Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රංග බූන්දි
කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය
-(ආදි විද්‍යාර්ථීයෙකුගෙන් සහෘද සටහනක්)
බූන්දි, 08:19:48
පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී වේදිකාගත වූ කෞශල්‍යා ප්‍රනාන්දුගේ 'දුටුතැන අල්ලනු' වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයෙන් එල්ලවූ ගල්ප්‍රහාරය හා දැඩි ඝෝෂාකාරී විරුද්ධත්වය හේතුවෙන් එය අතරමග නවත්වා දැමීමට සිදුවූ පුවතෙහි උණුසුම මේ වනතුරුද නිවී අවසන්වී නොමැත. නමුත් තව නොබෝ දිනක් යන විට මෙය තවත් එක් හුදකෙලා සිදුවීමක් පමණක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. එබැවින් අදාළ සිදුවීම හා සමගාමීව දෙදරාගිය ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ප්‍රේක්ෂකාගාරයේ විචාර බුද්ධිය හා වින්දනමය සාක්ෂරතාවේ ආස්ථානය පිළිබඳව සටහනක් තැබීමට මෙය හොඳම මොහොතයැයි කල්පනා කරමි.

වර්ෂ 1956දී 'මනමේ' නාට්‍යය වේදිකාගත කරමින් ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ 'තිඹිරිගෙය' බවට පත්වූ පේරාදෙණියේ සරච්චන්ද්‍ර 'වළ' හරියටම ඊට හැත්තෑ වසරකට පසු, එනම් වර්ෂ 2016 දී ගතානුගතික ප්‍රේක්ෂකත්වය හේතුවෙන් අපවිත්‍ර වී ඇත. මෙය හුදු තනි සිදුවීමක් නොව, සමස්ත කලාවටම, කලා රසිකත්වයටම එල්ලවූ ප්‍රහාරයකි. විශේෂයෙන්ම රාජ්‍ය නාට්‍ය උළෙලට රාජ්‍ය අනුග්‍රහය පවා නොලැබෙන සමයක ලාංකේය සරසවි ෆැන්ටසියේ කේන්ද්‍රය බවට පත්වී ඇති පේරාදෙණියෙන් නාට්‍යයකට ගල් ගැසීමේ පුවත කන වැකීම කලාවට එල්ල වූ බලවත් පහරක් ලෙස හැඟේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ 'අක්ෂරය', 'තනිතටුවෙන් පියාඹන්න' වැනි සිනමා පට සඳහා වාරණ නියෝග එල්ල වෙද්දී ඔහු ඒවා හැඳින්වූයේ කැඩපතට වෙඩිතැබීමක් වශයෙනි. එමෙන්ම ඔහු වරෙක පේරාදෙණියේ ඒටී එකට පැමිණ අප සමග පැවසූවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බහින කිසිදු සරසවි සිසුවෙකු කලාවේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් කිසිදා පාරට බැස නැති බවකි. සැබැවින්ම එය අදටත් ගැලපෙන කියමනකි. මේ සිදුවී ඇත්තේද එවැනිම කැඩපතක් බිඳ දැමීමකි. විශේෂයෙන්ම 'දුටු තැන අල්ලනු' වේදිකා නාට්‍ය, වෝලි සොයින්කා නම් නයිජීරියානු ජාතික නාට්‍යකරුවාගේ ඔපෙරා වොන්යෝසි නම් නාට්‍ය පිටපතේ සිංහල අනුවාදයකි. සෝමලතා සුබසිංහ විසින් එම අනුවාදය සිදු කළ අතර, වත්මන් ලාංකේය සමාජ, දේශපාලනික පසුබිමට ගැලපෙන අයුරින් වේදිකාගත කරනු ලබන්නේ කෞෂල්‍යා ප්‍රනාන්දු විසිනි. එබැවින් මෙම නාට්‍ය තුළ පරම්පරා දෙකක නියෝජනයක් සිදුවෙයි. ඒ සෝමලතා මහත්මිය හා ඇයගේ දියණිය කෞෂල්‍යා ප්‍රනාන්දු යන පරම්පරා ද්විත්වයයි.

එමෙන්ම මෙම නාට්‍යය පසුගිය රාජ්‍ය නාට්‍ය උළෙල ද නියෝජනය කරනු ලැබූ නාට්‍යයකි. රටේ නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටී මැරයින් හා සල්ලාලයින් පිරිසක් බලයට පත්වූ විට රට තුළ සිදුවන සමාජ, ආර්ථීක, දේශපාලනික හා සංස්කෘතිකමය ගරාවැටීම පිළිබඳව නයිජීරියානු කෝණයෙන් විතැන්ව ලාංකේය කෝණයකින් අපට පෙන්වාදීමට කෞෂල්‍යා මෙහිදී උත්සහ කරයි. එමෙන්ම මෙම නාට්‍යය වළට ගෙනැවිත් බලෙන් පෙන්වූයේ ද නැත. විධිමත් ආරාධනාවක් ලැබ, පූර්ව ප්‍රචාරාත්මක පසුබිමකින් අනතුරුව රඟදැක්වූවකි. එබැවින් වළට ඕනෑවට එපාවට නාට්‍යය ගෙන්වන්නේද නැත. එනමුත් මෙම නාට්‍යයට සෙරෙප්පු, බඩඉරිඟු වහලු සහ ගල්පහර සමගින් හූ හඬින් ප්‍රතිචාර ලබා දී තිබේ. මේ හේතුව නිසාවෙන් අද වන විට නාට්‍යකරුවන් ප්‍රමුඛ කලාකරුවෝ රැසක් පේරාදෙණිය සම්බන්ධව කණස්සල්ලෙන් පසු වෙති. අතීතයේ මෙන් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙනුත් නිර්මාණ බිහි නොවන මෙවන් යුගයක රටේ කලාකරුවන් 'වළ' ප්‍රතික්ෂේප කළහොත් ඇති වන්නේ මහා ඛේදවාචකයකි.

නාට්‍ය දර්ශනයේ මුල් භාගය තුළ ප්‍රේක්ෂකාගාරය දිනාගැනීමට නොහැකිවීම හා උදාසීන ස්වාභාවයක් ගැනීම යන කාරණා මෙන්ම, සිප වැළඳ ගැනීමේ දර්ශන නාට්‍ය තුළ අන්තර්ගතවීම යනාදී කරුණු හේතුකොටගෙන මෙම විරෝධය එල්ල වූ බවට කරුණු අනාවරණය වේ. නමුත් මෙම විරෝධය නැගෙන්නේ ඉතාම සුළුතර ප්‍රේක්ෂක පිරිසකගෙනි. එතුළින් සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේම රසඥතාව හා විචාර බුද්ධිය පිළිබඳව පොදු නිර්වචන සැපයිය නොහැකිය. නමුත් මෙවැනි කේවල සිදුවීමක්, පොදු කතිකාවක් බවට පත්වීම වැළැක්විය නොහැක්කේ එය විශ්වවිද්‍යාලයක් තුළින් සිදුවූ සිදුවීමක් වන බැවිනි.

නිර්මාණයකට ප්‍රතිචාර දැක්විය යුත්තේ ගල් පොලුවලින් නොව, නිර්මාණාත්මකවය. විචාරාත්මක සංවාදශීලී ප්‍රකාශන මාධ්‍යයක් ඔස්සේ තමන්ගේ පෞද්ගලික වින්දනීය ආස්ථානයන් පිළිබඳව පුළුල් කතිකාවක් වෙත ප්‍රවිශ්ටවීම විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු සමාජ කාර්යභාරයකි. පේරාදෙණි භක්තිය හා වන්දනීයත්වය කිසියම් අයෙකුට තිබිය හැකිය. ඒ එහි ස්වාභාවික පිහිටීම, ඉතිහාසය, පේරාදෙණි ගුරුකුලය හා පේරාදෙණි සාහිත්‍යය යනාදී හේතු සාධක මීට බොහෝ කලකට පෙර එහි ප්‍රතිරූපය නිර්මාණය කිරීම කෙරෙහි ඉවහල් වූ බැවින්ය. නමුත් වර්තමානය වන විට (මෙම ලියුම්කරුද ඇතුළුව) අප විසින් සිදු කරනුයේ හුදෙක් අතීත වන්දනය පමණි. සරච්චන්ද්‍ර අතික්‍රමණය කළ නාට්‍ය කලාවක් අද වන විට බිහිවී තිබෙන බව අවිවාදිතය. මාර්ටින් වික්‍රමසිංහ, සෙනරත් පරණවිතාන, ගුණදාස අමරසේකර, සිරී ගුණසිංහ, විමල් දිසානායක හා ජී.බී. සේනානායක වැනි නිර්මාණකරුවන් සහ අද බිහිවන නිර්මාණ අතර කාලීන වශයෙන් සාපේක්ෂ විශේෂතා ඇත. නමුත් අපි අදටත් හුදෙක් අතීත වන්දනයම සිදුකරමින් පේරාදෙණියේ කහ මල්වලට, කේ. බී. එකේ සිරස් කුලුණු දර්ශනවලට, පුස්තකාලයේ තට්ටු හතට, තෙල් බැම්මට, හන්තාන අහසට හෝ සරච්චන්ද්‍ර වළ යනාදියට පමණක් පූජනීයත්වයක්, වන්දනීයත්වයක් ආරෝපණය කරන්නේනම් අපගේ විචාර බුද්ධියට කුමක් හෝ යමක් සිදුවී ඇත.

එබැවින් පේරාදෙණිය යනු දළදා මාළිගාව, ජුම්මා මුස්ලිම් පල්ලිය, නල්ලූර් කෝවිල හෝ කොච්චි කඩේ ක්‍රිස්තියානි පල්ලිය වැනි ආගමික සිද්ධස්ථානයක් නොව. එහි පූජනීයත්වය තීරණය වන්නේ සහෘදාත්මක පරිකල්පනයකින් යුතු සංස්කෘතිකමය ආත්මීයත්වයක් සහිත විද්‍යාර්ථීන් සමාජය වෙත බිහිවන තරමටය. එබැවින් සරච්චන්ද්‍ර 'වළ' කලාත්මක වන්නේ ප්‍රකාශනයේ අයිතියට ලැබෙන නිදහසේ ඉඩහසර පුළුල් වන තරමටය. කෞෂල්‍යා ප්‍රනාන්දු ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලද්දේ 'වළ' වඩාත් කලාත්මක කරවීම විනා එය අපවිත්‍ර කිරීමක් නොව. එය අපවිත්‍ර කරනු ලැබ ඇත්තේ අපගේම පරම්පරාවේ සාමාජිකයෝය.

ප්‍රේක්ෂකාගාරය අල්ලා ගැනීමට නොහැකිවීම යනුවෙන් අදහස් වන්නේ නාට්‍යයේ ඇති දුර්වලතාවක් නොව. එහි ඇති අවංකභාවයයි. ප්‍රේක්ෂකයාට අවශ්‍ය අවශ්‍ය ආකාරයට කලාව නිර්මාණය වීම නොව සිදුවිය යුත්තේ, කලාව ඉදිරිපිටදී ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා හෝ පාඨකයා සහෘදයෙකු බවට පත්වීමය. ඒ ඒ කලා ශානර සතුව සාපේක්ෂ ගුණාංග පවතින බැව් හැඳිනගෙන කලාව රසවිඳීමය. කතුවරයාට අවැසි ආකාරයට නොව, ඔබ ඔබට වැටහෙන ආකාරයට කලාව තුළින් යථාර්ථය අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමය. නියම වින්දනය හා රසාස්වාදය පවතින්නේ කලාව තේරුම් ගැනීමට දරන උත්සාහය නමැති කාර්ය මත විනා අවබෝධ කරගෙන නිර්වචන සැපයීම තුළ නොවන්නේය.

නිර්මාණයක් වෙනුවෙන් ප්‍රේක්ෂකයාට ඕනෑම ප්‍රකාශයක් සිදුකළ හැකිය. එම නිදහස අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයාට තිබේ. නමුත් එය සිදු කළ යුත්තේ, නිර්මාණ වෑයම නවතා දැමීමෙන් හෝ පහරදීමෙන් හෝ නොව, කලාවට කලාවෙන්ම ප්‍රතිචාර දැක්වීම තුළිනි. අතීත කාමය තුළ කොටු නොවී ප්‍රේක්ෂකාගාරයේ බලය පෙන්වීමට පහරදීම වෙනුවට සරසවියක බල පුළුවන්කාරකම පෙන්විය හැක්කේ විචාරශීලීත්වයෙනි. එබැවින් කළ යුත්තේ ඔබ සතු, ඔබට අනන්‍ය වූ කුමන හෝ ප්‍රකාශන මාධ්‍යයක් භාවිත කරමින් ඔබගේ අදහස්, යෝජනා සමාජය වෙත මුදා හරිමින් පුළුල් කතිකාවක් ගොඩ නැගීමය. අද වන විට එම මාධ්‍ය නිදහස සමාජය තුළ පවතී.

විශ්වවිද්‍යාලයට ආදරය කිරීම යනු තමාගේ පෞද්ගලික දෘෂ්ටිවාද මුල් කොට ගෙන අනෙකාගේ වින්දනයට බාධා කිරීම නොවේ. විශේෂයෙන්ම 'දුටු තැන අල්ලනු' නාට්‍යයට පේරාදෙණියෙන් එල්ල වූ ප්‍රහාරය පදනම් කොටගෙන සමස්ත නාට්‍ය කලාවම කණස්සල්ලට පත්වී ඇත. පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය ඒ තරමටම ප්‍රබලයැයි එමගින් අදහස් නොවේ. වින්දනීය සාක්ෂරතාවේ දුප්පත්භාවය හා සහෘදාත්මක මානසිකත්වයේ නොමේරූ අවධිය සහිත ප්‍රේක්ෂකාගාරයක් පේරාදෙණිය සතුව පවතින බවට කිසියම් මතයක් සමාජගත වී ඇත. රාජ්‍ය නාට්‍ය උළෙලකින් සම්මානයක් ලැබීමට වඩා පේරාදෙණියෙන් යහපත් ප්‍රතිචාර ලැබීමට බොහෝ නාට්‍යකරුවෝ ආශා කරති. නමුත් වර්තමානයේ ඇති වූ මෙම තත්වය මත පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය සතුව තිබූ එම බලපෑම් සහගත ප්‍රතිරූපය ගිලිහී ගොසින් ඇත. එනිසා මින් ඉක්බිතිව බොහෝවිට කලාකරුවන් පේරාදෙණි වේදිකාවෙන් දුරස්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

ලවර්ස් ලේන්, දස කලා, ජයමංගල ගාථා (උප සංස්කෘතියට අනුව), ගැට්ට බැස්සවීමේ මන්තර, වැලි ගොදැමීම් යනාදිය පිළිිබඳව කතා කරන විශ්වවිද්‍යාල සිසුවා නාට්‍යක සිදුවූ සුළු සිපගැනීමේ දර්ශනයකට ගල් ගැසුවෝය යන පුවත ලජ්ජා සහගතය. වික්ටෝරියානු සදාචාරවාදය බිහි වූ මහා බ්‍රිතාන්‍යය තුළින් පවා අද වන විට මෙම ඊනියා සදාචාරවාදය සහමුලින්ම පාහේ පිට මං වී ඇති යුගයක, අධිපති දෘෂ්ටිවාද ප්‍රශ්න කරමින් විකල්ප කලා ශානර පිළිබඳව අවධානය යොමුවී ඇති මෙවන් යුගයක, පශ්චාත් නූතනවාදී කලාව ඇසුරු කරමින් සිටින අපි තවමත් ආගමික කලාවක් පමණක් හිස මත තබාගෙන සිටින්නෝ වෙමුද? එබැවින් මේ ගල් ගසා ඇත්තේ අපගේම කැඩපතටය. සමාජ යථාර්ථය තුළ හෙජමොනික බලපෑම් තුළින් අප පීඩා විඳින ආකාරය අපටම පිළිබිඹු කරවන කලා නිර්මාණයක් හෙවත් කැඩපතක් වෙත ගල් දමා ගසා ඇත. එය නැවත පිළිසකර කිරීමට නම් පන්ති තහනම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, කොන් කිරීම් හෝ විනය පරීක්ෂණ පැවැත්වීමෙන් සිදුවන සෙතක් නොමැත.

යළිත් වරක් දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යය පේරාදෙණිය එළිමහන් රංගපීඨය වෙත ගෙන්වා ගෙන පුළුල් සංවාදයක් සමගින් වේදිකාගත කරවීමේ අභියෝගය පේරාදෙණිය විසින් භාර ගත යුතුමය. අතීත කාමයෙන් පමණක් යැපෙන යුගයක මෙවැනි ගල් ගැසීම් හා විරෝධතා සිදු නොවූයේනම් පුදුමයකට කරුණ වන්නේ එයයි. පසුගිය දශක කිහිපය තුළ මෙරට කලාවට (වර්තමානයද යම්තාක් දුරට ඇතුළත්ව) සිදුවූ අහිතකර බලපෑම්වල ප්‍රතිඵල දැන් දැන් ලැබෙමින් පවතී. මෙය හුදෙක් පේරාදෙණියේ පමණක් නොව රටේ සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගේම විචාර බුද්ධියේ හා කලා රසඥතා මානසිකත්වයේ ඉරිතලා යාමකි. තව නොබෝ කලක් යන්නට මත්තෙන් එය ගරාවැටීම වැළැක්වීමේ කාර්යභාරයේ, පුරෝගාමී වගකීම මේ මොහොතේදී හෝ පේරාදෙණිය විසින් සිය කරමතට ගත යුතුය. එවිට අපට නැවතත් පේරාදෙණි යුගයක් ගැන ආඩම්බරයෙන් කතා කිරීමට හැකිවනු ඇත.

-කසුන් සී තිලකරත්න
(පේරාදෙණිය, A08 වසර කණ්ඩායම)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dutu Thana Allanu, Kaushalya Fernando, The Threepenny Opera, Bertolt Brecht, Wole Soyinka, Sri Lankan Drama, Sri Lankan Stage plays, Sinhala Drama, Peradeni Wala
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සී. තිලකරත්නගෙන් තවත් වියමන්
අදහස්
රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය
අදහස්
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
අදහස්
සම රිසිභාවය වරදක් වූ සමාජයක....
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (අවසාන කොටස)
වෙසෙස්
සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි- (දෙවන කොටස)
තවත් රංග බූන්දි
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook