Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කවියෙකු, කෙටිකතාකරුවෙකු හා නවකතාකරුවෙකු වන චන්ද්‍රරත්න බණ්ඩාරගේ නවතම නවකතා නිර්මාණය වන 'වලාකුළු බැම්ම' මේ වනවිට සහෘදගතවී හමාරය. මේ වලාකුළු බැම්මත්, ඒ නවකතාවත් සම්බන්ධයෙන් වර්තමානයේදී කැනඩාවේ දිවිහරින කතුවරයාගේ පරිකල්පණීය අත්දැකීම් හා වෙනත් සාහිත්‍යමය අහුමුලූ පිළිබඳ කරන සංවාදයකි. මෙය මුල්වරට රාවය පුවත්පතෙහි පළ විය.
බූන්දි, 00:25:19
වලාකුළු බැම්මට අනුභූතීන් සපයන්නේ ඔබ කුඩා කල අත්වින්ද ගම කියලයි පෙනෙන්නෙ?

වලාකුළු බැම්ම නවකතාවේ අත්දැකීම මගේ ම කියලා කියන්ඩ බෑ. ඒත් ඒ කතාව විකාශනය කරන්නඩ අවශ්‍ය භූගෝලීය කලාපය සකස් කරන්නේ අපේ ගම. ඒ වගෙම ගම ආශි‍්‍රත හඟුරන්කෙත, දියතිලක කෝරළය ආදිය ඇතුළත් භූගෝලීය කලාපය. නිර්මාණකරුවෙකුට තමන් උපන් පරිසරය හෝ හැදුණු වැඩුණු පරිසරය එක්ක සංවේදනා ගලපන එක ලේසියි. අද වන විට මට මගේ නිජ පරිසරයත්, ජීවිතයේ ලස්සණ දවස්වල ආ ගිය තැන් ගැනත් එක්තරා ආකාරයක රොමෑන්තික බැඳීමක් තියෙනවා. විශේෂයෙන් යුරෝපා රටක ජීවිතයක් ගත කරද්දී මේ තත්ත්වය තදින් දැනෙනවා. ළමා අවධියේ අපි අවට පිපුණු හෙන්දිරික්කා මල්වල සුවඳ පවා අද මතක් වෙනවා. නවකතාවේදී අරං තියෙන ඇහැල හා සපුමල් පවා හුදු සැරසිල්ලක් නෙමෙයි. ඒවා මගේ බරසාර මතකයට කා වැදුණු ලස්සණක් හා සුවඳක් එකතු කරනවා. සමහර විට මේ මතකයන් මේ තරමට බරසාර වෙන්නෙ මම විදේශයක ජීවත් වෙන නිසා වෙන්ඩ ඇති. ඇත්තටම වලාකුළු බැම්ම කියවපු වැඩි දෙනෙක් අගය කරන, භාෂාව සකස් කර ගන්ඩ මේ මතක සුවඳ විශාල බලපෑමක් වුණා කියලයි මට හිතෙන්නේ.

කිසියම් අවිනිශ්චිත භාෂාමය හා ආකෘතිකමය අරගලයක හෙවණැලි පොත කියවද්දි පේන්ඩ තියෙනවා?

වලාකුළු බැම්මට නිමිත්තක් විදිහට ගන්ඩ නිශ්චිත දෙයක් මට තිබ්බා. ඒ විතරක් නෙමෙයි, මම දේශපාලනික සත්ත්වයෙක් නිසා ඒක මට හරිම නුදුරු වුණා. ඇත්තටම ඒ නිමිත්ත මට අපූරුවට දැනුණා. ඒත් ඒ කතා නායකයාගේ ඇත්ත ජීවන විලාසය ගලාගෙන ගියේ නවකතාවේ විදියට ම නෙමෙයි. ඔහු පියසිරි වගේ සියුමැලි කෙනෙක් නෙමෙයි. රළු අදහස් තියෙන, අරමුණක් ජය ගන්න නොසෙල්වෙන, අධිෂ්ඨානශීලී කෙනෙක්. ඒත් පියසිරිගේ වගෙම ඔහුගෙ ජීවිතයත් අර්බුදයකට යනවා. හැබැයි මානව වටිනාකම් එක්ක ඔහු ඉදිරි ජීවිතය ගත කරන්නට වෑයම් කරනවා.

මේක ලියන්න ගත්තාම මට මුලින් ඕනෙ වුණේ මගේ කතා නිමිත්තේ ඇත්ත කර්තෘවරයාගේ සත්‍ය ජීවිතය ඒ විදිහට ම නිර්මාණයට ගන්ඩ. ඒ සඳහා මං කලින් සකස් කර ගත්ත නිර්මාණ ආකෘතියක් තිබ්බා. ඒත් කතාව ලියාගෙන යන විට ඒ ධාරණාවන් පළක් නෑ කියලා හිතෙන්ඩ ගත්තා. ඊට පස්සේ මං කෘතිය විසින් ඉල්ලා සිටි ආකෘතියට අවනත වුණා. එතනින් පොතට හොඳක් වුණාද නරකක් වුණාද කියලා මට කියන්න අමාරුයි.

ඒ වගෙම පොතේ කිසියම් දුරක් යනකම් මං පාවිච්චි කළේ ලිඛිත ව්‍යවහාරය. ඒත් අදහස් ගලා ඒමට ඒක අවහිරයක් වගේ දැනුනා. ඒ නිසා කට වහර අනුව ඒ ටික ආයෙමත් ලිව්වා. ඒත් ඒ ලියවිල්ලත් මට අනන්‍ය නිර්මාණ භාෂාව නොවන බව පස්සෙ හැඟී ගියා. ඒ දෙකේම මිශ‍්‍රණයක් සහිත භාෂා ව්‍යවහාරයෙන් වලාකුළු බැම්ම ලියවුණේ ඊට පස්සේ.

මේ කතාව ප‍්‍රධාන වශයෙන් ගලා යන්නේ යථාර්ථවාදී සහ අධි යථාර්ථවාදී සංකේතමය දෙමුහුන් රීතියක් ඇතුළේ. මෙකී ආඛ්‍යාන ක‍්‍රමය ඔබගේ ප‍්‍රකාශනයට වැදගත් වුණේ කොහොමද?

සම්පූර්ණයෙන්ම අධි යථාර්ථවාදී රීතියක් මගේ තේමාවට අනුචිත බව මට හැඟුණා. එවැනි රීතියක් පාවිච්චි කරන්න ගියොත් මගේ අතින් වලාකුළු බැම්ම මැනවින් කැටයම් නොවේය කියන සැකයත් මට තිබුණා. ඒ නිසා සමහර විස්තෘත අවස්ථා නිරූපණයට විතරයි මම අධි යථාර්ථවාදී ව්‍යවහාරය පාවිච්චි කළේ.

'කැණිමඬල ගිනි ගත් දා' කියන මගේ මුල්ම කෙටිකතා පොත මුළුමනින්ම වගේ ලියවුණේ අධි යතාර්ථවාදී රීතියෙන්. ඒත් මං ඊළඟට ලිව් හැම පොතක්ම වගේ බර යථාර්ථාවාදී රීතියට. කොහොම වුණත් අසාමාන්‍ය ජීවන මානයන් නිරූපණයට වඩා හොඳ අධි යථාර්ථවාදී රීතිය කියලයි මං කල්පනා කරන්නේ. ඒත් වළාකුළු බැම්ම ඒ ශෛලියයෙන් විතරක් ලිව්වා නම් චරිත හා උපමාන මීට වඩා වෙනසකට භාජනය වෙනවා.

වලාකුළු බැම්ම ලේඛන රීතිය ඇතුළේ පේන්න තියෙන සුවිශේෂී කරුණ තමයි රූපණය සඳහා සියුම් වශයෙන් අවධානය යොමු කර තිබීම. අධික රූපණය පාඨකයාගේ කියවීම කෙරෙහි බලපාන්නේ කොයි විදිහටද කියලද ඔබ කල්පනා කරන්නේ?

මෑත කාලයේ සිංහල නවකතාවක නොවූ තරම් චරිත හා අවස්ථා රූපණය මේ පොතේ වැඩිපුර ටිකක් තියෙනවා තමයි. මේ නවකතාව මං අවුරුදු තුනහමාරක් තිස්සේ දවසට පැය හතර ගානේ ලිව්වා. ඒ විදේශයක ජීවත් වෙමින්. ඉතිං විශේෂයෙන් ලංකාවේ පරිසරය තුළ සිදුවන සිදුවීම් නැවත පරිකල්පනය කරද්දී මම ම එහි කොටස් කාරයෙක් වුණා. එහෙම වෙද්දී කතාව මගේම හෘද සාක්ෂීය ප‍්‍රකාශනයක් බවට පත් වුණා. උදාහරණයක් විදියට උඩහ අත්තම්මා කියන චරිතය ගන්න පුළුවං. ඒක ගොඩ නැගුනේ ඒ වගේ ඇත්ත චරිතයකට මගේ තිබුණු හෘදයාංගම නෑකම නැවත සිහිපත් කරමින්ග ඒ සිහිපත් කිරීම විප‍්‍රවාසීව ජීවත්වන, මැදිවියේ සංස්කෘතික මිනිසෙකුට දැනෙන්නේ හරිම හැඟීම්බරව. ඒක හරියට කවියක් ගීතයක් ලියවෙන ආරම්මණය ඇති වෙනවා වගේ. කොටින්ම කියනවානම් භාෂාවේ හැඩ තල සැකසුනේ පවා මේ චරිතවලට මගේ තිබුණු හෘදයාංගම නෑකම හරහා.

මට ආභාසය සැපයූ ඇත්ත චරිතයට දේව දූතයෙක් ගැන ආසාවක් නැති බව මට විශ්වාසයි. ඒත් කතාවෙදි මං ඔහු දේවදූතයෙක් කරනවා. මගේ ලෝකය තුළ පරමාදර්ශී ගැමි දරුවා නැංවෙන ඉහළම තැන තමයි ඒ. කතාවෙදි ඒ දේ සිදුවෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ ජාගර ආසාවට ගෙවන අල්ලසක් විදිහට මිස ඔහුගේ අවශ්‍යතාවට නෙමෙයි. මේ සිදුවීමත් එහි පරස්පරයත් දෙකම ඇත්ත. ඔබ ඇහුවා වගේ, මේ කතාවේ රූපණය බහුල වුණේ මේ වගේ කාරණාවල සමබරතාව රැක ගන්නත් එක්ක.

ඔබ කල්පනා කරන විදිහට මේ කතාවේ චරිත, චරිත වශයෙන් නියෝජනාත්මකද?

කතාවේ සමස්තය ගොඩ නැගීමට මේ සියලූ චරිත දායක වුණා. ඉතිං චරිත වශයෙන් ඒවා නියෝජනාත්මකයි. උදාහරණයක් විදිහට පියසිරිගේ මව වන ලොකු මැණිකා ගමුකෝ. ඒ මාතෘ ගුණය අපටම හිමිව තිබුණු සංස්කෘතික දේපළක කොටසක් නෙවෙයිද? අපි අද දවසේ හොයාගෙන යන මහා සිංහලත්ව ව්‍යාපාරය ඒ අහිමිවීම පිළිබඳ තැකීමක් කරනවාද? කණස්සල්ලක්වත් තියෙනවාද? බුදු දහම ව්‍යවස්ථාවට එකතු කල යුතු යයි කියන අය වෙදාත්තා, සිල්මෑණියෝ, උඩහ අත්තම්මා රැකගත් පෝෂණය කළ, බුදු දහමේ සැබෑ ඇතුලාන්තය අහිමි වීම ගැන තැකීමක් කරනවාද? නෑනෙ.

නියෝජනාත්මක චරිතයක් විදිහට සෙල්වි සුවිශේෂයි කියලා මට හිතෙනවා. ඒ නියෝජනය ගැන පැහැදිලි කිරීම මොකද්ද?

යාපනයේ දෙමළ සමාජය, සිංහල සමාජයට වඩා සාපේක්ෂව සාම්ප‍්‍රදායික එකක්. දෙමළ ස්ති‍්‍රය රැකුණු කොටු පවුර, සිංහල කාන්තාවට තිබුණු කොට පවුරට වඩා විශාලයි. සාපේක්ෂ වශයෙන් සිංහල කාන්තාවට වඩා දේශපාලන සමාජ සංස්කෘතික ව්‍යාපාරවල දෙමළ ගැහැනු චරිත අඩු ඒකයි. ඒත් දේශපාලන පීඩනය පුපුරා යද්දී මේ සම්ප‍්‍රදායික වැට කඩුලූ සියල්ල බිඳී විසිරී ගියා. කොටු පවුරු තුළ සිර වී සිටීමේ අධිෂ්ඨානයෙන්ම ඔවුන් සටනේදී අධිෂ්ඨාන සහගත වුණා. සම්ප‍්‍රදායික සමාජයේදී පුරුදු පුහුණු කළ ගුණ දහම් සටනේදීත් උපයෝගී කර ගත්තා.

මේ දෙමළ ගැහැනු චරිතයේ උච්චතම නියෝජනය සෙල්විග පත්තිනි, පාර්වතී, රාධා, රෝසා ලක්ෂම්බර්ග්, කමලා දේවි, විවියන් ගුණවර්ධන. පියසීලි විජේගුණසිංහ, කාමලිකා අබේරත්න ආදී විශිෂ්ට ගණයේ චරිතවල හොඳම ලක්ෂණ මම සෙල්විගේ ජීවි ප‍්‍රතිමාව හැදීමට භාවිත කළා. ඒත් ඒක හිතා මතා වූ නිරූපණයක් ය කියලා කියන්නත් බෑ. ඒක කතාව විසින් ඉල්ලා සිටි නිරූපණයක්. සමහර වෙලාවල මගේම හෘද සාක්ෂියේ හා පේ‍්‍රමයේ බලාපොරොත්තුව ඒක වෙන්න පුළුවං. ඒ විදිහේ බලාපොරොත්තුවක් කාටත් තියෙනවා. පත්තිනි දේවිය අඹ ගෙඩියකින් උපද්දවාගෙන පතිවෘතාවේ හිමිකාරිත්වය ඇයට පවරන්න ඇත්තෙ මං වගේ පිරිමි වෙන්ඩ ඇති. සෙල්වි එක අතකට දේශපාලන පීඩිත බවේත්, එහි ප‍්‍රතිකි‍්‍රයාවේත් නියෝජනයක් මෙන්ම ලයාන්විත පිරිමි හදවතක බලාපොරොත්තුවේත් නියෝජනයක්. වලාකුළු බැම්මේ සෙල්වි ඇතුළත් පරිච්ඡේද කුමක්දෝ නොහැ‍‍ඟෙන උද්දාමයකින් මම විටින් විට කියවනවා. විචාරකයන් මොනවා කියුවත් සෙල්වි උපද්දවීම පිළිබඳ මට තියෙන්නේ බරපතළ හැඟීමක්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Walakulu Bamma Sinhala Novel by Chandrarathna Bandara, Interview on Sinhala Literature, Sri Lankan Author
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
අදහස්
කෝටි ගණන් වැය කළ ආණ්ඩුවේ හරාකිරි ප්‍රචාරණ කලාව
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook