුන් මියෙන්නේ ඔවුන්ගේම වරදින් බවත් බොහෝ දෙනෙක් අදහති. එමෙන්ම, ඔවුන් ජීවත්වීමට තරම් වටිනා ජීවිත ගත නොකළ හෙයින් මැරුණාට කමක් නැතැයි ද සිතති.

පිරිමිබව ස්ත්‍රීභාවයෙනුත්, විෂම ලිංගිකත්වය සමලිංගිකත්වයෙනුත් සම්පූර්ණයෙන්ම වෙන් කරගැනීමට අවශ්‍ය පුද්ගලයින්, ලිංගය සහ ලිංගිකතාව අතර වෙනස තේරුම් ගෙන ඇති අන්දම නොසලකා, අපට සංක්‍රාන්ති-භීතිකාව සහ සමලිංගික-භීතිකාව වටහා ගත නොහැක.

[BigThink වෙබ් අඩවියේ පළවූ The Difference Between Sex and Gender ලිපියේ පරිවර්තනයකි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sex and Gender, Judith Butler, American philosopher, Gender theorist, Gender Trouble: Feminism and the Subversion of Identity
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
මුතුරාජවෙල වනසන්නට පෙර
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook