Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
ඒ නිද්‍රාවෙහි පසු වන්නේ ඔහුද ඔබද මමද නැතහොත්...?
බූන්දි, 19:12:30
2011 දී ප‍්‍රකාශය ට පත් වූ "මේ නිහඬ වෙරළට එන්න", මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ ප‍්‍රථම කාව්‍ය සංග‍්‍රහය යි. ඉන් වසර පහකට පසු ව අප අතට පත්වන්නේ කල්පනාගෙ දෙ වන කාව්‍ය සංග‍්‍රහය වන "ඔබ ගැඹුරු නින්දක" ය. සමාජය ඉතා ගැඹුරු නිද්‍රාවක ට පත් ව ඇති මොහොතක කල්පනාගේ "ඔබ ගැඹුරු නින්දක" සමාජගත වෙයි. ඒ නිද්‍රාවෙහි පසු වන්නේ ඔහු ද, ඔබ ද, මම ද නැතහොත් එහි ඇත්තේ වෙනම ම කතාවක්දැයි යන්න අප කියවා බලමු.

නිද්‍රාවට කළ හැකි එකම දෙය
මට නො පෙනෙන්න
ඔබේ සිහින සඟවා ගැනුම
එනිසා ම
අවැසි ය මේ වෙණ වැයුම
නින්දෙන්ම ඔබ මිය නො යන්නට
සිහිනයෙන් සිහිවිකල් නො වන්නට

(-ඔබ ගැඹුරු නින්දක- පි:11)

අපි සිහින දකිමින් ම, එම සිහිනයේ ගැලෙමින් ම, අනතුරු ව එහි ගිලෙමින් ම මිය යන්නෝ වෙමු. එහෙත් සිහිනයෙන් මිය නො යන්න ට වීණාව අතට ගත්තෝ ඉඳහිට හෝ ඔබ ට හමු වෙනු ඇති.

විප‍්‍රයෝගය කවදත්, කාගෙත් හිත රිදවයි. නැවත නැවත ද හිත රිදවයි. දරා ගැනීම ට බැරි තරම් වන හැරයාම් අපමණ ය. එහි දී සදාකාලික අතැර යාම් සදාකාලික රිදවීමක් ව හිත් වල තැන්පත් ව විටින් විට මතු ව ඇස් තෙත් කර දමයි. මිත‍්‍රත්ත්වය නම් එ බඳු ය. එ වැනි මිතුදම් අතර ඇසින් ඇස හමු වී තිබුණා ද නැත්දැයි යන්න අදාළ නොවන්නකි. ක‍්‍රිස්ටිනා ඊට හොඳ නිදසුනකි.

වියෝගය!
ළය පලා ඇතුළු වී
කේශ නාලිකා තුළ දුවන්නේ
වේදනා වී මිදෙන්නේ
ළබැඳියන්ගේ විතරම ද ක‍්‍රිස්ටිනා?

(-ක‍්‍රිස්ටිනා- පි:14)

විශ්වය එක්තරා තැනක දී එකයායක ට ගොනු ව ඇතියෙන් එකිනෙකා ඔවුනොවුන් හා සමීප ව ද, සමීප වීම ට අවකාශ ලබමින් ද සිටී. ඇසින් ඇස නො දැක ද මිත‍්‍රත්වයෙන් බැඳේ. ඔවූහූ හිත් වල ට ක්ෂණයෙන් ළං විය හැකි දුරක සිටින්නෝ වෙති. අන්තර්ජාලය කෙතරම් මිනිසා ට සමීප වී දැයි දැනෙන්නේ එ වැනි මිතුරුදම් හමුවේ දී ය. ඔවූහූ දුක සැප බෙදා ගනිති. ආදරය ද, ජීවිතය ද බෙදා ගනිති. එවැන්නෙකුගේ වෙන්ව යාම දරාගැනීම ට කෙතරම් අපහසු වේ ද! ක‍්‍රිස්ටිනා එ වැන්නියකැයි අපට ද දැනෙන්නේ ඔවුනතර පැවැති දැඩි මිතුරුදම මෙන් ම කල්පනාගේ කාව්‍ය පරිකල්පනයේ රිදවීම නිසාදැයි වෙන් කර ගත නො හැකිය. එහි වේදනාව ඔබට ද දැනෙනු නියතයි.

ඇත්තට ම ඔබ නික්ම ගොස් නැතුවැතී
දුරක ඈතක කොහෙ හරි ඇතී
මම මගෙ හිතට කොඳුරමී

(-ක‍්‍රිස්ටිනා-- පි: 15)

ලොව තනන්නේ මව්වරු සහ පියවරු එක්ව වුව ද පියවරු ගැන ලියවෙන්නේ අඩුවෙන් යැයි පසුගිය කාලයේ නිරන්තර කතාබහට ලක් විය. කෙතරම් ඒ ගැන කතා කළ ද මව්පියන් ගැන කෙරෙන කතාබහ නිමා වන්නේ නැත. නිමා කරන්නට ද බැරි ය. හෙට දවසේදී ද තවත්, තව තවත් ඔවුන් ගැන කතා කෙරෙනු ඇත. ඔවුන් ගුණ ගැයෙනු ඇත. කවි පබැඳෙනු ඇත. 'තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ' නම් කාව්‍යය මෙහි එන තවත් ආදරණීය කවියකි.

ගලින් නෙළ නෙළා සිවුරට රැළි දුන්නේ
රළින් රළ නගන වැවකට දිය දුන්නේ
පියෙන් පිය නැගෙන්නට උරහිස දුන්නේ
මනින්න බැරි තරමට සෙනෙහස දුන්නේ

(-තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ- පි:17)

මෙම කාව්‍ය සංග‍්‍රහය පිදෙන්නේ ද ඇගේ පියාණන් නමය ට ය. ඒ ද මෙසේ ය.

තාත්තා ට...

කොළඹ මග තොට මතක ඇහැරන
වියළි පොප්ලර් පත් අතර
නිශ්චින්දිපුර සිට ශම්ස් එලිසේ පිස හමන
අවර සුළං රැළි අතර
වුල්ෆන් පොතෙහි පිටු අතර
ස්නේහය ම දහදිය කොට වගුළ
නවම් මාවතේ මැදී ගිය තාර පාරක
ඔබ මුසුව ඇති බව
මම මට ම පවසමි...


පියවරු දරුවන් ගේ සිත් තුළ එලෙස මතක තබා යයි. ඒ මතක ඇහැරෙන වාරයක් පාසා දරුවන් ද පියවරුන් ද නැවත නැවතත් ස්නේහයෙන් බැඳෙනු ඇත.

දහවලක කළුවරට ඇහැරෙමි
ඔබ මුහුව ගිය තැන් පසිඳිමි
සඳ එළිය වැද මියැදෙමි
ඔබ හඟිමි....
නො හඟිමි...
වැළපෙමි...

(-තාත්තා ට- පි:21)

කල්පනා ගේ ඔබ ගැඹුරු නින්දක කාව්‍ය සංග‍්‍රහයේ එන විවිධ කවි කාලෝචිත ව රචනා කරන ලද ඒවා වුව ද ඒවායේ සමාජ භාවිතාව ඒ මොහොතින් එහාට ගෙන යා හැකි සමාජ සංවර්ධනයට හේතුකාරක වන සහ ඒ ඒ දේ වර්ධනය කර ගන්නැයි කියන, නිවැරදි කර ගත යුතු යැයි සමාජය විසින් ම ඉල්ලා සිටිනු ලබන කරුණු කාරණා ය. එහෙත් අවාසනාවට යම් යම් කරුණු ඒ මොහොතින් එහා ට අප අමතක කර දමන කාරණා ය. ශ‍්‍රී ලංකා භූමිය තුළ ඇති රෝහල් ගණන කොතෙක් විය හැකි ද? ඒවායේ කලමණාකරණය සහ කාර්යය මණ්ඩලය, වෛද්‍යවරුන් අතින් සිදු වන අතපසු වීම් කෙතරම් වේද? එ වැනි අතපසු වීම්, නොසළකා හැරීම්, වැරදීම් නිසා ම ජීවිත කෙතරම් විනාශ වේ ද? මිනිස් ජීවිතයක වටිනාකම වටහා ගත් අතලොස්සක් වෛද්‍යවරු ඉන්නා බව ද අපි දනිමු. ඔවූහූ මුදල ඉක්මවා මනුස්සකම සළකන්නෝ වෙති. සමහර රෝහල් වල පහසුකම් නැත. අවශ්‍ය උපකරණ නැත. පළපුරුදු වෛද්‍යවරු නැත. එහෙත් බොහෝ රෝහල් වල නොසැළකීම නිසා ම සමහර රෝගීන් මිය යයි. පසුගිය කාලයේ දී එවැනි සිදුවීමක් පිළිබඳ ව සමාජයේ කතාබහක් ඇති වූ අතර, කල්පනා එම සිද්ධිය සමජය සංවාදය ට ගෙන ආවේ මෙලෙසයි.

දහසක් හෙලන සීතල සුසුමින් සැලෙන
දහසක් කඳුළු මල් රෝහල් බිම පිපෙන
එමලෙක තෙත නො දත් ජීවක සකිසඳින
අහසක් වී කුමට වැහි කඳුළක් නො දෙන

(-නො තෙත් හිත් මත කාසල් කඳුළු- පි:24)

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කුවණ්ණා තරම් කතාබහට ලක් වූ ගැහැණියක් වේ දැයි සැකසහිත ය. කුවණ්ණා පිළිබඳ ව විවිධ නිර්මාණ ද වෙනදාටත් වැඩියෙන් අසන්නට ද, දකින්නට ද ලැබුණි. ඒවා කෙතරම් දුරට සාර්ථක වී දැයි යන්න ගැටළු සහගත වුව ද විවිධ කාව්‍ය නිර්මාණ ඒවා ට වඩා රසවත් ව අපට විඳින්නට ලැබුණි. මේ එ වැන්නකි.

පවර තෙදවත් කෙසරු
කවර ලෙස විද රුදුරු
අදහන්න බැරි වුණිද කුවණ්ණා
පේ‍්‍රමය ම ගිනි දළුව දැවෙන්නා

කපු වියා ගෙවී ගිය
රත් නෙළුම් ඇඟිලි තුඩු
කම්පිත වු ළය මඬළ ගසන්නා
සෙසාපති දරු උරුම යදින්නා

(-කුවණ්ණා- පි:28)

"ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු දෙසිය පනස් දෙනෙක්; මිය ගිය සංඛ්‍යාව පණහක්." එය මොනතරම් හද රිද්දන පුවතක් වී දැයි මා නැවතත් ඔබට මතක් කළ යුතු නොවේ.

දවසකට හැකි වුණත්
සිතිජයෙන් ගිලිිහෙන්න
මුහුදකට පුළුවන්ද
ස්නේහයක් සඟවන්න
ළය හොවා දුක් දරා
මුතු මිණක් සේ තැනුව
දරුවෙකුට පුළුවන්ද
රළක් සේ බැසයන්න?
......

සාගරේ තරම්
පෙම් කළ බවක් නො කියමී
ආදරේ තරම
කරදියෙන් මනින්නට බෑ දරුවනී


(-දරුවෙකුට පුළුවන්ද රළක් සේ බැසයන්න?- පි:39)

ජෙයපාලන් යනු දමිළ සාහිත්‍යය තුළ සදා නො මැකෙන නමකි. ඔහු ට රාජ්‍යයෙන් සිද්ධ වූ අකටයුතුකම් නො ඉවසූ සිංහල නිර්මාණකරුවන් සහෘද නිර්මාණකරුවා වෙනුවෙන් පෙනී සිටි අවස්ථා අප අගය කළ යුතු ය. නිර්මාණකරුවකු කිසිදු ජාතියක, ආගමක හෝ වෙන යම් දේශපාලනමය බෙදීමකින් යට කරන්නට බැරි ය. ඔවූහු සැම විට මිනිසා සහ සමාජය වෙනුවෙන් යමක් කරමින් හිඳින්නෝ ය. ජෙයපාලන් කවියා වසර කිහිපයක ට පෙර යළි මව් බිම ට පැමිණි අවස්ථාවේදී තම මව ගේ සොහොන බැලීම ට ගිය අවස්ථාවේ දී ඔහු අත්අඩංගුව ට ගෙන පිටුවහල් කර දමන ලදී. ඔහු සැබැවින් ම රටටත්, මිනිසුන්ටත් ආදරය කළ විසල් කවියකු බැව් ඔහු හදාරන්නෙකු ට විමසා බැලිය හැකි ය.

පටුනකින් සිඳ දමා කවි පිටුව
පිටුවහල් කළ හැකිද කවියෙකුව


(-ජෙයපාලන්- පි: 43)

යුද්ධයේ කුරිරු සෙවණැළි සහෘද සිත තාමත් සුවපත් කර නැතුවා විතරක් නොව සමාජයක් ලෙස අප ඊට උර දෙන්නේ මහා මැලිකමකිනි. අප ඔවුන් හා ජීවිතය බෙදාහදා ගන්නේ ඈතිනි. ඔවුන් අපේ අසල්වැසියා ලෙසින් සිතන්නට ඇත්තටම අප කැමති වූ දා ක මේ සියලු භේද භින්න වීම් නැතිව යනු ඇත. එ දිනක ශ‍්‍රී ලංකාව නම් පුංචි දිවයින සැබෑවට ම වර්ණවත් වනු නිසැක ය. එවන් දවසක සුබ නිමිති පෙනෙන තුරු නිර්මාණකරුවන් තම මෙහෙය ඉටු කරනු ඇත. "ජෙයපාලන්", "සිවගාමී" මෙන් ම "සැමරුම" මඟින් සමාජ කතිකාවත ගෙනෙන්නේ ද එතැනට ය. "කාබන් මිනිස්සු" මේ සියල්ලෙහි එකතුව යැයි හැඟේ. එහි අවසන් විග‍්‍රහය වනුයේ කිසිදු භේදයකින් මිනිසා නො වෙනස් වන බැව් ය.

උන් හදාපු මේ උගුලෙන්
අපි ගැලවෙන යම් දවසක
ඔබෙයි මගෙයි ඇස් ඇතුළේ
මිනිසෙක් දකිනා දවසක
බලෙන් ඔතපු හැව විසි කොට
සොහෝයුරනි සෝයුරියනි
අපට හැකිය බදාගන්න


(-කාබන් මිනිස්සු- පි: 56)

'පතන් බිමක කඳුළු' අප හෝර්ටන් තැන්න ට කැඳවා ගෙන යයි. එ කව සියලු දෙනා කියවා බලා තමන් සමඟම සංවාදයක යෙදෙන්නේ නම් මැනවි. සමහර පොඩි පොඩි දේ ඉටු කළ යුත්තේ සාමූහිකවම පමණක් නොව, තනි තනිව ය. එහි ප‍්‍රතිඵලය ඉතා විශාල ය.

හිතේ කුණු අත් මිටින් අරගෙන
තැනින් තැන දම දමා ගොස දෙන
මිනිසුනේ දුටුවා ද දින දින
අවසඟව මිය ඇදෙන මහ වන

(-පතන් බිමක කඳුළු- පි: 71)

ඇගේ නම මරියා
හැම කඳුළු කවුළුව ම ඇරියා
උතුරුකුරු තරු ලකුණ විමසා
උතුරු අහසට සිතින් නැගුණා

හමුවුණා නම් ඔබට,
ඈ නමින් මරියා...

හද විසල් බව දරණු බැරි වී
සොවින් කෘෂ වූ සිරුර වැහැරී
ඇහුවේ ම නින්දෙනුත් ඇහැරී
‘කෝ පුතා, කෝ?’ කියා පමණී

(-මරියා- පි: 74)

අතුරුදන් වූ දරුවන් සොයනා මව්පියන්ගේ වේදනාව මෙතෙකැයි කිව නො හැකිය. තම දරුවන් ජීවත් නොවන බැව් හැඟුණ ද ඔවුන් මිය ගියේ යැයි කිසිවිට පිළිගන්නටවත් දෙමව්පියන් කැමති වන්නේ නැත. ඒ, දරුවන් කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් වූ ආදරය යි. ඒ ආදරය සිංහල, දෙමළ, මුස්ලිම් හෝ වෙනත් ජාතියක 'නම්' ලබන්නේ නැත. ඔවුන් තාමත් දරුන් එන පෙරමඟ බලනු විනා!

ඕනෑම නිර්මාණකරුවකුගේ නිර්මාණ ජීවිතය ට පාදක වන්නේ ආදරය යි. පේ‍්‍රමය යි. ආදරය නො විඳි කිසිවකු සමාජය දෙස දයාර්ද්‍රව බලන්නේ නැත. අනෙකා ට පේ‍්‍රම කරන්නේ නැත. සොබාදහම තකන්නේ නැත. ආදරය හිමි වීම ද, අහිමි වීම ද විවිධ නිර්මාණ බිහි කරයි. මෙහි එන අනෙකුත් බොහෝ කාව්‍ය සංකල්පනා වල ට නිමිති වන්නේ ඒ පේ‍්‍රමය යි. කල්පනා ගෙ "ඔබ ගැඹුරු නින්දක" ඇවිත් ඔබ ඇහැරවා දමන්නේ මෙවන් නිර්මාණ සමූහයකිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Oba Gamburu Nindaka (2016), Kalpana Ambrose, Sinhala Poetry Collection, Sinhala Kavi, Sri Lankan Poetry
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තුෂාරි ප්‍රියංගිකාගෙන් තවත් වියමන්
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.
කවි
ශරදාකාසයේ සඳ දැකීම හෙවත් ආදරයේ සංගායනාව!
කවි
හැම බිම් අඟළක් යට ම හුස්ම ගන්නා මිනිසෙකි!
තවත් පොත් බූන්දි
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
සමහර කමටහන් සහ සමහර රජත
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook